අපේ ඉස්කෝලේ හැම තැනම පළතුරු. මැංගුස්, අඹ, ජම්ඹු , වෙරළු , කෙසෙල් , කජු , වරකා ඔය කියන හැම ජාතියකම පළතුරු ඉස්කෝලේ කදු ගැටය පුරාම තිබුණා. අලුතින් සුදු ගවුමක් ඇදගෙන යද්දිම හිතනවා මේ සුදු ගවුමේ නම් වෙරළු කහට ගා ගන්නේ නෑ නෑ නෑමයි කියලා. මොන ඕක මතක තියෙන්නේ එක්කෝ දවස් දෙකයි නැත්නම් තුනයි. ආයේ ඉතිං පරණ ගවුම් වලට වුණ සෙතේම තමයි ඒකටත්.
අපිට ඉතිං ගෙවල් වල මොන පළතුර තිබුණත් ඉස්කෝලෙ ගස්වල තියෙන පළතුරු තරම් ඔය එකක්වත් රස නෑ. ඇයි මිස්ලා සර්ලට හොරෙන් පොර කකා කද්දී ඒවගේ පුදුම රසක් නේ තියෙන්නේ.
කෘෂි කර්මය කරන ළමයි තමයි කෙසෙල් ගස් හිටවලා ඒවට සාත්තු කරන්නේ. කෙසෙල් කැන් පැහීගෙන එද්දී අපේ පන්තියේ ඒවටම කියලා සෙට් එකක් ඉන්නවා එයාලා කොහොම හරි කෙහෙල් කැන කපලා කැකිල්ල කැලේ හංගනවා. ඉදෙන ඉදෙන ඇවරිය අතින්ම කඩාගෙන ඉන්ටවල් එකේදී පන්තියට ගෙනවා. ඒ වෙලාවට ඉතිං අපි යාළුවෝ 5 දෙනාටත් අනිවාර්යයෙන්ම දෙනවා. මොකද නැත්නම් ඉතිං ආයේ හදිස්සියෙවත් පිහියක් එහෙම ඕන වුනොත් ඉල්ල ගන්න විධියක් නැති වෙනවනේ ඒකයි. ගෘහ විද්‍යාව මිස්ගෙන් පිහියක් ඉල්ලුවහම මට විතරයි දෙන්නේ. ඒකයි මේ විශේෂ සැලකිලි. ඔය විදියට හොරාට කෙසෙල් කෑවට කවදාවත් අහුවෙලා නම් නෑ.
අපේ පන්තියේ හිටියා කුමා කියලා පිරිමි ළමයෙක්.එයා තමයි පන්තියේ පොර. දවසක් කුමා අරගෙන ආවා ගුඩ් නිවුස් එකක්. කාර්යාලේ ඉස්සරහ තියෙන අඹ ගහ පීදිලාලු. ලොකුම ලොකු අඹ පොකුරක් තියෙනවලු ගහ මුදුනේ. හැබැයි ඉතිං මුදුනේ කිව්වට ඒ ගහ ඒතරම් උස නම් නෑ. දැන් ඉතිං අපිට ඕන වුනා ඔය අඹ ටිකේ රස බලන්න. අමුවෙන් වුනත් මොකද..?
වැඩේනම් ඉතිං හිතන තරම් ලේසි වෙන්නේ නෑ. ඒ දවස්වල හිටිය විදුහල්පතිතුමා හරිම සැරයි. ළමයි විහිලුවට එයාට කිව්වේ බෝරෝන් කියලා. අනේ හැබැයි මම නම් අදටත් ඔය කිව්ව නමේ තේරුම නම් දන්නේ නෑ. විදුහල්පතිතුමා සැරයි කියලා බෑනේ.අපිටත් කොහොම හරි ඕන වුනේ මේ අඹ ටික කන්නම. ඇයි ඉතිං කාර්යාලේ ඉස්සරහ තියෙන අඹ ගහෙන් ඉස්සෙල්ලම අඹ කෑවේ අපි කිව්වහම කොච්චර අඩම්බරයක්ද ඒක.
හදිස්සියේම දවසක විදුහල්පතිතුමයි , උප විදුහල්පතිතුමයි ආවේ නෑ ඉස්කෝලෙ. එදා තමයි මෙච්චර දවස් හිතපු හීනේ එළි කරගන්න ඉඩක් ලැබුණේ. කුමයි තව පිරිමි ළමයි දෙන්නෙකුයි ගියා ගිහින් විනාඩි පහට ආපහු ආවා. ඒ ආවේ කාර්යාලේ ඉස්සරහ තිබුණු අඹ ගහේ ගෙඩි ටික කඩාගෙන. අපිත් ඉතිං පන්තියේම බිම පොළොවෙ ගහලා කඩන් කෑවා.
