June 7, 2012

උදාවුනා ඒ දවස.එනවා නේද හැමෝම .....?


අද 2012 ජූනි මස 7 වැනිදා. බට්ටි ඉතිං එනකල් ඇගිලි ගැන ගැන හිටිය දවස තමයි අද. අද පායපු ලස්සන ඉරත් එක්ක බට්ටි ලියන බ්ලොග් එකට පළවෙනි අවුරුද්ද සම්පූර්ණ වුනා. ඉතිං මේ සතුට කොහොම වචන වලට පෙරලන්නද? ඇත්තමයි වෙනද පෝස්ට් ලියද්දි කවදාවත් මම මේ තරම් අමාරුවක වැටිලා නෑ. ලියනවා මකනවා.

බ්ලොග් එකට අවුරුද්දක් එහෙමත් නැත්නම් දවස් 365ක් ඉවරයි. මේ ගෙවිල ඉවර වෙච්ච දවස් දිහා හැරිලා බැලුවොත් සුන්දර මතක වගේම අමිහිරි, මතක් කරන්නත් අකමැති සිද්ධිත් තියෙනවා. හ්ම්..මොනා කරන්නද ? ජීවිතේ හැටිතමයි ඉතිං. නම් ලියලා ස්තූති කරන්න අමාරුයි. එහෙම නම් ලියන්න ගිහින් එක නමක්වත් අත ඇරෙයි කියලා බයයි. ඒත් එහෙමයි කියලා නම් නොලියත් බෑ. මොකද නොලියම බැරි නම් ටිකක් තියෙනවා. මම දන්නවා ඒ නම් ලියලා මම ඒ අයට ස්තූති කරා කියලා මා එක්ක මගේ යාළුවෝ අමනාප වෙන එකක් නෑ කියලා.

බට්ටි බ්ලොග් කියවන්න පටන් ගන්නේ අහම්බෙන්. ඒ කියවන්න ගනිද්දි කොහොමටවත් බ්ලොග් එකක් කරන්න අදහසක් තිබුනෙම නෑ. ඉතිං ඔය විදියට කියවගෙන යද්දි බට්ටි කියවන්න පුරුදු වුනා පුදුමාකාර බ්ලොග් එකක්. ඒ දිල් අක්කා ලිව්ව අතීතයෙන් ඇහුලූ මතක ගොන්න . ඉතිං ඒ බ්ලොග් එකේ අකුරක් අකුරක් පාසා බට්ටිගෙ පපුවට දැනෙන්න ගත්තා. බට්ටිට ඕන වුනා කමෙන්ටුවක් දාන්න. එහෙම කරන්න ඕන නිසයි බ්ලොග් එක හදා ගත්තේ. ඒ ගමන බට්ටිටත් ඕන වුනා බට්ටිගේ ජීවිතේ හැම දෙයක්ම ලියන්න. ‍බට්ටි බ්ලොග් එක ලියන්නේ බට්ටිගේ ජීවිතේ ගැන ලියන්නමයි. ඒත් කාලයාගේ ඇවෑමෙන් අරමුණ වෙනස් වුනා. බට්ටිගේ ජීවි‍තේ ගැන ලියවුන සේරම පෝස්ටු ඩිලීට් වුනා. වෙන වෙන දේවල් ලියන්න බට්ටි පුරුදු වුනා. ගමෙන් ආපු බට්ටි කම්පියුටර් ගැන මෙලෝ හසරක් නොදන්න බට්ටි බ්ලොග් එක හෙමින් කරගෙන ගියා. ලොකුවට ලියන්න දන්නෙ නෑ. ඒත් කීබෝඩ් එක අතර මගේ හිත මේ අවුරුද්ද පුරාම ඔහේ වැනුනා. ඉතිං එහෙම ලිව්ව බ්ලොග් එක දිල් අක්කා එයාගේ කාලය යොදලා හැඩ කරලා දුන්නා. ඒ විතරක් නෙවෙයි සින්ඩිවලට නම ඇතුලත් කරලා දුන්නා. ඉතිං දිල් අක්කිට මහ හුගක් පිං. එයා තමයි මගේ බ්ලොග් ලෝකෙ හැමදාම ඉන්න රැජිණ....

