ඉස්කෝලේ යන කාලේ නාපු
නෑම්, කාපු කටු ගැන නම් ඉතිං හැමෝටම ලියලා ඉවර කරන්න බැරි තරම්නේ.මේකත් ඉතිං බට්ටි දහය වසරේ ඉන්න කාලේ වෙච්චි දෙයක් තමයි.ඒකාලේ අපේ පන්තියට ගුරුවරු කොයි තරම් ආදරේද කියනව නම් අපේ පන්තියට කිව්වේ නාහේට
අහන්නැති පන්තිය කියලා.මේ කාලේ ඉතිං එක්කෙනෙක් මොනවා හරි විකාරයක් හොයා ගෙන ආවොත් අත් සේරමත් ඒක හරි හෝ වැරදි වේවා ඒකම කරන්නේ හරියට වෛරස් උනක් බෝවෙනවටත් වඩා
ඉක්මනට.
ඔන්න දවසක් පන්තියේ හිටිය ගෑණු ළමයෙක් උදේ ඉස්කෝලේ එද්දී එයාගේ නළලේ හරියටම ප්‍රශ්නාර්ථ ලකුණක් දිලිසි දිලිසි තියෙනවා. හරියට නිකන් අනිත් අයගෙන් අනේ මම ප්‍රශ්නයක්ද කියලා අහන්න වගේ. පන්තියේම
ළමයි ඉතිං එයාගේ ලගට ලං වෙලාම බැලුවා. මොකද්ද බොලේ මේ නළලේ තියෙන ප්‍රශ්නේ කියලා.
හැබැයි ඉතිං ප්‍රශ්නේ මොක වුනත් ඒක නළලේ තියෙන විදිය නම් මරු. ඒපාර ඉතිං ළමයින්ට
හරි ප්‍රශ්නේ කොහොමද ප්‍රශ්නේ නළලට ආවේ කියලා.
ඒ ළමයා කල්පනා කර කර ඉදලා තියෙනවා නළල දබර ඇගිල්ලෙන් අතගගා.හුගක් වෙලා මෙහෙම ඉදලා.පස්සෙ තමයි දැකලා තියෙන්නේ නළල තුවාල වෙලා.ඒක තමයි මේ වේලුනාට පස්සේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. අපි
ඉතිං අහක යන ප්‍රශ්න ඇගේ දාගන්න අයනේ.කෝම අලි දැන් එක එක්කෙනා ප්‍රශ්න හදා
ගන්නවා.දැන් ඉතිං කට්ටිය හිතන්න එපා අපි ගහමරාගෙන ප්‍රශ්න හදා ගන්නවා කියලා. මේ
නළලේ ප්‍රශ්න ලකුණ හදා ගන්නවා.
මාත් ඉතිං සේරම කරන එකේ වැඩෙත් ලස්සන එකේ කෝම හරි ප්‍රශ්නයක් හදා ගන්න ඕනි කියලා කරලා බැලුවා.
සියපාරකට වඩා නළල ඇගිල්ලෙන් අතුල්ලන්න ඕනිලු ඔය ප්‍රශ්නේ හදා ගන්න. අපුයි දෙයියනේ මොන
සිය පාරක්ද. ටිකක් වෙලා කරද්දිම නළල දන්න ගන්නවා. ඊට පස්සේ මට නම් නළලට ඇගිල්ලවත් තියන්න බෑ .දැන් ඉතිං අපේ කට්ටියගෙන් හුගක් දෙනෙක් ප්‍රශ්නේ හදා ගෙන.අනේ ඇයි අප්පා මට ප්‍රශ්නයක් දා ගන්න මෙච්චර අමාරු.ඉහි ඉහි දැන් නම් මට ඇඩෙන්නත් වගේ.
