අද පෝස්ටුවක් ලියන්න
හිතන් නොහිටියත් වැඩ ගොඩක් තිබුණත් ඒ හැම දෙයක්ම අතපසු කරලා මට මේ පොස්ටුව ලියන්නම
වෙලා. මොකද සමහර විට බට්ටි මේ බ්ලොග් එකේ ලියන අන්තිම පොස්ටුව මේක වෙන්න පුළුවන්
නිසා.ඒක එහෙම වුනොත් මගේ රත්තරන් යාළුවෝ බට්ටි එක්ක තරහ වෙයි. බට්ටි නොකියම යන්න ගිහින්
කියලා.
බට්ටි ජීවිතේ කවම
දාවත් එක දිගට මෙච්චර ආදරෙන් මොනම වැඩක්වත් කරලා නෑ. බට්ටි කිව්වට දැන් බට්ටිට
අවුරුදු 24ක්. පුංචි නෑ.මේ වයසට බට්ටි ජොබ් 9ක් කරලා තියෙනවා.ඒලෙවෙල් වෙනකන් ඉගෙන
ගත්තත් බාහිර උපාධිය පළවෙනි අවුරුද්ද විතරක් කරලා බට්ටි නතර කලා. ඒලෙවෙල් ඉවර වෙලා
බලාපොරොත්තු වුන ප්‍රතිඵලය ගන්න බැරි වුන බට්ටි කොළඹ ආවා. කෑම කඩේක වැඩට.ඉගෙන
ගත්තට එක පාරට කැෂියර් එකට ගත්තේ නෑ.මොප්කරන්න, භාජන හොදන්න තමයි වුනේ. එහෙමයි
බට්ටිගේ රැකියා ජීවිතේ ආරම්භ වුනේ. එක එක හේතු නිසා හුගක් කල් කලේ නෑ. උඩ ගෙදර
අක්කා කිව්වේ අපලයි කියලා. ඒත් මොන අපලේ තිබුණත් එක ජොබ් එකක් ඉවර වෙද්දී ජොබ්
කොහොම හරි හොයා ගනිපු නිසා බට්ටි ගෙදරට බරක් නොවී ජීවත් වුනා.
ඒත් කල හොද වෙලාද
මොනව වෙලාද කියන්න දන්නෑ පහුගිය අවුරුදු දෙකේ බට්ටි එක තැනක නතර වුනා. ඒ අදටත්
වැඩකරන මේ රස්සාවේ.බට්ටි වැඩ කරන්නේ කොමියුනිකේෂන් එකක. කම්පියුටර් ගැන මෙලෝ දෙයක්
නොදැන ආපු බට්ටි දැන් ඇස් පියාගෙන ටයිප් සෙටින් කරන්න තරම් හැම දෙයක්ම ඉගෙන ගත්තා.
අම්මා ගෙදර නතර කරන්න ඕන නිසා හොද පඩියක් ගන්න ජොබ් එකකට යන්න ගන්න 12 000 පඩියෙන්
මාසෙ 8000ක් දීලා ග්‍රැපික් කෝස් එකක් කරන්න ගියා. තවමත් යනවා. තව මාස 6කින්
සහතිකය ගත්තට පස්සේ හොද ජොබ් එකකට යන්න.
ඉතිං මේච්චර කාලයක්
බට්ටිව එක තැන රැදෙන්න රස්සාවට වඩා ඉන්න ගෙදර හේතුවක් වුනා. මගේ දුක සතුට හැමදේම
එහේ වුනා. ඉක්මනින්න කේන්තියන බට්ටි සමහර වෙලාවට සේරම දාල යන්න හිතුවත් කෑගහල
ඇඩුවත් ටික වෙලාවකින් ඒ හැම දේටම ආයෙම ආදරේ කරන්න පටන් ගත්තා. අම්මා ඇරුනට පස්සේ
ජීවිතේට එතරම් හෙවණැල්ලක් ලැබුනේ මම දැන් ඉන්න ගෙදර අක්කගෙන් විතරයි.
