මේක මගේ ජීවිතේ අදටත් මං හුගක් පසුතැවෙන මගේ හිතේ තදින්ම කාවැදිලා තියෙන සිද්ධියක්. මේක වුනේ මම දහය වසරේ ඉගෙන ගනිද්දී.
ඉස්කෝලේ හැම පන්තියකම තිබුණේ කළුලෑලි. ඉතිං මේවායේ ටික දවසක් ලියද්දී සුදු පාට වෙලා ආයෙම කළු ගාන්න වෙනවනේ. කළු ලෑල්ල පාට කරන්නේ අර බැට්රි කෑලි වල ඇතුලෙ තියෙන කුඩු දොඩම් ඉස්මයි එක්ක කවලම් කරලා. ඔහොම පාට කරාට පස්සේ ටික දවසක් යනකම් මිස්ලා සර්ලගේ අතේ කළුපාට ගෑවෙනවා.
ඔය විදියට කළු ලෑල්ල පාට කරපු දවසක එක පිරිමි ළමයෙක් මොන මොනවදෝ පල්හෑලි වගයක් ලියලා තිබුණා බෝඩ් එකේ. විද්‍යාව මිස් තමයි මුලින්ම එදා පන්තියට ආවේ. එදීදිම බෝඩ් එකේ තිබුණ දේවල් දැකලා කවුද ලිව්වේ කියලත් අත් අකුරු වලින්ම අදුන ගෙන එයාට කිව්වා ඇවිත් මකන්න කියලා. දැන් ඉතිං ඒ ළමයා නැගිටින්නෙම නෑ.
මිස් මගේ නම කියලා කතා කරලා කිව්වා පුතේ ගිහින් කෝටුවක් කඩාගෙන එන්න කියලා. මමත් කියන සුනංගුවෙන්ම කඩාගෙන ආවා හොදට හයිය පේර කෝට්ටක්. මොකද ඉතිං ගහන එකත් වෙලා හයිය එකකින්ම ගහන්න ඕනනේ. ඒක නිසායි එහෙම එකක් කඩාගෙන ආවේ.
අන්තිමේදී මිස් කොට්ට අතට ගන්නවත් එක්කම එයා ඇවිත් ලියපු එක මකලා දැම්මා. ඊට පස්සේ අත්දෙකේ හොදටම කළු ගෑවිලා.
මම කොහොමත් ඒ දවස් වල ඉස්කෝලේ ටැප් එකෙන් වතුර බොන්නේ නෑ. ගෙදරින් පොඩි ප්ලාස්ටික් බෝතලයකට වතුර අරගෙනයී යන්නේ. මම හැමදාම ඉන්නේ පන්තියේ පළවෙනි පේලියේ අයිනෙම. ඉකමනට ගුරුමේසේ ලගට යන්න තියෙන ලේසිම තැන. මම ගේන වතුර බෝතලේ එතනම බිත්තිය උඩින් තියලා තියනවා.
ඉතිං මේ පිරිමි ළමයා මගේ වතුර බෝතලේ අරන් අත හොදන්න යන්න හදද්දිම මම අනේ අනේ එපා කිව්වා. ඒත් ඉතිං කිව්වට අහන එකක්ය එයා ඒකෙන් අත හොදන්න එළියට යන්න හැදුවේ. මිස්ට මේ වැඩේට කේන්ති ගියා. මිස් කිව්වා ටැප් එක තියෙන්නේ වැඩි ඈතක නෙවෙයිනේ ගිහින් අත හෝදන් එනවා.ඒ ළමයා ගෙදරින් ගෙනාපු වතුර එක නාස්ති නොකර කියලා.
මිස්ට හුගක් කේන්ති යනවා. අනිවාර්යයෙන්ම මිස් කියන දෙයක් ඇහුවෙ නැති වුනොත් නම් ගහනවම තමයි. පන්තියේ අනිත් ළමයි ටික මට බෝතලේ ගත්තට කමක් නෑ කියනවා කියලා කියන්න ගත්තා. මම ඒ වෙලාවේ මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරුව එයාට ගැහුවොත් නම් අනිත් ළමයි ටික මව බයිට් එකට ගනී කියලා මම හෙමිහිට කමක් නෑ කිව්වා. මිස්ටත් ඕක ඇහුනේ නෑ.
එක පාරටම අර පිරිමි ළමයා මිස්ගෙන ඇහුවා එයත් කමක්නෑ කියනව නම් මිස්ට තියෙන අමාරුව මොකද්ද කියලා. එයා එහෙම දෙයක් කියයි කියලා මං හීනෙන්වත් හිතුවේ නෑ. ඒ එක්කම මිස් මගෙන් ඇහුවා ඇත්තද පුතේ මේ කියන්නේ කියලා. මොනවා කියන්නද? මම කලේ බිම බලා ගනිපු එක විතරයි. හරිම අකාරුණික විදියට පන්තියේ හැම ළමයෙක්ම මගේ මිස්ට හූ කිව්වා.
