February 8, 2012

කෙල්ලෙක් ඕනෙමද?


මේක නම් ඉතිං අර නාහෙට අහන්නැති කාලයක් එන්නේ අන්න ඒ කාලේ  යාළුවොත් එක්ක එකතුවෙලා දීපූ ලණුවක්. හැබැයී ඔන්න කියවලා ඉවර වුනහම කියන්න එපා අපෝ බට්ටි නම් හරි නරක කෙල්ල කියලා. අනේ මේක කලේ ඉතිං අපි සෙට් එකම නිසා මුළු ගානම මගේ එකවුන්ට් එකට නම් දානන් එපා මෙන්න වැන්දා.....
අපේ පන්තියේ හිටියා චන්දන කියලා ළමයෙක්. 10 වසරට විතර එද්දී චන්දනට කෙල්ලෙක් දාගන්න පුදුම පිස්සුවක් තිබුනේ. ජෙල් ගාලා , කොණ්ඩේ උඩට පීරලා, කලිසමත් ඔන්න හැලෙන්න මෙන්න හැලෙන්න ඇදගෙන, මූණ බලන්න පුළුවන් තරම් සපත්තු සුද්ද කරගෙන පුල් සුද්දා වගේ තමයි ඉස්කෝලෙ එන්නේ. ප්‍රින්සිපල් කොච්චර බැන්නත් ළමයෙක් විදියට එන්න කියලා. එයාට ඉතිං එව්වා ඇහෙන්නෑ.
දවසක් අපි යාළුවෝ කට්ටිට ඉන්නකොට එක පිරිමි ළමයෙක් කිව්වා චන්දන කෙල්ලෙක් නැතුව මාර අප්සට් එකේ ඉන්නේ තව ටික දවසක් ගියොත් නම් මූට පිස්සු හැදෙයී අපි එකතුවෙලා මොනවා හරි කරමුද කියලා. ඔහොම ඉතිං කට්ටිය කතා වෙලා පුංචි ප්ලෑන් එකක් හැදුවා.
අපි එකතුවෙලා චන්දනට ලියුමක් ලිව්වා. ලස්සනටම ලියන්න පුළුවන් ගෑනු  ළමයෙක් තමයී මේක ලිව්වේ. චන්දනගේ යාළුවෝ දන්නවා එයා කොහේ හරි ගියහම කෙල්ලන්ට දෙන ඇඩ්රස් එක. දුර ඉදන් ඉස්කෝලෙට එන ගෑනු ළමයෙකුගේ ගෙදර දානයක් තිබුණා. පන්තියේ ළමයි එහේ ගියා. ඉතිං දැන් ලියුම එවන්නෙත් ඒ දානේ ගෙදරදී චන්දන ඇඩ්රස් එක දීපූ ගෑනු ළමයෙක් කියලා තමයී ලියුමේ ලිව්වේ. ඉතිං කට්ටිට එකතුවෙලා ලිව්ව ලියුම අප ඒ ඇඩ්රස් එකටම තැපැල් කරා.
ලියුම යවලා හරියටම දවස් දෙකෙන් වැඩේ ගොඩ. චන්දන එදා ඉස්කෝලේ ආවේ අම්මෝ බදින්න ලෑස්තිවෙන මනමාලයෙක් වගේ. විස්තර කියන ගමන් අපි ටික දෙනා එකතුවෙලා ලිව්ව ලියුම මෙයා ආයෙම අපිට පෙන්නවා. අනේ ඉතිං චන්දන කොයි තරම් ඇන්දිලද කියනව නම් බලන්න මෙච්චර කල් කෙල්ලෙක් නැතුව හිටිය මට ඉදලා ඉදලා හම්බ වුනේ තේඅක්කර 12ක් තියෙන කෙල්ලෙක්නේ කියලා පුල් වර්ණනාව.
අපි ටික දෙනා එකතුවෙලා ආයම ලියුමක් ලිව්වා ඒකේ ලිව්වා , හැබැයි අයියේ ඔයා ඔය ජෙල් ගානවට, කලිසම හැලෙන්න අදනවට, උරහිස ලගින් ෂර්ට් එක නවනවට නම් මම ආස නෑ.පුළුවන් නම් ඒ අඩුපාඩු හදා ගන්න කියලා.
ඒ ලියුම යවලා දවස් ගානක් ගියා. ඒත් ගිය පාර වගේ කොල්ලා ලියුම අපිට පෙන්නනවා තියා එහෙම එකක් ආපු බවක ඉගියක් වත් දුන්නේ නෑ. ඒත් එයා අර ලියුමේ තිබුණු විදියටම වෙනස් වුනා.
චන්දන ලියන ලියුම් ඒ ගෑනු ළමයට දෙන්න කියලා අර අපි දානේ ගෙදර ගිය ළමයට ලියුම් කවරෙක දාලා අලවලා දෙනවා.විහිළුවට පටන් ගත්ත දේ එන්න එන්නම සීරියස් වුනා. එයාට කෙල්ලව දකින්නම ඕන වුනා. ඔය අතරේ ඒ අවුරුද්දේ වැලන්ටයින් දිනෙත් ලංවුනා.  එදාටවත් හම්බ වෙන්න එන්න කියලා චන්දන ලියුම් වල ලියලා තිබුණා. ඒත් කොහොමද ඒක කරන්නේ.
වැලන්ටයින් එකට එයාට යවන්න ලොකු ප්‍රෙමිසස් චොකලට් එකක් චන්දන අරන් ආවා. ඒක් අර ළමයගේ අත‍ටත් දුන්නා ගිහින් දෙන්න කියලා. ඒත් මේ විහිළුව තව වැඩි දුර ගියොත් අපේ ඇස් රතුවෙන බව අපිට ඒ වෙද්දී හොදටම තේරුම් ගිහින් තිබුණේ. ඉතිං අපි එකතු වෙලා එයාට ඇත්ත කිව්වා. ඒ වෙද්දී චන්දන හුගක් හැදිලා හිටියේ. අපි ලියුම් වලින් එයාට හුගක් වෙනස් කරා. පාඩම් වැඩවලට උනන්දු පිළිවෙලට ඉස්කෝලෙට එන ළමයෙක් කලා. ඒත් මේක දැන ගත්තට පස්සේ එයා එයා හුගක් දුක් වුනා. අපි එක්ක කතා කලේ නෑ එදා ඉස්කෝලේ ඉවර වෙනකල්ම. ඊට පස්සේ සතියක් විතර එයා ඉස්කෝලේ ආවේ නෑ. 
පිරිමි ළමයි පුළුවන් විදියට එයාගේ ගෙදර ගිහින් එයාගේ හිත හදලා ඉස්කෝලෙට එක්කර ගෙන ආවා. චන්දර මේ සිද්ධය නිසා අපෙන් ඈත් වුනා. හැබැයී හදා ගනිපු ගතිගුණ ඒ විදියටම තිබුණා. අපි බයේ හිටියේ එයා හිටියටත් වඩා අන්ත වෙයි කියලා. එයා සාමාන්‍ය ‍පෙළත් පාස් වුනා. දැන්නම් ඉතිං එයා බැදලා. ටික කාලයක් ගිහින් එයාට ගැලපෙනම කෙනා හම්බවුනා. අපෙනුත් ඈත් වෙලා හිටියේ ටික කාලයයී. මේ තමයී ඉතිං අපි කෙනෙක්ට දීපූ ලොකුම ලණුව.

