February 23, 2012

රුපියල දෙනවද ?

      බට්ටි ඊයේ වැඩ ඉවර වෙලා ගෙදර යද්දී බස් එකේ හරිම අමුතු විදියේ වලියක් ගියා. කට්ටියම දන්නවනේ අර අපේ මාමා නෑ නෑ අපේ නෙවෙයි අර සමහරුන්ගේ මාමා ලෝක වෙළද පොලේ තෙල් මිල ගැන හිතලා මෙහෙත් තෙල් මිල ඉහල දැම්මා කියලා. අනේ ඉතිං මේකෙන් පස්සේ බස් මාමලත් මිල නැග්ගුවේ කිසිම හිතක් පපුවක් නැති විදියටනේ. 

    අප්පා කියන්න ගිය එකත් අමතක වුනානේ මේ මාමලා නිසා. මේකයි සිද්ධිය. ඔන්න බස් එකේ කොන්දොස්තර අයියා හැමෝගෙන්ම සල්ලි එකතු කර කර යනවා. එහෙම යද්දි ටික ටික ෂිට් වලින් කුටු කු‍ටු ගානවා. මට නම් ඕක හරියටම මීටර් වුනේ නෑ. මොකද ඉතිං 25ට ගෙදර ගිය බට්ටිට මාරු කාසි ප්‍රශ්න ඇති නොවෙන්න වැඩි පහසුව සදහා කෙලින්ම ගාන 30ක්ම කරානේ. ඒකෙන් නම් ලොකුම පාඩුව වුනේ මගේ පුංචි කැටේට. ඇයි ඉතිං හැමදාම එයාට දෙන රුපියල් 5 ට නේ තට්ටු වුනේ. දැන් ඉතිං අර බස් එකේ කුටු කුටු ගාගා හිටිය අයගෙන් එක ඇන්ටි කෙනෙක් වහාම ක්‍රියාත්මක වුනා.

ඇන්ටි               -           අහවල් තැන ඉදලා අහවල් තැනට දැන් කීයද  
                                      අලුත් බස් ගාස්තුව
කොන්දොස්තර  -           19 යි
ඇන්ටි               -           එහෙනම් මනුස්සයෝ මොකටද මගෙන් 20 ක් 
                                     ගත්තේ. එතකොට ඉතුරු රුපියල කෝ?
කොන්දා නෙවෙයි ගානකට ගත්තේ. මෑන්ස් හෙමින් ඉතුරු අයගෙන් සල්ලි අරගෙන පිටි පස්සටම ගියා. හැබැයි ඇන්ටි වැඩේ අත අරින පාටක් නෑ.
ඇන්ටි               -           එහෙන් බස් ගාස්තු වැඩි කරා මදිවට මුන් අපේ 
                                     ඉතුරු රුපියලටත් විදින්න පටන් අරන්නේ.
            
මගියෙක්           -           කී දෙනෙක්ට රුපියල දුන්නේ නැද්ද. ගෙයක් 
                                     හදන්න රුපියලේ කාසි ඇති.
තව මගියෙක්     -           ඔයා රුපියලක් දීලා දෙකක් ඉල්ලන්න. රුපියල් 
                                     දෙකේ ඒවා නැති වෙන්නේ නෑනේ.
ඇන්ටි               -           ආනේ ඇත්තමයි....

           ඇන්ටි කොන්දොස්තරට රුපියලක් දීලා 2ක් ඉල්ල ගත්තා. අනිත් අය නම් ඉතිං නොලැබුන රුපියල අත ඇරලා සද්ද නොකරම හිටියා. ඇයි ඉතිං රුපියල මේ පාවෙන හැටියට එහෙම ඉන්න එකෙත් වරදක් නෑනේ.
මට නම් මේ සිද්ධිය වෙච්ච වෙලාවේ මතක් ‍වුනේ අපේ තාත්තා කියපු කතාවක්. ඔන්න ඒකත් මේ ගමන්ම කියන්නම්කෝ.

