මා මෙය බොහෝ කාලයක් සිට ලියන්නට හිතා සිට ලිපියකි. ගීතය වූ කලී කුමක්දැයි මා නොදැන සිටියාය. සැබවින්ම මා කෙතරම් ගීත වලට ප්‍රිය කරන්නේද යත් ගීතයෙන් තොර වූ ජීවිතයක් ගැන මට හිතා ගන්නටවත් නොහැකි තරම්ය. මගේ ජිවිතයේ බොහෝ දුක් කම් කටොළු සියල්ලක්ම විදදරා ගැනීමට මට ගීතය කෙතරම් පිටුවහලක් වුනාදැයි යන්න මෙහි සටහන් කිරීමට සැබවින්ම මා අපොහොසත්ය. මක් නිසා ද යත් එය අකුරු වලට පෙරලීමට තරම් ශක්තියක් මා සතුවී නොමැති නිසාය.
මගේ හිතට වැදුනු බොහෝ ගීත මා නිතර නිතර අසා සිටින්නටත් තනියම ඉන්න වෙලාවට ඔහේ මුමුණ මුමුණ ඉන්නත් හුරු වුනේ කුඩා අවධියේ සිටමය. යථාර්තය එයයී. විටෙක මා ඔහෝ අසාගෙන ඉන්නා අයෙක් විය, තවත් විටෙක ඔහේ යටි ගිරියෙන් මුළු ගමටම ඇහෙන්න කපුටු හඩින් ගායනා කරන කපුටියක් වැනියැයි මට දැනුනු අවස්ථා බොහෝය.
රෑපවාහිනිය නැරඹීමට නම් මට ලැබෙන ඉඩකඩ බොහෝ අඩුය. රාජකාරී වෙලාවට හැකි උපරිම වෙහෙස මහන්සියෙන් මගේ සේවය අකුරටම ඉෂ්ට කිරීමට මා උනන්දුවෙන් වැඩ කරන නිසා ගෙදර යන්නේ මාගේ එකම සැනසීම වූ ඇද බදා ගැනීමට මග බලා ගෙනමයි.
ගුවන් විදුලියේ යන වැඩ සටහන් අද නිස්කලංක වෙලාවකදී අසා සිටින්නට තරම් නොගැලපෙන ඒවාය. නමුත් ඇතැම් අවස්ථාවන්වල අතරින් පතර යන ගීත වලට යම් තරමකින් ඇල්මක් තිබෙන නිසා සෙනසුරාදා දිනයේ නිවසේ වැඩ කටයුතු කරන අතරතුර අහම්බෙන්වගේ දෙරණ ගුවන් විදුලියට සවන්දෙන්නට අවස්ථාවක් ලැබුණා. වැඩ කටයුතු කරන අතර තුර නිසා වැඩ සටහන් කෙරෙහි එතරම් අවධානයක් යොමු කිරීමට උවමනාවක් නොවුණි. නමුත් ප්‍රචාරය වෙමින් සිටි වැඩ සටහනේ නිවේදක තුමාගේ කටහඩ සැබවින්ම මා කරමින් සිටි කාර්යෙන් අත්මුදවා වැඩ සටහන තුලට අද්දවා ගැනීමට සමත් වුණි.
ඔහු ගීත වල තේරුම කියා දෙමින් , 70 දශකයේ ගීත ගැන වර්ණනා කරමින් අපිටද එම ගීත අසන්නට ඉඩ ප්‍රස්තා සලසා දෙමින් වැඩ සටහන කරගෙන යයී. මෙතුවක් කාලටයකට සැබවින්ම මා එතරම් සුන්දර වු වැඩසටහනක් රස විද නැති තරම්යි. එහි නම ‘‘රෑ ඉර පාන’’ සැබවින්ම එය ඉරපානක්මය.
මාධ්‍ය තුලින් කොතරම් නම් මිනිසුන් තුලට ලංවිය හැකිද? නිවේදකයෙකුට හදවත් තුලට කොතරම් නම් එඹිය හැකිද?
මෙහි නිවේදකයා වූ කලී පුදුමාකාර අයෙකි. ඔහු සරල මිනිසෙකි. තමන් ලද අත්දැකීම් එකින් එක ගෙන හැර දක්වන්නේ ඔහුටම ආවේණික වු ශෛලියෙකින්මය. මගේ මතකයේ හැටියට රෑ ඉර පාන කදම්බ 10 දී ඔහු ලැබූ අත්දැකීමකට සවන්දුන් මට ඔහු ඉතා සංවේදී පොළොවෙ පය ගහලා ඉන්න මිනිසෙකු කියා ඒත්තු ගැන්වුණි.