එදා ඉස්කෝලේ දී නිවාඩුවක් ලැබුන ගමන් කලේ ඉතිං ප්‍රශ්නේ හදා ගන්න දගලපු එක තමයි.ඒත් බැරි වුනා.ගෙදර ඇවිල්ලත් ඊට පස්සෙන්දත් පණ යනකල් මහන්සිවෙලත් මේ ප්‍රශ්නේ බට්ටිගේ නළලේ කොටා
ගන්න බැරි වුනානේ.මම ඉතිං ළමයින්ටත් බනින්වා.ඇයි දෙයියනේ මගේ නළලට ප්‍රශ්න එන්නේ නැත්තේ කියලා.කොහොම හරි මේ නළලේ ගහන්න ගනිපු ප්‍රශ්න පච්චේ දුර ගිහින් කකුල් වල අත්වල ළමයි පච්ච ගැහුවා. ලව් පටලැවිලි තිබුණ අය අල්පෙනිති වලින් අනිත් අයගේ නමේ
මුල අකුර අතේ කොටා ගෙන.
හදිස්සියේම ආරංචියක් ආවා ප්‍රින්සිපල්ටත් මේ පච්ච ගහන එක ආරංචි වෙලා කියලා.දැන් ඉතිං ළමයි ගැහෙනවා
හරියට කරන්ට් එක වැදිලා වගේ.දෙවෙනි කාලපරිච්ඡේදයත් ගෙවිලා ගියා. මෙන්න එක පාරටම
පන්තියට ප්‍රින්සිපල් එනවා. අම්බෝ අර කසාය කෝට්ත් අරගෙන. එක එක්කෙනාව ඉස්සරහට
අරගෙන එයා චෙක්කරනවා. මගේ වාරෙත් ආවා. ප්‍රශ්නේ නළලේ නැතුවත් මාව ගැහෙනවා. ඇයි
අනේ මමනේ දන්නේ ඕක ගහ ගන්න බැරුව වින්ද
දුක. ප්‍රින්සිපල් මගේ දිහා බලලා අහපි. ‘‘ මොකද තමුන්ට නැද්ද පච්ච ?’’මේ කටටත් ඉතිං බේරේක් නෑනේ. බොරුවක් ගොතන්න ගියත් බළලා පනිනවා මල්ලෙන් එළියට. ‘‘ මමත්
බැලුවා බැලුවා සර් ප්‍රශ්නයක් හදා ගන්න. ඒත් ප්‍රශ්නයක් හදා ගන්නම බෑ සර්.” ඉවරයි
ඉතිං මෙච්චර දවස් හදා ගන්න බැරුව හිටිය ප්‍රශ්නේ ඔන්න එක විනාඩියෙන් හදා ගන්න වැඩේ
වුනා. කට හින්දමයි දාගන්න ප්‍රශ්න සේරම දාගන්නේ.දැන් ඉතිං පච්ච නොගහත් ගුටිකෑමක්
තමයි තියෙන්නේ.කරන්නම දෙයක් නෑ.ඒත් ඉතිං අර කසාය කෝට්ටෙන් එකක් කන්න පණත් නෑ. බැරිම
තැන මම හයියෙන්ම ඇඩුවා. ‘‘ මගේ ප්‍රශ්නයක් නෑ සර්.අනේ මට ගහන්න එපෝ’’කියලා මම පන්තිය දෙදරන්නම ඇඩුවා.මම අඩද්දි ඉතිං තාත්තා ඇරෙන්න වෙන කවුරුත් නම් මට ගහන්න
තියා හිතන්නෙවත් නෑ. :D කෝම හරි බට්ටි
බේරුනා. පච්ච ගහපු අයට එක එක දඩුවම් ලැබුනා.සමහරුන්ට බරපතල වැඩ සහිතව නෑ නෑ වැඩක් පලක් නැතුව සැපෙන් ගෙදරට වෙලා ඉන්න දවස් 14ක නිවාඩු හම්බ වුනා.
දැන් ඉතිං ඔයාලා කියන්න එපා බට්ටියි බට්ටිගේ යාළුවො ටිකයි යක්ෂ පැටව් කියලා. අනේ නෑ අපි හරීම
අහිංසක ඇල්වතුරත් කූල් කරලා බොන අය අනේ....