         ඔන්න එක දවසක් වයසක සීය කෙනෙක් බස් එකෙන් ගමනක්  ගියාලු. ඉතිං මේ සීයා ටිකට් ගත්තලූ. ‍ඉතිං ටිකට් එක ලැබුනට ඉතුරු ලැබිලා නෑ. ඉතිං සීයා ආයෙම කොන්දොස්තර එනකන් ඉදලා ඇහුවලූ ‘‘කොලුවෝ මගේ ඉතුරු සත පනහ” . කොන්දොස්තර කොලුව ගත් කටටම කිව්වලූ ‘‘අයියෝ සීයේ සතපනකත් මොකද්ද” කියලා. කොලුවා එහෙම කිව්වට දුක් මහන්සියෙන් හම්බකරපු සතපනහ නිකම්ම අත අරින්න සීයා කැමති වෙලා නෑ. කොලුවා ආයෙම එතනින් යද්දි සීයා එයාට කතා කරලා ‘‘කෝ මට රුපියලක් දෙන්න මම ඔයාට සත පනහක් දෙන්ම්” කියලා සීයා සාක්කුවෙන් සත පනහක් එළියට අරන් පෙන්නුවලූ. ඒ ගමන ඉතිං කොන්දොස්තර කොලුවා සීයට රුපියලක් දීලා. ඊට පස්සේ සීයා රුපියලයි සත පහනයි දෙකම සාක්කුවේ දාගෙන. මේක දැකපු කොන්දොස්තර කොලුවා ඇහුවලූ ‘‘ සීයේ සත පනහ”. ගත් කටටම සීයා කිව්වලූ ‘‘ අයියෝ කොලුවෝ සත පනහත් කජ්ජක්ද” කියලා.  


ප.ලි.  හිත මෙව්ව වෙලා හිටිය මට හිත ශක්තිමත් කර ගන්න වචනයකින් හරි උදව් කරපු ඔයාල හැමෝටම මහ හුගක් පිං. ඔන්න ආයෙම බට්ටි සුපුරුදු ප්‍රීතියෙන්. හැම දේම වෙන්නේ හොදට කියනවනේ. මේ පාර නම් අහිමි වුන දේවල් වලට සිය දහස් ගුණයක් වැඩි දේවල් බට්ටිට ලැබුනා. ඒ තමයි මානසිකව හොදටම වැටිල හිටිය මාව අපේ ‍පවුලේ අය තුරුළු කරන් නැගිට්ටුවා. අපි පස් දෙනාගේ බැදීම කිසිම දාකටත් වඩා ශක්තිමත් වුනා. ඉතිං දැන් බට්ටිට වෙන මොනවා නැතත් මොකද නේද?

69 comments:

  1. පලියෙ සුභ ආරන්චියකුත් තියෙන්නෙ :)

    මම නම් ඔය ඉතුරු සල්ලි කේස් එකට අලුත් ක්‍රමයක් අනුගමනය කරනව... ඒක බ්ලොග් අවකාශෙ කෙනෙක් ලියල තිබුන දේකින් අහුල ගත්තු ක්‍රමයක්...

    /*කොන්දොස්තර මහත්තය මට සහ තවත් කවුරුහරි කෙනෙකුට රුපියලේ ඒව දෙන්න තියෙනව නම් මගේ රුපියලත් එක්ක අනිත් කෙනාට ඉතුරු දෙන්න කියන්න පුළුවන්නෙ */ අන්තිම ටික ගලපල ලියන එක තමයි අමාරුම වුනේ...

    ReplyDelete
    Replies
    1. ඇයි ඉතින් වෙන කෙනෙක්ට රුපියල දීලා ලබන සතුටම, ඒ රුපියල කොන්දටම දීලා ලබන්නත් පුළුවන්නේ..දෙන්නම මිනිස්සුනේ..

      හරිම වැඩේ රාජ් කියලා තියෙන විදිය තමයි මටත් හිතෙන්නේ..

      Delete
    2. අපිත් ඊට පස්සේ සාතන් අයියා යන බස් බලලා නගින්න ඕන ඉතුරු එතකොට අපිට ගන්න කියයිනේ.

