Showing posts with label බට්ටි කියවපු පොත පතින්. Show all posts
Showing posts with label බට්ටි කියවපු පොත පතින්. Show all posts

February 13, 2012

රතු රෝස මලේ කතාව .....



‘‘දුමක් නගින්නට හේතුව ගින්දර              ය
එළියක් සොයන්නට හේතුව කලුවර          ය”
කාලය සෙමෙන් සෙමෙන් ගෙවෙයි.සිහින් පොද සහිත වැස්ස සුළං හා මුසුව හමා ආයේය. හිරු එළියේ සැදෑ දීප්තිය ඒ සිහින් වැස්ස හා මුසුවී තිබිණ. මම බොහෝ දිනවල ඒ සිහින් වැස්සට උවමනාවෙන් තෙමුනෙමි. මගේ සිතට සතුටක් දැනිණ.සොබාදහම සමග අත්වැල් බැදගත් මා කරා අධ්‍යාත්මික සුවය ළගාවූයේ මටද නොදැනුවත්වමය. මගේ සිතෙහි  සිරකාරියක කල ඒ යුගය අවසන් විය. මගේ මිදුලෙහි වඩ වඩාත් පිපුණේ වර්ණවත් රෝස මල්ය. මගේ පාත්තියේ ලේ රතු පාටින් පිපුණු රෝසමලේ කතාව මට අසන්නට ලැබුණේ දේවිගෙනි.
‘‘ඔය ලස්සන රතු රෝස මලේ හරි දුක්මුසු කතාවක් ගැබ්වෙලා තියෙනවා. ඒක පුංචි කෙවිලියක් ගැන කියපු කතාවක්. පරිසරය වගේම ඒ පරිසරයට ආදරය කරපු අහිංසක සත්තු කොයිතරම් අපේ ජීවිත වලට ලංවෙලා තියෙනවද.... ඒත් අපි ලස්සන ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න නරකයි.’
සුගත් සහ වින්ධ්‍යා කියන්නේ පෙම්වතුන් දෙදෙනෙක්.
‘‘හෙට මං පුෂ්පගෙ වෙඩින් එකට අදින්නෙ රතුපාට සාරියක්. ඔයා මට කොහොම හරි රතුම රතු ලස්සන රෝසමලක් ගෙනත් දෙන්න ඕන’’ වින්ධ්‍යා සුගත්ට කිව්ව
‘‘මං කොහොමද ඒ වගේ මල් හොයන්නේ”
‘‘මං ඒක දන්නෙ නැහැ. ඔයාට මට එහෙම දෙයක්වත් හොයලා දෙන්න බැරිනම් මං මොකටද ආදරය කරන්නෙ...?’’
‘‘මං බලන්නම් ......?”
‘‘බලන්නම් කියල බැහැ. ඔයාට බැරිනම් කියන්න. මට වෙන කාට හරි කියල කරගන්න පුළුවනි.....”
‘‘හරි හරි ගෙනත් දෙන්නම්කො ....”
සුගත් රතුරෝසමලක් හොයන්න හුගක් මහන්සි වුනා... එත් එයා‍ට කොහෙන්වත් හොයාගන්න බැරි වුනා. හැම තැනම පිපිල තිබුණෙ කහපාට රෝසමල්... අන්තිමේදි, එයා මහන්සිවෙලා මහන්සිවෙලා හිස් අතින් ගෙදර එන කොට පුංචි ගගක් අද්දර කහපාට රෝසමලක් පිපිල තියෙනවා දැක්ක ... ඒත් වින්ධ්‍යට ඕනකලේ රතුම රතු රෝස මලක් .... මොනවා කරන්නද? සුගත් ඒ අසල තිබුණු ගහක් යට වාඩිවෙලා ඒ රෝසමල දිහා බලාගෙන දුක් වුනා.
මං කොහොමද හෙට රෝසමල වින්ධ්‍යය දෙන්නේ...? එහෙම නොදුන්නොත් අනේ දෙවියනේ! එයා මාත් එක්ක තරහවේවි.මගෙන් සදහටම ඈත්වේවි. එයා නැතිව මං කොහොමද ජීවත් වෙන්නේ ....මේ කතාව ඒ අසල සිටි පුංචි කෙවිලියක් අහන් හිටිය. එයා සුගත්ට කතා කලා...
‘‘ නැහැ එයා ඔයා එක්ක තරහ වෙන්නෙ නැහැ. ඔයාට මං දෙන්ම්නම් ලස්සන රතු රෝසමලක්....”