ඊට පස්සෙන්දා දෙවන කාලපරිච්ඡේදයේදී පණිවිඩයක් ආවා අපේ පන්තියේ ළමයි ටිකට කාර්යාලේ ඉස්සරහට එන්න කියලා. කේස් එක මොකක් වුනත් කට්ටියම ගිහින් හිට ගත්තා කාර්යාලේ ඉස්සරහින්. වේවැලත් අතේ අරගෙන විදුහල්පති තුමා එළියට ආවා.
‘එනවා කුමා ඉස්සරහට’ ‘ෂුවර් එකටම මට පදක්කමක් තමයි’ කියලා කුමා හෙමිහිට ඉස්සරහට ගියා.
‘ මේ ගහේ අඹ තිබුණා නේද ?’ මල කෙලියයි. වැඩේ පත්තු වෙලා වගේ. දැන් තමයි අපේ ඇගටත් බයක් ආවේ.
‘දැක්කේ නෑ සර්’
‘මොකටද ඔය බොරු කියන්නේ මම දවස් ගානක් දැක්කා මේ ගහ දිහා බලාගෙන මෙතනින් එහාට මෙහාට යනවා. ගෙඩි කීයක් තිබුණද? කියනවා බලන්න.’
‘තිබ්බා සර් හැබැයි කලබලේට ගනින්න බැරි වුණා.’
පැන්නේ නැතැයි බළලා මල්ලෙන් එළියට.
‘ඒ කියන්නේ කලබලේට කඩාගෙන කාපු නිසා කීයක් තිබුණා ද කියලා දන්නේ නෑ.’
‘නෑ ... නෑ... සර්. සර්ට බයේ මෙතනින් ඉක්මනට යන නිසා ගනින්න බැරිවුනා..’
දැන් නම් විදුහල්පති තුමාට හොදටම තදවෙලා. කුමාත් ඇගට පතට නොදැනි උත්තර දෙනවා.
‘ඇත්ත කියනවා. මේකේ තිබුණු අඹ කෑවේ තනියමද?’
‘ඔව් සර්’
අයියෝ හිතුවෙවත් නැති විදියට මූ වරද පිළිගත්තනේ.
‘අල්ලනවා එහෙනම් අත’ සර් එහෙම කියද්දිම අපි හත්දෙනත් ගියා ඉස්සරහට අපිත් කෑව කියලා. එකපාරටම ඉස්සරහට ගියාට මොකද ගිය වෙලේ ඉදන් කට්ටිය වෙව්ලනවා. මං දිහා බලලා සර් කිව්වා ‘ආ තමුනුත් ඉන්නවා නේ.’ කියලා. මං ඉතිං හෙමින් බිම බලාගෙන සපත්තුවෙන් පොළොව හීරුවා.කාපුවා වමාරන්න හිතෙන්නේ මේ වෙලාවට තමයි.
දැන් නැතුවට දැන්වදී කියලා හිත හිත ඉදිද්දී සර් ‘ හෙට එද්දී එක්කෙනෙක් අඹ ගෙඩි 10 ගානේ අර ගෙන එනවා”. කියලා.
සර්ට ඕක කියලා කට ගන්න හම්බ වුණේ නෑ ‘ඇයි සර් අඹ වේලන්නද ...? අපේ ගෙදර ඕන තරම් වේලපු අඹ තියෙනවා මං ඕනෙ නම් ගෙනැත් දෙන්නම්’ කියලා කුමා කිව්වා.
ඌටත් කට පියන් ඉන්න බැරි හැටි. දැන් ඉතිං දහය විස්ස කරහම උඹම ගෙනෙන් කියලා මං හිතින් බැන බැන ඉදිද්දී සර් හිනාවෙලා කිව්වා
‘කට්ටියම යනවා පන්තියට. ආයෙ එහෙම ගහකට අත තියලා අහුවෙන්න එහෙම එපා කියලා.’
අපි එක පිම්මට පන්තියට ආවා. කුමාට හොදටම හිනා මිනිහා වැඩ්ඩා වුණා නිසා. ඌ මට ටොක්කක් ඇනලා කිව්වා ‘ඔන්න ඉගෙන ගනින් අලි මෙල්ල කරන හැටි.’