      @නාකියා
      තර්කෙත් නරකම නෑ.

      Delete
    3. @නාකිය: උඹ කියන කතාවත් ඇත්ත තමා... ඒත් ඇයි සාතන්ගෙන් හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්නෙ... මගේ අවශ්‍යතාවය උවමනාවෙන් කොල්ලකන දේ පුළුවන් තැනදි නවත්තන එක මිසක් තව මිනිහෙක්ට උදව් කිරීම නෙමෙයි :)

      Delete
  2. මම නං කරන්නෙ අනිත් එක්කෙනාගෙ ඉතුරුවත් එක්ක මං ඉල්ලගන්නව. :-)
    සාතන් මලයෝ ඒක හොදයි නේද ක්‍රමේ.

    ReplyDelete
    Replies
    1. කරන්න පුළුවන් නම් ඒක තමයි හොඳම එක... මම ඉතිං ලේසියට අනිත් කෙනාට දීල එනව :)

      Delete
    2. @ රාජ්
      හොදා හොදා අයියගේ ක්‍රමෙත් හොදටම හොදා.

      Delete
  3. මම නම් ගෙදරින් යද්දීම සල්ලි ගානට හදාගෙනමයි යන්නේ... මොකටෙයි බොරුවට චරු චුරු ගාන්නෙ නේ... පෙළක් දවසකට නම් ඉතුරු ඉල්ලන්නෙම නැතුව බැහැලත් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. මට නම් බස් එකට නැගලා පර්ස් එක බැලුවහම තමයි මතක් වෙන්නේ මාරු නෑ කියලා.

      Delete
  4. හා එහෙනං බට්ටියෝ...

    ReplyDelete
  5. උන් කරන අනික් වැඩේ තමයි..50ක් 100ක් දුන්නම ඉතුරුගාන ටිකට් එක පස්සෙ ලියා දීලා පස්සෙ ඉල්ල ගන්න කියන එක..මගදී කොච්චර ඉල්ලුවත් ඉතුරු දෙන්නෙ නෑ බහින තැන ලංවෙනකන්ම කියන්නෙ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න...

    ගොඩක් වෙලාවට බහින තැන ළංවෙද්දි කලබලේට ඕක අමතක වෙනවා...

    ReplyDelete
    Replies
    1. මටත් දවසක් 20 ගානකට 100ක් දීලා ඉතුරු 80 ම ගන්න අමතක වුනා. බැහැලා බස් එක ගියාට පස්සේ මතක් වුනේ. ත්‍රීවිල් එකක් අරන් ගිහින් ඕක ගේන්න ගියොත් එකට 150ක් වත් දෙන්න වෙන නිසා වැඩේ අත ඇරියා

      Delete
  6. ඊයේ රෑ අපේ අම්මත් කිව්වෙ ඕක. රු 9 ගත්තම ඉතුරු දෙන්නැතිව ගාණක්වත් නැතුව කොන්දොස්තර මාරු වෙනවලු. මං නං කිව්වෙ වැඩිය ඕවට කෑගහන්න එපා කියලා.

    මට මතකයි කාලෙකට කලින් සීයා කෙනෙක් ඉතුරු රුපියල ඉල්ලලා කොන්දොස්තරලා කට්ටියක් එයාට හොඳටම ගහලා තිබුනා..... අන්තිමේ සීයට වෙච්ච දේ කියන්නත් දුකයි

    ReplyDelete
    Replies
    1. බුද්ධිගේ අම්මා ගියෙත් මම ගිය බස් එකේවත්ද?