‘‘ඒ කොහොමද ....?”
‘‘ඔයා හෙට උදේම මෙතනට එන්නකො ...” පුංචි කෙවිලිය කිව්ව. එයාට සුගත් ගැන හරි දුකයි. ඒ දෙන්නගෙ ආදරේ වෙනුවෙන් පරිත්‍යාගයක් කරන්න තරම් ඒ පුංචි කෙවිලි උදාර වුනා. ඒ ලස්සන රාත්‍රියේ හැම දෙයක්ම නිසල වුනා.
තුෂාරය අභිබවා සද එළිය ගලාගෙන එන්න පටන් ගත්ත. ඒ සද එළියේ සෞම්‍ය රැස් කහපාට රෝසමලේ පෙති අතරට වැටුන. ඒ ලස්සන පෙති සිහින් පින්නෙන් නෑවෙන්න පටන් ගත්ත.පුංචි කෙවිලිය ඒ රෝසමලේ සමීපම කටුව ලගට කිට්ටු වුනා.
‘‘ආදරය වෙනුවෙන් ඒ උදාර මෙහෙය ඉටුකරන්න.” කෙවිලිය රහසින් රෝසමලට කෙදුරුව ....”
‘‘ මං කොහොමද එහෙම කරන්නෙ ...මට රතුපාට නැහැ...”
‘‘මං දෙන්නම් රතුපාට ....”කෙවිලිය ගී ගයන්න පටන් ගත්ත. ඒ මිහිරි ගී රාවය ඈත සුළගේ , නිංසල රාත්‍රියේ , පාවෙන්න පටන් ගත්ත. ඒ අතර ටිකෙන් ටික ඒ පුංචි හදවත උල්කටුවට තද වුනා.ඒ විස කටුව පුංචි හදවත සිදුරු කරගෙන ලේ සොයාගෙන ගමන් කලා......
පහුවෙන්ද හිමිදිරියේ සුගත් මල සොයාගෙන දුවගෙන ආව.... එයා ඈතදිම දැක්ක රතුම රතු ලස්සන රෝසමලක්. ඒ අසලම පුංචි කෙවිලිය හදවත පසාරු කරගෙන මැරිල හිටිය.
‘‘ අනේ දිවියනේ !” සුගත්ට ඉබේටම කියවුනා. එයාට හරි දුකක්, වේදනාවක් හිතට ආව. ඒ එක්කම රතුමල අතට ගත්තම ඔක්කොම එයාට මතක නැතිවුනා. එයා නොඉවසිල්ලෙන්, විශාල ජයග්‍රහණයක් ලැබුව වගේ වින්ධ්‍යා සො‍යාගෙන ගියා.
ඒත් රෝසමල දැක්කම වින්ධ්‍යගෙ මුහුණ වෙනස් වුනා.....
‘‘රතුමලක් මට එපා. මට ඕනෙ කහමලක් මං අද අදින්න හිතුවෙ කහපාට ඇදුමක්.” වින්ධ්‍යා තරහෙන් වගේ කිව්ව.
සුගත්ට කරකියා ගන්න දෙයක් නැතිවුනා. එයා මල විසිකරල දැම්ම.ආපහු දුවගෙන ගියා ඒ සිගිති සතාගෙ පුංචි සිරුර ලගට...එතකොට ඒ පුංචි සිරුර ඩැහැගෙන කූඹි වටවෙලා හිටිය. සුගත් ආදරයෙන් ඒ සිරුර අතට අරගත්ත. පුංචි වලක් හාරල ඒ සිරුර තැන්පත් කරල ලස්සන මලක් ඒ පස්ගොඩට උඩින් ගැහැව්ව.
ආදර කෙවිලියේ ...උඹ තරම් අපි උදාර නැහැ...... උඹේ ජීවිතයට වඩා අපේ ආදරය උඹට ලොකු වුනා. ඒත් පුංචි කෙවිලියේ , ඒ ටික තේරුම්ගන්න මිනිසුන්ට තව කොච්චර කාලයක් යයිද? සුගත් ආයේ කවදාවත් වින්ධ්‍ය හමුවෙන්න ගියේ නැහැ. එයා තවත් කාලයක් ඒ පුංචි කෙවිලිය වෙනුවෙන් පසුතැවුනා, දුක්වුනා.....
උපුටා ගැනීම . සුනිල් රෝහණ තුමන්ගේ ‘හොද ළමයෙක් වෙන්න දුවේ’ කෘතියේ පිටු අංක 73-77 නි.(ගුණසේන ප්‍රකාශනයක්)  
එම පොතෙහි සටහන්ව ඇති ගැහැණු ළමයෙකුට ඉතාම වැදගත් කරුණු ඔබ වෙනුවෙන් මෙහි සටහන් කිරීමට මම බලාපොරොත්තු වෙමි.