හික්ස්ස්.. අපරාදේ නලලේ BM කියල ගහගන්න නේ තිබ්බේ
ReplyDeleteසුදු අයියා ඉතිං ඔය ගුටි කන්න තමයි හදන්නේ මගෙන්...හරි හරි කෝම වුනත් අද එකනේ තෑගි දීලා පස්සේ ගහනවා....මේකට ගිය සල්ලි තව ආත්ම දෙකක් වැඩ කරලවත් ගෙවා ගන්න පුළුවන් වෙයිද දන්නෑ.
Delete[im]http://www.musicmastersdjs.net/resources/images/blacklimo.png[/im]
හුලේ .. එදා මෙදා තුල බොග් ඉතිහාෂයේ දැවැන්තම ත්‍යාගය මීගොඩයා විෂින් දිනාගන්නා ලදී.... හුලේ හුලේ...
Deleteදැන් ඉතින් මේක නවත්තන්නෙ කොහෙද... සැහ් දෙන එකේ පොඩි එකක් දෙන්න එපැයි
හේ හේ නෝපාකින් හරිද?
Deleteබට්ටි මේකට පෙට්‍රල් වියදමත් දෙනවා නේද....
Deleteඅපුයි දෙයියනේ එපාල තව එකක්..කොයි රටේද අනේ තෑග්ග එක්ක පෙට්‍රල් දෙන්නේ..ගිනි ගන්නවා කියලා දන්නැද්ද හිරූ...
Deleteහුටා පටෝල්.. අවුලක් නෑ හිරුවෝ ,, මෙහෙ පැට්ටල් ලාබයි වතුරවලටත් වඩා
Deleteඔන්න ඔහොමලු බට්ටිය පච්ච බට්ටී උනේ :D
ReplyDeleteනම අනුමත නොකර සභාව විසින් කපා හැරියලූ...:D
Deleteඔය පච්ච එකේ මැද "ච්" හැලුවනම් ඇති හික් හික්
DeleteThanks ගිම් අක්කා බට්ටියාට තව නමක් හොයල දුන්නට..:D
Deleteනෑ නෑ මේ නම සභාව විසින් අනුමත කලේ නෑලු.ඔයාලා එද්දි සභාතොමෝ සතුටින් විසිර ගිහින්ලු..
Deleteහිකිස්!!!! ඒක මාරු වැඩේ... (මාත් මේ ප්‍රශ්නයක් හදාගන්න ට්‍රයි එකක් දෙනගමන්
ReplyDeleteජය වේවා!!!!
සිනා බෝ වේවා!!!
අම්බෝ ප.ලි. හැලුනනේ...
Deleteප.ලි. අත්හැදා බැලීමට නොයන්න.වගකියනු නොලැබේ.....
බට්ටිත් ලේසි පාසු නෑ හැබෑටම. නළලේ පච්චෙ හිටිය නම් පස්ස පැත්තෙත් පච්චයක් කොටා ගන්න තිබුණා.
ReplyDeleteඅම්බෝ ඒ පච්චේ ගහගත්ත නම් මගේ දවස් ගානක් තෙල් ගාන්න වෙනවා.ඒ සර් ඒතරම්ම කොච්චි මිරිස් එකක්....
Delete:D
ReplyDeleteඅපෙත් තිබ්බද කොහෙද ඔය පච්ච සීන් එක... ඒත් මං නං ඕවට ට්‍රයි කළේම නෑ... නිකම් තුවාල කරගන්නේ මොකටද...
ReplyDeleteමට මතකයි අපේ කෙල්ලෙක් කොල්ලගේ නම කට්ටකින් මැණික් කටුවේ කොටාගෙන ඊට උඩින් ඔරලෝසුව බැඳගෙන ඉස්කෝලේ ආවා... ඒක නෙවෙයි මරු වැඩේ.. පච්චේ ගහලා තුවාලේ හොඳ වෙන්නත් කලින් ලවු එක හබක් උනා.... හි හි...
