September 22, 2012

“මගේ හද‍වතේ දෙවියන් නුඹ වෙයි මතු ගමනේ...”


දස මස මා කුස හොවාන...දුක් ඉසිලූ අම්මා...
සිරුරේ දිව් රතු රුධිරය...කිරි කර පෙව් අම්මා...
ඒ සෙනෙහස නොව කිසිවෙක්...ලොවෙ නම් මට අම්මා...
සංසාරෙම පුරුදු පරිදි... නුඹමයි මගේ අම්මා...

ආදරයේ කිසි අඩුවක් කිසි දින නැත පෙන්නා...

පුංචි කදුළකටත් මගෙ කදුළු සලන අම්මා...
මේ සෙනෙහස නුඹ කොතැනින් නම් ගෙන එම්මා...
ඉතින් සදා සෙවන නුඹයි මගෙ ආදර අම්මා...

මෙත් කරුණා මුදිතා ගුණ නුඹෙනුයි මම උගනේ...
දොහොත් නගා වදිමි නුඹට “ගෙදර බුදුන්‍ ලෙසිනේ”....

මගේ සුදු අම්මාට... සුභ උපන්දිනයක් වේවා...


අද මගේ අම්මා පනගේ උපන් දිනේ..ගිය අවුරුද්දේ අම්මගේ උපන් දිනේ වෙනුවෙන් පෝස්ටු දෙකක්ම ලිව්වා. (එකක් මේක ,අනික මේක ) මේ පොස්ටු දෙකම ලියද්දි හිතුවෙ අම්මගේ 51 වෙනි උපන් දින පොස්ටුවෙන් එයා දැන් සතුටින් ඉන්න කෙනෙක් කියලා ඔයාලා හැමෝටම කියන්න පුළුවන් වෙයි කියලා.ඒත් බට්ටිට ඒ වාසනාව නෑ.ඒ හීනේ එන්න එන්නම දවසින් දවස ඈතට යනවා.අල්ල ගන්නත් බැරි තරම්ම දුරට.කවදා කොහොම ඒ හීනෙ එළිවෙයිද කියලා හිතා ගන්න බැරි තරමටම බට්ටිගේ හිත අසරණවෙලා.
අද අවුරුදු 51ක් එකක්. හ්ම්...ඒත් ජීවිතේට අවුරුද්ද අවුරුද්ද එකතු වෙද්දි ඒ හිතේ සතුට එකින් එක ‍වැඩි ‍නොවෙන තරමට මේ ලෝකේ කුරුරි වෙලා. ඒත් ඒ යකඩ හිත කවම දාවත් ලෝකෙට කිසිම දෙයක් පෙන්නන්නේ නෑ. ඒ තරම්ම ඒ හිත ශක්තිමත්. කියා ගන්න බැරි තරමටම ඒ හිත සවිමත්. වෙලාවකට මට මේ ලෝකෙටම කෑ ගහල බනින්න හිතෙනවා. වෙලාවකට මට මේ ලෝකෙටම ඇහෙන්න කෑගහලා අඩන්න හිතෙනවා. ඇයි දෙයියනේ දුක තියෙන මිනිස්සුන්ගේ හිත් වලට විතරක් හැමදාම දුකම එකතු කරන්නේ කියලා. 

ඉතිං තවත් මේ පොස්ටුව ලියන්න බෑ මගේ යාළුවනේ.තව ලිව්වොත් හිතේ හිරවෙච්ච සේරම මේකෙ අත ඇරෙනවා.ඒම ලියලා මේක කදුළු පොස්ටුවක් කරන්න බෑ.

ලෝකෙ ඉන්න සුන්දරම , ශක්තිමත්ම යකඩ හිතක් තියෙන ඇගේ හිතට සතුට ලං කරන්න පුළුවන් වුන දවසක බට්ටි දෝර ගලන සතුටින් ලියන්නම්. මේ පොස්ටුවේ මීට වඩා දෙයක් අමුණ ගන්න බැරි වුන එකට මට සමා වෙන්න මගේ යාළුවනේ....


23 comments:

  1. බට්ටිගේ ආදරණිය අම්මාට සුභ උපන්දිනයක්, ඒවගේම නිදුක් නිරෝගී සුවය පතනව . ඒ ආදරණීය අම්මගේ සෑම දුක් කරදරයක්ම ඉක්මන්ට පහව ගිහින් ඇයට සිතේ සැනසිල්ල ලඟ කර දෙන්න කියා පතනවා .

    …මේ ලිපිය බැලුවම ඔයාට වගේ මටත් අකුරු ගොනු කරගන්න අපහසු බවක් දැනුන .
    …ආදරණීය මව වෙනුවෙන් ආදරණීය දියණියක් තැබූ මේ සටහනට බට්ටීට මගේ ප්‍රණාමය !

    ReplyDelete
  2. අම්මල කියනෙ අනාගත බුදුවරු.බට්ටිගෙ අම්මත් එහෙමයි.සතුට ඉක්මනටම ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.බට්ටිගෙ ආදරණිය අම්මට සුභම සුභ උපන්දිනයක්.

    ReplyDelete
  3. බට්ටිගේ ආදරණීය අම්මට සුභ උපන් දිනයක් වේවා !

