මේ කියන සිද්ධිය වුනේ ඉස්කෝලෙ නිවාසාන්තර ක්‍රීඩා තියෙන කාලේ. ක්‍රීඩා තරග වලින් මම නම් කරන්නේ මලල ක්‍රීඩා විතරයි. කණ්ඩායම් තරග වලට නම් දක්ෂම නෑ.
ක්‍රීඩා උත්සවේ කිට්ටු කරලා තරග පවත්වන්න පටන් ගත්තා. තරග කාල සටහන් වෙනස් වෙන නිසා තරග වලට ඉන්න ළමයින්ට හැමදාම ක්‍රීඩා ඇදුම් අරන් එන්න කියලා මිස් කියලයි තිබුණේ.
එදා තිබුණේ වොලිබෝල් තරග. අපේ නිවාසේ වොලිබෝල් ටීම් එකේ එක ළමයෙක් ඇවිත් නෑ. නම් දාද්දී කවුරැත් නෑවිත් ඉන්න එකක් නෑ කියලා හිතලා දාන්නම වෙන නමකුත් නෑ කිව්ව නිසා මගේ නම අතිරේක නමක් විදියට දාලයි තිබුණේ. ඉතිං මොනවා කරන්නද? පීනන්න බැරිවුනත් දැන් ඉතිං ගිලිලා මැරෙන්න හරි වතුරට බහින්න වෙන නිසා මාත් කොට සුදු සායයි. සුදු ටී එකයි.කහපාට හෙයාර් බෑන්ඩ් එකයි දාගෙන බැස්සා පිට්ටනියට.
අපේ නිවාසෙට හම්බ වුනේ බයි එක. දැන්නම් ඉතිං පැරදුනත් අනුශූරයෝ වෙන්න පුළුවන් කියලා හිත හදාගෙන තමයි අපි හැමෝම හිටියේ. පළවෙනියට සෙල්ලම් කරලා දිනපු ටීම් එකත් එක්ක සෙල්ලම් කරන්න කෝඩ් එකට ගියා.කොහොම හරි ගිය ගමන් මං හිට ගත්තේ කෝඩ් එකේ පළවෙනි රවුමේ අන්තිමට සේව් කරන තැන. දෙතුන් පාරක් අපේ පැත්තේ බෝලෙ තිබුණට මගේ ලගට නම් බෝලේ ආවේ නෑ. ඒත් ඉතිං එක තැන ඉන්න බෑනේ.සේව් එකෙන් සේව් එකට රවුමට යන්න වෙනවනේ.ඒ ගමන මගේ ලගට බොලේ ආවා. මාත් අත්දෙක එකතු කරලා බෝලෙට ගැහුවා. මගේ අත්දෙකේ රැධිර කේශනාලිකා පේන්න පටන් ගත්තා ගහපු පාරට.ගහන ක්‍රමේ හරියට දන්නේ නෑනේ. ඒකයි. මම හිතා ගත්තා ආයෙ නම් මම ඔය මගුලට ගහන්නේ නෑ කියලා. නිකන් වේදනා විදින්න පුළුවන්ද?
සුළු විවේකයක් ලැබුණා. මං දුවගෙන ගිහින් කොට්ටම්බා ගහයට තණ පිස්ස උඩ ඉදගෙන වේදනාවෙන් පුපුරැ ගහන අත්දෙක අත ගා ගත්තා.ඒ ගමන නම් අනිත් ළමයි කිව්වා එයාලා බලා ගන්නම් මට පැත්තකට වෙලා ෂේප් එකේ ඉන්න කියලා.
ආයේ තරගේ පටන් ගත්තා. මගේ ලගට බෝලේ එද්දී මං පස්සට ගියා. ගහන්නම් කියලා කිව්ව එකෙක්වත් බොලෙට පැන්නෙවත් නෑ. ඒ එක්කම අනිත් නිවාසේ පිරිමි ළමයි හූ කිය කියා කෑගහන්න පටන් ගත්තා. එක්කෙනෙක් කිව්වා “අන්න නියම කඩේ,එතන තමයි තැන,කඩේ බලලා දාන්න කියලා” ඒ ඔක්කොම ඉවසුවා කියමුකෝ තව පිරිමි ළමයෙක් මුළු ඉස්කෝලෙටම ඇහෙන්න කෑ ගහලා කිව්වා තා බත් ඇටයක් කාලා ඇවිත් පත්තර පිටුවක් තියාගෙන ගහන්න කියලා.