විශ්වාස කරන්න එකදිගට මමම කඩාගෙන ආපු වේවැල කැඩෙන කල් මිස් මට ගැහුවා. ඒත් මම බිම බලාගෙන කදුළු සුදු ගවුමට වැටෙනකල් ඇඩුව මිසක් මට මිස්ගෙ මූණ බැලුවෙවත් නෑ.මොකද මට එහෙම කරන්න හයියක් තිබුණේ නෑ.
පාසල් ජිවිතයටම ගුරුවරයෙකුගෙන් ගුටි කාපු එකම දවස. .ගණිතය මිස් අස්වෙලා ගියාට පස්සේ උහුල ගන්න බැරි දුකකින් හිටිය මට හෙවණැල්ලක් වුණ එකම ගුරුවරිය. ගෙදර අම්මා නැති නිසා මගේ දේවල් කියන්න මට මේ ලෝකේ බුදු හාමුදුරුවෝ එවපු එකම කෙනා. අනේ මගේ මිස්ට මං ජීවිතේ කාලෙම ගෙවලා ඉවර කරන්න බැරි වරදක් කලා.
එදා දවසෙ මම මගේ ඩෙස් එක පෙගෙනකල් ඇඩුවා. කාලපරිච්ඡේද දෙකක් උගන්නන්න ආපු මිස් එවෙලෙම පන්තියෙන් ගියා. ඊට පස්සේ පන්තියට ආපු ගණිතය සර් කිව්වා මොකද මේ අම්මා විවේකාගාරෙ ඔළුව තියන් දුව මෙතන ඔළුව ගහ ගෙන ඉන්නවා කියලා. සර් එහෙම කියද්දී මගේ දුක තවත් වැඩි වුන එකයි වුනේ. මම අන්තිම පීරියඩ් එකේ ලැබ් එකට ගියා මිස්ගෙන් සමාව ඉල්ලන්න. සමාව ඉල්ලන්න පුළුවන් වරදක් නෙවෙයි මම කලේ ඒත් මට එහෙම කරන්න ඕන වුනා.
මම යද්දී මිස් පොත් වගයක් බලබල හිටියේ. මිස් ලගට ගියාට මට කතා කර ගන්න බැරුව හොදටම ඇඩුනා. මිස් මගේ අතකින් අල්ලලා ලගට අරගෙන කිව්වේ ඇයි පුතේ ඔයාගේ අම්මට එහෙම කාලේ කියලා. ඒ වචන අදටත් මගේ කන්දෙකේ දෝංකාර දෙනවා.
යාළුවො තරහ වෙයි කියලා මං එදා එහෙම කලාට අද මං ලග කිසිම යාළුවෙක් නෑ. මිස් විතරයි තට්ට තනියම ඉන්න මං එක්ක අදටත් ඉන්නේ. ජීවිතේ අපි නොදැන කරන දේවල් පස්සෙ කාලෙක මතක් වෙද්දී පුදුමාකාර දුකක් එන්නේ.
සිද්දියෙන් පස්සෙ හරි මිස් තත්වෙ තේරුම් ගන්න ඇති කියල හිතනවා.
ReplyDeleteදුක් සිද්දියක් තමයි. ඒත් ජීවිතේ සමහර වෙලාවට තීරණ ගන්න වෙන වෙලාවලට ගිරේට අහු වුණු පුවක් වගේ වෙනවා....
