February 17, 2012

නොරිදවන්න කිසිවෙක්


ඔබ රිදවන මිතුරාට  - නොරිදවන්න
ඔබට අදරය කරන මිතුරාට - පැලෙන්න ආදරේ කරන්න
මිතුරා වෙනුවෙන් හැමදේම කැප කරන්න
නමුත් කිසිවක් වෙනුවෙන් මිතුරාව කැප නොකරන්න

මේක මම අහල තියෙන එකක්.ඔය පැලෙන්න ආදරේ කරන්න කියන එක නම් මගේ ශබ්ද කෝෂයේ මහ ලොකුවට තියෙන වචනයක්. ඇත්තමයි මම නම් එහෙමයි. මට නම් ඕනත් එහෙම අය. මම මේ කියන්නේ පෙම්වතුන් ගැන නම් නෙවෙයි. ලෝකේ අපි වටා ඉන්න හැමෝම ගැන. බට්ටි හුගක් සැලකිල්ලෙන් ජීවිතේ අඩිය තියන කෙනෙක්. සමහර වෙලාවට සැලකිල්ල වැඩිද මන්දා? බස් එකට නැග්ගොත් හෑන් බෑග් එකේ ෂිපර් එක පිටුපස්සට වෙන්නද තියෙන්නේ කියලා අනිවා බලනවා. හොදටම ෂුවර් හරියට තියෙනවා කියලා ඒත් අනේ මොන පිස්සුවක්ද මන්දා ඔය වගේ  පුංචි සිද්ධ ගැන ඕනවට වඩා හිතනවා‍.  මොකද වෙන්න කලින් හිතන එක හොදයි කියලා මගේ හිත හැම වෙලාවෙම කියනවා.

ඒවගේම තමයි මගේ වටා ඉන්න අය ගැනත්. හිතනවා අහස උසට.  මගේ අතින් කාගේ හරි හිතක් රිදෙනවනම් එක වෙන්නේ හුගක් කලාතුරකින්. හැබැයි ඉතිං ආයේ තැලෙන යකඩේ උඩ පැන පැන තලනවා වගේ මගේ හිතනම් ඕන තරම් රිද්දනවා. ඇයිද මන්දා පොඩ්ඩක් තමන්ගේ හිත වගේම අනිත් හිතුත් රිදෙනවා කියලා මිනිස්සුන්ට හිතන්න බැරි. 

ප.ලි. අද පෝස්ට් එකක් ලියන්න නෙවෙයි හිටියේ. ඒත් ඔළුව නිකන් මෙව්ව වෙලාවගේ. ඔය අදහස් ටික මට වදදෙනවා. ඒකයි ලිව්වේ. සමාවෙන්න මට මේ පිස්සු පෝස්ට් එක දැම්මට.

58 comments:

  1. මිනිස්සු විවිධාකාරයි... තැනේ හැටියට ඕන ඇනේ ගහන්න.. නැත්තං අපිට ඇනෙනවා..

    ReplyDelete
    Replies
    1. හ්ම්.. වැඩියෙම වෙන්නේ අපිට රිදෙන එක

      Delete
  2. උඩම කවිය වගේ එක මම පාවිච්චි කරන්නෙ මෙහෙම,

    ඔබ රිදවන මිතුරාට - නැවත අවස්ථාවක් නොදෙන්න
    ඔබට ආදරය කරන මිතුරාට - ඉඩක් දෙන්න

    *මිතුරා වෙනුවෙන් කළයුතු දේ කරන්න
    අත්‍යවශ්‍ය තැන් වලදි බැඳීම් අත්හරින්න (යාළුවන්ට උදව්වක් විදිහට)

    ReplyDelete
    Replies
    1. ඒකත් නරකම නෑ. ආරක්ෂාවට පළමුතැන කියනවනේ. ඒත් අයි‍යේ ඔය වරහන් ඇතුලේ දාපු එක මට හරියට පැහැදිලි මදි.