61 comments:

  1. කමක්නැ ඉතින් වැඩේ හොඳ විදිහට කෙලවර උනානේව..අම්මපා..මෙහෙමත් දිරච්ච ලනු..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක නිසා හොදට ගියා නැත්නම් අපේ බෙල්ලත් ඉතුරු වෙන්නෑ...

      Delete
  2. බනින්නෙපා කිව්වට බට්ටි හොඳදෙයක්නෙ කරලා තියෙන්නෙ..

    ReplyDelete
  3. අපෝ හරි නරක කෙල්ලෙක්නෙ ;)

    ReplyDelete
    Replies
    1. කලින් දැනුම් දුන් පරිදි භාර ගනු නොලැබේ.

      Delete
  4. මුන් කෙල්ලෝ උනාට මැක්සා කෙල්ලො ටිකක්නේ,,, අනේ අපේ උනුත් ඔහොම නම් ,,,,

    ReplyDelete
    Replies
    1. හිටිය නම් ඔහොම කියන්නෑ.

      Delete
  5. පව් අර කොලු ගැටය...නැහැ..නැහැ...අවසානයේ හොඳක් වෙලානෙ.දීපු ලණුවත් නරකම නැහැවගේ....

    ReplyDelete
    Replies
    1. ඒකනේ මේවගේ දෙයක් ඒ කාලේ නොකර ආයේ කවද කොරන්නද?