සාතන් අයියා තමයි මගේ බ්ලොග් එකට මුලින්ම ආවේ. එදා ඉදන් අද වෙනකල්ම තියන අඩිය හරියටම තියපන් කියලා මට පාරපෙන්වනවා. ඒ විතරක් නෙවෙයි බට්ටිගෙ නමට උඩින් තියෙන  ‘‘නිස්සාර දිවිය සරුසාර කරනට වෙරදරන සුහදිනියකගේ සිතුවිලි’’ කියන ටික ලස්සන අකුරෙන් හදලා දාගන්න විදිය කියල දුන්නෙත් සාතන් අයියා. ඉතිං ඒ සහෝදරකම බට්ටිට ලොකුම ලොකු හයියක්.

බ්ලොග් එක නිකමට පටන් ගත්තට ටික දවසක් යද්දි ලෝගෝ එකක් එහෙම දාලා හැඩ කර ගන්න ඕන වුනා. දැන්නම්  ඒවා කරන්න පන්ති ගිහින් බට්ටි ඉගෙන ගෙන තිබුනට ඒ දවස්වල ඉතිං මොකවත් දන්නෙ නෑ. ඉතිං හිතේ තියෙන අදහස සුදු මල්ලිට කිව්වා(බ්ලොග් එකේ කෙනෙක් නම් නෙවෙයි). ඉතිං කිව්ව විදියටම සුදු මල්ලි ඒක හදලා ටීම්වීව් වල පිහිටෙන් බ්ලොග් එකේ අටවලත් දුන්නා. සුදු මල්ලියගේ ලෝගෝ එක හරිම හැඩයි නේ.. 
  
බට්ටි ජීවිතේ ගැන මහ හුගක් දේවල් මේ අවුරුද්දට බ්ලොග් එකෙන් ඉගෙන ගත්තා. බට්ටිගේ අහිංසකකම දුප්පත්කම නිසා කියලා ආපු අයම එයාලගේ යටි අරමුණු ඉටුකරගෙන යද්දි බට්ටි ඒ හැම දෙයින්ම පාඩම් ඉගෙන ගත්තා. වෛර කලේ නෑ. ජාත්‍යන්තර පාසල් වලට, ලොකු ඉස්කෝලවලට ‍නොගියට බට්ටි ගිය ගමේ පුංචි ඉස්කෝලෙන් බට්ටි ඉගෙන ගනිපු දේවල් හුගක් වටිනවා. ඒවගේ හයියෙන් බට්ටි ගරු කල යුත්තාට ගරු කරන්නත් ,ගරහන පුද්ගලයා ඉදිරියේ නිහඩ වෙන්නත් පුරුදු වුනා. ලෝකය ඉස්සරහ සර්ව සම්පූර්ණ පුද්ගලයෙක් වෙන්න බට්ටිට බැරි වෙයි ඒත් බට්ටිගේ හෘදසාක්ෂිය ඉස්සරයි බට්ටිගෙ පන අම්මාගේ හදවතෙයි හොද කෙල්ලෙක් වෙන්න බට්ටිට පුළුවන්.ඕනවටත් වඩා මිනිස්සු විශ්වාස කරන ජීවිතේට ලං කර ගන්න පුරුද්ද මේ බ්ලොග් එක නිසා අත ඇර ගන්න බට්ටිට පුළුවන් වුනා. අපෝ ඕකට නම් මට වඩා සතුටු වෙන්නේ ඉන්න ගෙදර අක්කා. ගොන් වස්සා ඇති යන්තන් බ්ලොග් එක නිසාවත් ඒක අත ඇර ගත්තා කියලා. :D ඔන්න මේ අවුරුද්දෙ නම් බට්ටිගේ අත්කම් ආයෙම පටන් ගන්නවා ඉක්මනින්ම. බට්ටි ඉතිං හැමදේටම වඩා ආස දෙයක් තමයි ඒ...

ගිහිපු අයට වඩා බට්ටි වටේ දැන් ඉන්න යාළුවෝ බට්ටිට ලොකු හයියක්. කම්මුල වල ගැහෙනකල් හිනාවෙන්න ඕන වුනහම,ඇස් දෙක රතුවෙනකල් අඩන්න ඕන වුනහම බට්ටි පොස්ට් ලිව්වා. ඒ හැම පොස්ට් එකක් එක්ක දුක සතුට බෙදා ගන්න ආපු මගේ යාළුවෝ හැමෝටම හුගක් පිං. එකම එක දවසක් හරි මේ පැත්තේ ඇවිත් ගිය වචනයකින් හරි මට ශක්තියක් වුන හැමෝටම මහ හුගක් ස්තූතියි..