ඊට පස්සේ අරකි මාසයක් විතර දැඟළුවා පච්චේ මකා ගන්න.. බැරි තැන එතන හඳුන් කූරකින් පුච්චලා.... අන්තිමට ලොකු තුවාලයක් උනා...
මම නං පච්ච ගහගන්න ට්‍රයි කරලා තියෙන්නේ අර චුයිංගම් පච්ච විතරයි...
අම්බෝ අපේ ඉස්කොලෙත් අපි උසස් පෙළ කරද්දි නංගිලා දෙන්නෙක් ඔය විදියට පච්ච මකන්න ගිහින් අතේ ලොකු තුවාලයක් හදා ගෙන තිබුනා.අපුයි ඒක දැකල නම් මගේ ඇගත් එක්ක හිරිවැටිනු විසිපාරක් විතර අතුල්ලද්දි නළල දන එක උහුලන්න බැරි එකේ අම්බෝ ඒ වගේ දෙයක් නම් හිතන්නවත් බෑ...
Deleteඅම්මප මෙහෙමත්..කෙල්ලො..!!!......:))))
ReplyDeleteදැන්වත් ඉන්නවද බෝ පැලේ වගේ...!
කවුද දැන් කිව්වේ කෙල්ලෝ විතරයි කියලා.අපේ පන්තියේ දෙවර්ගෙම හිටියා..කොල්ලොත් පච්ච ගැහුවා අනේ..
Deleteඅනේ අපි ඒ දවස් වලත් දැන් වගේම අහිංසකයි අනේ...
බට්ට් ඉස්කෝලෙ යන කලේ හෙන චන්ඩියෙක් කියලයි හිතෙන්නේ....
ReplyDeleteඉතින් ආසම නං දැං පච්චයක් ගහගන්නත් ඇහැකිනේ.....
එන්න සමකය වටේ රවුමක් යන්න
අනේ නෑ මම නම් ආසනෑ...ඒ කාලේ ඉතිං පිස්සුනේ භාගෙට..චන්ඩියෙක්ම නෙවෙයි සුට්ටක් විතර චන්ඩියෙක් වෙන්න හදපු කෙනෙක්ලු....
Deleteබටු ඒ දවස්වල මම හිටියනම්.....කොම හරි ඔයාට ප්‍රශ්නයක් හදල දෙනවා යේ කවදාවත්ම මැකෙන්නේ නැති විදියට මොකද ඔබේ සැප මගේ සතුට නිසා.................
ReplyDeleteඅනේ අක්කිලා ඒමත් නංගිලාට ප්‍රශ්න හදලා දෙනවද මං අහන්නේ?නාකයිනේ අනේ ඔයා.....
Deleteපච්ච බට්ටි ! වස බට්ටි ! ලණු බට්ටි !
ReplyDeleteහික්ස් :)
කාඩ් ගොඩයි
නෑ නෑ මම නෝටි වුනත් නයිස් බට්ටි...ඔය නම් ඔයා දාගන්න...
Delete:D අපරාදෙ කොච්චර ඇඬුවත් හොඳවයි පාරක් දෙන්න තිබ්බෙ බට්ටිටත්!
ReplyDeleteමොකද බට්ටි තමාලු පංතියම නරක් කලේ!:p
ආනේ කවුද කිව්වේ...අපේ විද්‍යාව මිස්වත් හම්බවුනාද ඔයාට...
Deleteමමත් ඔහොම ප්‍රශ්නයක් හදාගත්ත නලල මැද්දෙ... කරල ඉවර වුනාට පස්සෙනෙ වැඩේ තරම තේරුනේ... :)
ReplyDeleteබලනවකෝ අයියේ මට එච්චර ට්‍රයි කරලත් බැරුව ගියානේ ඔය ප්‍රශ්නේ හදා ගන්න..
Deleteඅප්පේ....බට්ටිටත් තිබ්බ ප්‍රශ්න..... අර කට නිසා මොකෙක්ද එකෙක් නහී කිව්වනේ.... ඒ වගේ තමා බට්ටිත්....හික්ස්....කොහොම වුනත් මරු කතාව.... :)
ReplyDeleteහේ හේ ඉතිං කොහොම හරි අඩලා දිනුවනේ....ස්තූතියි යාළු....