ඔහු කුඩා කාලයේදී අක්කලා සමග පිචර් බලන්නට යනවලු. සංවේදීකම කොතරම්ද යත් නරඹමින් සිටියදී එහි සංවේදි දර්ශන වලදී කදුළු වගුරනවලූ. ඉතිං මේ හේතුව නිසාම නිසාම අක්කලා ඔහුව මර ඇරලා යන්න ක්‍රමයක් හොයා ගෙන. ඒ තමයි සීනි භාෂාවෙන් කතා කරන එක. මෙයා ඉතිං සීනි භාෂාව දන්නෙ නැති නිසා වැඩේ ලේසි වෙලා තියෙනවා. (ඒනිසියා කීනිසිව්ව විනි සිදියට හෝනිසිදේ) මෙය මා මෙහි සටහන් කරන්නට ප්‍රධාන හේතුව වුනේ මේම කදම්බයමයි. තමන්ගේ ජීවිතේ ඉතාම සූක්ෂම සුන්දර සිද්ධි ප්‍රේක්ෂයාට ගෙන හැර දක්වමින් ඔවුන් පිනවීමට සමත් මෙවැනි පුද්ගලයෙකු ගැන නොලියා සිටීම විශාල වරදක්මය.
ගීතයට ඔහේ ඇහුම් කන් දුන් මම ගීත දෙස අලුත් ඇසකින් බලන්නට යොමු වුනේ මේ වැඩ සටහනට ඇහුම්කන් දීමට පටන් ගත් පසුවමය.
ඔයාලත් එක් වරක් හෝ රෑ ඉර පානෙ එළිය විද ගන්න.
ප.ලි. දෙරණ FM ඉරිදා රාත්‍රී 7 සිට 9 දක්වා . නැවත විකාශනය සෙනසුරාදා උදෑසන 8 සිට 10 දක්වා.
මමත් අහන්නම් අද ඉදන්.. මමත් දන්නවා සීනි භාෂාව
ReplyDeleteඅනි සික්කි ඕනි සියාගේ පොනි සිස්ට් එනි සික ලස්නි සිසනයි. :)))
අයියෝ අද නෑ.සෙනසුරාදට & ඉරිදට
ReplyDeleteමානි සිටත් යානි සිත්තම් පූනි සිළුවන්
මම අහන්නෙම නැති මාධ්‍යක් තමයි ගුවන් විදුලිය. :(
ReplyDeleteනමින් බන්දුල නානායක්කාරවසම් නම් වූ ඒ සුන්දර මිනිසා අපට බොහෝ දේ කියා දෙයි. කළාව , ගීතය විශ්ව භාෂාවක් බැව් බන්දුල අයියා අන්න්ත වර මට කියා දුනි. දැන් බට්ටි අහයි ඒ කොහොමද කියල. ඔහු හා මා සේවය කරන්නෙ එකම ආයතනයෙ . හර බැර ණය රස්සාව කරගත්ත මට ගීත ලියන්න පුළුවන්නම් . ඉන්ටර්නෙට් , අයි.ටී. රස්සාව කරගත්ත මල්ලිට සින්දු අහන්න බැරිද කියල බන්දුල අයිය ඇහුවම දෙයියනේ මම දෙන උත්තරේ මොකක්ද ?
ReplyDeletehttp://www.fmderana.lk/index.php?route=programs/reeirapana
ReplyDelete@ සීතල අයියා
ReplyDeleteඅහලා බලන්න ඔයාගෙ ඔය අදහස වෙනස් වෙයි.
@ දයාබර
දයාබරව පිළගන්නවා බට්ටිලොවට. ඔයා මාර වාසනාවන්තයිනේ. ෂික් මට නැහැනේ ඔය වගේ චාන්ස් එකක්.
ඔයා මෙහෙම කියන්න 'හර බැර එක්ක ඉදිද්දී ඔයාගේ මොලේ අලුත් වුනත් ඉන්ටර්නෙට් , අයි.ටී. එක්ක ඉදලා මාව යාන්ත්‍රික වෙලා අයියේ. පුළුවන්නම් මව එකෙන් මුදවන්න කියලා.
මමත් ගොඩක් වෙලාවට කැමතියි සින්දු අහන්න.. දැන්නම් ඒක වෙනදට වැඩියෙන් කරනවා.. දැන් ගොඩක් වෙලාවට අහන්නෙම බස් රේඩියෝව...
ReplyDeleteම්ම්ම්ම්ම්ම්... මමත් හුගාක් ආසයි ලස්සන පරණ සිංදු අහන්න. අනික හුගාක් කැමතියි මම සිංදු ගැන විචාර අහන්න...
ReplyDeleteමටත් FM නම් අහන්න වෙලා නෑ...යමින් එමින් ගමන් තමයි අහන්නෙ.. මෙලෝ රහක් නෑ එවා
ඒත් බට්ටි කියනවට අහලා බලන්න ඕනෙ මේක..
මමත් මේ වැඩසටහන අහල තියෙනවා..ඇත්තටම අපූරු වැඩසටහනක්..
ReplyDeleteමාත් හරිම ආසයි 70 දශකයේ සිංදු අහන්න. දැන් තියෙන සිංදු ගොඩක්ම ඒවා කණට වේදනාකාරි සිංදු නේ.
ReplyDeleteබට්ටි කියන්නේ ඇත්ත.
ReplyDeleteබන්දුල නානායක්කාරවසම් නම් එම සංවේදී මිනිසා රෑඉරපාන වැඩසටහන අසන්නන්ගේ සිත් ඇද ගන්නා විදිහට කරන එකනම් අගයන්නම ඕනේ. මමත් මේ වැඩසටහන ගැන දැනගත්තේ අදට දවස් තුනකට උඩදී. මව්බිමෙන් එපිටක ඉද්දි නිතරම රේඩියෝ එක අහන්න වෙන්නේ නෑනේ. "පලාමල්ල" කියල බ්ලොග් එක ලියන කෙනා මේගැන ලස්සන විස්තරයක් පිටරට රැකියාව කරන හැම කෙනෙක්ම අහන්න ඕනේ ගීතයක් එක්කම පොස්ට් එකක් දාල තිබිල මටත් කියවන්න ලැබුණා. හැඟුම්බර ගීතයක්. එක ඇහුවෙත් මම පලවෙනි වතාවට. පලාමල්ල කියපු පාර දිගේ ගිගින් රෑඉරපාන කලින් වැඩසටහන් සේරම අහන්න පටන්ගත්ත මම විවේකීව ඉන්න වෙලාවට.
http://palaamalla.blogspot.com/2011/12/blog-post.html
මෙතනටත් යන්න අහගෙන ඉන්න පුලුවන්...
http://www.fmderana.lk/index.php?route=programs%2Freeirapana
රේඩියෝවක් අහපු කාලයක් මතක නෑ බට්ටියේ..කෝ කොහෙද වෙලාවක්..තියෙන වේලාවත් බ්ලොග් එක උඳුරා ගන්නවනෙ...බට්ටිත් ඕවා අහන්නෙ තාම ගෙදර නෙට් නැති නිසා ..ගත්තම බලන්නකෝ ඕවට වෙලාව තියේවිද කියලා
ReplyDeleteබ.නා. ගෙ කටහඬ ඇහෙද්දි සිත අතීත මතක අතර සැරිසරනවා
ReplyDeleteටෝනි රනසිංහවත් හිතට එනවා.......
මමත් රේඩියෝ සහ ටීවී යන මාධ්‍ය දෙකටම ලොකු ප්‍රියතාවයක් දක්වන්නේ නැහැ නංගියේ.
ReplyDeleteහොඳ වැඩසටහන් ඕනේ තරම් යනවා ඇති...
ඒත් මම අහන්නෙවත් බලන්නේවත් නැති නිසා දන්නේ නැහැ
ගෙදර ගියොත් බලන්නේ කාර්ටුන්, ඩිස්කවරි, ඇනිමල් ප්ලැනට් වගේ ඒවා තමයි...
එහෙම නැත්නම් පොත්, එකදවසට පොත් 4 ක් 5 ක් කියවන එක මට කජු කනවා වගේ වැඩක්
කෙල්ලේ වර පොතයි පැන්සලයි අරං..බොලා රේඩියෝ අහ අහ ඉන්ට ගිහින් ලියන කියන හැටිත් අමතක කරගෙන...
