හැමෝම දන්නවනේ බට්ටිට ඉන්නේ අක්කා කෙනෙකුයි අයියෙකුයි
කියලා. අක්කා ඉන්නේ දුර රටක. ආ දැන් ඉතිං බට්ටි ලියන පොස්ට් එයත් කියවන්න පටන්
අරන්නේ. සුට්ටටක් විතර ලැජ්ජත් එක්ක. :D එයා ආසයි මම ලියන ඒවට. ඇයි එයා එක්ක ඉන්න අනිත් ඔක්කොම අක්කිලත් දැන්
බට්ටි කියවන්න පටන් අරන්. ඒක ඉතිං බට්ටිට ලොකු සතුටක්.
මතකනේ පහුගිය පොස්ට් එකකින් ලිව්වා මිහිරි ළිදේ වැටුන
හැටි. අක්කා මේ පොස්ට් කියවලා බට්ටිට කියනවා ඇයි මිහිරි විතරද වැටුනේ අනිත් අය
වැටුන ඒවත් ලියන්න කියලා. ඇත්තටම මිහිරිම විතරද ළිදේ වැටුනේ? හේ හේ තව අයත්
වැටිලනේ. ඔන්න ඉතිං ලැජ්ජාව පැත්තකින් තියලා අක්කා කිව්ව නිසා බට්ටිත් ලියනවා අර
ළිදේ වැටුන අනිත් අය ගැන.....:P
ඔන්න ලස්සනම ලස්සන ගමක් තිබුණලූ, කදුවැටි , ඇලක් වගේම
සීතලම සීතල වතුර පිරුණු ළිං ඕන තරම් තියෙන. ඉතිං මේ ගමේ හිටියලූ කටකාර දගකාර පුංචි
කෙල්ලක්. කෙල්ලක් වුනාට මෙයා හරියට ඉස්සෙක් වගේලූ. එක තැනක ඉන්න තේරෙන්නෙම නෑලූ.
මේ ඉන්න තැන අර පැත්ත බලලා මේ පැත්ත බලද්දි නෑලූ. ඉතිං මේ පුංචි කෙල්ලට ‘බිං ඇටේ,
බටු ඇටේ” වගේ නම් නෑයන්ගෙන් තෑගි ලැබුනලූ. ඔය අතරින් වැඩිපුරම කියන්නේ බිං ඇටේ
කියලා තමයිලූ. එහෙම කියන්නේ ඉතිං මෙයා දොඩන් ගෙඩි දෙක්කවත් උස නැති නිසාලූ.
කන්දේ මාමා කියන්නේ මෙයාගෙ නෑයෙක්ලූ. ඉතිං අයියා අක්කා
එක්ක මේ කියන පුංචි කෙල්ල නිතර එහේ යනවලූ. මොකද ලොකුම ලොකු ඔංචිල්ලාවක් තියෙනවාලූ
එහේ ඒක පදින්න. හැබැයි ඉතිං පැන ගෙන ගියාට මෙයා හරි බයයිලූ ඔංචිල්ලාව පදින්න. මොකද
ඉස්සරහට යනකොට මෙන්න මෙයාගෙ හුස්ම හරිවෙන්න එනවා කියලා ලණුවත් කිටි කිටියෙ තදින්
අල්ලගෙන ඇස් දෙකත් තද වෙන්න පියා ගන්නවලූ.පවු නේද මේ පුංචි කෙල්ල.හිකිස්....
ඉතිං මෙහෙම ඔංචිලි පැදලා අක්කා අයියා එක්ක ගෙදර එන්න
ඇවිත්. ලොකු කන්දකනේ කන්දේ මාමගේ ගෙදර තියෙන්නේ ඉතිං මෙයාගෙ ගේ තියෙන්නේ පාර අයිනේලූ.