Deleteඑතකොට මේ කස්ටිය පච්ච සිරාගේ නෑදෑයෝ ද????
ReplyDeleteඔන්න මම නම් නෑ..මම පච්ච ගැහුවෙත් නෑ දැක්කෙත් නෑ...
Deleteහි හි :) :)
ReplyDelete:P :P
Deleteප්‍රශ්නයක් නෑ
ReplyDeleteප්‍රශ්නයක් නැති එකත් වෙලාවක ප්‍රශ්නයක් අනේ..
Deleteඅයියෝ............
ReplyDeleteමොකෝ අනේ අයියෝ කියන්නේ.
Deleteඅපි දැක්ක බට්ටිගේ 64 න් එකක්.හිකිස්
Deleteඅම්බෝ එහෙනම් හොදනි ඉතුරු 64 ඔයා දැකලා නෑ..හොද වෙලාවට.
Deleteඅදමද කොහෙද ඔහොම එකක් ඇහුවේ...පච්ච බට්ටී...ඒ නමත් නරකම නෑ. :)
ReplyDeleteඅනේ ප්ලීස් පොඩ්ඩි අක්කි ගිම් අක්කා දාපු නම නම් සභා සම්මත කරන්න එපා..
Deleteහපුයි..ඔය වගේ වැඩ අපේ ඉස්කෝලෙත් තිබුන..!මම නම් ඔව්ව කොරේ නැහැ ඕන්... පච්ච බට්ටියා..
ReplyDeleteඔය ඔය ඉතිං කීකරු නංගිලා ඔහොමද අක්කලාට කතා කරන්නේ ආ....
Deleteඅපේ කැලෑසියෙත් හිටියා ලස්සනට ඔය පච්චෙ ගහපු එකෙක්.....ඌ ට කිව්වෙ මෝඩයා කියල... දන්නවනේ...
ReplyDeleteබට්ටිත් මරු ඈ
ජය වේවා!!
එපාර තම නමක්...හැබැයි මෝඩයා ගැලපෙන්නේ නම් නිපුන වගේ කෙනෙක්ටලු...
Deleteයක්ස කෙල්ලෝ ටිකක් :D
ReplyDeleteකෙල්ලෙ විතරක් නෙවෙයි හරිද ? කොල්ලොත් ඒමයි...
Deleteඇත්තටම එහෙම පච්චේ හිටිනවද? මටත් කරලා බලන්න හිතෙනවා...හිහි
ReplyDeleteඅනේ ඉතින් ඕකට දවස් 14 ක් තහනම් කොරන්න ඕනය
ඔන්න අක්කේ අපි නම් වග කියන්නෑ මොනවා හරි වුනොත් එහෙම.
Deleteමදැයි ඔයින් ගියා :)
ReplyDeleteඒකතමයි නිශාන්...
Deleteඔලුව හප්පගත්තානං හරි.. හොද ප්‍රශ්නයක් හදාගන්න තිබ්බා..
ReplyDeleteඔයා එහෙම කරලා තියෙනවද ආගන්තුක..?
Deleteබට්ටි හරිම කට්ටයි, ප්‍රින්සිපල් ගහන්න කලින් අඬලා කැගහලා බේරුනා, අපි එක්කත් යූස් කරනවා නෙ ඔය දක්ෂ උපාය. එ උනාට බට්ටියො මට කිව්වා නම් ඔයාගෙ ඇඟ පුරාම
ReplyDelete"මැටි බට්ටි... මැටි බට්ටි..." කියලා පච්ච ගහනවා මං :D :D
බට්ටිගෙ මතක සටහන් ලස්සනට කියනවා නෙ බට්ටි ඔයා.
short & sweet post!