හ්ම්... වාචාලයා වුනත් කියලා තියෙන්නෙ අමූලික ඇත්ත. :D
ReplyDeleteඅදම තමයි මම ඔයාගෙ බ්ලොග් එකට ආවේ. මේ කතාව කියෙවනකොට මම දැක්ක "ඇයි තාත්තේ අපිට මෙහෙම කලේ? - මගේ ජීවිතය 02" කියන ලින්ක් එක, මම නිකමට එක බැලුව, පස්සෙ එකෙ මුල් කොටස, මට තෙරෙන්නෙ නෑ ඔයාට මොනව කියන්නද කියල. මට හිතට වැදුනා ඔයාගෙ අම්මා ගැන, මට ලොකු දෙයක් කියන්න තෙරෙන්නෙ නෑ, ඒත් මම මේ ලින්ක් ඔක්කොම කියවන්නම්. මම හිතනව ඔයාට දැන් හොඳ ජීවිතයක්, ඔයාගෙ අම්මා දැන් හොඳින් සහ සන්තෝසෙන් ඉන්නවා ඇති. හිතට ගොඩක් ප්‍රශ්න එනවා, මම ඔක්කොම කියවලා ඉන්නම් ඉස්සෙල්ලා, සමහර විට මගෙ හිතට ආපු දේවල් වලට ඔයාගෙ අනිත් පෝස්ට් වල උත්තර ඇති. මොනවා උනත් මට හරියට මේක වැදුනා. මම අනිත් පෝස්ට් කියවන්නම් පස්සෙ. මම කැමතියි මේ කොමෙන්ට් එක පබ්ලිශ් කරන්න එපා. මම සාමාන්නයෙන් බ්ලොග් වල කොමෙන්ට් දාන්නෙ නෑ. මගෙ බ්ලොග් එකෙත් මම රිප්ලයි කරනවා අඩුයි. ඔයාට අම්ම හරි වීරිය ගැහැනියක්, මම හිතන්නෙ ඒකම ඇතිවෙවි ඔයාලට සන්තෝස වෙන්න
ReplyDeleteහ්ම්.... යාලුවො ටිකත් මරු නෙ.මිස් කෙනෙක්‍ට හූ කියන්න තරම් නරක් වුනේ කොහොමද????
ReplyDeleteගොඩක් හොද මිස් කෙනෙක් !!
ReplyDeleteඒක නෙමෙයි නංගි අර බෝඩ් එකේ එක එක දේවල් ලිව්වේ ලහිරුද ?
දුක හිතෙන කතාවක්.. අපි ගොඩාක් ආදරේ කරන අය අපිට දුකක් දුන්නම ඒ වේදනාව දැනෙනවා වැඩි..
ReplyDeleteඔයා කිසිම වැරැද්දක් කරල නෑ නේ ...
ReplyDeleteබට්ටිගේ යාළුවෝ ටික නං මරු...මොන හිතකින්ද හප්පා ගුරුවරුන්ට හූ කියන්නේ ...
ReplyDeleteබට්ටියේ ඒ වයසේදී කට්ටියක් එක්ක එකතු වෙලා බයිට් කරන එක ඉවසගෙන ඉන්න අමාරුයි තමයි.
ReplyDeleteමිස්ගෙන් අරහම අහපු එකාට කෝටුව කැඩෙන්න ගැහුවනම් කවදාවත් එයාට ළමයි හූ කියන්නේ නැහැ. එයා මුලින් ඔයාගෙන් ප්‍රශ්න කරන්න කලින් අර ළමයට නිසි දඬුවමක් දීලා ඉන්න තිබුනා.
ගුරුවරයෙක් කවදාවත් තමන්ගේ ගෝලයෝ ඉස්සරහ දියාරු පෞරුෂයක් පෙන්නන්න හොඳ නැහැ මේ වගේ වේලාවකදී.
මේ ඉතින් මං හිතන හැටි.
මොනවා උනත් බට්ටි ගුටි කාපු එක ගැන දුකයි.
මම ඉස්කෝලෙදි ගුටි කාලා තියෙන්නේ අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන්.
ඒත් සමහර ගුරුවරු ළමයින්ට දඬුවම් දීපු අසාධාරණ සහ පක්ෂග්‍රාහී ක්‍රමය දැක්කහම ගුරුවරු බහුතරයක් මට එපා වෙලා ගියා.
ගැහුවේ නැති උනාට ඊට වඩා ලොකු හානි මගේ ජීවිතයට කරපු ගුරුවරු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනක් කල හානියෙන් මට පස්සේ කාලෙක ප්‍රයෝජනයක් අත් උනා. ඒ කියන්නෙ එයා නිසා මම හිටපු රස්තියාදුකාර නගරේ ඉස්කෝලෙන් අස් වෙලා ආපහු ගමේ ඉස්කෝලෙට එන්න මග පෑදුනා. ඒක තමයි ලැබුණු වාසිය.
අනිත් එකා ආපහු මගේ දෑහටවත් පේන්න එන්න එපා කියල මම ප්‍රර්ථනා කරන අමු තිරිසනෙක්.
(කවදා හරි ඒ කතාවත් මගේ බ්ලොග් එකේ ලියවේවි)
අදටත් මම ගොඩක් ආදරේ කරන ගුරු අම්මල කීප දෙනෙක් ඉන්නවා.
පුළුවන් වෙලාවට බලන්නත් යනවා.
මට තේරෙන්නේ නැහැ නේ මෙතන ඔයා කරපු වැරැද්ද මොකක්ද කියලා...හ්ම්ම්
ReplyDeleteජීවිතේ සමහර වෙලාවට අපි නොහිතා කරන දේවල් අපේ ජීවිත කාලෙට අමතක කරන්න බැරිව යනවා.. අක්කා ඒ වෙලේ දෙපැත්තෙන්ම අසරණ වෙලා...
