Showing posts with label බට්ටිගේ අත්කම්. Show all posts
Showing posts with label බට්ටිගේ අත්කම්. Show all posts

December 26, 2011

පෑන් රදවනයක් හදමු ....


ඔන්න අලුත් අවුරැද්ද එන්න කලින් ඔයාලගේ මේසේ පුරා විසිරිලා තියෙන පෑන් ටික දාලා මේසේ ලස්සන කරන්න පුළුවන් දෙයක් තමයී මම අද කියලා දෙන්න හදන්නේ.ලැප් එකයී තියෙන පොත් ටිකයී අනිත් කළමනා ටිකත් තියලා මේසේ උඩ තව මල්වාස් එකකුත් තියන්න ඉඩ ඉදිවෙන්න පුළුවන්නේ. ඉතිං මං කියල දෙන එක හදා ගත්තහම පොඩි පොඩි දේවල් ඒකට දාගෙන මල්වාස් එකක් විදියටත් මේස උඩ ලස්සනට තියා ගන්න පුළුවන්. 

අවශ්‍ය ද්‍රව්‍ය 
කිරිපිටි පෙට්ටියක්. (කිලෝ එකේ කිරි පිටි පැකට් එකට එන පෙට්ටියක්) 
ටූත් පික්
හොදින් ඇලවෙන ගම් වර්ගයක්
 කතුරක්
A4  

සාදන අයුරැ 
පහත රෑපයේ දක්වා ඇති ආකාරයට කිරි පිටි පෙට්ටි කපා ගන්න.


ඉන්පසු එය වටා ටූත් පික් අලවා ගත යුතුයී. ටූත් පික් තට්ටු දෙකකට අලවා ගන්න. (පහත රෑපයේ පෙන්වා ඇති සේ) 


ඉදිරිපස සහ දෙපැත්තේ ටූත්පික් අලවා ගැනීමෙන් පසුව ‍හොදින් වේලීමට තබන්න. 
ඉන්පසු එය වටා මල් අලවා ගත යුතුය. 
මල් වර්ග හා කොල වර්ග කිහිපයක් මේ සදහා උපයෝගී කර ගෙන තිබේ. එම මල් වර්ග සියල්ලම ඡායා රෑප සමග කියා දීමට අවශ්‍ය බැවින් මෙම පෝස්ටුවේ එය ඉදිරිපත් කිරීමට නොහැකි වීම ගැන කණගාටු වන අතර දුරකතනය යතා තත්ත්වයට පත් කර ගත් විගස එම පාඩම ඉදිරිපත් කරන්නට පොරොන්දු වෙමි. 
පෑන් රදවනය සාදා නිමකර ගත් පසු රෑප පහත දැක්වේ. ( ඔයාලට පෙන්නන්න ඕන නිසා වැඩ කරන තැනට මේක අරන් ඇවිත් ඒකේ තියෙන කැම් එකකින් තමයී මේ ෆොටෝ ටික ගත්තේ) 

( ප.ලි. මම මේක හැදුවේ මගේ හිතවතියකගේ උපන්දිනේට තෑගි කරන්න. භාගෙට උගන්වපු එක ගැන නම් බනින්න එපා. බට්ටිට සමාව දෙන්න.)

November 25, 2011

පොරොන්දු වූ පරිදි ‍අත්කම් පාඩම .................................

මම හදාපු බෝනික්ක හදන හැටි කියල දෙන්න කියලා හුග දෙනෙක් ඉල්ලීම් කරලා තිබුණනේ. ඉතිං ඒ ඉල්ලීම් ඉෂ්ට කරන්න පමා වුනාට හැමෝම මට සමා වෙන්න ඕන. 

මෙන්න මේවිදයට තමයි ඒ බෝනික්කා හදන්නේ.
අවශ්‍ය ද්‍රව්‍ය 
පාට කිහිපයක A4 
කතුරක් 
ටූත්පික් එකක්
හොදින් ඇලවෙන ගම් වර්ගයක්


සාදන ආකාරය
A4 කොලයේ දිග අතට සෙන්ටිමීටර් භාගයක් පළල සිහින් පටි කපා ගන්න. ( 1 රෑපය බලන්න) 
ටූත් පික් එකක ආධාරයෙන් රවුමක හැඩයට A4 පටි ඔතා ගන්න. රවුම් සෑදීමේදී වර්ණ තුනක් යොදා ගන්න. ඉන් එවුම් දෙකක් එක සමාවන ද අනෙක් එක තරමක් විශාලවද සාදා ගත යුතුය. ( 2 රෑපය ලෙස දමා ඇති රවුම් දෙක)
එකම සයිස් එකට සාදාගත් රවුම් දෙක මූණ සහ ඔළුව සදහා ද තරමක් විශාලව සාදාගත් රවුම ඇග කොටස සදහාද යොදා ගනී.
එසේ සාදා ගත් රවුම් ඇගිල් වලින් සීරුවට උඩු අතට තල්ලු කරන්න. ඇග කොටස සදහා සෑදූ රවුම සීනුවක හැඩයටද, අනෙක් අවුම් දෙක බෝලයක පළුවක් ආකාරයටද සකසා ගන්න. (3 රෑපය )































බෝලයකින් භාගයක් ලෙස සකසා ගත් කොටස් දෙක එකට අලවා ගන්න. ( 4 රෑපය බලන්න)