      Delete
  7. ආ බට්ටි ඔයා අළුත් වෙලා..ලස්සනයි ඇඳුම,පාට පිරුණු ලෝකයක් වගේ...හ්ම්ම් බස් ගැන නනම් කතා බස් කරලා වැඩක් නෑ.බොහෝමයක් කොන්දොස්තරල ඉතුරු සල්ලි දෙන්න හරිම ලෝභයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මුතූ. බට්ටිගේ වැඩ තමයි. මේක මේ යන්තම් හොයලා හොයලා හැදුවේ. අපේ අක්කා මේක දැකලා කියනවා කොහොමට හිටිය ගොඩේ කෙල්ලෙක්ද දැන් නෙට් එකේ පේජ් හදන්නේ කියලා. :D

      Delete
  8. ජපානෙ නං මෙන්න මෙහෙමයි. http://arunishapiro.wordpress.com/2012/02/22/%E0%B6%B6%E0%B7%83%E0%B7%8A-%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%8F/

    ReplyDelete
    Replies
    1. මමත් මැරෙන්න කලින් කොහොම හරි ජපන් තමයි යන්නේ. එහෙම ගිය දවසකට ඔය අත්දැකීම විදගන්න වාසනාව ලැබෙත්වා.

      Delete
  9. අපිත් ඔහොම අත ඇරපු රුපියලේ ඒවා කීයක් නම් ඇත්ද? ඒවා ඉතින් කොන්දාගේ සාකුවේ තමයි.. අර කතාවේ සීයා කරපු දේ තමයි හරි.. අන්න එහෙම තමයි දැනුත් ඉන්න ඕන..

    අක්ක සතුටින් ඉන්නවානම් අපිත් සතුටුයි.. හැමදාම සතුටින් ඉන්න...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියෝ. ඔයා මුල ඉදන්ම එන යන කෙනෙක්නේ.

      Delete
  10. හැමදාමත් සතුටින් හිනාවෙලා ඉන්න බට්ටි..... :D

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් මම හුගක් පාඩම් ඉගෙන ගෙන ඉන්නේ. හැමදාම මෙහෙම ඉන්නවා.

      Delete
  11. සමහර කොන්දලා ටොෆී දෙනවලු ඉතුරු සල්ලි වෙනුවට....

    ReplyDelete
  12. මම නම් කියන්නේ ඕක අපේ වැරැද්ද.. අපි දැනගන්ඩ ඕනා බස් එකට නගිනකොට හරිගාන අතේ තියාගන්ඩ. කොන්දොස්තරගෙන් ඉතුරු ඉල්ලන/බලාපොරොත්තුවෙන එක විහිළුවක්..

    අබුඩාබි බස්වල කොන්දොස්තරලා නැහැ.. අවශ්‍යය ගාන කැටේට දාන්ඩ ඕනා..( කාඩ් නැති අය ) ඔය ලංකාවේ කොන්දලත් එක්ක වලි දාගන්න ඔක්කොමල්ල .. මෙහෙ බස් එකට නගින්ඩ කලින් ගානට සල්ලි ටික හදාගන්නවා.. නැත්නම් ඉතින් වැඩිපුර ගෙවන්ඩ ඕනා එහෙමත් නැත්නම් එළියේ..

    කටුනායකින් ඇතුලට ගිය ගමන් අපේ ඒ විනයට මොනවා වෙනවද මංදා...!!

    ReplyDelete
    Replies
    1. කාලයක් මට ඇහුනා කඩ් ක්‍රමයක් හදුන්වා දෙන්න යනවා කියලා. එහෙම වුනා නම් හොදයි.

      Delete
  13. මාත් දැන්නම් රුපියල ඉල්ලනවා.ඇයි අප්පා...වැඩි කලා මදිවට ඒකත් දියන්කෝ නේද??මාත් ගොඩක් වෙලාවට කීක්ක් හරි දීලා රුපියලත් එක්කම ඉල්ල ගන්නවා..

    ප.ලි.ය ගැනත් සතුටුයි...

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ අපි මහන්සියෙන් හම්බ කරන ඒවා මොකටද තේරුමක් නැතුව පූජ කරන්නේ.
      ස්තූතියි අක්කියෝ.

      Delete
  14. හපොයි, ඔය රුපියල දෙක ඉල්ලන්න ගිහිං ඕකුන්ගෙ බලු කතා අහන්න මම නං ආස නෑ. ඕක ඉල්ලගත්තත් මං කරන්නේ නිකං නාස්ති කරන එක නෙව. එහෙව් එකේ උං වත් ඒකෙන් වැඩක් ගන්නැතෑ. සීයා ගේ කතාව නං මරු ය.