      Delete
  6. ඔයාල එයාට කිව්වනේ ඉතින් ....ඒක හොදයි..මොනා උනත් හොද දෙයක් වෙලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. පිළිගන්නවා ඔයාව බට්ටි ලොවට හදවතින්ම.

      Delete
  7. කමක් නෑ පොර එහෙම හරි හැදුනනේ...

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් එයා හොද ළමයෙක්.

      Delete
  8. බට්ටිලත් හිටියට මරු වැඩ තමා කරල තියෙන්නෙ.ඔයාලට තිබුනෙ එ ලමයට හොඳ ගතිගුන දුන්න වගේම හොඳ කෙල්ලෙකුත් හොයල දෙන්න.ආ......පොස්ට් එක ගැන අමතක උනානෙ ඒකෙ රහ වැඩි කමට කතන්ඩරේ නම් නියමයි.බට්ටී

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අගය කිරීමට.එයාට අපි හොයල දෙන්න කලින් එයාම හොයා ගත්තා. දැන් අපිටත් කලින් හිරෙත් ගිහින්. හිකිස්..

      Delete
  9. සෑම ක්‍රියාවකටම සමාන වුද ප්‍රතිවිරුද්ද වුද ප්‍රතික්‍රියාවක් ඇත. ලනු දෙන එක මම අනුමත කරන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා හරි යන්නෑ අයියේ.ක්‍රියාවක් නැති වුනොත් කොහොමද සමානවූත් ප්‍රතිවිරුද්ධවූත් ප්‍රතික්‍රියා ඇති වෙන්නේ.
      අයියව බට්ටි ලොවට හදවතින්ම පිළිගන්නවා.

      Delete
  10. ඒ වැඩෙත් නරකමත් නෑනෙ බට්ටියො..අපිනම් ගියපු ඉස්කෝලෙ ආසාවකට කොල්ලෙක් නෑ බලන්න..:D
    ඒකනෙමෙයි අර චොක්ලට් එකට මොකද කලේ චන්දන පව් නිසා නොකා හිටියද ;)

    ReplyDelete
    Replies
    1. ඇත්තමයී කියන්න බැරි වුනානේ. එයාගේ අතට චොකලට් එක දුන්නේ හිතකින් නෙවෙයි.පස්සේ සිද්ධිය දැන ගත්තහම එයා චොකලට් එකත් අරගෙනමනේ ගියේ. අපේ කට්ටියේ හිටිය කෙල්ලෙක් කිව්වා ඒකනේ මම උඹලට කිව්වේ ඕක කෑවට පස්සේ කියන්න කියලා. හැබැයි එදා තව ළමයින්ට චොකලට් හම්බවෙලා තිබුණා. ඉතිං එව්වා ප්‍රොමිසස් එක ගැන හිත හිත ඒවා කෑවා.

      Delete
    2. අයියෝ..ඔයාල කාල නෑනෙ..ඒකත් හොඳයි..කාල ඉවර වෙලා කිවන්නම් එයා තවත් අප්සට් යනවනෙ:D:D

      Delete
  11. අන්තිම හරියට එද්දී මම හිතුවා මෙයාලා අර ගෑනු ළමය ඉල්ලන විදිහට චොක්ලට් එහෙම හැමදාම ඉල්ලන්න පටන් ගනී කියල. බට්ටි සහ යාලුවෝ ටික හිතුවට වඩා හොඳයිනේ.

    ReplyDelete
    Replies
    1. ඒ මාතෘකාවත් දෙන්නෙක් විතර දැම්මා. අම්මෝ එව්වා කාලා දිරවන්නේ නැති වුනහම විදවන්න වෙනවනේ. බට්ටි හොදයී...යාළුවෝ හොදාාාාාාාාාාාාාාාායී..

      Delete
  12. හදුනා නම් කමක් නෑ ඕන්...:D

    ReplyDelete
  13. වස බට්ටි ! ලණු බට්ටි !
    අන්තිමේදි හොද දෙයක් සිද්ධ උන නිසා අවුලක් නැත !

    ReplyDelete
    Replies
    1. තරහයී තරහයී. තරහම තරහයී. :)

      Delete
  14. මෙහෙම ලනුවක් දිලා හරි කොල්ලාව හදා ගත්තා කියපුවහම මේක තනිකර ඔයාගේ ඒකවුන්ට් එකටම වැ‍ටුනහම මොකද බට්ටියේ...

    ඒකනේ කියන්නේ කොල්ලෙක් හැදෙන්නේත් නැති වෙන්නෙත් කෙල්ලෙක් නිසාමයි කියලා..

