January 27, 2012

හෙට සුභ වීමට අද

එක්තරා නගරයක රාත්‍රීයේ දල්වන ලද සියළුම ගිණි සිළු නින්දට යාමට ප්‍රථම නිවා දමන්නට නීතියක් පැවතුනා. නමුත් දිනක් එක් නිවසක ගෙහිමියන් නින්දට යනවිට ඔවුන්ගේ නිවසේ දැල්වෙන ගිණි සිළුව නිවා දමන්නට අමතක කලා. ඒ රාත්‍රියේ නගරයේ දැල්වුනු එකම ගිණි සිළුව මෙයයී. නමුත් ඒ එක ගිණි සිළුව උදෑසන වන විට මුළු නගරයම අවුළුවා තිබුණා. 



ඝාතනයන්ගෙන් දරුණුතම ඝතනය වන්නේ චරිත ඝාතනයයී. ඔබගේ දිවෙන් පුද්ගලයෙකුගේ චරිතය ගොඩ නැගීමටත් එම චරිතය ඝාතනය කිරීමටත් හැකි. එය අර නිවසේ නිවා නොදැමූ ගිණි සිළුව වැනිය. මුළු නගරයම ගිණි ගත්තේ එක් ගිණි සිළුවක් නිසාය. එබැවින් එහෙට සුභ වීමට අද මේ ගැන මොහොතක් සිතන්න.

ප.ලි. ඉහත සටහන මීට සතියකට පෙර ‘හෙට සුභ වීමට අද මොහොතක් සිතන්න’ ගුවන් විදුලි වැඩසටහන බට්ටිට මතක විදියට අකුරු කිරීමකී.  

41 comments:

  1. උදේ පාන්දරම වැදගත් මාතෘකාවක්!
    හිත රිදිලද මන්ද මොකකටවත්??:/

    ReplyDelete
    Replies
    1. අනේ නෑ. බට්ටි හොදින්ම හොදින්.

      Delete
  2. mamath oya prog ekata asai.dan yanne nadda dannena.ahune na kalekin.

    ReplyDelete
    Replies
    1. මටත් වෙලා තියෙන්නේ. ඒක යන වෙලාව හරියටම අල්ල ගන්න බැරිකම. අහම්බෙන් ඇහුනොත් අනිවාර් මාස ගානක් ගියත් කිව්ව එක මතකයී. ඒ තරම් හිතට වදිනවා.

      Delete
  3. හින්ට් එකක් එක්කම වගේ පෝස්‍ටුව..අනේ මන්දා......හොද අදහසක්.....

    ReplyDelete
    Replies
    1. බට්ටි ඒවගේ වැඩ කරනවද මන් අහන්නේ?

      Delete
  4. බට්ටිටත් ඉඳල හිටල හොඳ අදහස් එනව නේද? කාලෙකින් ආවෙ බ්ලොග්ස් කියවන්න. මුලින්ම කියවන්න හම්බුනේ හොඳ පෝස්ට් එකක්. ආරම්භය සුබයි..

    ReplyDelete
  5. ඔන්න ඔන්න ඉදල ඉදලා ඇවිත් මාව බයිට් කරන්න හදනවා.
    අද දවසම සුභම සුභ වෙන්න කියලා හදවතින්ම පතනවා.

    ReplyDelete
    Replies
    1. මම ඔයාව බයිට් කරාද?

      Delete
    2. නෑ නෑ ඔයා 'බට්ටිටත් ඉඳල හිටල හොඳ අදහස් එනව නේද? කියපු නිසා විහිළුවක් කලේ සහෝ.

      Delete
    3. ආ,, ඒක මිසක්..
      මගේ බඩ පපුව දාල ගියා..

      Delete
  6. මෙ දවස්වල සිංහල බ්ලොග් අවකාසෙට වටිනවා

    ReplyDelete
  7. හොද අදහසක් අක්කේ.. මේ දවස් වලත් ඔය වගේ ගින්නක් පැතිරිලා යනවනේ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියී මල්ලී අගය කිරීමට.

      Delete
  8. හැම කෙනෙක්ම තමන්ගෙ කටින් වචනයක් පිටවෙන්න කලින්, මම මේක කිව්වොත් කාගෙහරි හිතක් රිදෙයිද කියල හිතනවනම් ගොඩක් ප්‍රශ්න අඩුකරගන්නත්...හැමෝමත් එක්ක හොඳින් ඉන්නත් පුලුවන් වේවි.හොඳ අදහසක්.ලස්සනා...යි....

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත. ඒත අද ලෝකේ හැමෝම බලන්නේ තමන්ගේ වාසිය ගැන විතරයී. අනිත් කෙනාට මොක වුනත් එයාලට වැඩක් නෑ.
      (තරහා වෙන්න එපා අර ලස්සනා...යී.. කියපු විදියට නම් මට හොදටම හිනා ගියා)

      Delete
  9. ලස්සන අදහසට ලස්සන උපමාවකුත් එකතුවෙලා කතාව තව තවත් හරවත් වෙලා.

