Showing posts with label බට්ටිගේ කවි. Show all posts
Showing posts with label බට්ටිගේ කවි. Show all posts

July 21, 2014

යළිත් එන්න

ලියන කවි පද
නුඹේ නමටයි
හෙමින් නුඹ මට කියනවා

ඒත් එහි ඇති
අරුත් හින්දම
හිතට සැකයක් දැනෙනවා

මෙමට නුපුරුදු
ඇයගෙ තතුදෝ
නුඹ ලියන්නේ හිතෙනවා

කමක් නැහැ කවි
කාට ලිව්වත්
මගේ ආලය පුදනවා

ෂොප් එකේ වැඩ කල කාර්ය බහුල කාලෙදි මාසයකට බ්ලොග් පෝස්ට් හතරක් වත් ලියපු මට නිදහසේ සැහැල්ලුවෙන් කරන රැකියාවක් ලැබුනට පස්සේ එක පෝස්ට් එකක් වත් ලියා ගන්න බැරි වුන එක ඇත්තටම හරිම පුදුමයි. බ්ලොග් කියවන්න ලියන්න හිතේ තිබුන ආසාව ලෝබකම උනන්දුව මටත් නොදැනිම මුහුණු පොත අයිති කර ගත්තා. ඒත් තුදු තිස්සෙම බ්ලොග් ලියන්නෙ නෑ කියලා බනිද්දි ඇත්තටම බ්ලොග් එක අත ඇරලා දාල තියෙන එක අපරාදෙ කියලා ගොඩක් හිතුනා. අපි ඒ කාලෙ කොයිතරම් පිස්සු නැටුවද. සයුරි අක්කා දෙන තෑග්ග ගන්න එයා පෝස්ට් එකක් දානකල් ඒක දිහාම බලන් හිටිය කාලය ඇත්තටම හරිම සුන්දරයි. බ්ලොග් නොලිය ඉන්න කාලෙදි මගේ බ්ලොග් සැරින් සැරේට කියවලා හොඳට හිනා වෙන කෙනෙක් තමයි ෆාති. එයා කැමති ඒෆෝ පිටුවක් පිරෙන නොපිරෙන ගානට මම ලියන පෝස්ට් එක හුස්මට කියව ගෙන යන්න. ඉතිං ලියන්න ආසයි ආයෙම. කොහොම හරි මාසෙට එකක්වත්. කියවන්න එන හින්දා මගේ පුරුදු යාළුවෝ හැමදාමත්.