ප.ලි.
හරි දැන් පාටිය.හැමදාම නෑ හැම තැනමත් නෑ.ඔන්න ගියපාර මදිවුන අයට මේ පාර ඇති වෙන්න දෙනවා.එහෙනම් උපන්දින කේක් එක කපලම ඉමු....
ආ මේ වෙනම කෑල්ලක් හැදුවේ සාතන්ට.නැත්නම් ඉතිං එයා මුලින් ඇවිත් සේරමකයි. ඒකයි..(ඔන්න එයාට කියන්න නම් එපා ඒකට ටිකක් ලුණු වැඩී:P)

ඔන්න දැනුයි පාටිය.....:D 

දැන් බීම..
 ඔන්න මදිපාඩුවක් ‍වුනොත් බය වෙන්න එපා. අද කතා කරලා ඉල්ලගන්න කෙනෙක් ඉන්නවා. අද වැඩ කරන්න ෂාරුක්ට එන්න කියලා තියෙන්නේ..:D  අද නම් හැඩි වෙනකම් පාටි දැම්මට කමක් නෑ අතුගාන්න මධුරිටත් එන්න කිව්වා...:D 

103 comments:

  1. සුභ උපන්දිනයක් වෙවා..බට්ටි නනගියෝ...ඉදිරියතම යන්න වසනාව ශක්තිය ධෛර්යය ලැබේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා..
      .අම්මෝ පොස්ටුව දාලා හැරෙන්න වුනෙත් නෑ.පාටි කොතැනද සුදු අයියා එතැනය..:D

      Delete
  2. අපේ බට්ටිට.......... ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    ඔන්න අඩවිය පැත්තෙන් සුභාශිංශන එව්වා රාජපුරුෂයෙක් අතේ... තව ටිකකින් එයි ගෙදෙට්ටම..

    තව චිරාත් කාලයක් යෙහෙන් බෙලෙන් වැජබේවා..... :) :) :)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රජ තුමනි. කෝ තවම අර සුභා ආවේ නෑනේ...:) :)

      Delete
  3. සුභම වේවා.. ජයම වේවා..
    කට්ටියට ඉක්මනට එන්න කියන්න කූඹි වහයි කේක් එකට :))

    ජය පතමි.. මෙයා මට අක්ක කෙනෙක් නොවැ. සෑමා තාම පොඩි එකා.. :ඩී

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෑම්.
      අලේ මම බට්ටි ඔයා තමයි ලොකු එකා අලී...

      Delete
  4. සුභම සුභ උපන් දිනක් බට්ටි..!!ලොකු ලොකු වැඩ කලාට ඇත්තටම චුටි බට්ටියෙක්නේ...ඔන්න මමත් ඔයාගේ පාටියට පැනලා කේක් කෑල්ලක් කෑවා නැත්නම් බට්ටිට දුක හිතෙයිනේ නේද..?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතූ..ඒකනේ මේ සෑම් කියනවා මම ලොකුයි කියලා...
      කන්න කන්න ඔයාටත් එක්කමයි පාටිය...

      Delete
  5. ඔන්න බට්ටිගෙන් කේක් කෑල්ලක් කාල යන්න අපිත් ආවා. දිගු ගමනක් යන්න සුභ පැතුම් ජය වේවා !!!!!!!!

    ReplyDelete
  6. ෂා රසම රස කේක් එකක් වගේ....
    සුභ පැතුම් බට්ටියෝ...තව කාලයක් ලිවීමට ලැබේවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කියෝ. ඔයා ඉඩ ලැබුණ හැමවෙලාවෙම බට්ටි බලන්න එනවනේ..

      Delete
  7. මමත් ඉදල හිටල ගොඩ වෙනවා බට්ටිගෙ වැඩ බලන්න මෙන්න බොලේ අද පාටියක් දුවල යන්න ආවත් එහෙම කරන්න පුළුවන්ද කේක් කෑල්ලක් නොකා....ඉස්සෙල්ලම

    සුභම සුභ උපන්දිනයක් වේවා බට්ටි කෙල්ලේ...තවත් ඉදිරියට යන්න ජාය වේවා....

    ඔන්න මමත් කේක් කෑල්ලක් ගත්තා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාට හුගක්. ඒකනේ මෙහෙම පාටියක් දාලා ඉක්මනින් කොහොම යන්නද නේද?