      Delete
    2. සමහර තැන් එනව යාළුවො අපිව අත් නොහැර ඉන්න එක හරහ උන්ට කරදර වලට මූණ දෙන්න වෙන... ඒ වගේ තැන්වලදි ඉතිං.. සොරි මචන්, මෙතන ඉඳන් මං තනියෙන් තියරිය තමයි හොඳ..

      Delete
    3. ඔයානම් සැබෑම යාළුවෙක් අයියේ. මගේ පළවෙනි පොස්ටුවේ ඉදලා හරි වැරද්ද හැමදාම පෙන්නලා දෙන.

      Delete
  3. " හැබැයි ඉතිං ආයේ තැලෙන යකඩේ උඩ පැන පැන තලනවා වගේ මගේ හිතනම් ඕන තරම් රිද්දනවා. ඇයිද මන්දා පොඩ්ඩක් තමන්ගේ හිත වගේම අනිත් හිතුත් රිදෙනවා කියලා මිනිස්සුන්ට හිතන්න බැරි".

    සීයට දෙසීයක් එකඟයි මේ කතාවට. මාත් හැමවෙලාවෙම හිතන්නෙ ඇයි මං අනිත් අය ගැන හිතන තරම් ඒ අය මං ගැන හිතන්නෙ නැත්තෙ කියල. වැඩියෙන්ම දුක හිතෙන්නෙ ලඟින්ම ඉන්න අය එහෙම හිතන්නෙ නැති උනාම තමයි :(((

    ReplyDelete
    Replies
    1. අපි බලාපොරොත්තු වෙන දේ පිට ලැබෙන්නෑ. ඒක උරුමෙද කරුමෙද කියන්න නම් මම දන්නෑ.

      Delete
  4. හ්ම්ම්ම්ම්ම්.. එකිනෙකා තේරුම් ගැනීම දිගුකාලීන සබදාවයකට පාර හදාවි.. :)

    ReplyDelete
    Replies
    1. පිලිගන්නවා ඔයාව බට්ටි ලොවට සාදරයෙන්

      Delete
  5. හ්ම්...ඇත්තම ඇත්ත.හැමකෙනෙක්ම මෙහෙම හිතනවනම් අද මේ ලෝකෙ කොච්චර ලස්සනද.පොලිස්සි , හමුදා මේ කිසිම දෙයක් ඕන වෙන්නෙ නැහැ නේද හැමෝම අනිත් අය ගැනත් හිතනවනම්.....

    අපිට අනිත් අය රිද්දුවත් අපි එයාලට වෙනද වගේම ආදරය කරනවනම් කවදහරි අනිත් කෙනාට ඒක තේරුම් යනව....පරක්කු වෙලා හරි....හැබැයි කණගාටුව කියන්නෙ සමහර අයට ඒ දේ කවමදාවත් දැනෙන්නෙ නැහැනෙ.... :(:(

    ReplyDelete
    Replies
    1. අපි එයාට ආදරේ කරන්න කරන්න එයා පිස්සු කෙලිනවා. ඒකයි වෙන්නේ. කවදාවත්ම හැදෙන්නෑ. කවමදාවත්. ඒකයි ඇත්ත. අපිට තියෙන්නේ එයාට නොරිදවා ඈත් වෙන්න. ඒක තමයි මම හිතන්නේ හරියටම හරි. ඉන්න ගෙදර අක්කා කියල දීපු හරිම ක්‍රමේ. අපි තැලෙන යකඩ නිසා එහෙම හිටියට අනිත් අය එහෙම ඉන්නා.අවසානේ එහෙම අය ලෝකේ සදහටම තනිවෙනවා.

      Delete
  6. දිවට දිව තියාගෙන හිටියත් මිනුස්සු වෙනස් වෙන හැටි හරිම අමුතුයි.ඒක නිසා ඒ අයව අදුර ගන්නව කියන එක ගොඩක් අමාරුයි.ඒක නිසා බොහොම පරිස්සමින් අතලොස්සක් ආශ්‍රය කරන එක තමයි හොඳම දේ.මේව අත්දැකීම්.