November 13, 2013

- වැස්ස -

 
- වැස්ස -

නුඹට අකමැති
කියා දැන දැන
කුමට එනවද 
මා යනෙන මඟ 


July 18, 2013

~~~ ආත්තම්මා ~~~

ඇති හැකි තැනක ඇය ඉපදී තිබුනේ
අඟහිගකමක් නම් නැත කිසි විටකදි දැනුනේ
හැඩ වැඩ ඇති ලඳක් ලෙස කල වයසත් ආවේ
කවුදෝ කෙනෙක් ඇගෙ අත රහසෙම ගත්තේ 


ඔහු හා සන්තොසින් කල්යල් ගෙවුනා
දරු පස්දෙනෙක් ඒ නිවසෙහි පිපුණා
දුක්කම් කටොලු නොහිතම හිසමත වැටුනා
නිවසේ සතුට පිටපාරෙන් දුර ඇදුනා  


ඈත දුරක සැමියා රැකියාවකට ගියා
දරුවන් සමඟ ඇය ගමෙහිම රැදුණා
ඇගෙ හද දෙකට පුපුරන පුවතක් ලැබුනා
සැමියා වෙනත් දීගෙක ගොස් තිබුනා


ගමටම ඇසෙන්නට නැත කදුළැලි සැලුවේ
හැම කඳුලක්ම ඇය සිරකර ගෙන සිටියේ
දරුවන් හට හැම සැප දෙන්නට සිතුවේ
කුලී වැඩ නිසා ගෙයි මුට්ටියෙ බත ඉඳුනේ


හිතේ හයිය දින දින වැඩුනා
ගතේ වෙහෙස දරුවන්ගෙන් මඟ ඇරුනා
ඇගෙ නෑයනුත් ඇයහට පිහිටට උන්නා
දරුපස්දෙනාගෙත් කර දඬු උස් වුවා


ලොකු දරුවන්ගෙ ජීවිතෙ සැපටම හැරුනා
පොඩි පුතු ඔහුට ඕනෑ ලෙස වැඩ කෙරුවා
මහ ගෙයි නතර වී පුතු පෙළවහ ගත්තා
අම්මා නමින් ඇය එහි රැදෙමින් උන්නා..


බීමත්කමින් මයි පුතු කල් යල් ගෙවුවේ
ලේලීගෙ බරින් ඇය හරි අඩ අරගත්තේ
දරුවන් ලොකු වෙලත් සැප තව නැත්තේ
මුණු බුරු බරත් ඇයහට නොමිලෙම ලැබුනේ


සැප විදගන්න යන්නට තිබුනා අන් දරුවෙකු ලඟට
එනමුත් යන්න සිතුවේ නැහැ කිසිවිටක
අපේ දෙවෙනි අම්මා ලෙස ලගින් ඉද
අපටම කලා ඇගෙ වග ඇය නොබලාම


අම්මා ගේන පඩිපත නැති උනත් ලොකු
සකසුරුවමින් ඇය හැම වියදම් කෙරුවේ
අපහට බඩ පිරෙන්නට බත් බෙදමින් දීලා
බොරුවට වළඳ අතගා ඇය බඩ වතුරින් පිරවූවා


කොතරම් ගෙතුව මුතු මා පද වැල් අමුනා
ඇගෙ නම් අගය බැහැ කියලා පහදන්නා
අද යම් තැනක අප මේ ලෙස ඉන්නා
ඒ හැම කිරුළ අම්මට මෙන්ම ඇයටත් දෙන්නා


අවුරුදු 87කුත් ගෙවිලා ඇයට
තුන් සරණේ පිහිටෙන් හැක වැඩ කර ගන්න
ඇය වැනි දෙවෙනි අම්මෙක් ලබන්නට
පිං කර ඇතිය අපි තුන් දෙනාම...


දරුවන් ගේන තෑගි බෝග එකතු කරන්
තවමත් මග බලන්නේ ඇය අපි එනකල්
බත් ටික අනා කවමින් අපි ලඟට කරන්
තවමත් සිතන්නේ අපි පොඩි දරුවො කියා


ලෝකෙම සවිය ඇගෙ දැතට ලැබීයන්
සියයක් ආයු තව ඇය හට ලැබීයන්
මෙත් බෝසතුන් ළඟ බණ පද ඇසීයන්
සසරින් එතෙර යන්නට පින ලැබීයන්....




ප.ලි. විශේෂ ස්තූතිය අඩුපාඩු පෙන්නලා ඒවා නිවැරදි කරගන්න කියා දුන් සඳලි සංකේත්මා අක්කාට 

March 3, 2013

තුන් සොහොයුරෝ

අක්කා තමයි ගෙදර සිටිය                         වැඩිමලයා
ඊට වසර දෙකකට පසු ආවේ                           අයියා
ඒ දෙන්නගේ තනි නොතනිය                  වලකන්නා
අම්මා ගෙනා බඩ පිස්සිය මා                              වූවා

පුංචි කාලේ අපේ ආදර                                  අම්මා
කොළඹ හිටියේ අපේ කුසතුන              පුරවන්නටා
අම්මා ලග නොමැති විට පාළුව                    දැනුනා