      Delete
  8. ශුභ උපන් දිනයක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවේ. ඔයා අලුතින් නේද? ලස්නයි බ්ලොග් එක. අදුන ගන්න ලැබීම සතුටක් බට්ටිට හුගක්ම..

      Delete
  9. මුලින්ම සුබ පතනවා..බට්ට්යේ මේ බ්ලොග් බොක්කුව උඩට ආව නුඹ බොක්කුව උඩට එන යන හැමොටම වචනෙකින් හරි වැදගත්වෙන දෙයක් ලියන්ට කියන්ඩ හිතට ගන්න එච්චරයි...ජය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ. ඒක ඇත්ත අයියේ ලියන හැම අකුරක්ම වැදගත් දෙයක් කරන්න මම උත්සහ කරන. ඒ උත්සාහයට හැම පෝස්ට් එකකටම නොවැරදීම අයියාලා දාන කමෙන්ට් එක ලොකු ශක්තියක් ...

      Delete
  10. ෂා මැක්සා පාටියනෙ.. උපන්දිනයට තොටුපළෙනුත් උනුසුම් සුභ පැතුම්...!! විල්ලුද පලස් මත යන ගමනකට වඩා කටුක බාධා මැද බට්ටි ගිහින් තියන ගමන වටිනව.. අන් අයට ලොකු ආදර්ශයක්....!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තොටියා...අඩියටම වැටිලා නැගිටපු කෙනෙක්ට තව වැටෙන්න දෙයක් නෑ. තියෙන්නේ නැගිටින්න.නේද?

      Delete
  11. සුභ පතනවා හදවතින්ම මම. ඒතැ හරමදාමත් කියනවා වගේ බ්ලොග් එක නෙවෙයි ජීවිතේ කියන්නේ ඒක මතක තියාගන්න. හැම වෙලාවෙම මොනවහරි දෙයක් ඉගන ගන්න බලන්න. මම කරපු උදව් වලට ස්තුති කරන්න ඔ්නි නෑ මොකද මම ඔයාගෙම මල්ලි නිසා. ඒවා කරේ ස්තුති බලාපොරොත්තුවෙන් නෙවෙයි. මම කථා නොකරත් කමෙන්ට් නොදැම්මත් ඔයා ගැන හැමදාම හොයලා බලනවා. මූණුපොතේ හරි බ්ලොග් එකේ හරි පෝස්ට් එකක් දැම්මාම මම දන්නවා ඔයා හොදින් කියලා. සතුටින් ඉන්න හැමදාමත්. හැම දෙයක්ම හොදින් සිද්දවෙයි...

    ReplyDelete
  12. ආව් අප්ප....කේකනම් සසයි ඈ...බීමත් ෂෝයි......^_^

    මගෙන් සුභම සුභ පැතුම් අක්කියෝ.....!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගියෝ.........

      Delete
  13. බට්ටිගෙ බ්ලොග් එක වගේම කේක් එකත් රසම රස පාටයි..ඉතිං නංගියේ ඔයාටත් ඔයාගෙ ලස්සන බ්ලොග් එකටත් මගේ සුබ පැතුම්..ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කියෝ....

      Delete
  14. බට්ටී නංගා මම අදුරගත්තෙ වෙදගෙදරදී . එහෙම නේද ? එදා ඉදම්ම සැමදාමත් එකම විදියට හිටපු හිතවතියක් . බ්ලොග් අවකාශෙනුත් බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙනවා . අත්දැකීම් තමා ජීවිතය සාර්ථක කරගන්නෙ .
    …ඉතින් ඔයාට බ්ලොග් අවකාශයේ බොහෝ දුර යන්නට වාසනාව ශක්තිය ලැබේවා !
    …මම බීම එකක් විතරක් බීල යන්නම් .

    …ජය !

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කි වෙදගෙදරදී තමයි. ඔයාගේ කමන්ට් සමහර වෙලවට මම පොස්ටුව කියවන්න කලින් කියවන්න පුරුදු වුනා. සෝඩා බෝතලේ කඩුවටත් වඩා ඉක්මනට යාළුවෝ ඇවිත් ගිය මගේ ජීවිතේට ඔයා හැමදාම එක විදියට ශක්තියක් වුනා. ස්තූතියි මගේ අක්කියෝ....
      කමක් නෑ බීම බිව්වත් මට සතුටුයිනේ...

      Delete
  15. ඔන්න මගෙනුත් ඔයාට සුභ පැතුම්..... ඔබට ජයෙන් ජය....

    ReplyDelete
  16. මේ හැමදාම ඔහොම කේක් දෙන්නද කල්පනාව හපෝ අරූට එන්නෙ කියුවෙ මොකද ඌ බීලා මෙහෙ මිනිස්සුන්ටත් ගහයි

    ReplyDelete
    Replies
    1. හැමදාම නෑ අයියා.. නෑ නෑ මේ පලතුරු බීමනේ එව්වා බිව්වට වෙරිවෙන එකක් නෑ මයෙ හිතේ..අයි.පී.එල්. එකේන් නෝන හොද පාඩමක් උගන්වලා දැන් එයා බයේ ඉන්නේ...

      Delete
  17. සුභ උපන්දිනයක් කියා පතනවා නං‍ගෝ....ජයෙන් ජය.....!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කියෝ...

      Delete
  18. මුලින්ම..තවත් දිගු දුර පියමනින්න...සුභ පැතුම්..!
    පෝස්‍ටුවනම් අපි වගේ අලුත් අයට දීපු උපදෙස් මාලාවක් වගේ, කේක් නම් කන්නත් මොකක්ද...මොකක්ද... වගේ කීදෙනෙක් කෙල ගිලිනවද...?බීම නම්...ම්..!

    ReplyDelete
    Replies
    1. අපිට නොහිතන විදියට හැම වෙලාවෙම මොනව හරි දෙයක් ඉගෙන ගන්න ලැබෙනවා. සමහර වෙලාවට අපි ඒක අතපසු කරනවා. ඒත් පස්සෙයි තේරෙන්නේ එදා ඉගෙන ගත්ත නම් කියලා.
      කෙල ගිල්ලත් යාළුවොනේ අනේ. ඔන්න එහේ ගනන් නොගෙන කන්න..

      Delete
  19. සුභ පැතුම්. නොනවතින ගංගාවක සේ තව තව දේ ලියවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබතුමන්ට. ඔබගේ පැමිණීම ලොකු සතුටක් බට්ටිට...

      Delete
  20. උණුසුම් සුභ පැතුම්! :)

    ReplyDelete
  21. හදවතින්ම සුබ පතනවා නංගි ඔයාගෙ වසරක ගමනට... ඔයා හරි ධෛර්යවන්ත කෙල්ලෙක්... මටත් ඔයා වගේම හිත හොඳ ධෛර්යවන්ත නංගිල දෙන්නෙක් ඉන්නවා... ඔයාවත් මට මගේ නංගි කෙනෙක් වගේ දැනෙන්නෙ...

    මම නම් බ්ලොග් ගැන දැන ගත්තෙත්, බ්ලොග් බලන්න ගත්තෙත්, බ්ලොග් එක පටන් ගත්තෙත් මෑතකදි... අවුරුද්ද සමරන්න තව ගොඩක් කල් තියෙනවා... බට්ටි උණාට ඔයාගෙ අදහස්, අත්දැකීම්, ඔයා ජීවිතේට මුහුණ දෙන අපූරුව මටත් හරි වටින පාඩමක්...

    බ්ලොග් ලෝකයේ හරවත්, දිගු ගමනක් යන්නට මම ඔයාට ආදරයෙන් සුබ පතනවා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කේ.
      ඔයා අදයිනේ ආවේ.පිලි ගන්නවා බට්ටි ලොවට හදවතින්ම..

      Delete
  22. අවුරුද්දට සුභපැතුම්. මීට පස්සෙ එන උදවියට කේක් නෑ. මොකද මම ඔක්කොම කෑව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ..හූ හූ තව ඇතුලේ තියෙනවා...

      Delete
  23. රස්තියාදුකාරයාගෙනුත් උණුසුම් සුභපැතුම්.. ඉදිරියටත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා!!
    ජය!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..ඔන්න රස්තියාදු නොගහ මේ පැත්තේ හැමදාම එන්න ඕන...

      Delete
  24. සුභ උපන්දිනයක් බට්ටි අක්කේ.. වචන වලින් කියන්න බැරි උනාට අක්කගේ මේ ගමන් මග ගැන අපි කොච්චරනම් සතුටු වෙනවද?

    කේක් කන්න විදිහක් නෑ.. රාජ් අයියා ඔක්කොම කෑවලුනේ..

