ඇති හැකි තැනක ඇය ඉපදී තිබුනේ
අඟහිගකමක් නම් නැත කිසි විටකදි දැනුනේ
හැඩ වැඩ ඇති ලඳක් ලෙස කල වයසත් ආවේ
කවුදෝ කෙනෙක් ඇගෙ අත රහසෙම ගත්තේ
ඔහු හා සන්තොසින් කල්යල් ගෙවුනා
දරු පස්දෙනෙක් ඒ නිවසෙහි පිපුණා
දුක්කම් කටොලු නොහිතම හිසමත වැටුනා
නිවසේ සතුට පිටපාරෙන් දුර ඇදුනා
ඈත දුරක සැමියා රැකියාවකට ගියා
දරුවන් සමඟ ඇය ගමෙහිම රැදුණා
ඇගෙ හද දෙකට පුපුරන පුවතක් ලැබුනා
සැමියා වෙනත් දීගෙක ගොස් තිබුනා
ගමටම ඇසෙන්නට නැත කදුළැලි සැලුවේ
හැම කඳුලක්ම ඇය සිරකර ගෙන සිටියේ
දරුවන් හට හැම සැප දෙන්නට සිතුවේ
කුලී වැඩ නිසා ගෙයි මුට්ටියෙ බත ඉඳුනේ
හිතේ හයිය දින දින වැඩුනා
ගතේ වෙහෙස දරුවන්ගෙන් මඟ ඇරුනා
ඇගෙ නෑයනුත් ඇයහට පිහිටට උන්නා
දරුපස්දෙනාගෙත් කර දඬු උස් වුවා
ලොකු දරුවන්ගෙ ජීවිතෙ සැපටම හැරුනා
පොඩි පුතු ඔහුට ඕනෑ ලෙස වැඩ කෙරුවා
මහ ගෙයි නතර වී පුතු පෙළවහ ගත්තා
අම්මා නමින් ඇය එහි රැදෙමින් උන්නා..
බීමත්කමින් මයි පුතු කල් යල් ගෙවුවේ
ලේලීගෙ බරින් ඇය හරි අඩ අරගත්තේ
දරුවන් ලොකු වෙලත් සැප තව නැත්තේ
මුණු බුරු බරත් ඇයහට නොමිලෙම ලැබුනේ
සැප විදගන්න යන්නට තිබුනා අන් දරුවෙකු ලඟට
එනමුත් යන්න සිතුවේ නැහැ කිසිවිටක
අපේ දෙවෙනි අම්මා ලෙස ලගින් ඉද
අපටම කලා ඇගෙ වග ඇය නොබලාම
අම්මා ගේන පඩිපත නැති උනත් ලොකු
සකසුරුවමින් ඇය හැම වියදම් කෙරුවේ
අපහට බඩ පිරෙන්නට බත් බෙදමින් දීලා
බොරුවට වළඳ අතගා ඇය බඩ වතුරින් පිරවූවා
කොතරම් ගෙතුව මුතු මා පද වැල් අමුනා
ඇගෙ නම් අගය බැහැ කියලා පහදන්නා
අද යම් තැනක අප මේ ලෙස ඉන්නා
ඒ හැම කිරුළ අම්මට මෙන්ම ඇයටත් දෙන්නා
අවුරුදු 87කුත් ගෙවිලා ඇයට
තුන් සරණේ පිහිටෙන් හැක වැඩ කර ගන්න
ඇය වැනි දෙවෙනි අම්මෙක් ලබන්නට
පිං කර ඇතිය අපි තුන් දෙනාම...
දරුවන් ගේන තෑගි බෝග එකතු කරන්
තවමත් මග බලන්නේ ඇය අපි එනකල්
බත් ටික අනා කවමින් අපි ලඟට කරන්
තවමත් සිතන්නේ අපි පොඩි දරුවො කියා
ලෝකෙම සවිය ඇගෙ දැතට ලැබීයන්
සියයක් ආයු තව ඇය හට ලැබීයන්
මෙත් බෝසතුන් ළඟ බණ පද ඇසීයන්
සසරින් එතෙර යන්නට පින ලැබීයන්....
ප.ලි. විශේෂ ස්තූතිය අඩුපාඩු පෙන්නලා ඒවා නිවැරදි කරගන්න කියා දුන් සඳලි සංකේත්මා අක්කාට
බට්ටි අක්කත් වයසට ගියාම ඔය විදිහටම ඉඳීවි
ReplyDeleteආ මේ...කවි ටික මරු...ඈ මං කියෙව්වේ කතාවක් කියවනවා වගේ තාලයක් නැතුව.
