February 9, 2012

එපා වෙනවා අනේ


මේක නම් මම අසූ හාර දාහට නැගලා ලියන ලිපියක්. පුරුදු විදියටම අදත් උදේ නැගිට්ටා. ඊයේ රෑ මැදලා තිබ්බ කළු කලිසමයී සුදුපාටයී නිල්පාටයී ඉරි තියෙන අත්දිග බ්ලවුස් එකයී ඇදගෙන වැඩට එන්න ලෑස්තිවුනා. බට්ටි කලිනුත් කිව්වනේ වැඩට එද්දී ටික දුරක් පයින් එනවා කියලා. 

අදත් ඉතිං ඒ විදියට මම හැමදාම බහින තැනින් බැහැලා පයින් ආවා. ඒ එද්දී මම මේ මාසේ ගැන හුගක් හිත හිත ආවේ. පපුවට හුගක් ලං කරගෙන හිටිය තුන් දෙනෙක්ම මම මේ මාසේ සදහටම ඈත් කරලා දැම්මා. මම දන්නෑ ඇයි එහෙම කලේ කියලා. ඒත් හිත හයිය කරන් මම ඒදේ කරා.  පැතුම් කෝටියක් නැතිවුනාට අහස උසට එකම පැතුමක් මගේ හිතේ තියෙනවා. ඒ මගේ රත්තරන් අම්මට සැප දෙන එක. මට ඒ අරමුණ කවදාවත් ඈත් වෙන්න බෑ. ඉලක්කය දිහා බලාගෙන උඩට නගිනවා මිස වෙන කිසිදෙයකට හිත යොදවන්න බෑ. ඉතිං ඒ අරමුණට මාව බලෙන් තල්ලු කරන්න පුළුවන් දෙන්නෙක් හෝ ඉන්න එක ගැන මම සතුටු වෙලා මේ ගමන යනවා ඇරෙන්න බිදුණු හිත් ගැන හිත හිතා ලතවෙන්නේ නෑ කියලා මහ හුගක් කල්පනා කරමින් මම හෙමින් හෙමින් පියවර තිබ්බා. සාමාන්‍යයෙන් බට්ටි හෙමින් යන කෙනෙක් නෙවෙයී. ඒත් ඇයි දන්නෑ අද ආවේ හුගක් හෙමින්. වෙන කල්පනාවක හිටියත් යන්නේ පාරේ කියලා මතකේ තියාගෙන මගේ පාඩුවේ තමයී මම ආවේ. 

ම‍ගේ ලගින් බස් එකක් ගියා. (එකක් නෙවෙයී හුගක් ගියා. මං මේ කියන්නේ එක ගොන් බස් එකක් ගැන හොදද?)   ඉතිං ඒ බස්‍එක මගේ ලගින් යනවත් එක්කම මගේ ඇගට මොනවද වැටුනා. වතුර වගයක් කියලා හිතලා මූණට වැටුන ඒවා මම පිහිදැම්මා. ඊයා ඒ වතුර නෙවෙයි කරබාලා බලද්දී මගේ බ්ලවුස් එක පුරාම බුලත් කෙල. දැන් මම මොනවද කරන්නේ.ඔළුවේ, මූණේ, ඇදුමේ බෑග් එකේ හැම තැනම අර බූරු යකා ගහල ගිය බුලත් කෙල. නිසුපා අක්කා බිත්තර නාලා ඇදුම් මාරු කරන් පන්ති ගියාට මේහේ බට්ටි කොහේ ගිහින් එහෙම වැඩට එන්නද? ආපු කේන්තිය වචන වලට පෙරලුවත් වැඩක් නෑ. කට ඇහෙන්නද? පාරෙ යන මිනිස්සු හිතයී මට පිස්සු කියලා. මම ඉවසන් කෙල ගහපු බූරුවගේ හත්මුතු පරම්පරාවටම හොද හූරන ටිකට් එකක්ම ඇදෙන්න කියලා හිතින් හිතමින් ආවා. ලග කඩයකින් වතුර ටිකක් ඉල්ල ගෙන හොද ගත්තා. ඒත් ඒ කහට යන්නෑ. ෂික් මූණ අල්ලද්දිත් මට අප්පිරියාවේ බෑ. මොනා කරන්නද හවස 6 වෙනකල් වැඩ කරන්න වෙනවා. 


