මෙන්න මේවිදයට තමයි ඒ බෝනික්කා හදන්නේ.
අවශ්‍ය ද්‍රව්‍ය
පාට කිහිපයක A4
කතුරක්
ටූත්පික් එකක්
හොදින් ඇලවෙන ගම් වර්ගයක්
සාදන ආකාරය
A4 කොලයේ දිග අතට සෙන්ටිමීටර් භාගයක් පළල සිහින් පටි කපා ගන්න. ( 1 රෑපය බලන්න)
ටූත් පික් එකක ආධාරයෙන් රවුමක හැඩයට A4 පටි ඔතා ගන්න. රවුම් සෑදීමේදී වර්ණ තුනක් යොදා ගන්න. ඉන් එවුම් දෙකක් එක සමාවන ද අනෙක් එක තරමක් විශාලවද සාදා ගත යුතුය. ( 2 රෑපය ලෙස දමා ඇති රවුම් දෙක)
එකම සයිස් එකට සාදාගත් රවුම් දෙක මූණ සහ ඔළුව සදහා ද තරමක් විශාලව සාදාගත් රවුම ඇග කොටස සදහාද යොදා ගනී.එසේ සාදා ගත් රවුම් ඇගිල් වලින් සීරුවට උඩු අතට තල්ලු කරන්න. ඇග කොටස සදහා සෑදූ රවුම සීනුවක හැඩයටද, අනෙක් අවුම් දෙක බෝලයක පළුවක් ආකාරයටද සකසා ගන්න. (3 රෑපය )
බෝලයකින් භාගයක් ලෙස සකසා ගත් කොටස් දෙක එකට අලවා ගන්න. ( 4 රෑපය බලන්න)
කකුල් දෙක සෑදීම සදහා සෙන්ටිමීටර් 4ක් දිග 3ක් පළල A4 කොටු දෙකක් ටූත් පික් එකේ කද කොටස ආධාර යෙන් රෝල් කර ගන්න. ( 5 රෑපය බලන්න)
අත් දෙක සදහා සෙන්ටිමීටර් 2ක සහ 1.5 ක් දිග පළල සෙන්ටි මීටර් 0.5 ක් වූ සිහින් පටි දෙකක් රවුමක් ආකාරයට ඔතා එහි මැදින් නිය පොත්තෙන් සීරුවට උඩට අදින්න. (6 රෑපය බලන්න)
ඉන් පසු එම කොටස් දෙක 7 රෑපයේ පෙන්වා ඇති ආකාරයට අලවා ගන්න. එවැනි කොටස් දෙකක් අත්දෙක සදහා සාදා ගත යුතුය.
ඉන් පසු වර්ණ දෙකක පටි දෙකක් දිගට අලවා ටූත් පික් එක ආධාරයෙන් ඔතා ගන්න. මෙය එතීමේදී හොදින් තදට එතිය යුතුය. එසේ ඔතා ගත් රවුමෙහි එක් කෙලවරක් උල් හැඩයක් එන සේ අතින් හැඩ කරන්න. (8 රෑපය බලන්න)
දැන් අවශ්‍ය සියලු කොටස් සාදා ගෙන අවසානයී. ඉන් පසු එම කොටස් එකින් එක අලවා ගන්න. මුලින්ම ඔළුව කොටස සහ කද කොටස. (9 රෑපය බලන්න)
ඉන්පසු කකුල් දෙක, යටිපතුල්, අත් දෙක අලවා ගන්න.ජෙල් පෑනක් ආධාරයෙන් ඇස් දෙක කට සහ ගවුමේ සික් සැක් ඉරි ඇද ගන්න. මෙය කීටැක් එකක් ලෙස භාවිතා කිරීම සදහා A4 වලින් පුංචිවට මුද්දක් සාදා එය හිසෙහි මුදුනෙහි අලවා වෙළද පොලෙහි ඇති කීටැක් දගරය එයට සවි කර ගන්න. ( වෙළද පොලෙහි ඇති එම කොටසට කියන නම නම් නොදනී)
දැන් ඔබට ඉහත ආකාරයේ හුරුබුහුටි බෝනික්කෙකු දැක ගත හැකිය.
සැ.යු. මේය සෑදීමේදී දෑත් ඉතා පිරිසිදුව තබා ගැනීමට සැලකිලිමත් වන්න.
ප.ලි. මෙය මාගේ පළමු පාඩම නිසාත් කලින් කිසිම දවසක මෙවැනි දෙයක් කර නොමැති නිසාත් මෙහි ඇති අඩු පාඩු වලට සමාවෙන්න.