අයිස් ක්‍රීම් ලීටර් 4ක් සෑදීම සදහා අවශ්‍ය ද්‍රව්‍ය
රත්ති පිටි ග්‍රෑම් 400
සුදු සීනි ග්‍රෑම් 400
ජෙලටින් මධ්‍යසාර මූඩියෙන් 3 ½
වැනිලා
එග් යෙලෝ (වෙළදපොලෙන් මිලදී ගත හැක)
සාදා ගන්නා ආකාරය
සීනි සහ පිටි එකට කවලම් කර ගන්න. උණුවතුර කෝප්ප 2ක් ඒ මිශ්‍රණයට දමා කවලම් කර ගන්න.ඉන් පසු ඇල්වතුර කොප්ප 6ක් එයට දමා නැවත හොදින් කවලම් කරන්න. කවලම් කිරීමේදී එකම අතට මෙය කල යුතුය. ජෙලටින් ටික පීරිසිකොප්පයකට වතුර දමා එහි දියකරගන්න. එයද මුලින් සාදාගත් පිටි සහ සීනි මිශ්‍රනයට දමා දිය කරගන්න. කවලම් කිරීමේදී කැට නැතිවිය යුතුය. ඊටපසු එම මිශ්‍රනය පෙරන්න. ඉන්පසු වැනිලා සහ එල්යෙලෝ සල්පය බැගින් දමා කවලම් කරන්න.
ඉන්පසු සාදාගත් මිශ්‍රනය අධි ශිතකරණයේ පැය 7ක් පමණ තබන්න. ඉන්පසු එය ශිතකරණයෙන් ඉවතට ගෙන විනාඩි 15ක් බීට් කර ටික වෙලාවක් තබා නැවත විනාඩි 15ක් බීට් කර ගන්න. බීට් කරද්දී මැෂින් එකේ උපරිම වේගයෙන් කරන්න මතක තියා ගන්න. ඉන්පසු නැවත පැය 4ක් ශිතකරණයේ තබා නැවත විනාඩි 30ක් බීට් කර ගන්න. ඉන්පසු පැය 7ක් ශිතරකණයේ තිබෙන්නට හරින්න. භාජනය ටිකවෙලාවක් එළියේ තියෙන්න ඇරලා නැවත විනාඩි 30 බීට් කරන්න. ඊට පස්සේ මිශ්‍රනය අල්ලලා බලන්න අතට දැනෙන්නේ පුළුන් වගේද කියලා.එහෙනම් හරියට බීට් වෙලා. දැන් ඉතිං තියෙන්නේ ආයෙම හයි වෙන්න ශිතකරණයේ දාලා කැමති වෙලාවක අරන් කන්න තමයි.
ලග එන අවුරුද්දට ගෙදර එන අයට කන්න දෙන්න තමන්ගෙ අතින්ම අයිස් ක්‍රීම් හැදුවොත් කොයි තරම් ආඩම්බරයක් දැනේද ඒ අය කාලා රසයි කියද්දී. ඇයි නෑ ගම් යද්දී අරනව් ගියොත් කියයී ඒ ඇන්ටි අපිට ගේන්නේ මේස උඩ තියන තෑගි නෙවෙයිනේ කියලා.
සැ.යු.බිට් කරන මැෂින් එක ඉතා උසස් තත්වයේ එකක් විය යුතුය. නැත්නම් බීට් කරන වෙලාව වැඩි නිසා මැෂින් එක පිච්චෙන්න පුළුවන්.
ප.ලි.මේ මෙනූ එක නම් ගිම්හානි අක්කා වෙනුවෙන්මයි ටයිප් කලේ .ඒත් දන්නැති තව අය ඇති කියලා හිතලා හිතුනා පොස්ටුවක් විදියටම දාන්න.
මෙනූ එකේ ගැටළුවක් තියෙනවනම් පහත අංකය අමතන්න. සොරි සොරි පහත කමෙන්ට් බොක්ස් එකේ ලියන්න.
