January 30, 2012

කඩ්ඩ නැතුව බැරි වෙයිද?

කඩු නම් කඩු සටපටනම් සටපට කියන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද? කොහේද බට්ටිට කඩු බෑ සටපට නම් ඕන තරම් දෙන්න පුළුවන්. බට්ටි නම් බයේ ඉන්නේ ඉස්සරහට කඩු නැති වුනොත් අඩු ගානේ පාරක් අතුගාන ජොබ් කට්ටක් වත් හොයා ගන්නවත් බැරි වෙයි කියලා. දැන් ඉතිං හැමෝම බලනවා ඇති මොකද මේ බට්ටි හිටි ගමන් කඩුවක් අල්ල ගත්තේ කියලා. පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ මේ ඒ ගැන කියන්න තමයී හදන්නේ. 

ඔන්න බට්ටි ගිය සිකුරාදා වැඩ ඇරිලා ගියා මතක බණ ගෙදරක. බස්එකේ හිටගෙන පැය ගානක් කට්ට කාලා තමයී යන්තන් බණ පටන් ගන්න කලින් ගියේ.
ගිහින් ටික වෙලාවක් යද්දී ස්වාමීන් වහන්සේ වැඩම කරා. බට්ටි බණ අහන්න පිරිත් අහන්න හුගක් ලැදී. එදත් ඉතිං බට්ටි හරිබරි ගැහිලා හිත එක්තැන් කර ගෙන බණ අහන්න තමයී වාඩි වුනේ. මුලින් කිව්ව පාලි ගාථාව නම් තේරුනා. එතනින් එහාට ටිකක් තේරුනා අනිත්වා තේරුනා සේ හිටියා. බට්ටිට බණ මී පැණි වුනත් කඩු නම් ඉතිං අරහං. හැබැයී එක තැනක හුගක් පැහැදිලිව තලවකැලේ තිලකගෙන් පටන් ගෙන ඇමරිකාවේ ඉස්ටීවන් කියලා කෙනෙක් පුනරුප්පත්තිය ගැන ලියපු පොතකට වෙනකල් පුනරුප්පත්තිය ගැන හරිම පැහැදිලි විස්තරයක් කරා. ඒ ටික නම් බට්ටිට තේරෙන සිංහලෙන් කිව්ව නිසා හුගක් ආසාවෙන් අහන් හිටියේ. 

ඔය විදියට පැයක් තිස්සේ අහන් හිටිය බණ ඉවර වුනා කියමුකෝ ඊට පස්සේ තමයී එපාම වුනු හරිය. ඇවිල්ලා හිටිය අයගෙන් මමයී, අම්මයී, තාත්තායී, තව නැන්දලා දෙන්නෙකුයී ඇරුනහම අනිත් සේරම වනනවා එක ලෙසකට කඩු. මට ඔය වෙලාවෙනම් මතක් වුනේ අම්මපා යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියලා.බට්ටි දන්න විදියට YES, NO කියලා බේරෙන්න පුළුවන් කට්ටියක් නෙවෙයී එතන හිටියේ. කොහේ ගියත් අර ලකිය කිව්ව වගේ ලව්ස්පීකරේ බැදන් ඉන්න බට්ටි කට පියාගෙන කෑම මේසේ අඩුපාඩු බලලා ඒවටත් උදව් කරලා ඊට පහුවදා ආයේ ගෙදර ආවා.  

මේ විදියට ගියොත් නම් බට්ටිට ලොකු ප්‍රශ්නයක්. අද බණ තේරුන් නෑ හෙට මෙනවා වෙයිද? දැන්නම් බට්ටිට බෙල්ල ගහලා ගියත් කඩු වනන්න නම් ඕනමයී. කඩු වනන්න පුළුවන් වුනොත් එදාට බට්ටිත් මේ පහල පින්තූරේ තියෙන අකුරු ටික අනිවාර් කියනවා. 


64 comments:

  1. මට බස් එකේදි ලොක්කෙක් සෙට් උණා... පොළොන්නරුවෙ ඉඳන් පැය 6ක් විතර එන්නත් ඔනේ... මූ කඩුව වනන්න ගත්තා.. මමත් ඇරියෙ නෑ... පලිහ එහෙන් මෙහෙන් දාලා නම අහපුවාම දසනායක... මිස්ට දසනායක මම වික‍්‍රමසිංහ වෙච්චි.. මම නම් පුළුවන් හැම වෙලේම සිංහලෙන් කතා කරන්නෙ... ලොකු පහසුවක් ඒක... අපිදෙන්නට සිංහලෙන් කතාකරන්න පුළුවන්නේද... මොකෝ අනවශ්‍ය අවධානයක් ඔ්ණේ නෑනෙ.. කියපුවාම කටපියාගත්තා...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහොම තමයි මචං දෙන්න ඕනේ ඒ වගේ උණ කාරයින්ට :)

      Delete
    2. @ නරකයා
      බලන් ගියහම මෙයා නරකම නෑ

      Delete
  2. ඉගෙනගන්න එක වටිනවා, දැන් තියෙන ක්‍රමය අනුව
    මමත් කැමති නැහැ කඩ්ඩ අල්ලාගෙන නිකන් බොරු ෂෝ දානවට

    ReplyDelete
    Replies
    1. ඒකනේ ලොකූ දැන් මොන සුදුසුකම තිබුණත් වැඩක් නෑ කඩු නැත්නම්.

      Delete
    2. සිරාවට බොසාගෙ ඉඳලා පියන් දක්වා සිංහල එවුන් වැඩ කරන ඔෆිසියේ කතාව ඉංගිරිස්...... ක්ලයන්ට්ලාත් සිංහල ගොඩක් වෙලාවට... බොරු වැඩ... කාට පේන්නද...

      Delete
  3. ඉස්සෙල්ල ඒ ටික කියවන්න. එතකොට කඩ්ඩ නිකම්ම ගොඩ දාගන්න ලේසි වෙයි.

    ReplyDelete
    Replies
    1. මසුරන් කතාව.
      මෙන්න මේක තමයි වැදගත්ම දේ..

      Delete
    2. මට තේරුනේ නෑ නේ මේ දෙන්න මේ මොකද්ද කියන්නේ කියලා

      Delete
    3. ටියුබ් ලයිට් බට්ටී, එතන කියල තියෙන්නෙ I LOVE ENGLISH කියලනෙ…ඉංග්‍රීසියට බය නොවී ඒ ගැන කැමැත්තක් ඇති කරගන්න එක තමයි මුලින්ම කරන්න ඕන…බය වෙලා හැංගුනොත් කවදාවත් බැහැ. වතුරට බය වෙන්න එපා, බැහැලා පීනන්න…..ඒක තමයි අදහස...

      Delete
    4. ඔන්න ඔහොම තේරෙන්න කියන්න එපැයී.
      ඉන්න ගෙදර අක්කා ලොකු තල්ලුවක් දෙනවා මම ඔය මාර්ගෙට දානන්. දැන් එහේට ඇවිත් අවුරු 1 1/2 තාම බැරි වුනා කියලා අක්කා නිතරම බනිනවා.

      Delete
  4. මටත් ඔය කඩු සටන් නම් එදා ඉඳන් ම බෑ.
    කඩුව දැක්ක ගමන් ම මම හැංගෙනවා.

    ReplyDelete
    Replies
    1. පුදුරු වෙනවා පුරුදු වෙනවා. බට්ටිත් දවසක වනනවා කඩු.එදාට ඕං හැංගෙන්න එහෙම එපා.

      Delete
  5. මොකක්ද බට්ටි මේ කියන්නෙ? බණ කිව්වෙ කඩුවෙන්ද?
    අපේ පවුලම ජීවිකාව කරගන්නෙ කඩුව නිසා හන්දා අපි නම් ඇලර්ජික් නෑ කඩුවට. හික්ස්.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔව් නේ. 75% ක් කිව්වේ කඩුවෙන්.
      මම නැවතිලා ඉන්න ගෙදරත් කඩු තමා වනන්නේ. හැබැයී මම සුද්දී එක්ක විතරයී කඩු වනන්න බය නැත්තේ. අක්ක නම් කියනවා මල්ලිගේ පොත් කියවන්න කියලා. කෝ හිත දෙන්නෑනේ.