ඇයි මේ මිනිස්සු ‍අනිත් අය ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැත්තේ? ඉස්කෝලේ යන ළමයෙක්ගේ සුදු ගවුමකට ඔහොම වුනානම් ඒ ළමය‍ කොහොමද ඒ ගමන යන්නේ?මනසින් උසස් කියන මිනිස්සු ඇයි මේ කිසිම හිතක් පපුවක් නැති අය වගේ වැඩ කරන්නේ? මම අහලා තියෙනවා සිංගප්පුරුව කියන රටේ පාරේ යද්දී කෙනෙක්ට කෙල ගහන්න ඕන වුනොත් එයා තමන් ලග තියෙන ලේන්සුවකට හරි ගහලා කුණු දානන් තියෙන භාජනයකට ඒක දානවලූ. ඉතිං ඇයි අපේ රටේ මිනිස්සුන්ට තමන්ගේ ගති සිරිත් නිවැරදි කර ගන්න බැරි. මම කියන්නේ නෑ ඒ මනුස්සයා හිතලම මගේ ඇගට කෙල ගැහුවා කියලා. ඒවගේ වාහනයක් යද්දී එක්කෝ බුලත් විට නොකා ඉන්න ඕන . එහෙම ඉන්න බැරි නම් ‍කාපු එක විසි කරද්දී පොඩ්ඩක් කවුද පාරේ යන්නේ කියලා ‍චුට්ටක් බලලා තමන්ගේ වැඩේ කර ගන්න ඕන. 

ෂික් මට නම් හරිම කේනතියි ඒ වගේම දුකයී. ඇයි මේ මිනිස්සු තමන් ගැන විතරක් හිතන්නේ කියලා. මට මුණ ගැහුන අයගෙන් 95%ක්ම තමන් ගැන විතරක් හිතන අය. අනික් එකා මලත් උන්ට කමක් නැති අය. ඉතිං මේ වගේ අයට ආයෙම මනුස්ස ආත්මයක් ලැබෙයිද? විකාරවගේ අනේ මෙව්වා හිතලා මගේ ඔළුවත් අවුල් වෙලා. 

ප.ලි. මේ මාසේ චුට්ටක් විතර අවුල් වෙලා ඉන්නේ. අවුල් වෙලා කියන්නේ මම මං ගැනම කලකිරිල ඉන්නේ. බ්ලොග් කියවන්නෙත් ගොඩක් අඩුවෙන්. අනේ යාළු‍වනේ ඔයාලගේ පෝස්ට් වලට කමෙන්ට් කරන්න  මේ දවස්වල හුගක් අතපසු වෙනවා. මේ මාසේ මට සමාව දෙන්න. ආයේ එහෙම වෙන්නෑ.

48 comments:

  1. මටත් ඔය සෙතේම තමා. හොඳටම අවුලෙන්, බ්ලොග් කියවන්න හිතෙන්නේ නෑ, මමත් "පපුවට හුගක් ලං කරගෙන හිටිය තුන් දෙනෙක්ම මම මේ මාසේ සදහටම ඈත් කරලා දැම්මා"

    අපි අනිත් අය ගැන හිතුවත් ගොඩාක් අය හරි ආත්මාර්ථකාමියි බට්ටි.. ඒවා ගැන හිතෙන එකෙන් දුක අපිටමයි, ඒ අයට නෙවෙයි. ඒ මනුස්සය කරපු දේ නම් අන්තිම කැතයි තමයි,

    ReplyDelete
    Replies
    1. ඒක උහුල ගන්න අමාරු වේදනාවක්. මොනවා කරන්නද? අපි දෙන ආදරේ අපි ආයෙම බලාපොරොත්තු වෙන එක අපේ වරද. මට මේක තේරුම් ගන්න හුගක් කල් ගියා.

      Delete
  2. මේ වෙලාවට තමයි හිතෙන්නෙ බුලත් කෑම තහනම් කලානං හොදයි කියල.

    ReplyDelete
    Replies
    1. අපි ඡන්දෙ දෙන්නම් ඔයා පාලිමන්ට් එකට යන්න. ඊට පස්සේ මෙන්න මේ විදියේ නීතියක් අරන් එන්න. අනේ රාජ් අයියේ හා නේද?

      Delete
  3. ඕවා ඔහොම තමයි බට්ටි..අහල තිබුනට කියවල තිබුනට අනුන්ට ගරු කරන අචාරශීලි මිනිස්සු ඉන්න රටක් ලංකාව කියල මම නම් තාම ඒ වගේ මිනිස්සු මේ රටේ දැකලා නැහැ..

    ReplyDelete
    Replies
    1. එහෙම අය නැත්තෙම නෑ. එත් 95%ක් ඉන්නේ මේ වගේ අත්මාර්ථකාමි මිනිස්සු.