කකුල් දෙක සෑදීම සදහා සෙන්ටිමීටර් 4ක් දිග 3ක් පළල A4 කොටු දෙකක්  ටූත් පික් එකේ කද කොටස ආධාර යෙන් රෝල් කර ගන්න. ( 5 රෑපය බලන්න) 



අත් දෙක සදහා සෙන්ටිමීටර් 2ක සහ 1.5 ක් දිග පළල සෙන්ටි මීටර් 0.5 ක් වූ සිහින් පටි දෙකක් රවුමක් ආකාරයට ඔතා එහි මැදින් නිය පොත්තෙන් සීරුවට උඩට අදින්න. (6 රෑපය බලන්න)

 


ඉන් පසු එම කොටස් දෙක 7 රෑපයේ පෙන්වා ඇති ආකාරයට අලවා ගන්න. එවැනි කොටස් දෙකක් අත්දෙක සදහා සාදා ගත යුතුය. 





ඉන් පසු වර්ණ දෙකක පටි දෙකක් දිගට අලවා ටූත් පික් එක ආධාරයෙන් ඔතා ගන්න. මෙය එතීමේදී හොදින් තදට එතිය යුතුය. එසේ ඔතා ගත් රවුමෙහි එක් කෙලවරක් උල් හැඩයක් එන සේ අතින් හැඩ කරන්න. (8 රෑපය බලන්න) 





දැන් අවශ්‍ය සියලු කොටස් සාදා ගෙන අවසානයී. ඉන් පසු එම කොටස් එකින් එක අලවා ගන්න. මුලින්ම ඔළුව කොටස සහ කද කොටස. (9 රෑපය බලන්න)





ඉන්පසු කකුල් දෙක, යටිපතුල්, අත් දෙක අලවා ගන්න.ජෙල් පෑනක් ආධාරයෙන් ඇස් දෙක කට සහ ගවුමේ සික් සැක් ඉරි ඇද ගන්න. මෙය  කීටැක් එකක් ලෙස භාවිතා කිරීම සදහා A4 වලින් පුංචිවට මුද්දක් සාදා එය හිසෙහි මුදුනෙහි අලවා වෙළද පොලෙහි ඇති කීටැක් දගරය එයට සවි කර ගන්න. ( වෙළද පොලෙහි ඇති එම කොටසට කියන නම නම් නොදනී) 






































දැන් ඔබට ඉහත ආකාරයේ හුරුබුහුටි බෝනික්කෙකු දැක ගත හැකිය.

සැ.යු. මේය සෑ‍දීමේදී දෑත් ඉතා පිරිසිදුව තබා ගැනීමට සැලකිලිමත් වන්න.

ප.ලි. මෙය මාගේ පළමු පාඩම නිසාත් කලින් කිසිම දවසක මෙවැනි දෙයක් කර නොමැති නිසාත් මෙහි ඇති අඩු පාඩු වලට සමාවෙන්න.

November 6, 2011

කොහෙමද කියලා කියන්නකෝ මගේ බෝනික්කා.....

සෙනසුරාදා කියන්නේ මට ලැබෙන එකම නිවාඩු දවස. එදාට තමයි කරන්න තියෙන හැම වැඩක්ම කරලා මගේ පන්තියටත් යන්නේ. ඉතිං මේ සතියේ නිවාඩු දවසේ ටිකක් විවේකයෙන් ඉන්න ඕන කියලා හිතලා කරන්න තිබුණු හැම වැඩක්ම සිකුරාදා රෑ කරලා ඉවර කරලයි නින්දට ගියේ. 
බට්ටිට ඉතිං නිකන් ඉන්න බැරි පොඩි පහේ ලෙඩක් තියෙනවා. පන්ති ගිහින් එද්දී බිත්ති සැරසිල්ලක් හදන්න බඩු අරගෙන ආවා. 
6ට විතර පටන් ගත්තා බිත්ති සැරසිල්ල හදන්න. කළු රෙද්දේ රෝස මල් ඉත්තක් ඇදලා ඒකෙ එම්බෝස් ප්ලේන්ට් ගෑවා. ඒත් ඉතිං එම්බෝස් කරලා පැය 24 ක් වේලෙන්න තියන්න ඕනනේ.දැන් ඉතිං මෙනවද කරන්නේ. 
කරන්න දෙයක් නැතුව හිත හිත ඉදිද්දී මීටරේට ආවා ‍වැඩක්. මං දවසක් දැකපු එකක්. හදන්න ඕන කියලා හිතන් හිටියට හදන්න වුනේ නෑ.
පුංචි බෝනික්කෙක්. හැදුවේ A4 කොළ විතරක්ම යොදා ගෙන. කීටැක් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් විදියට තමයි හැදුවේ. 
හදලා ඉවර වුනාට පස්සේ ආසාවට මගේ පෝන් එකෙන්  පොටෝ ටිකකුත් ගත්තා. හැබැයි පොටෝ නම් හුගක් පැහැදිලි නෑ. 
ඔයාලා බලලා කියන්නකෝ ලස්සනද කියලා. එහෙම වුනොත් ඉතිං මං වැඩි පුර ටිකක් හදන්න තමයි හිතාන ඉන්නේ.