ඉස්කෝලේ යන කාලේ නාපු
නෑම්, කාපු කටු ගැන නම් ඉතිං හැමෝටම ලියලා ඉවර කරන්න බැරි තරම්නේ.මේකත් ඉතිං බට්ටි දහය වසරේ ඉන්න කාලේ වෙච්චි දෙයක් තමයි.ඒකාලේ අපේ පන්තියට ගුරුවරු කොයි තරම් ආදරේද කියනව නම් අපේ පන්තියට කිව්වේ නාහේට
අහන්නැති පන්තිය කියලා.මේ කාලේ ඉතිං එක්කෙනෙක් මොනවා හරි විකාරයක් හොයා ගෙන ආවොත් අත් සේරමත් ඒක හරි හෝ වැරදි වේවා ඒකම කරන්නේ හරියට වෛරස් උනක් බෝවෙනවටත් වඩා
ඉක්මනට.
ඔන්න දවසක් පන්තියේ හිටිය ගෑණු ළමයෙක් උදේ ඉස්කෝලේ එද්දී එයාගේ නළලේ හරියටම ප්‍රශ්නාර්ථ ලකුණක් දිලිසි දිලිසි තියෙනවා. හරියට නිකන් අනිත් අයගෙන් අනේ මම ප්‍රශ්නයක්ද කියලා අහන්න වගේ. පන්තියේම
ළමයි ඉතිං එයාගේ ලගට ලං වෙලාම බැලුවා. මොකද්ද බොලේ මේ නළලේ තියෙන ප්‍රශ්නේ කියලා.
හැබැයි ඉතිං ප්‍රශ්නේ මොක වුනත් ඒක නළලේ තියෙන විදිය නම් මරු. ඒපාර ඉතිං ළමයින්ට
හරි ප්‍රශ්නේ කොහොමද ප්‍රශ්නේ නළලට ආවේ කියලා.
ඒ ළමයා කල්පනා කර කර ඉදලා තියෙනවා නළල දබර ඇගිල්ලෙන් අතගගා.හුගක් වෙලා මෙහෙම ඉදලා.පස්සෙ තමයි දැකලා තියෙන්නේ නළල තුවාල වෙලා.ඒක තමයි මේ වේලුනාට පස්සේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. අපි
ඉතිං අහක යන ප්‍රශ්න ඇගේ දාගන්න අයනේ.කෝම අලි දැන් එක එක්කෙනා ප්‍රශ්න හදා
ගන්නවා.දැන් ඉතිං කට්ටිය හිතන්න එපා අපි ගහමරාගෙන ප්‍රශ්න හදා ගන්නවා කියලා. මේ
නළලේ ප්‍රශ්න ලකුණ හදා ගන්නවා.
මාත් ඉතිං සේරම කරන එකේ වැඩෙත් ලස්සන එකේ කෝම හරි ප්‍රශ්නයක් හදා ගන්න ඕනි කියලා කරලා බැලුවා.
සියපාරකට වඩා නළල ඇගිල්ලෙන් අතුල්ලන්න ඕනිලු ඔය ප්‍රශ්නේ හදා ගන්න. අපුයි දෙයියනේ මොන
සිය පාරක්ද. ටිකක් වෙලා කරද්දිම නළල දන්න ගන්නවා. ඊට පස්සේ මට නම් නළලට ඇගිල්ලවත් තියන්න බෑ .දැන් ඉතිං අපේ කට්ටියගෙන් හුගක් දෙනෙක් ප්‍රශ්නේ හදා ගෙන.අනේ ඇයි අප්පා මට ප්‍රශ්නයක් දා ගන්න මෙච්චර අමාරු.ඉහි ඉහි දැන් නම් මට ඇඩෙන්නත් වගේ.