අපිට නම් ඔය වගේ වැඩ කරලා දෙන්න පිරිමි ළමයින් උන්නෙ නෑනෙ...අපිම තමා කවුරුත් නැති වෙලාවට ගස් පාළු කරන්නෙ..බැරි බැරි ගාතේ පොළු ගහලා...මම ක්‍රීඩා කරපු නිසා හවස් වරුවට ගස් පාලු කරන්න ලේසියි.... ඒ දවස්වල අමු අඹ... සියඹලා කන්න තියෙනවානම් වෙන මොනවත් ඕනෙ නෑ..ඉස්සර මගෙ බෑග් එකෙ හැමවෙලාවෙම ලුණු එක්ක මිරිස් කුඩු මුලක් තිබ්බා....ඔය ජාති කන්නම....
ReplyDeleteඅපිටනම් ඔහොම ගහන්න කරන්න කව්රුත් ආවේ නෑ. මොකද කියනවනම් අපේ ඉස්කෝලෙ පලතුරු ගස් තිබ්බෙ නෑනේ :D
ReplyDeleteඅපි වරක හොරෙන් කෑව මතක් උනා. සර් අපිව අල්ලගත්තෙ අතුයි කටයි ඉඹල. අන්තිමට ඒ වැඩෙන් සිගරට් බීපු උනුත් වරක නොකාම ගස්!
ReplyDeleteඅපිත් ඕන තරම් කාලා තියෙනවා.. ඒත් කවදාවත් අහු උනේ නම් නෑ...
ReplyDeleteඉස්සර අපේ එස්කෝලේ අඹ ගස් දෙකේ අඹ කඩන කාලේ මතක් කුනා. එදාට ඉස්කෝලේ කට්ටිය ඔක්කොම අඹ කනවා. මරු.
ReplyDeleteකෙක්ක අතේ තියෙන එකා හිටපු ගමන් ලොකු දිමි ගොටු හිටන් අදිනවා. උඩ බලන් ඉන්න එවුන් දිමි නානවා. :)
මට තියෙන ප්‍රශ්නෙ ඇයි මේ අපේ ළමයි දෙන්නම පළතුරු කන්න කැමති නැත්තෙ කියලා. බලෙන් දුන්නත් කන්නෙ නෑනෙ. කෑවත් කන්නෙ අප්පිරියාවෙන් මූන ඇඹුල් කරගෙන.
ReplyDeleteඅපි ඉස්සර කොච්චර ආසද ඔහොම පළතුරු කන්න. සමහර විට හොරෙන් කන නිසා රහ වැඩිද දන්නෑනෙ.
henryblogwalker the Dude
අපි නම් ඉතින් ගුරු නිවාසෙක තියෙන කෙසෙල් කැනක් කැපුවා මිසක් ඔය වගේ නරක වැඩ නම් කළේ නෑ!!!
ReplyDelete@ අක්කා (දිල්)
ReplyDeleteඅපිත් ක්‍රීඩා තියෙන දවස් වලට නම් අනිවාර්යයෙන්ම අරන් යනවා ලුණු. හැබැයි ඉතිං පොලු ගහන්න නම් බෑ. කවුරැ හරි ගහලා කඩන එකක් කන්න නම් පුළුවන්.
මම පොලු ගැහුවොත් ඉතිං අහල පහල ඉන්න අය ඉවරයි. :D
@ සීතල අයියා
ReplyDeleteඒවගේ අත්දැකීම් අපිට නම් අහස උසට.
@ ඉන්දික උපශාන්ත
ReplyDeleteඅපිත් ඉතිං වරකා ගෙඩි පැහිලා ඉදෙන කල් හාර හාර බලනවා.
ආ කට ඉඹින්න ගිහින් අනිත් අය අහු වුනා නිසා ඔයාලා ඉඹේම නිදහස් වෙන්න ඇති නේද?
@ Dinesh
ReplyDeleteවෙලාව තමයි මල්ලී .මයෙ හිතේ කවුරැ හරි පොඩි ඔත්තුවක් දීලා තියෙනවා.
@ මධුරංග
ReplyDeleteඅම්මෝ දිමියෝ කද්දී නම් දැනෙන සනීපේ. අඹ නෙවෙයි මොනවා දෙනවා කිව්වත් මම නම් යන්නේ නෑ දිමියෝ ඉන්නව නම්
@ Dude
ReplyDeleteඅද කාලේ වෙනස් වෙලා.සිතන පතන විදිය වෙනස් වෙලා. දැන් ළමයි KFC වගේ කෑම වලට වහ වැටිලා.
@ පැණි දොඩම්
ReplyDeleteමේවා ඉතිං නරක වැඩ නෙවෙයිනේ.අර කියමනක් තියෙන්නේ අලින්ටයි ළමයින්ටයි නලියන්ටමලුනේ හිත.