ReplyDelete"ගීතය වූ කලී කුමක්දැයි මා නොදැන සිටියාය."
පටන් අරගෙනම තියෙන්නේ බස මරලා... සිංදුව මිස මේකිට අනිත් වැඩ අමතකයි...හුහ්...
මං රේඩියෝ අහන්නේ නැතෝ...
මමත් නොවරදවා අහනවා. වැඩසටහන පටන් ගත්තුම කාලේ මත් බ්ලොග් පෝස්ට් එකක් දැම්ම ඒ ගැන...
ReplyDeleteමෑත අතීතයේ අහපු හොඳම සංගීත වැඩසටහනක්
@ Dinesh
ReplyDeleteසිංදු අපිව ජීවත් කරවනවා මල්ලී
@ හිතුවක්කාරි
ReplyDeleteපැණ සිංදුවල පුදුමාකාර ලස්සනයී.ඒවගේ තේරැම පදෙන් පදේ නැතිවුනත් ටිකටක හරි කියද්දී ඒවා ඇගට දැනෙනවා වැඩී.
@ සිත්රූ සිහින
ReplyDeleteමගේ මතකෙ හැටියට ඔයා අදයී මේ පැත්තේ ආවේ. ස්තූතියි යාළුවේ.
@ මධුරංග
ReplyDeleteඒකනම් සහතික ඇත්ත.
@ වැලිමැඩියා
ReplyDeleteබොහොම ස්තූතියි යාළුවේ මේ පැත්තේ ආවට. "පලාමල්ල" ගේ පෝස්ට් එක කියවල නෑ. නිවාඩු වෙලාවක කියවන්නම්.
@ අක්කා
ReplyDeleteඒක නම් එහෙම තමයි අක්කේ. අක්කා රට ඉදන් ලැප් එක අරන් ආවට පස්සේ මෙව්වට වෙලාව වෙන්කර ගන්න බැරිවෙයි තමයී. ආ ඒත් සෙනසුරාදා උදේ මම රෙදි හෝදන ගමන් තමයි ඉරපාන අහන්නේ. රෙදි හෝදද්දී වෙන වැඩ කරන්න බැරි නිසා ඒක නම් අහන්න පුළුවන් වෙයි දිගටම.
@ වැලිමැඩියා
ReplyDeleteඒ කටහඩේ තියෙන්නේ අමුතුම විදියක්. අනේ මන්දා වැඩ සටහන ඉවර වෙද්දී ලෝබ හිතෙන තරම්.
@ ලොකු පුතා
ReplyDeleteඔව් ලොකූ.මාත් ආසයි පොත් කියවන්න. බට්ටිගෙ පඩිත් දැන් ටිකක් වැඩි නිසා හැම මාසෙම ගුණසේන එකෙන් පොත් අරගෙන කියවනවා.
@ අයියා
ReplyDeleteබලනවකෝ අයියේ මම මේ විදියට ලියන්න පුදුම මහන්සියක් ගත්තේ. කවදාවත් මේ විදියට ලියලා නැති නිසා චුට්ටි වෙනසකටත් එක්ක ලිව්වේ. ෂීකේ ආයෙනම් නොදන්න මගුල් කරන්නේ නෑ. මොකටද අප්පා නිකන් හෝඩියෙ පන්තියට යන්නේ. :D
@ පිස්සා පලාමල්ල
ReplyDeleteඔයාගෙ පෝස්ට් එක ඉඩක් ලැබුණු ගමන්ම කියවන්න ඕන.
මාත් මේක ගැන ඉස්සෙල්ලම ඇහුවෙ පලාමල්ලෙන්.... හැබැයි සජීවීව නම් කවදාවත් අහන්න බැරි උනා.... මං හරි ආසයි ඔය සින්දුවල පසුබිම් කතාව, ඒව ලියැවිච්චි හැටි හේම අහන්න.... හරිම ලස්සන වැඩසටහනක්....
ReplyDeleteඅපෙත් රේඩියෝව කැඩිලා තිබිලා හදා ගෙන ආව ලගදි.උදේටනම් වැඩිය රේඩියෝව දාන්නෙ නෑ.දැම්මොත් දාන්නෙ අම්මට බණ අහන්න. සියතෙ රෑ 11න් පස්සෙ යනවා ලස්සන සින්දු.පරණ සින්දු තමා යන්නෙ.විරාමයක් එහෙම නැතුව එක දිගට යනවා.
ReplyDelete