    අම්මා කෙනෙක් ගෙ ගින්දර ලෝකෙට පෙන්නනනෙ නෑලු බට්ටි. ඒවා හිත මැද්දෙන් තියාගෙන උහුලනවා විතරයි. හැම අම්මෙක්ම ඔහොම නැතත් හුඟාක් අම්මලා එහෙමයි. අම්මට සැනසීමක් සතුටක් දෙන්න පුළුවන් එකම කෙනා ඔයා. ඒක කරන්න පුළුවන් ඔයාට විතරයි. අද නැතත් හෙට ඒ සැනසීම සතුට එයාට දෙන්න.හුඟාක් ආදරෙන්. එදාට අර අම්මගෙ හිතේ තිබ්බ ඔක්කොම ගින්දර නිවිලා යාවි. ...

    ReplyDelete
  4. බට්ටිගේ අම්මාට , සියලු පැතුම් ඉටුවෙන සුබ අනාගතයක් එක්කම වාසනාවන්ත උපන් දිනයක්.

    දියණියකගේ සෙනෙහස ලැබීමත් මවකගේ වාසනාවක් නේද බට්ටියේ...

    ReplyDelete
  5. නිදුක් නිරොගී සුව ලැබේවා....!! ඔබේ ආදරණීය මවට..!

    ReplyDelete
  6. බට්ටිගේ අම්මට සුභම සුභ උපන්දිනයක් ප්‍රර්ථනා කරනවා..!ඒ වගේම බට්ටි ප්‍රර්ථනා කරන සතුට බට්ටිගේත් බට්ටිගේ අම්මගෙත් ජීවිතවලට ඉක්මනින් උදාවෙන්න කියලත් පතනවා.. සැලෙන්න එපා අක්කියෝ...අපටත් දවසක හඬ පායනවලුනේ..! :D

    ReplyDelete
  7. අම්මට සුබම සුබ උපන් දිනයක් වේවා!!
    කරදර වුනත් හැමදාම තියෙන්නේ නෑ බට්ටියේ.සතුටින් ඉන්න දවසක් එනවා හැමෝටම.

    ReplyDelete
  8. බට්ටියාගේ අම්මට සුබම සුබ උපන්දිනයක් වේවා කිව්වා කියන්න.නිරෝගී සුව,දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම හැම දෙයක්ම අනිත්‍ය නම් ඔක්කොම කරදරත් අනිත්‍යයි කියලා අමතක කරන්න එපා.

    ReplyDelete
  9. දුක රැලි ගහ ගහ එද්දී ඊට පිටිපස්සෙන් හැංගි හැංගි සතුට එනවලු බට්ටියේ,,,
    බට්ටිගේ අම්මත් පනුච්චිගේ අම්මගේ වයසමයි.. :)
    බට්ටිගේ අම්මට සුභ උපන්දිනයක් වේවා!!!!

    ReplyDelete
  10. බට්ටිගේ මව්තුමියට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  11. බට්ටීගෙ අම්ම ගැන පෙස්ට් කියවල තියෙන හින්දා අම්ම ගැන ටිකක් දන්නවා ... පොටෝත් දැකල තියෙනවා

    ඔන්න මගෙනුත් අම්මට සුභම සුභ උපන්දිනයකට සුභ පැතුම්!!!

    ReplyDelete
  12. අපිත් ඔන්න සුභම සුභ උපන් දිනයක් කිව්වා කියන්න අම්මට හ්ම්ම් :)

    ReplyDelete
  13. අම්මට සුබම සුබ උපන්දිනයක් !

    ReplyDelete
  14. නිමක් නැති ආදරයක් බට්ටිට දුන්....
    බට්ටිගේ ආදරණිය අම්මාට සුභ උපන්දිනයක් කියා අපිත් කීවා කියන්න....

    ReplyDelete
  15. අම්මට සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා බට්ටි අක්කේ මමත්..

    ReplyDelete
  16. akkige ammata happy birthday wewaa.. hama deyakma hari yaawi :)

    ReplyDelete
  17. ඔයාගේ අම්මාට සුබ උපන්දියනයක්...ඔව් ගිය අවුරුද්දේ පොස්ටුවත් මට හොඳට මතකයි. හීන අවුරුද්දෙන් එලි වෙන්නේ නෑ නංගි. පොඩ්ඩක් ඉවසන්න...

    මේ දවස් ටිකේ ඔයා කොහේ හරි ගිහින් හිටියාවත්ද? පොස්ට් දාලත් නෑ. අපිව අමතක වෙලාද මන්දා

    ReplyDelete
  18. අලේ පරක්කු උනා මේ පැත්තේ එන්න.... බට්ටිගේ අම්මට සිභම සුභ උපන්දිනයක් මමත් ප්‍රාර්ථනා කරනවා හොදේ.

    ReplyDelete
  19. බට්ටිගේ අම්මට සුභ උපන්දිනයක් වේවා (පරක්කු උනාට කමක් නැහැ හදවතින්ම කරන පැතුමක් නිසා)

    ReplyDelete
  20. බට්ටිගේ අම්මාට සුබ උපන්දිනයක් පතන ගමන් ම කියනවා දුක කියන එකත් සදාකාලික නෑ සතුට දැන් ඔබ ආසන්නයටම එන්න ළගයි. ජිවිතය කියන්නේ ඒකටයි.
    http://samakayawate.blogspot.com

    ReplyDelete
  21. බට්ටිගේ අම්මාට සුභ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  22. දැන් බට්ටි අක්ක අම්මට මොනාද දුන්නේ මේ පාර උපන්දිනේට? :))))

    ReplyDelete
  23. අනේ පරක්කුයිනෙ හොදටම සුභ උපන් දිනයක් කියන්න... ඒ නිසා ඔයාගේ අම්මාට හැමදාම සතුටින් නිරෝගීව ජීවත් වෙන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බටිටියෝ..

    ReplyDelete