    ReplyDelete
    Replies
    1. හේ හේ කාටයක් අරන් ඇවිත් ඔයාගේ ඇදුම් අල්මාරියේ තියලා තියන්න.හොදට පේන විදියට. හවසට ගෙදර ඇවිත් ඇදුම් ගන්න හදද්දී කැටේ පේනවනේ. එතකොට පර්ස් එකේ තියෙන කීයක් හරි ඒකට දාන්න හිතෙයි. ආ ඒ වගේම අල්මාරියේ කාසි පිරිච්ච කැටයක් තියෙන එක වාසනාවයි. දවසක් දෙකක් දාද්දී ඔයා නිතරම ඒක අතට අරන් බලයි දැන් ටිකක් බර වැඩි වෙලාද කියලා. දන්නෙම නැතුවා කැටේ පිරිලා. මම මේ අත්දැකීමෙන් කියන්නේ. කරලා බලන්න මල්ලී.

      Delete
  15. අනේ බට්ටි අක්කෙ සංතෝසයි ඔයා සතුටින් අලුත් වෙලා ඉන්නවා දකින්න..:D අලුත් ඇඳුම ලස්සනයි!!!

    අපෝ මට නම් සමහර කොන්දො රු 2ත් නෑ කියනවා.. රු7ක්ම බහිනකොට ඉල්ලගන්න කියලා දවසක් මේ ලඟදි බහිද්දි 5ක් විතරක් දුන්නා..ජරා යක්කු..

    ReplyDelete
    Replies
    1. ඔය කට්ට කාලා තියෙන නිසා මාත් කරන්නේ ගානට සල්ලි හදාගෙන යන එක..නිකන් මොකටද චාටර් වෙන්නේ..
      හැබැයි පෙරේදා එක බස් රූට් එහෙක කොන්දාලා සෙට් එකක් ටොෆි තියාගෙන හිටියා , මදිවෙන රුපියලට ටොපි දුන්නා..

      Delete
    2. @ හිතූ
      හිතූ දැක්කහම ඒ කොන්දට හිතනද දන්නේ මේ ගෑනු ළමයෙගෙන් නම් රැපියල් දෙකක්ම තියා ගන්න ඕන කියලා.

      @ ChammA
      සීයල අච්චිලට ටොපි දුන්නහම කේන්ති යන්නේ නැද්ද?

      Delete
  16. අනේ ඇත්තට අපිට එන්න තියන රුපියල සුළු දෙයක්. අපි රුපියලක් අඩුවෙන් දුන්නොත් කුණුහරප අහගන්න පුලුවන් කොන්දා මල්ලිගෙන්.

    සතු‍ටුයි සියල්ල යහපත් ආකරයෙන් කෙලවර වුනාට.

    henryblogwalker the Dude

    ReplyDelete
  17. කොන්දලා නම් ඔහොම්මමයි. ප.ලි. එක මරු.

    ReplyDelete
    Replies
    1. හේ හේ. ස්තූතියි මේ පැත්තේ ආවට

      Delete
  18. මං නං බස් එකේ යන කාලෙ මේ වගේ දෙතුන් පාරක් ඉතුරු සල්ලි නොලැබුනම එක පාරක් 'ඉබ්බා' යනවා. මගේ ගාන එතකොට ෂේප් !. හැබැයි ඒකට හොඳ පුරුද්දක් ඕනි.

    ReplyDelete
    Replies
    1. මට තේරුනේ නෑ මොකද්ද කිව්වේ.

      Delete
  19. මම නම් ඉතින් රුපියලක් ඉතුරු ඉල්ලන්න යන්නැහැ..දුන්නොත් ගන්නවා..

    ඔව් බට්ටියගෙ අලුත් ඇඳුම නම් හරි හැඩයි..හැමදාම සතුටින් ඉන්න.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කියෝ. ඔයත් සතුටින් ඉන්න හැමදාම.

