April 8, 2012

උදාවෙලා වසන්තයක්


අවුරුදු එන්නත් කලින් හැමෝටම අවුරුද්දට සුභ පතන්නයි බට්ටි මේ හදන්නේ. මොකද ඉතිං බට්ටි හා හා පුරා කියලා ‍10 වෙනිදට ගෙදර යන්න නිසා.ලොකු නිවාඩුවක් අරගෙන තමයි මේ ගමන බට්ටි ගෙදර යන්නේ.
බට්ටිට නම් මෙදාපාර අවුරුදු සාරයි. ගෙදර ගිහින් අම්මා එකක් ටික දවසක් හරි ඉන්න ලැබෙනව නම් ඉතිං බට්ටිට මුකුත් ඕනේ නෑ. සමහරු නම් කියනවා අපරාදේ සල්ලි කන්න මේවගේ අවුරුද්දක් එනවා කියලා. මම නම් හරිම කැමතියි. මොකද නැත්නම් දුරස්වෙලා ඉන්න අම්මා මම ගෙදර අය කොහොම එකතු වෙන්නද?
හැම අවුරුද්දෙම මගේ අතින්ම මම කොණ්ඩ කැවුම් හදනවා. (ඔන්න දැන් කට්ටිය හිතයි අම්මෝ බුරිය නැති ඒව වෙන් ඇති කියලා.නෑ නෑ බට්ටිගේ අම්මගේ අම්මගේ අත්ගුණෙන් ඒ වැඩේ නම් ලස්සනට කරන්න පුළුවන්.) මේ පාර නම් හදන්නෑ. බට්ටිගේ අක්කා ඉන්නේ රටනේ. ඉතිං අක්කා නැතුව තෙල්වලදක් ලිපේ තියන්න හිත දෙන්නෑ. අක්කා රට ඉදන් ආපු දවසට මේ අවුරුද්දටත් එක්කම කැවුම් හදනවා.
අවුරුදු කියන්නේ අපේකම අලුත් වෙන එකට කියලයි මම නම් හිතන්නේ. දුරස්වෙලා තියෙන බැදීම් අමනාප වෙලා තියෙන හිත් එකතුවෙන්න අලුත් අවුරුද්ද අත්වැලක් වෙනවා. ඇයි තව විශේෂ දෙයක් වෙනවනේ. බට්ටිගේ තාත්තගෙන් කවමදාවත් ලේසියෙන් බත්කටක් නම් කවාගන්න බෑ. හැමදාම කිව්වොත් අතේ හොටු. ඒත් ඉතිං අලුත් අවුරුද්දේ ආහාර අනුභවය වෙලාවට නම් කිරිබත් කවනවමයි. ආ කියන්න බැරි වුනානේ බට්ටිගේ තාත්තා දැන් හුගාක් හොදයි. බට්ටිත් දැන් හුගක් වාසනාවන්ත වෙලා. තාත්තා නොබී එනමාසෙට අවුරුද්දක් වෙන්න යනවා. පෙරේදා බට්ටිට තාත්තා කොල් කරහමි කිව්වා බට්ටි ගෙදර එන්න කලින් සාලෙ බිමට කොන්ක්‍රීට් දානවා. නැත්නම් ආවහම ඉන්න අමාරුයිනේ දූවිලි නිසා කියලා. මේ දේවල් නිසා බට්ටිගේ අම්මා සතුටින්. අම්මා සතුටින් කියන්නේ බට්ටි හුගාක් සතුටින් කියලනේ.
ආ අවුරුද්දේ තව ආසම දෙයක් තමයි නොනගතේට පන්සල් යන එක. උඩගෙදර අක්කත් එක්ක හැම අවුරුද්දෙම බොකුටු මල් වට්ටි දෙකක් පිරෙන්න කඩාගෙන තමයි හැම පාරම යන්නේ. සුවද හමන බොකුටු මල් අරන් යද්දී හිත‍ට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. ඇයි බොකුටු මල් පිපෙද්දී හවසට ගෙදරට එන සුවද...ම්ම් මතක් වෙද්දිත් සතුටුයි.....
බට්ටිගේ ගමේ මේපාර අවුරුදු උත්සවේ නම් නෑලු.ඒ වෙනුවට තියෙන්නේ සංගීතයක් විතරයිලූ. සංගීත නම් වැඩක් නෑ. අවුරුදු උත්සවෙත් තිබුණ නම් බට්ටිගේ හිතට තවත් සතුටුයි. ආ මෙහෙම හිටියට බට්ටි හැම අවුරුද්දකම අවුරුදු උත්සයෙන් අනිවාර්යයෙන්ම තෑග්ගක් අරන් තමයි ගෙදර යන්නේ. අවුරුදු උත්සවේ තියෙනවා බස්පෝලිම කියලා තරගයක්. ඒකෙන් තමයි හැම පාරම දිනන්නේ. පිට්ට‍නියේ තුන්පලක කණු තුනක් හිටවලා තියෙනවා. ඒ කණුවල ගම් තුනක නම් ගහලා තියෙනවා. ඒ හැම නමක්ම පටන් ගන්නේ නා අකුරෙන්. ගම්වල නම් තුන නම් ලියන්නෑ. මොකද ඒ ගම් තුන දැන ගත්තොත් ඒ මැද තියෙන මගේ ගම නිකම්ම මාට්ටු වෙන නිසා. ඉතින් නිවේදනය කරන කෙනා නා........... කියලා ඇදලා එකපාරටම ගමක නමක් කියනවා. එතකොට හැමෝම ඒ නම තියෙන කණුව ලගට ගිහින් පෝලිම හැදෙන්න ඕන. පස්සෙම යන කෙනා අවුට්. හැබැයි ඉතිං ඉස්සෙල්ලම ගිහින් කණුව බදා ගන්න කෙනාටත් සොරි තමයි. මොකද අනිත් අය එන වේගෙට එයා චප්ප වෙනවා.:D ඔන්න ඕකටයි බස් පෝලිම කියන්නේ. අහන් ඉදලා හයියෙන් දුවලා බට්ටි හැම පාරම මේ තරගෙන් දිනනවා.
ආ මෙහෙම හිටියට දැන් බට්ටි අවුරුද්දක කෙලි පැටියෙකුගේ නැන්දා කෙනෙක්. අපේ එකම කෙලි පැටියගේ අවුරුද්දේ උපන්දිනෙත් එනවා මේ මාසේ 16 වෙනිදට. බට්ටි නැන්දා සෙනසුරාදා ගිහින් පුංචි පැට්ටට තෑගි හුගාක් ගත්තා. හැබැයි කියන්නත් ලැජ්ජයි අවුරුද්දක් වෙන කෙලි පැටියව තාම දැකලා තියෙන්නේ දවස් තුනයි. කෝ ඉතිං බට්ටි කොළඹටම වුනානේ. දුවගේ උපන්දිනේ සමරන්න අපි පිරිතක් කියලා දානයක් දෙනවා. කට්ටියට ආවොත් ඔන්න දානේ කාලා ඇයි කැලේ බලල යන්න පුළුවන්. :D
අලි අලි කෙටියෙන් ලියන්න කියලා පටන් ගත්ත පොස්ටුව හුගක් දිග වුනා.
බ්ලොග්  ලෝකේ හැමොටම එන අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉති‍රෙන්න කියලා  බට්ටි හදවතින්ම සුභ පතනවා. ඒවගේම සිහින උළෙල කරන අයටත් ඒවැඩ කටයුතු සාර්ථකව කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