    ReplyDelete
    Replies
    1. මම ඒක දන්නවා මල්ලියෝ. ඔයා හැමදාම අක්කිව බලන්න අමතක නොකර එනවනේ. මමත් ඉතිං සයිබරේ රණ්ඩු වෙන්නෙත් ඔයා එක්ක විතරයි..
      නෑ නෑ ඇති වෙන්න තියෙනවා. ඛාන්මේ මල්ලිට කේක් ගේන්නෝ....

      Delete
  25. වාව් අක්ක සෝයි නේ.... හැමෝටම කේක් දීල නේ..... ගිම් අක්ක වගේ මම බීම විතරමයි බොන්නේ.... අයිසිං කේක් නොකමි....:))))) හැපී ඇනිවසරි..!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගියෝ. බීම බිව්වත් ඇති.

      Delete
  26. අම්මෝ කලින් ඇවිල්ලා මේකෙන්වත් කෑල්ලක් කන්න ඕනෙ ඉක්මනට.ඉතින් බට්ටියෝ බ්ලොග් එකේ උපන්දිනයට මගෙන් උණුසුම් සුබ පැතුම් ඔන්න හොදේ.... තව ගොඩාක් කාලයක් ලියන්න දිරිය ශක්තිය ලැබේවා

    ReplyDelete
    Replies
    1. ඇති යන්තන් අදවත් කලින් ආවා. ගියපාර දුකෙන්නේ හිටියේ.
      ස්තූතියි අක්කියෝ..

      Delete
  27. සුභ පැතුම් අක්කේ :)

    ReplyDelete
  28. හැපී මෙව්වා උපන්දින එකක් වේවා බට්ටි අක්කියෝ
    සුබපැතුම්!!!

    ReplyDelete
  29. සුභ පැතුම් බට්ටි....

    ReplyDelete
  30. බට්ටිගෙ බ්ලොග් එකට සුබ උපන් දිනයක්ම වේවා.. ලියන්න තවතවත් නැවුම් සිතුවිලි පහල වේවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබතුමන්ට. පැමිණීම ලොකු සතුටක් බට්ටිට...

      Delete
  31. කියන්නෙපෑ කලින්. මොකුත් ගෙනාවෙත් නෑ. කමක් නෑ දැන් දන්නවනේ.දෙවෙනි උපන්දිනේට තෑගි ඇන්න එන්නම් හොදේ. සුබ උපන්දිනයක්ම වේවා අහවල් එකට.(මං කිව්වේ බ්ලොග් එකට) ජය...!

    ReplyDelete
    Replies
    1. කාරිනෑ එන එක තමයි දෙන්න පුළුවන් ලොකුම තෑග්ග.ඔන්න සුභ පැතුවේ බ්ලොග් එකට කියලා අපි දන්නවා අනේ.:D

      Delete
  32. සුබම සුබ උපන් දියනයක් බට්ටියෝ...එහෙනම් දැන් බට්ටිටත් වයසයි ඈ..

    ආ...ඔන්න පොඩි නිවැරදි කිරීමක් කරන්න තියනවා..

    //බ්ලොග් එකට අවුරුද්දක් එහෙමත් නැත්නම් දවස් 365ක් ඉවරයි. //

    හරියටම කිව්වොත් 366 යි නේද? මොකද පහුගිය පෙබරවාරිවලට දවස් 29 ක් තිබුන නේ... :))

    චිරාත් කාලයක් බ්ලොග් ලියන්න ශක්තිය ලැබෙන්න කියලා පතනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කේ
      ඒකනේ මට ඕක කම්පනාවට ආවෙ නෑනේ. මයෙ සයුරි අක්කි ඉතිං ඇවිදින විශ්ව කෝෂෙනේ. එතකොට මට තව අවුරුදු හතරක්ම ඉන්නවෙනවා ආයෙ මේ වරද කරන්න...

      Delete
  33. සිංහල බ්ලොග් අවකාශේ තවත් දිගු ගමනක් යන්නට වාසනාව ලැබේවා

    ReplyDelete
  34. ඔන්න මමත් ආවා. කේක් සුවඳ දැනිලා තමා වැඩියෙන්ම ආවේ හී හී....

    ඔයාට දිග ගමනකට සුබ පතනවා බට්ටියේ...:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොඩ්ඩි අක්කියෝ. හැමදාම කේක් දෙන්න හිතෙනවා අප්පා...හී හී....

      ඇත්තමයි මට මේ‍ පෝස්ටුව කොටද්දි ඔයා අදනම් අනිවා එනවමයි කියලා දැනුනා. ඇයි දන්නෑ. කොහොම හරි ඒක හරි ගියා. ඇයි මතකද අලුත් අවුරුද්දෙ බට්ටි නංගිට සුභ පතන්න පොඩ්ඩි අක්කා ආවනේ...