ෂික් මෙහෙම ලැජ්ජාවක්. තවත් බෝලෙට නොගහ හිටියොත් නම් මොනවා අහන්න වෙයිද දන්නේ නෑ කියලා හිතලා මං ලගට එන එන එකට පුළුවන් විදියට ගැහුවා. ඇගේ හයිය සේරම දාලා යාන්තම් සේව් දෙකකුත් දාගත්තා. දැන් නම් අත්දෙක හොදටම රිදෙනවා.
ඒ ගමන මං හිටියේ හරි මැද. එහා පැත්තේ ඉදලා බොලේ අපේ පැත්තට ආවා. ගහන්න හිතන් තමයි පැන්නේ. ඒත් බොලේ ආවේ ඔළුවට. මං ඉතිං ඔළුවට උඩින් වම් අත ඇල්ලුවා. අත ඇල්ලුවේ ඇගිලි ටික දිග ඇරගෙන. අයියෝ මගේ වම් අතේ මැද ඇගිල්ල චරාස් ගාලා දෙකට නැමුනා. ඇගිල්ල උළුක්කු වෙලා.
මෙහෙමත් පරිප්පුවක්. මිස්ලා දෙන්නෙක් එක්ක සීයා කෙනෙක්ගේ ගෙදරින් උළුක්කුව ඇද ගෙන ගෙදර ආවා.
අනිත් අත නම් කමක් නෑ මයේ ඉතිං වටිනම අතේ වම් අතට මෙහෙම දෙයක් වුනහම කොහොම කියලා උහුලන්නද...................
හිතුමතේ මෙහේ ගොඩ වදිනකොට බට්ටි අත උලුක්කු කරගෙන.... කෝ ඔය තෙල් බෝතලේ අරගෙන ආවනම්...
ReplyDelete@ හිතුමතේ
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා ඔයාව. දැන් ඉතිං ඔයා තෙල් හෙව්වට මේක වුනේ නම් අවුරැදු ගානකට කලින්. ආයේ උලුක්කුවක් වුනොත් කියන්නම්කෝ.
හික්ස්.... නොදන්න වැඩ නොකරන් අබරෝ කියන්නෙ ඕක තමයි...
ReplyDeleteකෝඩ් එක නෙවෙයි කෝට් එක නේද???
පුදුමයි බොලේ වැදිලා බට්ටිව උඩින් විසික්කා උනේ නැති එකනම්... :)
ReplyDeleteවොලිබෝල් ගහල මමත් අතපය හොඳට උලුක් කරගෙන තියෙනවා
බට්ටියා දන්නවනෙ දිල් වොලිබෝල් ගහපු වග... අතේ ඇඟිලි ඔක්කොම කැඩිලා ඇති..මූණට වැඳුන පාරවල් ගාන මතකත් නැතුව ඇති...ඒත් සෙල්ලම නැවැත්තුවද.... :)
ReplyDeleteඑක කාලේක අපිව පුහුණු කරවන්න ආපු සර් කෙනෙක් ගහපු ඩැෂ් පාරක් දිල්ගෙ බඩ් මැද්දට වැදිලා මාසයක් විතර බෙහෙත් කලත් එක්ක....ජීවිතේ රස තැන පීරලා හොයලා ගේන්න බට්ටි දැන් හපනියක්.....ආ කියන්න අමතක උනා මට බෝනික්කෙක් හඳලා තියන්න....දවසක ඒ පැත්තට ආවම මට ඕනෙ.... :)
@ නිසුපා
ReplyDeleteඒකනේ අක්කේ. දැන්නම් මතක් වෙද්දී හිනා.