      Delete
  4. තමන්ගැන විතරක් හිතල වැඩකරන අය පාරෙ තොටෙ යනකං ඔයවගේ සිද්දිවල අඩුවක් දක්නට ලැබෙන්නේ නැත...මිහරකෙක් කියල කියන්නට විදිහක් නැත එසේ කීවොත් ඒය මී වස්සාට කරන අවනම්බුවක් වන බැවිනි

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් ආවා හොද වචන ටිකක් ඒවෙලාවේ කටට. අයේ නිකන් මගේ ඇගේ ලේ පුච්චගන්නේ මොකටද කියලා ගිල ගත්තා.

      Delete
  5. මටත් ඔය පොදු ප්‍රවාහන සේවා වල බුලත් කන උන් පේන්න බෑ... එක පාරක් මූණක් තලන්න ගිහින් නතර වුනේ වයසක සීයෙක් වෙච්ච හින්ද...

    "පපුවට හුගක් ලං කරගෙන හිටිය තුන් දෙනෙක්ම මම මේ මාසේ සදහටම ඈත් කරලා දැම්මා" මෙන්න මේ වැඩේට නම් සාධාරණ හේතුවක් ඇති කියල හිතනව... තමන්ගෙ ඉලක්ක වලට යද්දි සමහර වෙලාවට දැඩි තීරණ ගන්න වෙනව... ඒත් පුළුවන් තරම් තමන්ට නැතිවෙන දේවල් අඩුකරන් යන එක තමයි හොඳ...

    බුලත් කෙල ගහපු පොරව හරි වෙනකාව හරි මරන්න හිතෙනව නම් මෙතනට යන්න ;) http://www.instanthitman.com/

    ReplyDelete
    Replies
    1. උඹ හරි බං අයියේ. ඒත් ඉවස්න පුළුවන් ‍සීමාවක් තියෙනවා. මම නැතිවෙන දේවල් අඩු කර ගන්න අනන්තයටම ඉවසපු කෙනෙක්. ඒත් ඊට එහා ඉවසන්න කොහොමටත් බෑ.
      අනේ මම නම් දන්නේ සිනි දාලා වෙඩිතියලා කූඹිකාලා මැරෙන්න අරින්න විතරයි.

      Delete
  6. Replies
    1. සෝක් තමයි. නාලා බලනවකෝ බුලත් විඩපාරක්. ඔයාට මෙහෙම වුනානම් අනිවා ඒ මනුස්සයට ආයේ බුලත් විඩ කන්න කටේ දත් ඉතුරු කරන්නෑ.

      Delete
  7. ඔව්වා ඔහොම තමා නංගි.ගනන් ගන්න එපා.මිනිස්සු වැඩිය බලන්නෙ නැතුව තමා ඔය වගේ වැඩ කරන්නෙ.මට හිතාගන්න පුලුවන් ඔයා පත් වෙච්ච අපහසුතාවය.බුලත් කෙල කොහොමත් කහටනෙ.ලේසියෙන් යවන්න බෑ.

    ReplyDelete
    Replies
    1. මට මේක වුන වෙලාවෙම මතක් වුනේ ඔයා.

      Delete
  8. මළ කෙලියයි ... මගෙ ඕකෙ අනිත් පැත්ත .. මම අනික් හැමෝම ගැන හිතනවා .. ඒ වුනාට මං ගැන කවුරුත් ම හිතන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඇහුවට කමක් නැද්ද මන්දා. ඔයා ගැන කවුරුත්ම හිතන්නේ නැත්නම් මේ මම හිතන්නද?

      Delete
  9. ෂුවර් එකට නාකි ඩයල් එකක් වෙන්න ඇති....

    ReplyDelete
    Replies
    1. ආනේ ඔයා කොහොමද හරියටම දන්නේ.

      Delete
  10. මට ඔය අත්දැකීම දෙවරක් ම විඳින්න ලැබුණා....එක් වරක් ඇහැට බෙහෙත් කරන්නත් වුනා....(කන *%/ක් කාලා කෙළ ගිලපියකො අනික් උන්ට වාත නොවී).

    ලංකාව ලස්සන රටක් කරන්න ඕන නම් බුලත්විට අනිවාර්යයෙන්ම තහනම් කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මේවා පුංචි කාලෙම හදන්න ඕන සිරිත් අයියේ. ලොකු වුනහම කෝවේදාලා මැකුවත් හදනවා බොරු.