      Delete
  35. මගෙනුත් උණුසුම්සුබපැතුම්...
    උණුසුමනම් ගිහින්දමන්ද,මංපරක්කුඋනහින්ද

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.
      නෑ නෑ බට්ටිට නම් තාම හොට්...

      Delete
  36. හප්පා... අපි එහෙනම් බට්ටි දුවත් එක්කලා අවුරුද්දක් හිටියා.
    මම් දන්න විදිහට මේ බ්ලොගයට එන දවස්වලම බට්ටි දූ ලිව්වේ එයාගේ ජීවිත කතාව ගැන. අපි ඒවා කියවලා ජීවිතේට පාඩම් ඉගෙන ගත්තා. දැන් බලනකොට එවුවා ඩිලීට් කරලා ලූ :)

    අද එහෙනම් කේක් කෑල්ලක් කාලා බීම චුට්ටක් බීලා යනවා ඕං.

    බ්ලොග්කරණය තුල දිගු ගමනක් යන්න වරම් ලැබෙන්න කියලා පතනවා මං !!!

    ReplyDelete
    Replies
    1. මම දාපු තුන්වෙනි හරි හතරවෙනි හරි පොස්ටුවේ ඉදන්ම මධූ මාමි මාත් එක්ක හිටියනේ. ඒත් ඉතිං මධූ මාමිගෙ බ්ලොග් එක බට්ටිට කොහොමද මංදා මග ඇරිලා. ලගදී පස්සෙන් පන්නන්න පටන් ගත්තෙත්. දූ කරන වැරදි මාමි හිතන් නෑනේ ?

      බ්ලොග් ලෝකෙ වෙච්ච සමහර සිද්ධි එක්ක ඒ හැම දෙයක්ම ඩිලීට් වුනා. එහෙම කර එක ගැන සතුටු වෙනවා.

      ස්තූතියි මාමියෝ අවුරුද්ද පුරාවට බට්ටි දුවව මේතරම් දුරක් ගෙන්න අත දුන්නට...

      Delete
    2. මේක තමා පට්ට කමෙන්ට් එක. හිනා වෙලාම හති !!!
      බ්ලොග් පෝස්ට් එක්ක ඒ මතකයත් ඩිලීට් වෙනවනම් මම් කැමතියි !!!

      මාමි කියන්ඩ එපා බොල !! මාමි කියන්නේ පිජන්ජරා බාසාවෙන් කූබින්ට !!!

      Delete
    3. හි හී දූ කියද්දි වෙන මොනවා කියන්නද අනේ...අලි එහෙනම් සීයා කියන්නම්...
      ඩිලීට් කරද්ද එහෙම වෙනවනම් .ඔයා දන්නවනේ ඒ මතක ගෙන්නෙ තිබුණේ මොනවද කියලා. හ්ම්.

      Delete
  37. මාත් සුභ පතනවා ඔන්න. දිගටම අපිත් එක්ක ඉන්න ඕනෙ බට්ටි අක්කේ..

    කේක් අද මටත් ඇති වෙන්නම තියනවා අප්පා. මරැ අනේ..

    කෝ මේ ඛාන්...!! තව බීම වීදුරැවක් ගේන්ඩෝ... :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියෝ.
      කන්න කන්න ඇති වෙන්න. හොද වෙලාවට මෙව්වා පින්තූර වුනේ නැත්නම් මම ඉවරයි. :)

      එයාට කියලා ගෙන්න ගන්න. සප්ලයි හරියට කලේ නැතොත් මට කියන්න පඩියෙන් අඩු කරන්නම්.:)

      Delete
  38. ජය වේවා බට්ටියේ. දිගු ගමනකට ආසිරි...!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලොකූ. කොහොම ඉතිං ඔයාට...?

      Delete
  39. දිගටම ලියන්න සුභ පැතුම් ........!

    ReplyDelete
  40. සුහදිනිය කියන්නේ පෙම්වතියට නේද?
    සුහද ක් ඇත්තී කියන්න වෙන වචනයක් ඇති.

    ReplyDelete
    Replies
    1. එහෙම දැම්මේ අයියේ සුහදක් ඇත්තී කියන අදහසින්. ඒ වචනේ මගේ ඇත්ත නම ලගින් හුගක් යනවා ඒකත් හේතුවක් වුනා.
      ස්තූතියි අයියේ මේ පැත්තේ ආවට. ලොකු සතුටක් මට..