@ ලොකු පුතා
ReplyDeleteඍයි ඉතිං ලොකු නිසා බට්ටිට හිනාවෙනවා නේ. ඉන්නකෝ මං කවද හරි ඕවට කනෙන්ම අල්ල ගන්නකං
@ අක්කා (දිල්)
ReplyDeleteඅක්කගේ ජීවිතේ ගැන ලියපු හැම දෙයක්ම මම විසි තිස්වතාවක් විතර කියවලා තියෙනවා.
ජීවිතේ දුක විතරක්ම දැකපු මං පුදුමාකාර විදියට ජීවිතේ දිහා අලුත් ඇහකින් දකින්න පටන් ගෙන. අනිවාර්යයෙන්ම ඔයාට මං හදලා දෙනවා අක්කියෝ. හැබැයි ඕන් වෙන්ඩ ඉන්න මහත්තයා මට බනීද දන්නේ නෑ. අක්කී බබෙක් කියලා හිතාන බෝනික්කෝ දුන්නද කියලා. :D
ඕකටමද මංදා කියන්නේ නොදන්නා වරිගෙට ගිහින් දෙමලෙ නහගන්නවා කියලා...
ReplyDeleteහිකිස්....
මං ඒත් හිතුවා එදා බැට්මින්ටන් ගහද්දි වගේ උඩ පැනලා වොලිබෝලෙටත් ගහලද කියලා.. හොද වෙලාවට එදා උන වගේ දෙයක් උනේ නැත්තේ...
ReplyDeleteබෝලෙට ඇඟිල්ලෙන් අයින්න ගියේ මොකෑ බොල !!!
ReplyDeleteශා බට්ටිත් එතකොට හොද වොලිබොල් කාරියක් ඇ..... ඉතින් ඉතින් ඔය මැච් එක දිනුවැයි.. කුසලාන සහතික එහෙම ගත්තද බට්ටියේ
ReplyDeleteහකිස්, බත් කන අතට මොනව හරි වුණාම කාට හරි කියල කව්වා ගන්න හරි හැකිනෙ. ෆාආආආවු සුට්ටි බට්ටිගේ වම් අත .
ReplyDeleteඅනේ පව් අප්පා බට්ටි....:)
ReplyDelete@ නෝටියා
ReplyDeleteඅනේ ද කියන්නේ.....
@ Dinesh
ReplyDeleteඑකනේ මල්ලී.ඒ වුනාට මේපාර ඊට වඩා වේදනා වින්දා
@ මධුරංග
ReplyDeleteහැමෝම අත් දෙකෙම්ම ගහද්දී චන්ඩියා වගේ වැඩක් දාන්න ගියේ. කෝ ඉතිං මං හිතුවට බැලූන් එකක් නෙවෙයිනේ.
@ Chanaka Aruna Munasinghe
ReplyDeleteඔන්න ඉතිං කිව්වේ නැතැයි මොඩ කතාවක්. මං කිව්වේ මගේ ඉතිං ඔය කෑම කන වැඩේ ඇරෙන්න අනිත් වැඩ සේරම කොරන්නේ මං වම් අතින් තමයි. ඒකයි කිව්වේ වම් අත තමයි වැඩියෙන් වටින්නේ කියලා.
@ සයුරි
ReplyDeleteඔව් සයුරි මොනවා කරන්නද.....
දිල්ට මොටද බෝනික්කෝ..:D
ReplyDeleteඅනේ අර පත්තර පිටු කතාව කිව්ව එකා කවුද.. ඌ බොරුනේ කියලා තියෙන්නේ...සව් කඩදාසියක්වත් ඕන කකුල් යටින් තියා ගන්න... අනික ඔය වගේ තැන්වල ඉන්න කොට මතක ඇතිව ගඩොල් බාග දෙකක් සාක්කුවල දා ගන්න නගේ.. නැත්තං හුළගක් ආවම කොහේ නවතීද දන්නේ නැහැනේ...
@ අයියා (මාර)
ReplyDeleteබයවෙන්න දෙයක් නෑ අයියේ. හුළගටවත් යන්න ඉඩක් නෑනේ අයියේ. පාරේ යද්දි නම් සලකලා බලන්න ඕන.