ඉස්සර අඩලා දිනුවට අපි ඉතිං දැන් එහෙම නෑ නෑ නෑමයිලු...:D :D
Deleteස්තූතියි අක්කෝ පුංචි කාලේ තියෙන සුන්දර මතක ඒ කාලේ පීරලා අරන් එන්න මට පුරුදුකලේ අතීතයෙන් ඇහැලු මතක ලිව්ව දිල් අක්කා.ඉතිං එකින් එක දැන් ඒ සුන්දර දේවල් පීරලා හොයන් එන්න මට පුළුවන්...
වැඩි වෙනසක් නැහැ..මගේ class එකත් ඔය වගේ බට්ටි
ReplyDeleteඅන්න නියමයි...(Y)
Deleteහෆ්ෆේ මෙයත් කරලා තින වැඩ.. :)
ReplyDeleteආ ඔයා තරම් මම නරක නෑ හරිද?
Deleteමම ඔය නළලේ පච්චේ ගැහුවේ ස්කොලේ තුන වසරේදී, නිමාඩු කාලෙකදී තමයි කලේ. අපේ පන්තියේ හැම එකාගෙම තිබ්බා. ස්කොලෙන් නම් අවුලක් නෑ එකට හැබැයි මෝහනය කරන්න ගිහින් හය වසරේදී කැවා ගුටියක් ගිය ආත්මේ මතක් වෙන්නම.
ReplyDeleteමාත් ආසයි අනේ මෝහනය වෙලා බලන්න ගිය ආත්මේ..බැරිවේද අර ගුටියෙන් එකක් මටත් දෙන්න.
Deleteප්‍රශ්නයක් හදා ගන්නත් මාර ආසවක්නෙ ඒ කාලෙ තිබිලා තියෙන්නෙ නේ.... හි හි
ReplyDeleteඇත්තටම පාසල් කාලෙ කියන්නෙ සුන්දර අත්දැකීමක්
.....
එහෙනමි වෙලාවක් තිබුණොත් අපේ පැත්තටත් ගොඩවෙන්නකෝ!...
http://snimalka.blogspot.com/
පාසල් කාලෙ තමයි මම හිතන්නේ හැමෝටම බඩ අල්ලන් හිනාවෙන්න පුළුවන් මතක ඉතුරු වෙන කාලේ.
Deleteඒ පාර බට්ටිත් ඇල්වතුර නිවල බොන්න පුරුදු උනාද?
ReplyDeleteනෑ නෑ කෝරාල මහත්තයා මම ඇල්වතුර කූල් කරලා බොන්නේ...
Deleteමේ ලමයි කරල තියන වැඩේ බෝම නරකයි.
ReplyDeleteදඩුවම සැර මදි
ආනේ එතකොට මේ ළමයා ෂෝයි බබෙක්ද?
Deleteපව් ඉතින් බට්ටි අක්කා මට දුකත් හිතෙනවා.ඉස්කෝලෙ යන කාලෙ අම්බානක කෑමක්නෙ කාලා තියෙන්නෙ.අපි වගේම තමයි.අපි තාම ඔය කටු කනවා.නොකළ වැරදිවලට ඉතා අසාධාරණ ආකාරයෙන් ගුටි කනවා.බැනුම් අහනවා.නින්දා අපහාසවලට ලක් වෙනවා.චාටර් වෙනවා.බයිට් වෙනවා.මේවා කියවන කොට තව ඉස්සරහටත් මෙහෙම කටු කන්න වෙනවා නේද කියලා මතක් වෙනවා.ඒ වගේම මේ සමග බට්ටි අක්කා ගුටි නොකාපු එක ගැන මගේ බලවත් සංවේගය සහ ඊර්ෂ්‍යාවත් ප්‍රකාශ කොට සිටිනවා.
ReplyDeleteඔයා ඔය ඉතිං ඔහොම ඊරිසියා කරනවද මං අහන්නේ..ඔයත් මහ වැස්සක් වගේ අඩන්නකෝ...
Deleteඉස්කෝල කාලෙ කරපු ගොං වැඩ!
ReplyDeleteඒත් කසුන් අයියේ එහෙම එවා කරලා තිබුණ එක ගැන සමහර වෙලාවට සතුටු හිතෙනවා දැන් මතක් වෙද්දි.
Delete