එදා ඉස්කෝලේ දී නිවාඩුවක් ලැබුන ගමන් කලේ ඉතිං ප්‍රශ්නේ හදා ගන්න දගලපු එක තමයි.ඒත් බැරි වුනා.ගෙදර ඇවිල්ලත් ඊට පස්සෙන්දත් පණ යනකල් මහන්සිවෙලත් මේ ප්‍රශ්නේ බට්ටිගේ නළලේ කොටා
ගන්න බැරි වුනානේ.මම ඉතිං ළමයින්ටත් බනින්වා.ඇයි දෙයියනේ මගේ නළලට ප්‍රශ්න එන්නේ නැත්තේ කියලා.කොහොම හරි මේ නළලේ ගහන්න ගනිපු ප්‍රශ්න පච්චේ දුර ගිහින් කකුල් වල අත්වල ළමයි පච්ච ගැහුවා. ලව් පටලැවිලි තිබුණ අය අල්පෙනිති වලින් අනිත් අයගේ නමේ
මුල අකුර අතේ කොටා ගෙන.
හදිස්සියේම ආරංචියක් ආවා ප්‍රින්සිපල්ටත් මේ පච්ච ගහන එක ආරංචි වෙලා කියලා.දැන් ඉතිං ළමයි ගැහෙනවා
හරියට කරන්ට් එක වැදිලා වගේ.දෙවෙනි කාලපරිච්ඡේදයත් ගෙවිලා ගියා. මෙන්න එක පාරටම
පන්තියට ප්‍රින්සිපල් එනවා. අම්බෝ අර කසාය කෝට්ත් අරගෙන. එක එක්කෙනාව ඉස්සරහට
අරගෙන එයා චෙක්කරනවා. මගේ වාරෙත් ආවා. ප්‍රශ්නේ නළලේ නැතුවත් මාව ගැහෙනවා. ඇයි
අනේ මමනේ දන්නේ ඕක ගහ ගන්න බැරුව වින්ද
දුක. ප්‍රින්සිපල් මගේ දිහා බලලා අහපි. ‘‘ මොකද තමුන්ට නැද්ද පච්ච ?’’මේ කටටත් ඉතිං බේරේක් නෑනේ. බොරුවක් ගොතන්න ගියත් බළලා පනිනවා මල්ලෙන් එළියට. ‘‘ මමත්
බැලුවා බැලුවා සර් ප්‍රශ්නයක් හදා ගන්න. ඒත් ප්‍රශ්නයක් හදා ගන්නම බෑ සර්.” ඉවරයි
ඉතිං මෙච්චර දවස් හදා ගන්න බැරුව හිටිය ප්‍රශ්නේ ඔන්න එක විනාඩියෙන් හදා ගන්න වැඩේ
වුනා. කට හින්දමයි දාගන්න ප්‍රශ්න සේරම දාගන්නේ.දැන් ඉතිං පච්ච නොගහත් ගුටිකෑමක්
තමයි තියෙන්නේ.කරන්නම දෙයක් නෑ.ඒත් ඉතිං අර කසාය කෝට්ටෙන් එකක් කන්න පණත් නෑ. බැරිම
තැන මම හයියෙන්ම ඇඩුවා. ‘‘ මගේ ප්‍රශ්නයක් නෑ සර්.අනේ මට ගහන්න එපෝ’’කියලා මම පන්තිය දෙදරන්නම ඇඩුවා.මම අඩද්දි ඉතිං තාත්තා ඇරෙන්න වෙන කවුරුත් නම් මට ගහන්න
තියා හිතන්නෙවත් නෑ. :D කෝම හරි බට්ටි
බේරුනා. පච්ච ගහපු අයට එක එක දඩුවම් ලැබුනා.සමහරුන්ට බරපතල වැඩ සහිතව නෑ නෑ වැඩක් පලක් නැතුව සැපෙන් ගෙදරට වෙලා ඉන්න දවස් 14ක නිවාඩු හම්බ වුනා.
දැන් ඉතිං ඔයාලා කියන්න එපා බට්ටියි බට්ටිගේ යාළුවො ටිකයි යක්ෂ පැටව් කියලා. අනේ නෑ අපි හරීම
අහිංසක ඇල්වතුරත් කූල් කරලා බොන අය අනේ....