බ්ලොග් එක පටන් ගෙන
අවුරුද්දක් වෙන පෝස්ට් එක ලියන්න බට්ටි ඇගිලි ගැන ගැනයි මේ ටිකේම හිටියේ. බට්ටිගේ
ජීවිතේ තිබුණ ලොකුම හීන වලින් එකක් මේ 20 වෙනිදට එළිවෙද්දී අවුරුද්දේ පොස්ටුව ඒ
සතුට එක්කම ලියනවා කියලයි හිතන් හිටියේ. ඒත් මොනවා කරන්නද ඒ දේ කරන්න බැරි වෙයිද
කියලා බයෙන් ඉන්නවෙලා. කඩේට කට්ටිය එන නිසා මට අඩන්නත් බෑ. ඒත් නොඅඩ මේක ලියන්නත්
බෑ. අනේ මට තේරෙන්නෑ මොනවා කියලා කරන්නද කියලා.
පහුගිය 13 වෙනිදා
හරියටම 1 පහුවෙලා විනාඩි 2ක් වෙද්දී බට්ටිට ආපු කොල් එකකින් ආරංචි වුනා බට්ටිගේ
බ්ලොග් එක නෑ කියලා. ඒ වෙලාවේ මට දැනුනේ හුස්ම නැවතුනාවගේ. ඉතිං මම ගූගල් එකේ ගහලා
බැලුවා. එතකොට පෙන්නුවේත් බ්ලොග් එක ඩිලීට් කියලා. බ්ලොග් එකට ලොග් වෙන්න බැලුවා.
ඒත් බැරුව ගියා. අන්තිමේදී පෝන් නම්බර් එක දීලා එකට ආපු කෝඩ් එක ගහලයි ලොග් වුනා.
ඉතිං ඒ දේ එහෙම වුනා. ආයෙම මම ඒ ගැන වැඩිය හිතුවෙ නෑ. මේ දවස් වල මගේ මැෂින් එකේ
හුගක් වයිරස් ඒක නිසා එහෙම වෙන්න ඇති කියලා හිත හදා ගත්තා. ඒත් ඊයේ හදිස්සියෙම
මූණු පොතට කෙනෙක් ලොග් වුනා කියලා පොන් එකට මැසේජ් එකක් ආවා. ඒ එක්කම මමත් ලොග්
වෙන්න බැලුවා. රහස් අංකය රීසෙට් කරලා පොන් එකට කෝඩ් එක ගෙන්න ගෙන මම හවස ලොග්
වුනා. අංකේ වෙනස් කරනවා ඇරෙන්න වෙන ආරක්ෂිත දෙයක් කරන්න බට්ටි දන්නේ නෑ. ඉතිං
හිතුවා දැන් හරි කියලා. ඒත් අද උදේ බලද්දී
හැම දේම නැතිවෙලා. ඊයේ රෑ රහස්ය අංකේ මාරු කලා කියනවා. මූණු පොතට ලොග් වුන මේල්
එකටත් යන්න බෑ.
මට හිතා ගන්න බෑ.
බට්ටිට තරහ කාරයෝ හිටියේ නෑ. මේ තරම් දරුණු දෙයක් කරන්න බට්ටි කාටවත් ඒ තරම් වරදක්
කලේ නෑ. ඒත් අනේ කවුරු හරි බට්ටිට එහෙම කරලා. හෙට වෙද්දී බට්ටි ආදරෙන් රැක ගන්න මේ
බ්ලොග් එකටත් එන්න බැරුව යයි කියලා බට්ටි හුගක් බයෙන් ඉන්නේ. මූණු පොත නැති වුනාට
දුක නෑ. ඒත් බ්ලොග් එක නැති වුනොත් හුගක් දුක හිතෙයි. ඒත් බට්ටි නොලිය ඉන්නෙ නෑ.
මම මගේ යාළුවන්ට පොරොන්දු වුනා මොනදේ වුනත් බ්ලොග් එක ලියනවා කියලා. එහෙම වුනොත්
අලුතින් එකක් හදන් බට්ටි ලියනවා. අනේ මගේ යාළුවනේ බ්ලොග් එකේ ආරක්ෂාව වැඩි කරන
විදිය ඔයාල දන්නව නම් මට කියල දෙන්න. මම මේකට හුගක් ආදරේයි.
මගේ යාළුවනේ මට මේකට
එන්න බැරුව ගියොත් මාව අමතක කරන්න එපා. කොළඹට වෙලා ඉන්න මම හැම අතින්ම හිත නිදහස්
කර ගත්තේ මේ බ්ලොග් එක නිසා. දුක සතුට කේන්තිය හැමදේම මේ කීබොඩ් එකෙන් අකුරු කරලා
හිත සැහැල්ලු කර ගත්තා. හැමෝම පරිස්සමින් ඉන්න.