අක්කා එවිට අප දෙදෙනා                        නැලැව්වා

පුංචි කාලේ මම නම් හරි                        කම්මැලියා
පස්සට ඉරපායන තුරුත් දොයියන්නට          රුසියා
හැමදේ අක්කා අතටම කර දුන්                     හින්දා
බෙල් එක වදින විට පාසල වෙත                   දිව්වා

තම ඇදුමවත් නැත  මා සොදා                  ගන්නේ
අක්කා තමයි ඒවත් කරලා                        දුන්නේ
ආත්තම්ම නම් ඒවට                           ඔරවන්නේ
ඈ නම් නැතේ ඒවා කණකට                   ගන්නේ

අයියා තමයි මාහට ඕපන්                           වූයේ
දොඩං ගහ උඩයි අපි සාකච්ඡා                  තැබුවේ
කෙල්ලෝ ගැන තමයි ඔහු හැමදා             කිව්වේ
මං නංගයි අයියට උපදෙස්                       දුන්නේ 


ප.ලි. ඊයේ අපිට කරන්ට් එක තිබුණේ නෑ.ඉතිං වැඩ කරන තැන ලොකු වැඩක් නැති අතරේ නිකමට හිතට ආපු සිතුවිලි කොළයක ලිව්වා.කවි ලියන්න නම් බට්ටි දන්නේ නෑ.හිතට ආපු අදහස ඔහේ ලිව්වා මේ විදියට.ඒක ලියද්දි බොස් ආපු නිසා සේරම ලියලා ඉවර කර ගන්න බැරි උනා.ඉතිං අදත් අම්මා බලන්න ගිය නිසා ලියන්න උනේ නෑ.ඒත් යෙම හිතුනා ලියපු ටික දාලා යාළුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර එක්ක ඉතුරු ටික ලියන්න.බට්ටි බට්ටි‍ගේ අයියා අක්කා එක්ක ගත කරපු ජීවිතේ තමයි මේ. ඔක්කොම ලියන්න ගිහින් කදුළු කතා තිබුනොත් සමාවෙන්න ඕනි. එහෙනම් මං ගියා.මේ ටික කියවලා අඩුපාඩු කියන්නකෝ.

December 20, 2012

එහෙම සදක් මක්කටද ?


සිත්තරුන් සිත්තම් කරයි මේ රෑ අහස....
කළුවරට හුරු කළ තද නිල්පාට....
ඒ පින්සල් තුඩින් ලා නිල් පාට...
බින්දු තියයි ඒ තරු කැට වල පාට...


අහස පුරා විසිරුණු තරු කැට අතර...
බලා හිදිනා විට හිත නිවෙනා විටෙක...
නිවෙනා හිත යටින් ඇති ගැඹුරක අරුත...
ලියවෙලා නොවෙද අපේ ජීවිත තරු කැට අතර...


පෙම් කවි සහ තව ලස්සන වර්ණනාවන් මෙලෙස...
එක්කර ඇතත් නොදැනෙන ලෙස තරු කැට වලට...
ඒ සියළුම දේවල් නම් දැන් මට මතක නැත...
තරු නැති අහසේ පායන සද මක්කටද...


.ලි. ඔන්න එක වෙන කෙනාට අනිවාර්යයෙන්ම තෑගිත් අරන් බට්ටි එනවා හෙට..කවුරුත් සතුටින් ොයිය ගන්න.සුභ රාත්‍රියක් ේවා...

October 5, 2012

ඉල්ලන් කනවා වගේද ඉල්ලගෙන නෑම


ඊයෙ කියන්නේ ඉතිං මාරම දවසක් තමයි. හැබෑටම ඒම නෑමක් නම් බට්ටිගේ ජීවිතේ‍ට නාලා නෑ. කවුද අප්පා හිතුවේ ඉරිදට නාගන්න හිටිය නෑම ඊයෙම නාගන්න වෙයි කියලා.
හරි ඉතිං දැන් ඔයාලා බලනවා ඇති බට්ටි මේ මොන නෑමක් ගැන කියනවද කියලා.මෙන්න මේකයි වුනේ. අපේ ගිම් අක්කයි ප්‍රියන්ත අයියයි දෙන්නා කරන නිශාන්තය තියෙනවානේ. ඔන්න ඉතිං එන ඉරිදාට ඕනි සිංදුව බට්ටි ඊයෙම ඉල්ලුවා. අම්බෝ ඒ පෝරමේ පුරවද්දි සිංදුව කියන කෙනාගෙ නමට ''බට්ටි '' කියලා දාලා ඉල්ලන කෙනාගෙ නමට ''කවීෂ කවිරාජ් "කියලා දාලා තියෙන්නේ.(සිතමින්..කවීෂ නම් අම්බෝ බ්ලොග් කියවන කෙනෙක් නම් වෙන්න එපා.ඒ ගමන නෑවා මදිවට නඩුත් කියන්නයි වෙන්නේ)  අනේ ඉතිං මං බට්ටි මේම ලියපු එක හිතක් පපුවක් නැතුවම ගිම් අක්කා අත ඇරියේ නැතැයි සෙනග මැද්දෙම. අනේ ඒමත් කරනවද මං අහන්නේ නංගි‍ලාට. ඒ මදිවට ප්‍රියන්ත අයියත් ඇවිත් ස්ක්‍රින් ෂොට් දාන්නත් හදනවා. අපුයි දෙයියනේ මටමයි වෙන්නේ. දැන් ඉතිං අනිවාර්යයෙන් ඉරිදට ගෘප් චැට් එකේදී නාන්න වෙන නෑම ගැන හිතලා කට තියන් ඉන්න බැරුව මූණුපොතේ වෝල් එකේ දැම්මා මෙන්න මෙහෙම..

ඇද ගෙන නෑව මුත් ඉද හිට හෝ දිනක 

මෙහෙමත් අනේ නාගන්නට බැරිය මට 

ඉරිදට වෙන්නෙ හොද නෑමක් නා ගන්න 

ප්‍රියා අයියා හා ගිම් අක්කා එනවා මා නාවන්න.....

මේක දාලා හැරෙන්නත් වුනේ නෑ.ඔන්න බාල්දිත් උස්සගෙන මයෙ අක්කලා දෙන්න ආවනේ මාව නාවන්න. ඔන්න එහෙනම් මෙතැන් සිට රසී අක්කා බට්ටි නාවපු හැටි ඔයාලට ඒ විදියටම බලා ගන්න පුළුවන්ලූ.හේ හේ කවුරුත් හිනා වෙනවා එහෙම නෙවෙයි.


රසී පෙරේරා   - 

බැට්ටියෝ......

නෑවා නොනෑවා දෝ බට්ටිව බෑ හදුනන්න

බට්ටි ආවොතින් ගද නම් බෑ ඉවස්සන්න 

බට්ටිව නාවලා අජරාමර පින අත්කර ගන්න

ප්‍රියා සමග ගිම්හට ලොකූ සමග රසීත් ඉන්නවා ඔන්න ...


බට්ටි කෙල්ල  -

අක්කා කියන්නේ ඇයිදෝ මුසාවා

අම්මා තිව් නමෙත් සුවදක් වැහෙනවා

ඔය විදියට කිව්වොත් අනේ මුසාවා

බට්ටි ඇවිත් මගේ අක්කා නාවනවා


රසී පෙරේරා   - 

සුගන්දි කියල නම් තිබ්බේ අම්මා 

ඉපදුන දවසේ ඉදලා ගද නෑ නිම්මා 

එකයි බට්ටියේ ඒ නම තිබ්බේ අම්මා 

බට්ටිව නාවලා කරගමි අපි පින් මා ............


බට්ටි කෙල්ල  -

මෙමට ගැලපෙන නමයි මයෙ අම්මා තිබ්බේ

එබැවින් සූ කැපුවත් නැත මා කණකට ගන්නේ

මේ හතර දෙනා ආවොත් මා නාවන්න

අම්මප ඔබනවා මම නම් ‍ළිදේ සැම .......


රසී පෙරේරා   - 

ඒකම තමයි අපි සැම පුන පුන කිවේ

අම්මා තමයි අපි හට ඒ බව කිවේ

ගදම තමයි නුඹ ඉපදුන දා සිට ආවේ 

නාන අපිව නාවන්නට ඇයි ආවේ ......


සැමදා නාන අපි නාවා බට්ටියේ කිමද පලේ

නොනා ඉන්න නුඹ නෑවොත් තමයි පලේ

අක්කලා සමග වාදේටගොස් වැටෙයි වලේ

බට්ටිගේ ලිදේ වතුරත් නෑ නොවේද බොලේ ...........


බට්ටි කෙල්ල  -

අක්කා එක්ක නැත මා වාදෙට එන්නේ

එනමුත් නොමැත පසු බහින්න හිත් දෙන්නේ

‍කොහොම වුනත් මට හෙමිහිට වැටහෙන්නේ

ඉරිදට කලින් නාගන්නටයි මට වෙන්නේ


රසී පෙරේරා   - 

ෂැම්පු සමග උණු වතුරත් අපි පදමට අර ගත්තේ

බට්ටි ඇවිත් හොද හැටියට ගද යන්නට නා ගත්තේ

ඉරිදට නාවන්න දැන් නම් නෑ අපේ සිත ගත්තේ 

නංගියේ බට්ටි සැමදා යන්න නුඹමින්පසු ළිද පැත්තේ.............


ආ මේ අතරේ අපේ ලොකුත් (සුනේත්‍රා ලියනගේ) මැද්දට පැන පැන රසී අක්කට වතුර ඇදලා දුන්නලූ..... හිකිස්....


බට්ටි කෙල්ල  -

ලොතු උයා අනේ පැත්තට වී ඉන්න 

වතුර බාල්දිත් දැන් මෙහි විසිවෙනවා

අක්කියෝ හොදින් මෙය නම් දැන් අහගන්න

කණේ කැක්කුමත් වැඩි වුනි මගේ ඔන්න


රසී අක්කේ ඇයි මේලෙස කරන්නේ

