සිත්තරුන් සිත්තම් කරයි මේ රෑ අහස....
කළුවරට හුරු කළ තද නිල්පාට....
ඒ පින්සල් තුඩින් ලා නිල් පාට...
බින්දු තියයි ඒ තරු කැට වල පාට...
අහස පුරා විසිරුණු තරු කැට අතර...
බලා හිදිනා විට හිත නිවෙනා විටෙක...
නිවෙනා හිත යටින් ඇති ගැඹුරක අරුත...
ලියවෙලා නොවෙද අපේ ජීවිත තරු කැට අතර...
පෙම් කවි සහ තව ලස්සන වර්ණනාවන් මෙලෙස...
එක්කර ඇතත් නොදැනෙන ලෙස තරු කැට වලට...
ඒ සියළුම දේවල් නම් දැන් මට මතක නැත...
තරු නැති අහසේ පායන සද මක්කටද...
ප.ලි. ඔන්න එක වෙන කෙනාට අනිවාර්යයෙන්ම තෑගිත් අරන් බට්ටි එනවා හෙට..කවුරුත් සතුටින් දොයිය ගන්න.සුභ රාත්‍රියක් වේවා...
හ්ම්ම්!!! ලස්සන වවන ටිකක් ලස්සනට ගෙත්තම් කරලා... :)
ReplyDeleteස්තූතියි නාඩි..ඔන්න නාඩි තමයි එක..සමාවෙන්න පොරොන්දු දුන්නට ඊයේ තෑගි ගන්න පෝලිමේ ගිහින් එද්දි රෑ වුනා..මේ කාලෙට වෙන මොනවා කියලා දෙන්නද? ඔන්න සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව නාඩිට තෑගි ගොඩක්ම ගෙනාවා..
Delete[im]http://messages.365greetings.com/wp-content/uploads/2012/07/Christmas_Gift_Basket.jpg[/im]
(තෑගි ඉතිං හැමදාම වගේ සදගෙන් තමයි..)
නාඩි ඔයා කන්නෙ නැති ජාතියක් තියෙනව නම් පුළුවන් නම් මේ ෆාතිමාට දෙනවාද? එයා මාව කන්න හදනවා එයාට එක දෙන්න කියලා. ඒකයි..
Deleteනියමයි බට්ටි කවිය..'තරු නැති අහසේ පායන සද මක්කටද...' ඒක නම් ඇත්ත.
ReplyDeleteමං මං එක..
ReplyDelete//තරු නැති අහසේ පායන සද මක්කටද// මේකනම් පට්ටම අදහස බට්ටියෝ.....ගොඩාක් වටිනවා ඔයාගේ අදහස්...
ReplyDeleteහුටා මේකෙ කොමෙන්ට් මොඩරේට් කරලනේ :'( මං හිතුවෙ මං එක කියල.
ReplyDelete//තරු නැති අහසේ පායන සද මක්කටද...//
තරු නැති අහසට තමයි සඳ වටින්නෙ
ඔය අහස් ගෙඩිය මක්කටෙයි බට්ටියෝ.. තරුත් නැති හදත් නැති වලා නැති අහසක් කවදා දකින්නද???
ReplyDeleteබට්ටි අක්කිට ලියවෙන කවි :)
ReplyDeleteවලා අතරේ සැඟවුන සඳ
ReplyDeleteවිමසයි පාළුව තනිකම නිබඳ
හ්ම්..මාත් මේ තරු බලමින් ඉන්නෙ..!!!
ReplyDeleteබට්ටි,
ReplyDeleteමිනිසුසුන්ට දොයිය ගන්න කියන්න එපා. හැම තිස්සෙම ඇහැ ඇරගෙන ඉන්න කියන්න. අද ඉන්න උන් අපිට රටත් නැති කරල, අපිත් නැති කරල දානව දොයිය ගත්තොත්.
සුභ දවසක්
රට මවා දුන්නත් මං හිස් අහසේ
ReplyDeleteසැවොම සොයන්නේ සද මැයි අහසේ
පීදී එළිය දුන්නට මං හොර රහසේ
ඔබ පමනයි මං ගැන කීවේ මෙලෙසේ...
නව යුගයට සුභ පැතුම් බට්ටි
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න
මේ දවස්වල හැමෝම ඉන්නෙ අහස දිහා බලාගෙනනේ.
ReplyDeleteඅපූරු කවියක්... ලස්සනයි...
ReplyDeleteබස්ටියාගේ කවි..
ReplyDeleteලස්සනයි බට්ටියෝ..
ලෝක විනාසේ උනෙත් නෑ අප්පා..
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!
තරුත් එක්ක පායනකොට තමා හඳ ලස්සන මටත් හිතෙන්නේ .
ReplyDeleteමේ දවස් වල තරු පෙනිලද ඉන්නේ බට්ටීට ?
එහෙම සදක් තමයි ඕනේ ;)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
බට්ටිටම ගැලපෙන ලිපියක්.මොකද මේ දවස්වල බස්රේඩියෝ එක පැත්තට එන්නැත්තේ.පිවිසෙන්න මගේ අලුත් බ්ලොග් අඩවියට. http://sinhapedia.blogspot.com/
ReplyDeleteතරුත් එක්ක පායන කොට සද ලස්සනයි.....
ReplyDeleteඒත් තරු නැති කොටත් සද තිබුනොත් හොදයි නේද.....
තරු නැති අහසේ පායන සද මක්කටද හැබෑටම...??
ReplyDeleteඅහසත් එපා හඳත් එපා :/
ReplyDeleteඅපොයි බට්ටි කෙල්ලට මොකද මේ අහසම මතක් වෙලා තියෙන්නෙ..... බය වෙලාද ඉන්නෙ
ReplyDeleteපුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)
ලස්සනයි කවිය බට්ටියෝ .. :)
ReplyDeleteනියම කවිය බට්ටියෝ....!
ReplyDeleteසම්පූර්ණ ඇත්ත රැයේ අසිරි බලන්න සඳ විතරක් මදි තරුත් ඕනේ
ReplyDeletelassanai...
ReplyDeleteTharu nathi sada...
Welawakata meloo rahak na..
Thawath welawakata harima shanthai..
හඳ කිව්වම මම නම් ආසම 'පැණි හඳ' ට බට්ටි ආස මොන හඳට ද ? හික් හික් හික්:)
ReplyDeleteපින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
නෙක පුන් සඳින් දුරු වෙයි ලොව ගනඳුරු
නෙක තරු රැසින් එලෙසට නොම වේය ගරු
මේ කවිය පාඩං කරන් හිටු. අනික් දවසෙ ඇහුවම මතක නෑ කිව්වොත් ටොකු දෙන්නෙ චුට්ටං බට්ටි ට !!
හරිම ලස්සනයි නගා
ReplyDeleteමධුරංග, 2 small corrections...
ReplyDeleteපින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
එක පුන් සඳින් දුරු වෙයි ලොව ගනඅඳුරු
නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු