පැමිණිලිකරු - සත්තලන්
විත්තිකරු - බට්ටි
විනිසුරුතුමා -
මොනාද මැය තමාගෙන් සොරෙන් ගත්තේ..
සත්තලන් -
මගේ හදවත ස්වාමීනි. මාගේ ඇස්පනා පිටම මැය එය සොරකම් කරගෙන ගියා ස්වාමීනි..
බට්ටි -
උයා මෙයා කීන ඒව අහන්න එපා ස්වාමීනි.ඇස්පනා පිට ගත්තනම් ඒක හොරකමක් වෙන්නෙ කෝමෙයි නේද ස්වාමීනි...
විනිසුරුතුමා -
ඕඩර් ඕඩර්....අවස්තාව පැමිණෙන තුරු විත්තිකාරිය නිශ්ශබ්ද
වෙනු..ඇරත් හුරතල් වදන් උසාවියේදී කිව්වොත් බර පතල වැඩ සහිතව මාස 6කට
බන්ධනාගාර ගත කරන්න නියෝග කරනවා...
බට්ටි -
අම්බෝ..අලි අලි යේනම් මං කීන්නෑ මුකුත්ම....
සත්තලන් -
අර අර ආයෙම කිව්වා ස්වාමීනි.මම අහුවුනෙත් ඕවට තමයි ස්වාමීනි.මැයට මායං 128ක් තියෙනවා ස්වාමිනි..මට අනුකම්පා කරලා මාව බේරලා දෙන්න ස්වාමීනි....
බට්ටි -
මෙයා ආයෙම බොලු කීනවා.උයා කෝමෙයි දන්නේ 128 ක් තීනවා කීලා.ආ...මම උයාට දැම්මේ 2කම 2යී....
සත්තලන් -
මට කවදාවත් මෙහෙම වෙලා නෑ ස්වාමීනි.වැඩක්පලක් කර ගන්නත් නෑ.මතක්වෙන්නෙම මෙයාව.මට මගේ හිත ආයෙම අරන් දෙන්න ස්වාමීනි.
විනිසුරුතුමා -
පැමිණිලිකරුගේ හිත සොරකම් කල එක විතරද විත්තිකරු කලේ...?
සත්තලන් -
නෑ නෑ ස්වාමීනි. මට ඔෆීසියේ වැඩක් පලක් කර ගන්න නෑ ස්වාමීනි මෙයා නිසා.නිතරම මැසේජ් කරනවා.ඔන්ලයින් එන්න විදියක් නෑ ස්වාමීනි එකපිට එකපිට මැසේජ් 1000ක් විතර එවනවා ස්වාමීනි.මට මෙයා එක්කම ඉන්න බෑ ස්වාමීනි.ඒක මහ වදයක් කියලයි මට මුලින් දැනුනේ.ඒත් දැන් 24 පැයේම මට මේයාව ඕනි ස්වාමීනි.මම මගේ පාඩුවේ හිටියා ස්වාමීනි. මෙයා මට මොනවද කරලා.මට හිත ආපහු අරන් දෙන්න ස්වාමීනි. ඔබතුමාට පිං අයිති වෙයි.
විනිසුරුතුමා -
විත්තිකාරියට නිදහසට කාරනා තියෙනවද?
බට්ටි -
ඔව් ස්වාමීනි.මේ සත්තලන් කීන සේලම බොලු..එයා තමයි ස්වාමීනි මට පොන් නම්බර් එක බලෙන්ම එව්වේ.
සත්තලන් -
මම දුන්නා තමයි ඒත් මොකටද ස්වාමීනි මෙයා කෝල් කලේ...
විනිසුරුතුමා -
ඒකත් ඇත්ත. ඇයි තමුන් නම්බර් එක දුන්න පලියට කොල් කරන්න ගියේ..
බට්ටි -
නෑ ස්වාමීනි නම්බර් එක වැඩ කරනවද බලන්න ගත්තේ ස්වාමීනි.මෙයා තමයි එදාම වැඩේ කෑවේ.මම එදා කෝල් කරද්දි මෙයා ඇදුම් මදිනවා. විනාඩියක්වත් කතා නොකර මම ඉක්මනින් තිබ්බා.ඇවිත් මැසේජ් එකක් තිබ්බා කතා කරන්න ගිහින් ඇදුම් පුච්ච ගත්තෙ නෑනේද කියලා.එතකොට මෙයා දුන්න උත්තරේ දන්නවද ස්වාමීනි.
විනිසුරුතුමා -
තමුන්ට මගෙන් ප්‍රශ්න අහන්න බෑ. තේරුනාද ?ඉතිං ඊට පස්සෙ මොකද වුනේ...?
බට්ටි -
මෙයා කිව්වා ස්වාමීනි ඇදුමනම් පිච්චුනේ නෑ ඒත් පොන් එක කට් කරද්දි මගේ හිතනම් පුච්චුනා කියලා.මෙයා ඒක කිව්වෙ ප්ලෑන් කරලමයි ස්වාමිනී..ඉතිං ස්වාමීනි මම ඔය ගත්තා කියන හිත ගත්තේ සනීප කරන්න. කුකුල්තෙල් ගාලා ගාලා පිච්චුන හිත සනීප කරන්න වින්ද මහන්සිය දන්නේ මම විතරයි ස්වාමීනි. එහෙම සනීපකරපු හිත මෙයා ඉල්ලන එක වැරදී ස්වාමීනි.ඒ හිත මගේ ඒක අයිති මට....
සත්තලන් -
හිත පිච්චුනේ මෙයා නිසා ස්වාමීනි. මම කරන හැමදේම ඉවසලා ඉවසලා අන්තිමේදි ඇස් පනා පිට මගේ හිත හොරකම් කලා ස්වාමීනි...
බට්ටි -
මම මුකුත් කලේ නෑ ස්වාමීනි සත්තමයි. මෙයාතමයි මගේ පස්සෙන් ආවේ මුලින්ම. බොලුනම් මයෙ මිස්ටිගෙන් අහන්න ස්වාමීනි..එයා සේලම දන්නවා...
මිස්ටිව උසාවියට කැදවයි.මිස්ටී ඇසින් දුටු සියලු කරුණු විස්තර කරයි.සියලු කරුණු ජූරිට සලකා බලයි........
විනිසුරුතුමා -
සියලුකරුනු විමසා බැලීමෙන් පසුව විත්තිකාරිය නොහොත් බට්ටිව නිදොස් කොට නිදහස් කරන බවත්...බොරුනඩු දමා උසාවිය නොමග යැවීමට වෙහෙසුනු සත්තලන්ට දඩුවම් වශයෙන් ජීවිතාන්තය දක්වා බට්ටි සමගම සිටීමට නියෝග කරමි...
බට්ටි -
හුලේ හුලේ........
විනිසුරුතුමා -
උසාවිය නිශ්ශබ්දවනු..
ප.ලි.සිතුවිල්ලක් පමණි.හුදෙක් විනෝදය සදහා පමණක්මයි..
උදේ මුණුපොතේ නිකමට ලිව්ව මේය යාළුවන්ගේ ඉල්ලීම නිසා ටිකක් වෙනස් කරලා පෝස්ටුවක් කලා...