      Delete
  20. සමහර කොන්දොස්තරලා කියනවා බැහැලා යද්දි රුපියලක් ඉල්ලගන්න පහක් ඉල්ලගන්න ඉතුරු ඉල්ලගන්න කියලා !
    අපේ යාළුවෙක් ගෙදර ඉදන් එනකොට බස් ගාස්තුව 95ක් ලූ. ඌ 100ක් දුන්නම ඉතුරු පහ දෙන්නේ නෑ ලූ. දවසක් ඌ 95ක බස් ගාස්තුවට 90ක් දීලා !
    කොන්දා ඇහුවලු තව පහක් මදී කියලා.
    අරූ ගත් කටටම කිව්වලු බැහැලා යද්දි පහක් ඉල්ලගන්න කියලා !

    ReplyDelete
  21. ඒ සීයා නම් සිරා...එහෙම තමයි ඉන්න ඕන..දවසක් අපේ මාමා කෙනෙකුත් ඔය වගේ වැඩක් කරා. හැබැයි කඩේකට

    ReplyDelete
    Replies
    1. ඕක මට තාත්තා කියපු වෙලාවේ හිනා. මොකද ඔයවගේ සීයලා ඉන්නවද අනේ කියලා.

      Delete
  22. මාරු සල්ලි අරන් යන එක එපාම කරපු වැඩක් මම ඉතින් වැඩි හරියක් ගමන් බිමන් යන්නේ පයින් නිසා ඒ හැටි ප්‍රශ්නයක් නම් වෙන්නේ නෑ බස් එකක ගියොත් ඉතින් දුර ගමන් සේවා තමයි ඒත් මාසෙකට දෙකකට සැරයයි... ඇවිද්ද පය දහස් වටී කියනවනේ.... අළුත් ඇඳුම නම් ලස්සනයි මේ අකුරු වල පාට කළු කරන්න පුළුවන්නම් ඇස් දෙකට සනීපයි අක්කේ මොකෝ ඒ ගැන හිතන්නේ.... කාලයක් බ්ලොග් වලින් ඈත් වෙලානේ හිටියේ ප/ලි ලියපු දේ ගැන නොදනිමි ඒත් සතුටින් ඉන්නවනම් ඒ ඇති

    ReplyDelete
    Replies
    1. ඔන්න දැන් හරි. ගැමී කියපු විදියට මම ඒක හැදුවා. ස්තූතියි උපදෙසට

      Delete
  23. අපේ එහා ගෙදර අංකලුත් දවසක් ශර්ට් එකේ බොත්තං නැතුව ආවා ඉතුරු සල්ලි වලට වලියක් ගිහිල්ලා....

    ReplyDelete
    Replies
    1. අපි ඉවසුවට හුග දෙනෙක් ඉවසන්නේ නෑ.

      Delete
  24. ඔව් අෆ්ෆා..ගොඩක් කොන්දො ඔය වගේ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ. එයාලා ගෙවල් හදන්න රුපියලේ කාසි එකතු කරනවා.

      Delete
  25. හික්ස් ...
    මමත් පොඩි සල්ලි අත අරින්නෙ නෑ.
    හැබැයි වෙලාවකට අපේ අම්මා කියනවා අපි "කොටන් පුච්චල අළු ගන්නෙ නැතුව, කෙස් පුච්චලා අළු ගන්න හදනවා " කියලා. ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙම නෑ ;)

    ReplyDelete
    Replies
    1. හේ හේ අම්මත් මරු කතාවක් තමයි කියලා තියෙන්නේ. මම ඔය ඇහුවමයි.

      Delete
  26. බට්ටි අක්කේ ලස්සන ඇදුමක් දාලා තියෙන්නේ බ්ලොගේට.. හරිම ෂෝයි
    හ්ම්ම් මටනම් තාම අලුත් බස් ගාස්තුව යටතේ බස් එකේ යන්න වුනේ නැහැ. බලමුකෝ මමත් ඇන්ටි වගේ කෑ ගහයිද කියලා :ඩි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගියෝ. කාලේ තාලෙට වෙනස් වෙන්න එපැයි අපිත්.
      ඔන්න ඔහේ කොකු දාගන්නේ නැතුව ගෙදරට වෙලා හිටු.