ඉතිං කන්ද බැහැලා එන්න ඕනලූ ටික දුරක්.අක්කයි අයියයි හෙමින් කන්ද බහිද්දි මේ බටු
ඇටේ තේ පදුරු අස්සෙන් එයාලව දාලා පහලට දුවලා. කන්ද පහල තියෙනවා නෑ නෑ තියෙනවා
නෙවෙයි තියෙනවලූ හරිද ලස්සන ළිදක්. වතුර පිරිච්ච. මේ අර මිහිරි වැටුන ළිද නම් නෙවෙයි
හොදද? මේ ළිද තියෙන්නේ ලොකුම ලොකු අඹ ගහක් යටලූ. ඒ ගහේ අඹ මී පැණි තරම්ම රසම
රසයිලූ. ඉතිං මේ පුංචි කෙල්ල ළිද ලගට එද්දි
කහම කහපාට අඹ ගෙඩියක් ළිදේ පාවි පාවි තියෙනවලූ. ගන්න කෝටු දැම්මලූ ඒත්
බෑලූ. කොටුව වදිද්දිම අඹ ගෙඩිය යට යනවලූ. දැන් ඉතිං කොහොම හරි ඉක්මනින් මේ අඹ
ගෙඩිය ගන්නත් ඕනලූ. මොකද අක්කයි අයියයි ආවොත් එයාලා එක්කත් මේක බෙදා ගන්න වෙනවනේ.ඒ
මදිවට ලග ලගම ළිදට නාන්න කෙනෙකුත් එනවලූ.කොටුව දාලා දාලා කකුලත් දාලා අඹ ගෙඩිය ලගට
ගන්න බැලුවට හරි ගිහිල්ලම නෑ. ඉතිං පමාදවෙලා පසුතැවෙන්න වෙයි කියලා හිතපු මෙයා පැන්නලූ
නේ අඹ ගෙඩිය ගන්න ළිදට.දැන් ඉතිං මොනවා කරන්නද? ඒ ළිදේ වතුර පිරිලා. උස එක්කෙනෙක්
නම් කමක් නෑ බටු ඇටයක්නේ. මේ පිස්සු කෙල්ලගේ වාසනාවට අර දෙපැත්තෙන්ම එමින් සිටි
තුන් දෙනා මෙයාව බේර ගෙන. ඇදුම් සේරම
තෙමාගෙන. ළිදෙන් ගොඩට ගත්තට පස්සේ මෙන්න මෙයා අඩනවලූ කෑගහලා. කට්ටියම හිතලා
තියෙන්නේ ළිදේ වැටුන එකට බයේ තමයි මේ අඩන්නේ කියලා. ඉතිං නලව ගන්න එක එක දේවල්
කියලා. කෝ ඒත් නෑලු අඩන එක නතර කරන්නේ.මෙන්න ඒ ගමන මෙයා කිව්වලූ ‘අනේ මට අර කහ අඹ
ගෙඩිය ඕන.හැබැයි ඔන්න කාටවත්ම කෑල්ලක්වත් දෙන්නෙ නෑ නෑ නෑමයි” කියලා.අපොයි පෙරේතයි
කියලා මෙහෙමත් පෙරේත වෙනවද මං අහන්නේ. මැරෙන්න ඔන්න මෙන්න ගිහිල්ල බේරිලත් හිතන්නේ
අඹ ගෙඩිය ගැන.මතකනේ මේ පෙරේත කෙල්ල එක පාරක් ඩොන්කා කන්න ගිහින් ඔළුව පලා ගනිපු
හැටි. ආ ඒ විරද තව තියෙනවලූ ඔහොම කෑම කන්න ගිහින් ඔළු පලා ගනිපු සිද්ධිත්. එව්වා
ඉතිං පස්සේ කියන්නම්. බට්ටි දැන් යනවා. හැබැයි ඔන්න මේ පුංචි කෙල්ලට කියන්න එහෙම
එපා මම මේවා ඔයාලා එක්ක කිව්වා කියලා අලිද........?:D :D :D