    ReplyDelete
    Replies
    1. ඔය ලණුව ගැන මිස්ලා දැන ගත්තට පස්සේ නම් දුන්න සේරම දුන්නේ හැමෝටම සමානව බෙදලා.
      කොල්ලෙක් හැදෙන්නේ කෙල්ලන් නිසාය
      නමුත් කොල්ලෝ නැති වෙන්නේ කොල්ලෝ නිසාමය.

      Delete
  15. ලනු දෙන්නය්,ලනු කන්නය් කෙල්ලෝ උපන් හපන් කස්ටිය නේ,
    කොහොම හරි ඒ වැඩෙන් මිනිහෙක් හැදුන එක හොඳය. එත් ඔය කරපු විහිළුව ටිකක් වයස ගියපු එකෙකුට කරොත් නම් ඉතින් මල ගෙයක් තමා..,ඒකනිසා විහිළු කරද්දී පරිස්සමින් ජීවිත එක්ක විහිළු කරන්න එපා..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක තේරෙද්දී තමයී එයාට ඇත්තම කිව්වේ. මේක තරමයි කරපු නරකම විහිළුව.හැබැයි එක පැත්තකින් හොදම විහිළුව.

      Delete
  16. උඹල දීපු ලණුවෙන් අන්තිමට හොඳක් වෙච්ච නිසා හොඳයි
    මුලින් මුලින් පිස්සු කෙළියට ඌ මොලේ ඇති කොල්ලෙක් වගේ තමයි පේන්නේ :)

    ReplyDelete
    Replies
    1. අපිවගේ කෙල්ලෝ ඉදිද්දී ඉතිං මොලේ පාදලා ගන්නවනේ.:D

      Delete
  17. හි හි...අර චොකලට් එකට මොකද කළේ ඉතින්? ඔයාලා කෑවද..

    ReplyDelete
    Replies
    1. නෑ අනේ කොහේද කට ඉස්සර වුනානේ.

      Delete
  18. කමක් නැහැ බට්ටි පිං සිදුවෙන වැඩක්නෙ කරල තියෙන්නෙ..හැබැයි ඉතින් අර කොල්ල පව් අප්පා..

    ReplyDelete
    Replies
    1. හේ හේ..මොනා කරන්නද වයසේ වැරැද්ද තමයි.

      Delete
  19. හලේ බොල ඒ අයියණ්ඩිට කොච්චර දුක හිතෙන්නැද්ද? හිත දුර්වල එකෙක් උනානං මෙව්ව කොරගන්න උනත් තිබුණා

    ReplyDelete
    Replies
    1. මෙව්වා කිව්වේ මොනාද අයියා...?

      Delete
    2. මට අයියා කියන්ට එපා බොල බට්ටි අක්කේ! පව් නැද්ද? මම තාම පොඩි එකා. මෙව්වා කියන්නේ සුවිසයිඩ් එකට ය.

      Delete
  20. පවු යකුණේ... ඔහොමත් මිනිස්සුන්ගේ හැගීම් එක්ක විහිලු කරනවද... දුර්වල එකෙක්නං වහබීලා... තොපිට තමයි විඳවන්න වෙන්නේ හොල්මන් පස්සෙන් එනකොට

    ReplyDelete
    Replies
    1. කවුද දැන් මෙතන ඉන්න යකා. අම්මෝ හොල්මන් ගැන නම් කතා කරන්න එපා. මේ ලගදී මම ඉන්න ගෙදර ලග කවුද එල්ලිලා මැරිලා මම වේලපහ වැඩකරන තැනටත් කියලා ගෙදර යනවා.
      (ඔන්න මම නරකයි කියල නම් කියන්න එපා. ඔය තරම් කේන්ති ගියේ කවුරු හරි ඔයාටත් මේ වගේ නරක වැඩක් කලාවත්ද?)

      Delete
  21. ඔය වගේ ළණු දීම හරිම භයානකයි.. හොද වෙලාවට චන්දන ඇත්ත දැන ගත්තම පිස්සුවක් නටලා නෑ.. ඔන්න බලන්න ඉතින් අපේ අක්කලත් කරන වැඩ...

    ReplyDelete
    Replies
    1. ඔව් මිස්ලා අපිට දෙහි කැපුවේ ඕක කිය කිය තමයි.

      Delete
  22. විහිළුවක්නම් තමයි...ඒත් සෙල්ලම් කලේ හදවතක් එක්ක...