      Delete
  41. එල කිරි. සුභම සුභ පැතුම්. අවුරුද්දේ සංවත්සරයට. චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා බට්ටිත් බට්ටි අක්කගේ බ්ලොගෙත්.

    ReplyDelete
  42. ආහ් බට්ටියේ...සුභ පැතුම්....හොදද... පුස් කාපු කේක් කෑල්ලක්වත් තියනවා මටත්... :-p බ්ලොග් එකේ දිගු ගමනකට මගෙනුත් ආසිරි.

    ReplyDelete
    Replies
    1. පමා වැඩී ඔබ පමා වැඩී
      පුස් කන්නටවත් දැන් කේක් නැති
      එබැවින් අක්කිට නංගි ගේ ගානේ
      බීම එකක් දෙන්නම්....:-p
      ස්තූතියි මගේ අක්කියෝ....

      Delete
  43. බට්ටිගෙ බ්ලොග් උපන්දිනේට සුභ පැතුම්......... !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පසන් අයියේ...

      Delete
  44. අඩේ මේකෙ නම් මම තමයි දැනට අන්තිම :)

    දිගටම ලියපන්.... උණුසුම් සුභ පැතුම් බට්ටියෙ !....

    ReplyDelete
    Replies
    1. ඒකනේ එදා එක වුන මෙයා අද අන්තිම වෙලා. කමක් නෑ ඉතිං සමාව දෙනවා අයිය බිසී නිසා..

      ස්තූතියි අයියේ. ආ අර වෙනම තියෙන කේක් කෑල්ල කෑව නේද?

      Delete
  45. සුබ පැතුම්....තව ඉදිරියටම යන්න....

    ReplyDelete
  46. උණුසුම්ම උණුසුම්ම උණූ...සුම් සුබපැතුම් බැට්ටී..... :) :) :)
    ඔයාගේ හැම යහ පැතුමක් ම ඒ විදියටම ඉෂ්ට වෙන්න ඕනි.. දිගටම ලියන්න හොඳේ.... (Y) (Y)

    ReplyDelete
  47. සමාවෙන්ඩෝ මම පරක්කුයිනේ...

    ඔයාගේ අවුරුද්දේ උපන්දිනේට මගේ උණුසුම් සුභ පැතුම් පිළිගන්ඩෝ... අන්තිම මමදෝ.... කේක් නැත්තම් පාන් කෑල්ලක් හරි ඕනේ හරිදෝ... දිගටම ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා ජය වේවා බටි අක්කෝ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගැමී.

      කාරි නෑ යන්තම් පොඩි කෑල්ලක් තියෙනවා....

      Delete
  48. පරක්කු වුනත් ඔයාගේ බ්ලොග් උපන්දිනේට මගෙනුත් සුභ පැතුම් බට්ටි නංගි !

    දිගටහ මේ බ්ලොග් එක කරගෙන යන්න ශක්තිය ලැබේවා ! ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චතුරංග. පමා වුනත් ආපු එක වටිනවා හුගක්...

      Delete
  49. ඔන්න මමත් ආවේ පරක්කුවෙලා. සොරි වෙන්න ඕනේ.. සුබම සුබ උපන්දිනයක් බට්ටියෝ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුමාරිහාමි..පමා වුනත් ආපු එක වටිනවා හුගක්...

      Delete
  50. අනේහ් පරක්කු උනා බට්ටියේ .. ඔයාගේ බ්ලොග් එකට සුබම සුබ උපන්දිනයක් මේ ආවා වගේම තව ඉස්සරහට යන් හොදද..

    ReplyDelete
  51. පාටිය ඉවර කරලා අලුත් මොනවා හරි ලියමු නේද :D

    ReplyDelete
  52. පරක්කු වෙලා හරි ,ආව හින්දා මමත් කේක් කෑල්ලකට වග කිව්වා.

    ReplyDelete
  53. ඔන්න මමත් ආවේ පරක්කුවෙලා පාටියට, පැනලා කේක් කෑල්ලක් කෑවා. නැත්නම් බට්ටිට දුක හිතෙයිනේ.. අවුරුද්දේ උපන්දිනේට මගේ උණුසුම් සුභ පැතුම් බට්ටියෝ :))

    ReplyDelete