      Delete
  11. අපේ ඉස්කෝලෙ මිස් කෙනෙකුත් කිව්වා ඔහොම කතාවක්... මිස්ට ඉස්සරහ සීට් එකේ වාඩි වෙලා හිටපු මිනිහ බුලත් කෙළ ගැහුවලු වීදුරුවෙන් එළියට. හුළං පාරට ඒක පිටිපස්සෙ වීදුරුවෙන් මිස්ගෙ මුණට වැදිලා... ඊයා.... :(

    ඒක තමා බට්ටි අක්ක අපේ පැත්තෙ ආවෙත් නෑ ලඟදි.. මම හිතුව තරහ වෙලා කියලා...

    ReplyDelete
    Replies
    1. අනේ නංගෝ මොකට තරහ වෙනවද. හිත නිදහස් නෑ. පෝස්ටුවක් කියවන්න තරම්.

      Delete
  12. අද නම් බට්ටි හොදටම තරහෙන් ලියලා තියෙන්නෙ.. හැබැයි ඇත්ත.. ඇයි වටපිට බලලා අනික් මිනිස්සු ගැන නොහිතන්නෙ...

    ReplyDelete
  13. කියලා වැඩක් නෑ බට්ටි අපේ සමහර පෙරේතයො ගැන. දවසක් අපි වෑන් එක බස් එකකට ඉස්සර කරද්දි බස් එකේ ගිය එක ....ක් කෙළ ගැහුවනෙ ඉස්සරහ සීට් එකේ ඉඳගෙන හිටපු මගෙ වයිෆ්ව නෑවෙන්න. ඊට පස්සෙ වෙච්ච දේ මම බ්ලොග් පෝස්ට් එකක ඩ්‍රාෆ්ට් කරලා තියෙන නිසා මෙතන දාන්නෙ නෑ.

    ඔය වගෙ හුඟක් දෙවල් තියෙනවා අපි ලැජ්ජා වෙන්න ඕනෙ.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔව් එන්න එන්ම මිනිස්සුන්ගේ ගති සිරිත් පිරිහෙනවා. බුදුන් වැඩිය දේශෙට අනාගතේ මෙනවා වෙයිද කියලා බයයි.

      Delete
  14. අක්කටත් වෙන්නේ හරිම වැඩ තමයි..

    ReplyDelete
  15. ගණන් ගන්න එපා ඔය වගේ ගොන්නු ඉන්නවනේ මේ ලංකාවේ...

    ReplyDelete
    Replies
    1. ගනන් නොගෙන කොහොමද?මතක් වෙද්දීත් කේන්තියි.

      Delete
  16. අහ්හ්ෆෝයි මටත් දවසක් ඔහොම වුනා බට්ටි අක්කෙ..:/ මිනිස්සු අඩුමගානෙ කෙල ගහන්න කලින් බලන්නෙවත් නෑනෙ කවුද ලඟින් යන්නෙ කියලා..:/

    ReplyDelete
  17. ඒකනේ අක්කෙ මේකට ලංකාව කියන්නෙ.මටත් පිළිබඳව නම් අපූරු අමිහිරි අත්දැකීම් ගොඩක් තියෙනවා

    ReplyDelete
  18. අෆ්ෆා..චාටර් සින් එකක් නේ වෙලා තියෙන්නේ

    ReplyDelete
  19. මොනා කරන්නද නංගි ! මිනිස්සු නොහිතා කරන දේවල් වලින් පාඩුව වටේ පිටේ ඉන්න අයට !!

    ReplyDelete
  20. මම මේ මේ පැත්තේ ආවමයිද මන්දා එක සැරයක් හරි ඇවිත් තියෙනවා වගේ නම් මතකයි හැබැයි ඕං අදයි ෆලෝ පාරක් දැම්මේ....ඉතිං එදා අක්කා ආයේ වැඩට ගියාද මොකද වුනේ....මටත් ඔය විට කන අයව පෙන්නන්න බෑ දවසක් උදේ පාන්දරක බස් කොන්දෙක් මගේ ඉස්සරහටම කෙල ගැහුවා මම ඉන්නවා පෙනි පෙනි මගේ කකුලෙම කෙල මට ඌව මරන්න කේන්තියක් ආවේ.වෙලාවට මගේ ආදරී මාව ඇදලා ගත්තා රණ්ඩු කරන්න එපා කියලා....මුන්ට දඩ ගහලා මදි කටේ කහඹිලියවත් අතුල්ලන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. කහඹිළියා කටේ විතරක් අතුල්ලලා මදි....!!

