ලියන කවි පද
නුඹේ නමටයි
හෙමින් නුඹ මට කියනවා
ඒත් එහි ඇති
අරුත් හින්දම
හිතට සැකයක් දැනෙනවා
මෙමට නුපුරුදු
ඇයගෙ තතුදෝ
නුඹ ලියන්නේ හිතෙනවා
කමක් නැහැ කවි
කාට ලිව්වත්
මගේ ආලය පුදනවා
නුඹේ නමටයි
හෙමින් නුඹ මට කියනවා
ඒත් එහි ඇති
අරුත් හින්දම
හිතට සැකයක් දැනෙනවා
මෙමට නුපුරුදු
ඇයගෙ තතුදෝ
නුඹ ලියන්නේ හිතෙනවා
කමක් නැහැ කවි
කාට ලිව්වත්
මගේ ආලය පුදනවා
ෂොප් එකේ වැඩ කල කාර්ය බහුල කාලෙදි මාසයකට බ්ලොග් පෝස්ට් හතරක් වත් ලියපු මට නිදහසේ සැහැල්ලුවෙන් කරන රැකියාවක් ලැබුනට පස්සේ එක පෝස්ට් එකක් වත් ලියා ගන්න බැරි වුන එක ඇත්තටම හරිම පුදුමයි. බ්ලොග් කියවන්න ලියන්න හිතේ තිබුන ආසාව ලෝබකම උනන්දුව මටත් නොදැනිම මුහුණු පොත අයිති කර ගත්තා. ඒත් තුදු තිස්සෙම බ්ලොග් ලියන්නෙ නෑ කියලා බනිද්දි ඇත්තටම බ්ලොග් එක අත ඇරලා දාල තියෙන එක අපරාදෙ කියලා ගොඩක් හිතුනා. අපි ඒ කාලෙ කොයිතරම් පිස්සු නැටුවද. සයුරි අක්කා දෙන තෑග්ග ගන්න එයා පෝස්ට් එකක් දානකල් ඒක දිහාම බලන් හිටිය කාලය ඇත්තටම හරිම සුන්දරයි. බ්ලොග් නොලිය ඉන්න කාලෙදි මගේ බ්ලොග් සැරින් සැරේට කියවලා හොඳට හිනා වෙන කෙනෙක් තමයි ෆාති. එයා කැමති ඒෆෝ පිටුවක් පිරෙන නොපිරෙන ගානට මම ලියන පෝස්ට් එක හුස්මට කියව ගෙන යන්න. ඉතිං ලියන්න ආසයි ආයෙම. කොහොම හරි මාසෙට එකක්වත්. කියවන්න එන හින්දා මගේ පුරුදු යාළුවෝ හැමදාමත්.
ආයෙමත් ලියන්න ගත්තු එක සතුටක්.බුකියට පුරුදු වෙලා ගොඩක් අය දැන් ලියන්නෙ නැ. ඒ වගේම මාත් කමෙන්ට් කරනවා හරිම අඩුයි. ඉඩ තියන විදියට ලියන්න.
ReplyDeleteස්තූතියි තුදු.ගොඩක් නැතත් මාසයකට එකක්වත් ලියනවා.
Deleteහරිම ලස්සනයි මේක..පුන්චි කවියකින් ලොකු තේරුමක්.. :)
ReplyDeleteස්තූතියි සුසී
Deleteමෙන්න මෙයා ලියලා මරු..!!!
ReplyDeleteහා කොහොමද රාජ් අයියා. ස්තූතියි අයියා
Deleteකියවලා කමෙන්ට් එකක් දාන්න එන එක නම් අවුලක් නැති වෙයි. එත් ලියන එක නම් සැහෙන්න හිතන්න වෙනවා බට්ටියේ. පරණ අය ගොඩාක් ලියන්නේ නැති එකේ ඔහොමවත් ලියන එකත් තුති...
ReplyDeleteස්තූතියි දේවා මේ පැත්තෙ ආවට. පරණ අය ටික ටික හරි ලියනව නම් ආයෙම පරණ ලෝකෙට යන්න තිබුනා නේද අපිට
Deleteඅහ්, කවුද මේ.. දැකලා පුරුදු පෙනුමක් තියෙන්නේ.. හරියට මතක නැහැනේ...
ReplyDeleteආනේ ඇත්තට.එකෝට වලි අක්කා මතකම නෑ. බලාගමු හරි
Deleteහරිම සතුටුයි බට්ටි ඔයා ආයෙ බ්ලොග් ලියන්න පටන් ගන්නවා නම්. ගොඩාක් ආසාවෙන් කියවපු බ්ලොග් එකක් තමයි ඔයාගෙ එක. සරලව කෙටියෙන් අවංකවම ලිව්වා ඔයා, ආයෙමත් ලියලා අපි වගෙ පාඪකයින්ව සතුටු කරන්න ආවට ස්තුතියි ඔයාට..!
ReplyDeleteගොඩක් ස්තූතියි ෆාතියෝ
Deleteane sudu akko......issara wage liyamuko.. :(
ReplyDeleteහේ හේ හෙමින් හෙමින් ලියමුකෝ. ඔයා ඉතිං මුණු පොතෝවත් නැහැනේ ඉතිං ගොඩක් මඟ ඇරුනා
Deleteකලකට පස්සේ ඇවිල්ලා ඉන්නවා දැක්කම හරිම සතුටුයි බට්ටියෝ. අනිවාර්යෙන්ම පරණ යාළුවො විතරක් නෙමෙයි අලුත් යාලුවොත් එයි ආපහු කියවන්න. කම්මැලි වෙන්නේ නැතුව ලියන්න හලිද...
ReplyDeleteස්තූතියි සයුරි අක්කෝ. ඔයා දැන් මොකද චැටක් දාන්න වත් එන්නෙ නැත්තේ. බ්ලොග් ලියනවා විතරද?
Deleteහැබෑමයි කාලෙකින් දැක්කෙ
ReplyDeleteකෝ ඉතිං අපි නෑ කියලා මේ රාජ් අයියලා හොයලා බලනවද ? :/
Deleteකෝ බට්ටි මම ලිව්ව කමෙන්ටුව... බහිරවයා ගිල්ලද ඒක දැන් පැය 24කටත් වැඩියිනේ ඒක ලියලා
ReplyDeleteවෙන කමෙන්ට් එකක් ස්පෑම් ගොඩෙත් නෑ දයා අයියා. ඒක මොකා ගිල්ලද එතකොට
Deleteහොදයි කයිය - දිගටම ලියමු
ReplyDeleteජ ය වේ වා !!!
ස්තූතියි ඔබට
Deleteඅදමයි මේ පැත්තේ ආවේ.. පාලුවට ගිහිල්ල වගේ... ටොක් ටොක් ටොක් ... . .
ReplyDelete