    ReplyDelete
    Replies
    1. මමත් කොහොමත් අතේ ඇගිලි ගානට වඩා අඩු පිරිසයි ඇසුරු කරන්නේ. එහෙම වෙලත් මෙහෙම නම් රොත්තක් හිටියනම් අම්මෝ ඉන්න හම්බවෙන්නෑ.
      ඔයාව පිලිගන්නවා බට්ටි ලොවට හදවතින්ම.

      Delete
  7. අර පැළෙන්ට ආදරය කරන එක නම් ටිකක් අමුතුයි වගේ නේද ....
    මං දන්න විදිහට කෙල්ලො නම් එහෙම කරන්නෙම නෑ.

    ReplyDelete
    Replies
    1. හැම කෙල්ලම එක මිම්මෙන් එපා මනින්න.
      (ඕක හැම කොල්ලටමත් අදාලයි හොදද)

      Delete
    2. හ්ම් ... ඒකත් ඇත්තනේ බැලුවාම ...
      දෙපැත්තෙම වැරදිකාරයෝ ඉන්නවා නේ....

      Delete
  8. එකට කෑවට බොක්ක වෙනස් අයත් ඉන්නවනෙ අක්කා!!!

    ReplyDelete
  9. "ඇයිද මන්දා පොඩ්ඩක් තමන්ගේ හිත වගේම අනිත් හිතුත් රිදෙනවා කියලා මිනිස්සුන්ට හිතන්න බැරි."

    මම හිතන්නෑ තමන්ගේ හිත රිදෙන මිනිහෙක් තව කෙනෙකුගෙ හිත රිද්දයි කියල. එහෙම කරන අයට තමා හිත් පිත් නැති මිනිස්සු කියන්නේ. එහෙම උන් ගැන නොහිත ඉන්න එක අනිත් අයට හොඳයි. මං හිතන්නෙ වැරැද්ද සෞන්දර්යට ලං නොවීම.

    ReplyDelete
    Replies
    1. මොන සෞන්දර්යක්ද දැන් ලැප්ටොප්, ඩොන්ගල් & ටච් පෝන් ජීවිතේම ඔන්ලයින් වෙච්චි කොට.

      Delete
  10. ඔය දකින්නේ එක කොනෙකින් නේ,බලන්නකෝ ඇස ඇරලා ..ඔය බනින මිනිස්සු සමහර වෙලාවට ආදරෙන් කතා කරන අයට වඩා හුඟක් ආදරෙය්..හීන බලන්න එපා හිතල බලන්න ,,ලෝකේ අපි හිතන තරම් සුන්දර උනා නම්,ඒක අපිට වෙනසක් විදියට පෙන්නේ නැහැ නේ..වය්රය තිබ්බොත් ආදරයේ අගය තේරෙනවා.තරහකාරයෝ ඉන්නවා නම් යාලුවන්ගේ අගේ තේරෙනවා.,හැබය් එකක් පැලෙන්න කරන්න නම් එපා(බෑ තමා,එත් ඒක අනුන්ට කරදරයක් වෙන්න දෙන්න එපා).

    ReplyDelete
    Replies
    1. ඔයා කියන දේවල් ඇත්ත. ඒත් ඔප්පු කරලා ඉවරයි ඒ අය ලග ආදරේ බිංදුවක්වත් නෑ කියලා. දැන්නම් අම්මටයි මගේ පවුලේ අයටයි ඉන්න ගෙදර අයටයි ඇරෙන්න කාටවත් පැලෙන්න ආදරේ කරන්නෑ. මොකද එහෙම වුනහම මට පැලිලා මැරෙන්න වෙනවා කියලා හොදටම තේරුම් ගිහින් තියෙන්නේ.