    ReplyDelete
  10. තේරුම් ගත යුත්තො තේරුම් ගන්නව නම් වටින කියමනක් :)

    මාත් අවුලන්න ඕන හොඳ ගින්නක් පුළුවන් ඉක්මනට... අවුලන්න බැරිනම් අඩුම තරමෙ පිදුරු හරි දානව... බලන් හිටපන්කො... මම ඒත් කල්පනා කලේ බට්ටි දන්න දේවල් කියල.. :)

    ReplyDelete
    Replies
    1. ඇවිලෙන ගින්නට පිදුරු දාන්න හිතුවට නම් කමක් නෑ. වැඩි දෙනෙක් කරනවා වගේ පෙට්ට්‍රල් නොගහ. හැබැයී අයියේ පිදුරු දැන් හරි හිගයී නේ...
      බට්ටි මෙහෙම හිටියට හරියට පැහිලා...

      Delete
  11. බට්ටී.......ලෝකෙම ගිනි තිබ්බත් මාව නම් පිච්චෙන්නෙ නැහැ...මම ඉන්නෙ ගඟ අයිනෙ..හොඳටම පීනන්නත් පුලුවන්...(මෙ..මම කිව්වෙ ඇත්තටම අපි ඉන්නෙ ගඟක් අයිනෙ හරිද?..බ්ලොග් එකේ තියන පින්තූරෙ ගැන නෙවේ මේ කිව්වෙ.) හී..හී..හී.....ඔයා දන්නවනෙ මම ඉන්නෙ කොච්චර කූල් එකේද කියල?

    ReplyDelete
    Replies
    1. අපෝ මම නම් ආස නෑ ගගවල් අයිනේ ඉන්න ගංවතුර ගලද්දී මල වදයක් නේ අනේ විදින්න වෙන්නේ.
      ඔයාගේ කූල් එක ඔයා ටික ටික බට්ටිටත් බෝකරානේ...

      Delete
    2. බට්ටිව ගහගෙන ගියොත්, නේද..?

      Delete
  12. හ්ම්ම් හ්ම්ම්
    "ඝාතනයන්ගෙන් දරුණුතම ඝතනය වන්නේ චරිත ඝාතනයයී"

    මේ දවස් වල වැඩියෙන්ම වෙන දේ

    ReplyDelete
    Replies
    1. වර්ණා හුස්ම අල්ලපු විදියට මගේ හුස්මත් හිරවුනා වගේ දැනුනා.

      Delete
  13. මේ දවස් වල යන ගින්නත් ඔය වගේ එකක් තමයි මම හිතන්නේ...

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම හිතුවා.

      Delete
    2. තරහ වෙන්න එපා මෙහෙම අහනවට.ඇත්තටම මට තේරුනේ නැති නිසයි මේ අහන්නෙ...මොකක්ද මේ දවස් වල යන ගින්න කියල කිව්වෙ...

      ඔන්න මට කොලොප්පමක් දානව​ එහෙම නෙවෙයි....හලිද....හ්ම්.

      Delete
  14. ගිනිනම් හැමතැනම....
    සමහරු එව්වයෙන් එකක් නිමෙන්න එකක් ගානේ සුරුට්ටු පත්තු කරනවා.... :)

    ReplyDelete
    Replies
    1. ලොකු පුතාගේ කතාව ඇත්ත...

      Delete
    2. කෙනෙක් මොනාහරි කරන්න කලින් ඒකෙ ප්‍රතිපලේ ගැන හිතනවා නම්...!!!
      (හෙට සුභ වීමට අද පුළුවන් තරම් හිතන්න)

      Delete
    3. සහතික ඇත්ත ලොකු පුතා...

      Delete
    4. ඒක අපේ මිනිස්සුන්ගේ ජන්ම ගතියක්ද කොහේද?

      Delete
  15. අම්මේ බටිටි අක්කව අමතකම වෙලා ගියානෙ.නෑ නෑ මේ පෝස්ට් එක ලිස්ට් එකේ පෙන්නුවෙ නෑ.මොකක් හරි අවුලක් වගේ අක්කේ..

    අදහස පංකාදු පහයි. අම්මපා මේ දවස් වල ගින්නත් මේ වගේ නැතෑ.
    කට හින්ද තමා මට නම් මොකක් හරි අලකලංචියක් වැටෙන්නෙ. අම්මත් බනින්නෙ යකෝ ඔය කට ටිකක් වහන් හිටපංකො කියලා. කෝ මේ අසංවර කරැම කට අහනවෑ.

    ReplyDelete
    Replies
    1. අපොයී දෙයියනේ මම හිතන් හිටියේ ගිණි නරියා මට නරකක් නම් කරන එකක් නෑ කියලා.ෂික් ඌට නම් හිතක් පපුවක් ඇත්තෙම නෑ මයේ හිතේ.

      Delete
  16. බොහොම වැදගත් කියමනක්...

    ReplyDelete
  17. කාලෙට ඔබින ලිපියක් බට්ටියේ....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මේක ලියවුනේත් එක නිසාමයී.

      Delete
  18. ගුවන් විදුලි සේවයේ නමයි විකාශනය වෙන වෙලාවයි කියන්න පුලුවන් නම් ගොඩක් වටිනවා බට්ටියෝ !!

    ReplyDelete