එහෙනම් බට්ටි ගිහින් එන්නම්. හැමෝම දගකරන්නේ නැතුව ඉන්න හොදද? නෙට් එන්න පුළුවන් තැනක් හම්බ වුනොත් අලුත් අවුරුද්දේ ඔයාලගේ බ්ලොග් වලට ඇවිත් බට්ටි සුභ පැතුමක් එකතු කරලා යන්නම්කෝ. බුදු සරණයි හැමෝටම.

ප.ලි.
ආදරණීය මිතුරේ ඔයාට සුභ උපන් දිනයක් වේවා. කලින්ම සුභ පතන්නේ මම එද්දී ඔයාගේ උපන්දිනේ පහුවෙලා ඒකයි. ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙලා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා බට්ටි ප්‍රාර්ථනා කරනවා. හැමදාම හිනාවෙලා ඉන්න. පණ්ඩිත මම කියනවා වගේ නැව ගිලුනත් ‍බෑංචූං කියලා ඉන්න. ජීවිතේ අපිට ඕන දේවල් ඒ විදියටම ලැබෙන්නෑ. මතකනේ බට්ටිට පහුගිය කාලේ වෙච්චි දේවල් ලැබුන නම්බු නාම ගැන.කෝ බට්ටි සැලුනද නෑ. ලොවෙත් සැලෙන්නෙත් නෑ. තනියම නැගිටින්න.ආදරේ කරන අය ලග නැති එක හිතට හයියක් කර ගන්න. ඔයා මා එක්ක දැන් තරහ වෙලා හිටියත් මම දන්නවා මට අලුත් අවුරුද්දේ සුභ පතන්න කතා කරනවා කියලා. එහෙම නොවුනත් බට්ටි තරහ නෑ. 
 සැ.යු. මේක ගූගල් දෙයියගෙන් ගනිපු එකක් නෙවෙයි හොදද? මේ මම උපන් දිනේට මගේ යාළුවා වෙනුවෙන් හදපු කාඩ් එක.

April 2, 2012

එන්නෝ අයිස්ක්‍රීම් කන්න එන්නෝ......