හීල්පොල් කටුවකින් නොවෙදෝ නාවන්නේ

හෝස් එකක් ඇයි නුඹ අරගෙන ආවේ

තියෙන කෙස් ටිකත් දැන්මගේ ගැල වෙන්නේ


රසී පෙරේරා   - 

බට්ටි මගේ චුටි කොටු කුමාරි 

හිල්පොල්කටු මොකටද නුබ වැහැරී

හෝස් එකින් නෑවොත් නුඹ හිල් වේවි

එකයි ලණුවේ බැදලා ඔබ ඔබ ගත්තේ..........


බට්ටි කෙල්ල -

නෑවත් අනේ ලොකු සතුටකි මටඇත්තේ

මයෙ අක්කලා නොවැ මා නාවා ගත්තේ

දැන්නම් අනේ මට යන්නට සිදු වන්නේ

ගෙදර ගිහින් යළි නාන්න මම එන්නේ


ඔන්න ඔහොමලු බට්ටි නෑවේ.අනේ ඉතිං බට්ටි නම් කවි ලියන්න දන්නෙ නෑ. ඒත් මයෙ රසී අක්කා නම් කවි ලියන්න හුගාක් දක්ෂයී. ඉතිං අක්කගෙ කවි බලා ගන්න ආසාවට මම දන්න විදියට පදයක් දෙකක් ලිව්වා. ඉතිං රසී අක්කා මං වෙනුවෙන් මහන්සිවෙලා කවි 
ලිව්වට බට්ටිට අක්කට දෙන්න තියෙන ලොකුම තෑග්ග තමයි මේ 
පොස්ට් එක. 

ඔන්න ඉතිං දැන් කවිකාරයෝ ටික බාල්දි එහෙම උස්ස ගෙන එනවා එහෙම නෙවෙයි මාව නාවන්න. එහෙම ‍කලොත් ඉතිං බට්ටිට නිව්මෝනියාව හැදිලා තමයි නතර වෙන්නේ...  :D 

February 26, 2012

සිහිනයක් දෝ ..........?



ඔබේ නෙත් දෙක
නොදැක මං අද
කෙසේ පියමං
කලා‍දෝ ..........?

නොදැක්කා මෙන්
මෙමට පිටුපා
කෙලෙස ඔබ අද
ගියාදෝ ..........?  

වෙනදා කහ ඉර
මාරුවී එන
මාව සුරතින් ගත්තේ
නැද්දෝ ..........?  

මාස හයකට පස්සේ
දුටු විට
කෙලෙස ඒ ලෙස
නුඹ ගියාදෝ ..........?

හැඩැති ඇදුමක්
ඇදන් නොගියෙන්
අදත් කැතටම
පෙනුනවත්දෝ ..........?

උපන් කැත බෑ
උනාලන්නට
එයත් නුඹහට
නොවැටහුනාදෝ ..........?

එහෙම පිටුපා
මගෙන් ගිය නුඹ
යළිත් මාවතේ
මුණ ගැසේදෝ ..........?

මගේ ඇස් දෙක
නොදැක ගිය නුඹ
යළිත් ආවත්
වැඩක්වේදෝ ..........?

November 13, 2011

නිකමට ලියැවුණි...

ගසක තිබෙනා
මලෙහි හැඩරුව
විදී මිනිසුන්
පොළවමත හිද ......
නමුත් ඒ මල
වැටුණු කල බිම
පයට පාගා දමයි
නොදැනම .........

August 26, 2011

යතාර්ථය

රෑ අහසේ තරැ ගැන්නට
නුඹ නැහැ කිසිවක් ලබන්නේ ..............
ඉද හිටවත් බිම බලපන් 
පා ලග මුතු කැට තියේවි.

August 22, 2011

මොඩ්වෙලා නෑ අනේ ............

මැදින් බෙදලා කොන්ඩේ පීරපු මං
කොන්ඩේ උඩට පීරැවාට.................
නිතඹ ලගට තිබුණ කොන්ඩේ
අගලක් දෙකක් කොට කරාට...............
පවුඩර් ටිකක්වත් නොගාපු මං
500,1000 ක්‍රීම් ගෑවට ....................
නිකම්ම නිකන් සෙරෙප්පු දාපු මං
පොඩ්ඩක් උස සෙරෙප්පු දැම්මට ................
කොහොමද හැමෝම කියන්නේ
ගමේ කෙල්ල මොඩ්වෙලා කියලා..............
මම තවමත් ගමෙන් ආපු 
අහිංසකීමයි...................

July 22, 2011

ඔබ

නුඹ .........

මල් සුවද

සුවද කළ මගෙ ලොවම

නුඹ .......

හිරැ එළිය

එකළු කළ මගෙ ලොවම

සද එළිය

නුඹ ......

පහන් කළ මගෙ ලොවම

සරා සද

නුඹ .......

අදුරැ වළාවක සැගව ගිය

June 8, 2011

නුඹ අහස
හිටිගමන් වෙනස්වන
මම පොළොව
නුඹට අනුව හැඩ ගැසෙන