      Delete
    2. ඔයා යම් දෙයක් බලන විදියට තමා ඒක තේරුම් යන්නේ,සමහර විට ඔයා දකින දෙය ආදරය නොවෙන්න පුළුවන්,,ඔයා නොදකින දෙයක් ආදරය වෙන්න පුළුවන්...හික්ස්..මට කියන්න තියෙන්නේ මෙච්චරය් බට්ටි,ඔයා ඒක දවසකින් හරි දෙකකින් හරි මිනිස්සු මනින්න එපා..එහෙම ඔයා මනින කොට ඒ අය එක වචනයකින් ඔයාව මනිනවා කියලත් මතක තියාගන්න..අනුන්ගේ පොඩි වැරදි හොයන්නේ නැතුව තමන්ගේ ලොකු වැරදි හදාගන්න..දෙන්නෙකුට එකතුවෙලා දෙන්නගේ වැරදි හදා ගන්න පුළුවන් නම් එතන හරිම සුන්දර ලෝකයක් හැදෙනවා ෂුවර්...මිනිස්සු කියන දේවල් අහල ඔයත් රාමයනේ ඉන්න රාමා හොයන්න ඉන්න එපා..එහෙම රාම ල සෙට් වෙන්නේ සීතලා ට විතරය්..අනික සීතාට උනත් දුක විඳින්න වෙනවා කියල ඔයා දන්නවා නේ.....

      Delete
    3. අනේ අයියේ මම මේ දෙන්නෙක්ගේ ආදරයක් ගැන නෙවෙයි කියන්නේ. ඔයා තේරුම් ගෙන තියෙන විදිය වැරදියි. මම මේක ලියුවේ විදින්න වෙච්ච වෙන සිද්ධියක් නිසා හොදටම හිත තැලුන නිසයි. මම දන්නවා මට කවදාවත් සීතා වෙන්න බෑ කියලා. හැබැයි ගමෙන් ‍කොළඹට ආපු අහිංසකීව හැමදාටම තියාගන්න වෙහෙසෙනවා.

      Delete
    4. හය්යෝ චාර්ටර් උනා නේ ...හික්ස්

      Delete
  11. අපිනම් ඉතින් පැලෙන්නම ආදරය කරන්නෙ නෑ. ඊට ටිකක් අඩුවෙන් තමයි කොයිදේත්.... පැලිලා මැරුණොත් ආදරය කරන්න වෙන්නෙත් නෑනෙ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ මටත් මේ පොස්ටුව දානකන් ඕක තේරුම් ගන්න බැරුව ගියානේ.

      Delete
  12. මිනිස්සු හැමෝම එක වගේ නෑනේ අක්කේ.. හදිස්සියේම මේ වගේ දෙයක් හිතුනේ අපි අතින් වැරදිලාවත් මොනවා හරි කිය උනාද?

    ReplyDelete
    Replies
    1. අපෝනෑ මල්ලියෝ. ඔයා හොද මල්ලියෙක් කිසිම වරදක් නැති.

      Delete
  13. ඇයි අනේ ඔයාට මොකද උනේ ?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... අනේ මන්දා අක්කේ...

      Delete
  14. පැලෙන්න ආදරේ කරන්න කිව්වේ....

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මේන්න මෙච්චර. අපොයි මටත් පිස්සු මම මේ අත්දෙක දිග් කරලා පෙන්නනවා. ඔයාට පේන එකක්යෑ.

      Delete
  15. මාත් බැලුවා මොකෑ මේ කියලා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හොයලා බලනවට.

      Delete
  16. එක ඇත්ත අක්කේ...

    ඔබ රිදවන මිතුරාට - නොරිදවන්න
    ඔබට අදරය කරන මිතුරාට - පැලෙන්න ආදරේ කරන්න
    මිතුරා වෙනුවෙන් හැමදේම කැප කරන්න
    නමුත් කිසිවක් වෙනුවෙන් මිතුරාව කැප නොකරන්න

    අපි වගේ හැමොම මෙහෙම කලොත් ලෝකේ කොච්චර ලස්සන වෙයිද

    ReplyDelete
    Replies
    1. ලෝකේ යාන්ත්‍රික වෙලා.මිනිස්සුන්ට හිත්පත් නැතිවෙලා.

      Delete
  17. එක ඇත්ත අක්කේ...