      Delete
  21. මේ වගේ උන්ට මමනම් සෑහෙන කචල් ඇදලා තියෙනවා ඉස්සර බස්වල යද්දී
    ඒ වගේම එක පාරක් බුලත් කෙල පාරක් වැදිලා අපේ අයිය කෙනෙකුට
    මිනිහා ඒ බස්එක පස්සේ ගිහින් ඒක නතර කරවාගෙන අර මිනිහව බස් එකෙන් බස්සගෙන ෂර්ට් එක ගලවලා දීලා තිබුනා හෝදලා දෙන්න කියලා
    අන්තිමට ඒ මිනිහා හෝදලා දීල තමයි ගිහින් තිබුනේ
    හිනා යන වැඩේ කියන්නේ බස් එක නතර කරගෙන ඉඳල තිබුනා අර මිනිහා එනකල්

    ඒත් ඉතින් බට්ටි එහෙම කරන්නේ කොහොමද
    අපේ මිනිස්සු අනිත් අය ගැන සළකන්නේ නැතිකම තමයි
    මොකද මේ දවස්වල් අවුලෙන් වගේ... ?

    ReplyDelete
  22. ගොඩක් බුලත් හප්පන් ඔහොම තමයි...වටපිට බලන්නෙ කෙල ගහල ඉවර වුනාම...(ඒකත් කාටද වැදුනෙ බලන්න)

    ReplyDelete
  23. චිකේ බුලත් කෙළත් එක්ක හිටියද හවස 6 වෙනකං......ඈක්කා.....

    ReplyDelete
  24. හනේ බට්ටිටත් වෙන වැඩ....
    මටත් මතකයි ඉස්සර පත්තරේ පලවෙච්චි කතාවක්... බස් එකේ හිටගෙන ගිය බුලත් හපයෙක් බස් එකේ වේගෙ අඩු කරනකොට වාඩිවෙලා හිටිය මිනිස්සුන්ගෙ ඔළුවට උඩින් කඳ නවල තොල්වලට ඇඟිලි දෙකකුත් තියල ක්‍රීස් ගාල ගැහුවලු කෙළ පාරක් ජනේලෙන් එපිටට.... බලනකොට වාඩිවෙලා හිටිය කොලු ගැටය හුලං පාරට කොණ්ඩෙ අවුල් වෙයි කියල වීදුරුව වහන් ඉඳල තියෙන්නෙ....

    ReplyDelete
  25. අනේ බට්ටි අක්කේ මට සිද්ධ වෙන්නේ ඔකේ අනිත් පැත්තනේ මම ඔක්කොමල්ලටම හොද කලාට ඒ ඔක්කොම ඒ ගොල්ලන්ට මතක තියෙන්නේ ඒ උදවු ගන්නකම් විතරයි. අනේ මංදා ඒත් මම කියන්නේ ඔයාට කෙළ ගහපු මිනිහට හූරන්න හරි ටිකට් එකක් ඇදෙන්න කියලා ප්‍රාර්ථනා කලාට වඩා හොදයි එයාට හුන්නස්ගිරියට යන්න බස් එකට ටිකට් එකක් අරන් දුන්නනම්........

    ReplyDelete
  26. හ්ම්ම් ඔය වගේ මිනිස්සු ඉන්නවා අක්කේ.

    ReplyDelete
  27. පොදු ප්‍රවාහන සේවා ඇතුළෙ මත්පැන් බීම, දුම් පානය, වගේම බුලත් හැපීමද තහනම් කරන්නම ඕනෙ.

    ReplyDelete
  28. පොදු ප්‍රවාහන සේවා ඇතුළෙ මත්පැන් බීම, දුම් පානය, වගේම බුලත් හැපීමද තහනම් කරන්නම ඕනෙ.

    ReplyDelete
  29. මානසික පීඩනය අඩු කරගන්න නං ආස ම කරන සින්දු ටික අහන්න. නැත්තං මානසික පීඩනය රුධිරයට එයි ඕං!

    ReplyDelete
  30. බට්ටි..ඔය යකා ලබන ආත්මෙ 'බුලත්පෙත්තෙක්' වෙලා ඉපදෙනවා...

    ReplyDelete
  31. කේන්තිය හරිම සාධාරණයි.. හැමෝම යමක් කරන්න කලින් දෙපාරක් හිතන්න ඕන. කවද පුරුදු වෙයිද මන්දා.

    ReplyDelete
  32. ඔයාට දැනෙන කේන්තිය සාධාරණයි.මාත් එක්ක ඉස්කෝලේ යද්දී මගේ යාලුවෙක්ට බුලත් කෙළ වැදුන සුදු ෂර්ට් ඒක රතු තිත් තිත් හිටින්න.

    ReplyDelete