      Delete
  27. ගාණ වැඩි කලාට පස්සේ විතරක් නෙමෙයි ගොඩ කාලෙකින් බස් එකක යන්න උනේ නැහැ
    ඒ නිසා කාලෙකින් බස් කරදරයක් උනේ නැහැ
    හැබැයි ඉතින් මමත් බස් එකක ගියොත් මොකක් හරි කරදරයක් වරදින්නේ නැහැ
    ගිය අවුරුද්දට කලින් පාර නිවාඩු ඇවිත් A/C බස් එකක ගිහින් එදායින් පස්සේ ආපහු A/C බස්වල යන්නේත් නැහැ කියල හිතා ගත්තා

    ප.ලි. කොටස ගැන සතුටුයි, ජය වේවා....!

    ReplyDelete
    Replies
    1. මම නම් දැන් ගමේ යද්දී A/C බස් එකක තමයි යන්නේ. නැත්නම් අනේ මගටම කාලේ ඉවරයි. හැබැයි ඉතිං අපේ අම්මා කියනවා මෙන්න මේ ලොබිත් දැන් A/C බස්වල එනවා කියලා.
      ස්තූතියි ලොකූ

      Delete
  28. මම දවසක් පන්ති යද්දි වුන වැඩක් මතක් වුණා...බස් එකේ පන්තියගාවට යන්න රු.4 යන්නෙ.මගේ අතේ තිබ්බෙ සල්ලි ගානටමයි..ඒ කිව්වෙ රු.5 බට්ටයි...2 එකයි රුපියලයි.( මග දිගට යන ගමන් සල්ලි බැලන්ස් වෙන්න ඉතුරු සල්ලි වලින් කුස පුරවා ගතිමි) කොන්දොස්තර මගෙන් සල්ලි ගත්තෙ බහින ගමන්..මම දුන්නෙ 5 කාසිය.ඉතුරු සල්ලි දෙනකම් බලන් ඉද්දි බස් එක අද්දල යන්න ගියා...මටනේද ඉතිං කන්න තරන් තරහක් ආවෙ.මොනව කරන්නද​?? අන්තිමේදි යාලුවෙක්ගෙන් මට එන්න රුපියලක් ඉල්ලගන්න වුණා...

    මේ අලුත් ඇඳුම ලස්සනා....යි...

    ReplyDelete
    Replies
    1. දැන්නම් ඔය ගාන අරන් ගියොත් යන්නත් මදි.
      ස්තූතියි යාළුවේ.

      Delete
  29. හක්ස්ස්ස් ඔන්න අදමයි කමෙන්ටුවක් දාන්නෙ කලින් ඇවිත් තිබුනට

    ReplyDelete
    Replies
    1. කාරි නෑ කාරි නෑ ස්තූතියි ඇවිත් යනවට.

      Delete
  30. ඉතිරි සල්ලිවලට ටොෆි දෙන කතාවක් මම ඇහුවා

    ReplyDelete
    Replies
    1. මට ඔය කියන බස් එකේ යන්න බැරි වුනානේ.

      Delete
  31. මම නම් බස්වල යනකොට කොහොම හරි සල්ලි ටික නම් ගානට හදාගෙනමයි ගියේ.... හැමවෙලේම මාරු සල්ලි ගොන්නක් මගෙ පර්ස් එකේ බරට බරේ....
    බට්ටිගෙ අළුත් පිටුව හරිම හැඩයිනේ...
    අළුත් වෙනස ගැන සතුටුයි....

    ReplyDelete
    Replies
    1. මම නම් කාසි තියා ගන්නෙම නෑ. කෙලින්ම ගෙදර ගිය ගමන් කැටේට තමයි.
      ස්තූතියි මියුරු.

      Delete
  32. lassana waliyak ..... maath bus eka athule ennawa wage mata denuna ....... :) hari yanne ne ithuru salli dunne nethi unoth maath waliyak dagannawa :/

    ReplyDelete