අපි ලියන දේවල් අවංක වෙන තරමට, අව්‍යාජ වෙන තරමට සාර්ථකයි.. හිතට දැනෙනවා... අවංකවම ලියන කෙනෙකුට තමන්ගෙන් තොරව ලියන්න බෑ කියල මට හිතෙනවා...
ReplyDeleteබට්ටිගෙ අත්තම්ම ගැන අපටත් ආදරයක් දැනෙනවා කවි පෙළ කියවද්දි.
නංගි ඔයාට කිවිදියක් වෙන්න මූලික සුදුසුකම් දෙකක් දැනටමත් තියෙනවා... එක සංවේදී ආදරණීය හිත, දෙක කවි ලියන්න ඇති දැඩි ආශාව...
කවි කියවල, හදාරල, පොත් පත් කියවල අනික් සුදුසුකම් සපුරගන්න පුලුවන්... නිතරම ලියන්න.... මං ආස නැහැ ඔයාගෙ බ්ලොග් එක පාලුවට යනවට...
මගේ කරුමෙට මට අත්තම්මේක්වත් නෑ දෙවෙනි අම්මා වෙන්න :( අත්තම්මට දීර්ඝායු පතනවා !
ReplyDeleteකවි ටික ලස්සනයි. බට්ටි හරි වාසනාවන්තයිනේ ඒ වගේ අත්තම්ම කෙනෙක් ලබන්න.
ReplyDelete//ලෝකෙම සවිය ඇගෙ දැතට ලැබීයන්
සියයක් ආයු තව ඇය හට ලැබීයන්
මෙත් බෝසතුන් ළඟ බණ පද ඇසීයන්
සසරින් එතෙර යන්නට පින ලැබීයන්....//
බට්ටිගේ අත්තම්මට අපිටත් කියන්න තියෙන්නේ ඕකම තමා.
බොහොම සංවේදී කවි පෙලක්. මටත් මගේ ආත්තම්ව මතක් උනා . ඇයනම් දැන් ජීවතුන් අතර නෑ . පොඩි කාලේ අපේ ලඟ සිටියේ ඇය තමයි .
ReplyDeleteඔයාගෙ අත්තම්මට තවත් බොහොම කාලයක් දීර්ඝායු පතනව බට්ටි...
ReplyDeleteහරි අපූරුයි ඔයාගෙ කවියෙ අදහස් නම්...තව ටිකක් එළිසමයයි...තාලයයි රැකගන්න උත්සහ ගත්තොත් මීටත් වඩා හිතට වදීවි කියල හිතනවා... සුබ පැතුම්.. :)
මම මේ ලෝකේ අම්මට පස්සේ (සමානවමද මන්දා)ආදරය කරන එකම ගෑණු කෙනා කිරිඅම්මා!!!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
බට්ටි කෙල්ලේ ගොඩාක්ම ලස්සනයි. හිතන් නැතුව නිදහසේ ලියලා තියෙනවා. ඒ වගේ කවි තුල අව්‍යාජත්වය තියෙනවා. හිතට නිදහස දීලා ඔහේ පාවෙලා යන්න දෙන්න. එතකොට ලියවෙන කවි ලස්සනයි. තරුරසී කියනව වගේ කවියක් ලියනවා කියලා හිතන් නැතුව ලියන්න. එතකොට අපි දන්නෙම නැතුව කවි ලියවෙලා. මගෙ උණුසුම් සුබ පැතුම් මගෙ බට්ටි කෙල්ලේ.....
ReplyDeleteතමන්ගේ ආත්තම්මගේ දුක් මහන්සිය , කැපකිරිම ගැන මෙච්චර සංවේදිව අගය කරන, ඔයා වගේ මිණිබිරියක් ලැබීම තරම් වාසානාවන්ත ආත්තම්මා කෙනෙක් ඇය.!
ReplyDeleteExcellent.
ReplyDeleteලෝකය හොඳින් දැනහඳුනාගත් කෙනෙක් වේ නම් ඒ තමයි අත්තම්මා. ගෙදරට මහා පහන් ටැඹක්. තව ටිකක් හිතුවා නම් මේ කවි සිතෙන්ම අත්තම්මා හැමෝටම පොදු සංකල්පයක් බවට පත් කරන්න තිපුණා.
ReplyDeleteඅත්තම්මල ශෝයි... වෙලාවකට නම් ඇණයක් :) ඒත් ඒකත් ශෝයි :D
ReplyDelete//ලෝකෙම සවිය ඇගෙ දැතට ලැබීයන්
ReplyDeleteසියයක් ආයු තව ඇය හට ලැබීයන්
මෙත් බෝසතුන් ළඟ බණ පද ඇසීයන්
සසරින් එතෙර යන්නට පින ලැබීයන්....//
එහෙමම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා බට්ටි. :)