ReplyDelete@ වාචාලයා
ReplyDeleteඑහෙම අසරණ වුන වෙලාවට නම් පොළව පලාගෙන යන්න හිතෙනවා.
@ සීතල අයියා
හ්ම්....
@ ප්‍රසා
ආදරයෙන් පිළිගන්නවා ඔයාව බට්ටි ලොවට. ජීවිතේ කියන්නේ පුදුම දෙයක්. අපි පතන දේ ලැබෙන්නේ නෑ.නොපතන දේමයි ලැබෙන්නේ.ඒත් මොනවා කරන්නද? එහෙමයි කියලා මැරෙන්න බෑනේ. ඉවසන්න පුළුවන් දැන් නම් උපරිමයටම.
@ නිසුපා
ඒ ගැන කතා නොකර ඉමු අක්කේ.
@ මධුරංග
අනේ අනේ ඒ නම දැන් අල්ලගෙන ඉන්නේ නේ. අයියෝ එයා හරි අහිංසකයෙක්. එහෙම වැඩ කරන්න තියා හිතනන්වත් පුළුවන් කෙනෙක් නෙවෙයි.
@ වර්ණා
ඔව් ඒක පුදුමාකාර වේදනාවක්
@ මගේ කවි
ස්තූතියි මේ පැත්තේ ආවට. මං නිසා මිස්ට හූ කිව්වේ කියන අදහස මගේ හිතේ තදින්ම තියෙනවා.ඒකයි.
@ ඔබ නොදුටු ලොවක්.....
හ්ම් ....
@ ලොකු පුතා
මගේ ජීවිතේ පුදුමාකර බැදීමක් ගුරැවරැ එක්ක තියෙන්නේ. විද්‍යාව මිස් ගණිතය මිස් මට අදටත් සලකන්නේ දරැවෙක්ට වගේ. ඇත්ටම මිස්ලා මගේ ජීවිතේ පුදුමාකාර විදියට වෙනස් කලා. ඔයාට වගේම හොද නරක කියන දෙපැත්තටම. එව්ව සමහරක් දේවල් කවදාවත් මං මේ බ්ලොග් එකේ ලියන්නේ නෑ. මොකද මං පන වගේ ආදරේ කරන මිස්ලා තුන් හතර දෙනාට ඒකෙන් නපුරක් වෙයි කියලා හිතෙන නිසා.
ගුරැවරැන්ට පුළුවන් ළමයින්ගේ ජීවිත උඩුයටිකුරැ කරන්න.
විද්‍යාව මිස් කියන්නේ ඉස්කෝලේ ඉතිහාසෙම කිසිම ළමයෙක් කැමති නැති මම විතරක් පැලෙන්න ආදරේ කරන මිස් කෙනෙක්. හුගක් හොදයී. ඕනවට වඩා කේන්තියනවා.
මිස්ට ඒ ළමයා එහෙම දෙයක් කියපු එකට වඩා මං එහෙම කරපු එක අදහන්න බැරි වුනා කියලා මිස් මට දවසක් කිව්වා.ඒකයිලු එහෙම කලේ. මට වගේම මිස්ටත් ඒ දවස හුගක් මතකයි. ඒකයි වැඩිපුරම මට අදටත් දුක.
@ සයුරි
ඇයි කෙල්ලේ මගේ අම්ම වගේ ඉන්න මිස්ට ළමයි හූ කිව්වේ මං නිසානේ ඒකයි.
@ Dinesh
ඒක ඇත්ත මල්ලී මේ සිද්ධිය පුදුමාකාර විදියට මගේ හිතේ තැන්පත් වෙලා තියෙනවා. ඒ සමහර විට කවදාවත් ගුටි නොකා මිස්ගෙනම ගුටිකන්න වුන නිසාද දන්නේ නෑ.
අදයි බට්ටිගෙ බට්ටි පිටුවට මුලින්ම ගොඩවුනේ.විසිතුරු බව කියාගන්න වචන නෑ.මේ සඳකිඳුරාගෙ හිත ගොඩක් දේ වලට රුචි වෙන්නෙ නෑ.ඒත් ඔබේ ශෛලියට මම හරිම කැමතී.හිතට දැනෙනවා :)
ReplyDelete@ සඳකිඳුරා
ReplyDeleteපිලිගන්නවා ඔයාව බට්ටි ලොවට හදවතින්ම. බොහොම ස්තූතියි යාළුවේ වචන ටිකට. ඔහොම දේවල් අහන්න ලැබෙද්දී තව ලියන්න ආස හිතෙනවා.
මිස්ට හූ කිව්වා.... චාටර් ඒක නම්...
ReplyDelete