    ReplyDelete
    Replies
    1. අනේ ඉතිං බනින්න එපා. මම පව්නේ...

      Delete
  23. අහිංසක හදවත් එක්ක සෙල්ලං කරන්න එපා.....

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්නෑ යාළුවේ. මොකද නියපොතු පාරක් වැදුනත් හීරෙන හිතක් තියෙන මට එහෙම කරන්න දැන්න නම් කොහොමටත් බෑ. මේක ඉතිං යාළුවෝ එක්ක එකතුවෙලා වැඩි දුර නොහිතා කල නරක වැඩක්.

      Delete
  24. ඇතුවත් බැරි නැතුවත් බැරි කෙල්ලො!

    ReplyDelete
  25. හැපෝ.. මාර කෙල්ලො ටිකක්නේ..

    ReplyDelete
    Replies
    1. ඔය හරියට කියවල නෑනේ. කොල්ලෝ තමයි අපිට වැරදි කරන්න කියල දුන්නේ.

      Delete
  26. hehehe :)) මෙච්චරම serious නැති වුනත් අපි ඉස්කෝලෙදි දුන්න ඉතාම fun ලණුවක් මතක් වුනා මේක කියවද්දි.. එත් ඉතිං කියන්න විදියක් නෑ.. අදාළ පුද්ගලය මගේ ඔලුව කන්න ඉඩ තියෙනවා... :P :P

    ReplyDelete
    Replies
    1. ඔළුව කෑවත් කමක් නෑ කියලා ඔන්න ඔහේ කියල දාන්න සිතූ.

      Delete
  27. ඔන්න කියල දැම්ම එහෙනම්.. ඔලුව කෑවොත් අපි දන්නෑ.. :P
    http://sihina-siththam.blogspot.com/2012/02/blog-post.html

    ReplyDelete
  28. මේ අහපන් 18 පනිනකොටම හැම කොල්ලටම කෙල්ලෙක් ඉන්න ඕන කියල නීතියක් නැනේ.. උබට පණ වගේ ආදරය කරන්න කෙනෙක් මේ ලොකේ කොහේ හරි ඇති එයාව ලැබෙන කම් ඉවසල හිටපන්.. කෙල්ලෙක් ඕන කියල උබේ ඇගේ වැදි වැදි එහාට මෙහාට යන කොල්ලන්ව මරාගෙන කන බීලි කොකු කරගහන්නෙපා.. මතක තියාගනින් ලාබෙට ආදරේ හොයන්න ගියාම අවසානෙට වෙන්නෙ පිටකො‍ටුවෙ පේමන්ට් කඩේකින් ගතිපු ඔරලෝසුවලට වෙනදේ කියලා.. අන්න එදාට හූල්ලන්න තියාගන්නෙපා...." උබ මේ ටික කියනකොට මට හිතුනෙම තරහකාරයෙක් කියලා.. උබ කියපු දේ හරි..අද මම හූල්ලනවා.. ඒත් ඒ දාලා ගිය කෙල්ල ගැන නෙමේ...නැති වුන යාලුකම ගැන.. ඇත්තටම උබ හොද යාලුවෙක් බන්..­­ meka une mage yaluwekta

    ReplyDelete
  29. බයෙත් බෑ!බට්ටියේ!අපිටත් ලියුමක් එව්වොත් කවුරුවත්!

    ReplyDelete
  30. හොඳ දෙයක් හින්දා ඕන් කමක් නැ.. ජය වේවා..

    ReplyDelete
  31. කොහොම හරි හොඳ දෙයක්නේ උනේ..ඇත්තටම ඔය අදහස මුලින්ම ආවේ කාටද?

    ReplyDelete
  32. ලස්සන කතාව. දිගටම ලියන්න. මම ඔබට සුබ පතමි.

    ReplyDelete
  33. පව් යකෝ.
    …අපේ කොල්ලෙක් හිටියා ඉශාර කියලා. ඌත් ඔහොම ලියුමක් ලියන් ඉඳලා රොටරිය ගාවදි කෙල්ලෙක්ට දුන්නා. අනික් සතියෙ ඒකි පොඩි පාර්සලයක් එක්ක චිට් එකක් ගෙනත් දුන්නා. ඒකෙ තියෙනවා "අයියේ, ඔයාගෙ ලියුමට තෑන්ක්ස්. මේ වෙනිවැල්ගැට එක බීලා වත් පොඩ්ඩක් ඇඟ හදන් එන්න" කියලා.

    ReplyDelete