අයිස් ක්‍රීම් ලීටර් 4ක් සෑදීම සදහා අවශ්‍ය ද්‍රව්‍ය
රත්ති පිටි ග්‍රෑම් 400
සුදු සීනි ග්‍රෑම් 400
ජෙලටින් මධ්‍යසාර මූඩියෙන් 3 ½
වැනිලා
එග් යෙලෝ (වෙළදපොලෙන් මිලදී ගත හැක)

සාදා ගන්නා ආකාරය
සීනි සහ පිටි එකට කවලම් කර ගන්න. උණුවතුර කෝප්ප 2ක් ඒ මිශ්‍රණයට දමා කවලම් කර ගන්න.ඉන් පසු ඇල්වතුර කොප්ප 6ක් එයට දමා නැවත හොදින් කවලම් කරන්න. කවලම් කිරීමේදී එකම අතට මෙය කල යුතුය. ජෙලටින් ටික පීරිසිකොප්පයකට වතුර දමා එහි දියකරගන්න. එයද මුලින් සාදාගත් පිටි සහ සීනි මිශ්‍රනයට දමා දිය කරගන්න. කවලම් කිරීමේදී කැට නැතිවිය යුතුය. ඊටපසු එම මිශ්‍රනය පෙරන්න. ඉන්පසු වැනිලා සහ එල්යෙලෝ සල්පය බැගින් දමා කවලම් කරන්න.
ඉන්පසු සාදාගත් මිශ්‍රනය අධි ශිතකරණයේ පැය 7ක් පමණ තබන්න. ඉන්පසු එය ශිතකරණයෙන් ඉවතට ගෙන විනාඩි 15ක් බීට් කර ටික වෙලාවක් තබා නැවත විනාඩි 15ක් බීට් කර ගන්න. බීට් කරද්දී මැෂින් එකේ උපරිම වේගයෙන් කරන්න මතක තියා ගන්න. ඉන්පසු නැවත පැය 4ක් ශිතකරණයේ තබා නැවත විනාඩි 30ක් බීට් කර ගන්න. ඉන්පසු පැය 7ක් ශිතරකණයේ තිබෙන්නට හරින්න. භාජනය ටිකවෙලාවක් එළියේ තියෙන්න ඇරලා නැවත විනාඩි 30 බීට් කරන්න. ඊට පස්සේ මිශ්‍රනය අල්ලලා බලන්න අතට දැනෙන්නේ පුළුන් වගේද කියලා.එහෙනම් හරියට බීට් වෙලා. දැන් ඉතිං තියෙන්නේ ආයෙම හයි වෙන්න ශිතකරණයේ දාලා කැමති වෙලාවක අරන් කන්න තමයි.

ලග එන අවුරුද්දට ගෙදර එන අයට කන්න දෙන්න තමන්ගෙ අතින්ම අයිස් ක්‍රීම් හැදුවොත් කොයි තරම් ආඩම්බරයක් දැනේද ඒ අය කාලා රසයි කියද්දී. ඇයි නෑ ගම් යද්දී  අරනව් ගියොත් කියයී ඒ ඇන්ටි අපිට ගේන්නේ මේස උඩ තියන තෑගි නෙවෙයිනේ කියලා.

සැ.යු.බිට් කරන මැෂින් එක ඉතා උසස් තත්වයේ එකක් විය යුතුය. නැත්නම් බීට් කරන වෙලාව වැඩි නිසා මැෂින් එක පිච්චෙන්න පුළුවන්.

ප.ලි.මේ මෙනූ එක නම් ගිම්හානි අක්කා වෙනුවෙන්මයි ටයිප් කලේ .ඒත් දන්නැති තව අය ඇති කියලා හිතලා හිතුනා පොස්ටුවක් විදියටම දාන්න.
මෙනූ එකේ ගැටළුවක් තියෙනවනම් පහත අංකය අමතන්න. සොරි සොරි පහත කමෙන්ට් බොක්ස් එකේ ලියන්න.

April 1, 2012

පළුදු වූ සිත

පළුදු වූ සිතක්
ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කෙරුණි,
වැඩිම ආදරය නම් ලංසුව
වැටෙන තුරු 
අයිතිකරු එය සුරැකුවා
අලෙවි වුනි විශ්වාස කල නොහැකි තරම්
ලංසුවකට 
ඒ පළුදු වූ සිත,
මිලට ගත් කෙනා 
ඔපදමා ගන්නෙමියි කියා
රැගෙන ගියා ඒ පළුදු වූ සිත
නමුත් ඔපදමනු වෙනුවට
තැලුනි ඔහු අතින් 
ඒ සිත තව තවත්
ඉතිං තව කුමකටද 
පළුදු වී ඉරි තැළුනු සිතක් 
යළිත් වෙන්දේසි කර .................


ප.ලි. සිතුවිල්ලක් පමණි. ආ ‍එහෙමත් නැත්නම් අද දවසට හරියන්න කියනව නම් පට්ටපල් බොරුවක් පමණි. :D :D