ජීවිතේ හුගක් විදපු චුට්ටක් විතර විදවපු තව එක අවුරුද්දක් ගෙවිල යන්න තව තියෙන්නේ හරිම පුංචි පැය ගානක් විතරයී. බට්ටි බ්ලොග් ලෝකෙට පය තියපු 2011 බට්ටිට නම් මහහුගක් වටිනවා. හැමදාම බට්ටි හිටියේ තියෙන ටික ඇති කියලා සතුටින්.
හිතේ තිබුණ හුගක් දේවල් ඉටුනොවුනත් නොහිතපු දේවල් බට්ටිගේ ඉටුවුනා. බට්ටි හිතන් හිටියෙම නෑ ගෙදර යන්න. ඒත් බට්ටි ගියා. ඒක මට ලොකු සතුටක්.
ජීවිතේ කියන්නේ සතුට. සතුට විතරමයී.
බට්ටි අඩියෙන් අඩිය නැගිටින්න වෙර ගනිද්දී මෙහේ මං ඉන්න ගෙදර අක්කා ඒකට ලොකු හයියක් වෙනවා කියලා මම ඔයාලට කියන්නම ඕන. ලගම නෑයෙක් නොවුනත් මට ටිකක් දුරින් නෑයෝ වෙනවා. අද කාලේ හැමෝම ඕනම දෙයක් කරන්නේ මොකක් හරි වාසියකට. ඒත් මම නැවතිලා ඉන්න ගෙදරට ඇත්තම කියනව නම් අද වෙන තුරු කිසිම මුදලක් දීලා නෑ. ඒ වගේම ඒ අය මගෙන් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. මට හැම වෙලාවෙම කියන්නේ මගේ දෙයක් කර ගන්න. කවද හරි එහේ ඉදලා රෝයල් වෙඩින් එකක් අරගෙන යන්න ඒක තමයී එයාලට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග කියලා.
අපේ සුද්දී ගැන කියන්න බැරි වුනානේ. මගේ මෙහේ ගෙදර ඉන්න හුරතලී. මගේ නංගා පැටියා. ඇත්තමයී මගේ ජීවිතේ හුගක් දුක තුනී කරන්න අපේ නංගා පැටියා හරිම දක්ෂයී. තාම P Grade ඉන්නේ.එයාගේ හුරතල් වැඩ ගැන ලියනවනම් මට ඒ වෙනුවෙන් වෙන බ්ලොග් එකක් හදන්න වෙනවා. ආ කියන්න බැරි වුනානේ එයා හොද ඉංග්‍රීසි මිස් කෙනෙක්. අම්මටයී මටයී අත්තම්මටයී ඉංග්‍රීසි උගන්නනවා. අම්මෝ ඒ වෙලාවට නම් හරිම වසයී. වැරදිලා හරි සිංහල කතා කලොත් වයී යූ ටෙල් සිංහල ? යූ ගෝ ගමේ ස්කූල් කියනවා. ඒක නම් එයාට පොඩි වරදක් කලත් අම්මා කියන දෙයක්. හැබැයී ටීචර් කොයි තරම් හොදයිද කියනව නම් සිංහල කතා කරන්න බැරි නීතිය අත්තම්මට දාලා නෑ.
වැඩ පලේදී නතර වෙලා ඉන්න තැනදී දුක හිතෙන දේවල් වෙන්නෙම නැත්තේ නෑ. එහෙම වෙනවා. ඒත් කොහොමත් ඒක ලෝක ස්වභාවය අංග සම්පූර්ණ කිසිම දෙයක් නෑ. මට දුක හිතුන වෙලාවට මම එකම කෙනෙක්ට මැසේජ් එකක් යවලා කියනවා. හැබැයී ඉතිං රිප්ලයී නම් නෑ. ඒ එයාගේ හැටි. මට මොකෝ මටත් ඕන මේ හිරවෙලා තියෙන හිත නිදහස් කර ගන්න නේ. ඕව කියද්දී බනින කෙනෙක් නැතුව එහෙම සද්ද නැතුව ඉන්න කෙනෙක් ඉන්න එක කොච්චර ලොකු දෙයක්ද?
බ්ලොග් එකේ යාළුවෝ හැමෝටම හුගක් පිං මා එක්ක ඉන්නවට. නම් වශයෙන් කියන්නේ නෑ. එක නමක්වත් මග ඇරුනොත් කියලා මට බයයී.
හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා. මගේ හිතේ තියෙන පැතුම් වගේම ඔයාලා හැමෝගෙම හිතේ තියෙන හැම පැතුමක්ම 2012දී ඉටුවේවා කියලා බට්ටි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.