    ඔබ රිදවන මිතුරාට - නොරිදවන්න
    ඔබට අදරය කරන මිතුරාට - පැලෙන්න ආදරේ කරන්න
    මිතුරා වෙනුවෙන් හැමදේම කැප කරන්න
    නමුත් කිසිවක් වෙනුවෙන් මිතුරාව කැප නොකරන්න

    අපි වගේ හැමෝම මෙහෙම හිතනවනම්

    ReplyDelete
    Replies
    1. මොකෑ මේ එකම කමෙන්ටුව දෙපාරක් කොටලා.

      Delete
  18. මිනිස්සු වෙනස් වෙන්න මහ කාලයක් යන්නෙ නෑ නෙ නංගි...

    ReplyDelete
  19. හ්ම්ම් මමත් ඔයවගේ දේවල් ගැන ගොඩාක් සැලකිලිමත්

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ඔයත් වෙන්න කලින් හිතන කෙනෙක්.

      Delete
  20. මම කෙනෙක්ගෙන් බැනුන් අහපු හැමදම ඒ දෙයට හේතුව තවත් කෙනෙක් වෙනුවෙ උදයුවක් කරපු නිසා.

    ReplyDelete
  21. ඔයාගේ ඔලුවෙ තියෙන මෙව්ව එක නිදහස් කරගන්න මේ වගේ පෝස්ට් එකක් දාන එක වරදක් නෑ . හැමෝම එක වගේ හිතනවනම්. අනිත් අයට ආදරේ කරනවනම් මේ ලොකේ මොනතරම් සුන්දර තැනක් වෙයිද නන්ගො

    ReplyDelete
    Replies
    1. ඔළුවට නිදහසක් නැති වුනහම මම මෙහේ කාට කියලා කියන්නද? ඉන්න ගෙදර අක්කා හැමදාම මට අම්මෙක් වගේ අහන් ඉන්නවා. ඒත් විහින් කර ගනිපු දේවල් කියලා කොහොමද එයා‍ට කරදර කරන්නේ. ඒකයි මම මේක ලිව්වේ. අක්කියෝ ඇයි මේ මිනිස්සු විශ්වාස කරන්න බැරි අය වෙලා තියෙන්නේ.

      Delete
  22. ම්ම්ම්ම්ම්ම්.. මිනිසුන්ව කවදාවත්ම තේරුම් අරන් ඉවරකරන්න බෑ බට්ටියෝ.... අපිත් අර කිව්වත් වගේ ඒ ඒ කෙනාගෙ ස්වරූපය අනුව ඉන්න ඕනෙ.. නැත්තම් රිදෙන්නෙ අපිටමයි.

    ReplyDelete
    Replies
    1. මේකනේ හිතූ කවුද හිතන්නේ පෙන්නන මූණට යටින් වෙස් මූණක් තියෙනවා කියලා.

      Delete
  23. ඒකනම් ඇත්ත බට්ටි..අපි හොඳ වෙන්න වෙන්න අපිට අනික් අයගෙන් වෙන්නෙ නරකමයි..ඔය අතැදැකීම මටත් තියෙනවා..විශේෂයෙන්ම හොඳම යාලුවො කියාගෙන ලඟින්ම ඉන්න අයගෙන්.. :-(

    ReplyDelete
    Replies
    1. එහෙම උනහම පැලෙන්න ආදරේ කර අපේ පපුව පැලෙනවා නේද අක්කේ?

      Delete
  24. තමන් හොඳ දෙයක් කරනව නම් වරදින්නෙ නෑනෙ......අනික ඔය එකට ඉඳගෙන බෙලි කපන උන් හිටියෙ නැත්නම් කිසි කික් එකකුත් නෑනෙ......නැද්ද මම අහන්නෙ.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ...එහෙම වුනහම නම් කික් නෙවෙයි සංසාරයක් නෑ.

      Delete
  25. හ්ම්.....ඇත්ත කතාවක්...

    ReplyDelete
  26. ඇත්ත කතාව.. මේ පැත්තට ආවේ අද.. දිගට ම එන්න උත්සාහ කරනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බට්ටි ලොවට ආවට. පිලිගන්නවා හදවතින්ම.

      Delete