January 23, 2012

මොහොතක් සිතන්න


මේ පහන නිවෙන්න  පුළුවන් ක්‍රම කීයක් තියෙනවද?
ඒ මොනවාද?

(ප.ලි. විකාරයක් වගේ පෙනුනට ලොකු දෙයක් මේ පහනින් අපිට කියල දෙනවා. කියන්න බලන්න මම අහපු ප්‍රශ්න වලට උත්තර.මම හිතන විදිය ඔයාලට හෙට කියනවා)

October 24, 2011

ඔබේ සිත කුමන හෝ ඉලක්කයක් සමග ..................

එන යන බොහෝ දෙනා අතරේ මා හා සබැදි වූ එක් සොයුරියක් විසින් සංස්කරණය කරන ලද මාසික සගරාවක් නොමිලේම ඇය මට පිරි නැමුවා. ඉතින් එහි සටහන් වුනු පහත සිතුවිල්ල මගේ සිත තදින් ඇද තබා ගත් නිසා එය බ්ලොග් පිටුවේ ලියා තබන්නට හිතුනා.
ළගා කර ගැනීමේ මනසක් නැති අයෙක් පමණයි
සාමයෙන් ජීවත් වෙන්නේ,
ළගා කර ගැනීමේ මනස විරහිත විය හැක්කේ
අරමුණු විරහිත ලෝක විෂය පිළිබදව
දැනුවත් අයෙකුට පමණි.
මුළු පැවැත්මම
අරමුණු විරහිත නම්
ඔබට පමණක් අරමුණු අවශ්‍ය වන්නේ නැත.
ඉතිං ඔබට පුළුවන් සෙල්ලම් කරන්න,
ඔබට පුළුවන් සිංදු කියන්න, නටන්න,
ඔබට පුළුවන් ප්‍රමෝදයට පත්වන්න,
ඔබට පුළුවන් ආදරය කරන්න සහ ජීවත් වන්න,
කිසිවක් අවශ්‍ය වන්නේ නෑ !
අරමුණු නිර්මාණය කරන්න එපා.
මෙතැන සහ දැන් ! මේක තමයි මොහොත,
සීමාරහිත වර්තමානය ! ඔබ සූදානම් නම් අසීමිතත්වයට
ඇතුළුවිය හැක.නමුත් ඔබ මෙතැන, දැන් නැත.
ඔබේ මනස අනාගතයේ කොතැනක හෝ කුමන හෝ
ඉලක්කයක් සමග .........................
(ඕෂෝ)