      Delete
  6. අපි ආසාවෙන් කඩ්ඩ පොලිෂ් කරගන්නවා. ඒක නෙමේ බට්ටි, මතක නම් අර තලවකැලේ තිලකගෙන් පටන් ගෙන ඇමරිකාවේ ඉස්ටීවන් කියලා කෙනෙක් පුනරුප්පත්තිය ගැන ලියපු කතාව කියන බැරිද? මම ආසයි ඒ වගේ කතා අහන්න...

    ReplyDelete
    Replies
    1. හැමෝටම උත්තර දීලා ඉවර වෙලා තමයී ඔයාට ලියන්න ගත්තේ. මොකද ටිකක් වැඩි පුර ලියන්න ඕන නිසා.
      ඒ කිව්ව කතාව නම් මතකයී . හැබැයී නම් ගම් නම් හරියටම මතක නෑ.තලවකැලේ තිලකා කියලා කෙනෙක් ඉපදුනාලූ 1948. මෙයා ටිකක් කතා කරනන් පුළුවන් වෙද්දී අම්මයී තාත්තායී බලන්න එකක්කර ගෙන යන්න කියලා දෙමව්පියන්ටම කියනවලූ. ඉතිං ඒක අම්මලට කොයි තරම් නම් දුකක්ද? ඉතිං ඒ අය මේක මග අරවන්න උත්සාහ කරලා. ඒත් හරි ගිහින් නෑ. මේ ගැන ආරංචි වෙලා මනෝවිද්‍යාඥයෙකුට එයා තව පරීක්ෂක කණ්ඩායමක් එක්ක තලවකැලේ තිලකා කියන විස්තර ටිකත් අරන් එයා කියන ගමට ගිහින් හොයලා බලලා.(කලින් ඉපදිලා හිටිය ගම නම් මතක නෑ) තිලක කියන විස්තර ඔක්කෙම ඇත්තලූ.කිලකා කියන කෙනා ඒ ආත්මේ නැති වෙලා තියෙන්නේ 1945( කාලවකවානු නිවරදි නොවෙන්නත් පුළුවන් මතක විදියට හොදද?)
      ඊට පස්සේ මේ කණ්ඩායම තිලකා එක්ක ඒ කිව්ව ගමට ගියාලූ. ඒ වෙලාවේ එයා ඒ අත්මේ අම්මා , තාත්තා අනිත් හැමෝම අදුන ගෙන. ඒත් එයාගේ ඉස්සරහට ආපු එක පිරිමි කෙනෙක් දැකලා මෙයා අහක බලාගෙන තියෙනවා. ඒ කවුද කියලා බලද්දී කලින් ආත්මේ එයාගේ අයියලූ. ‍ඒ දෙන්නා හැමදාම රණ්ඩුවෙනවලූ. ඉතිං එයා ඒ තරහ ඊලග ආත්මෙට අරන් ගිහින් තියෙනවා.
      ඒ ස්වාමීන් වහන්සේ කියන්න උත්සාහ කලේ මැරුනහම තවත් ඉපදීමක් තියෙන බවත් , ඒ ඉපදීම සතියකින් ‍දෙකකින් හෝ මාස කිහිපයකින් වෙන්න පුළුවන් කියලා. මොකද තිලකා 1945 නැතිවෙලා ආයේ ඉපදෙන්නේ 1948. ඒ අතර කාල පරතරයක් තියෙනවා.
      තව දෙයක් බොහෝ වෙලාවට අපි හැම ආත්මෙම එක පිරිසක් එක්කලූ මේ ගමන යන්නේ. ඉතිං අපේ මේ බැදීන් ශක්තිමත් වුන තරමට ඉදිරි ගමනෙදි අපිට ඒ අය හමු වෙන්න තියෙන ඉඩකඩ හුගක් වැඩීලූ.
      ඒක ස්වාමීන්වහන්සේ උදාහණ ඇතුව පෙන්වලා දුන්නා. ඇමෙරිකාවේ පුද්ගලයෙක්. (මට එයාගේ නමනම් පොඩ්ඩක්වත් මතක නෑ.) එයා මොහනය කරලා හුගක් දෙනෙක්ගේ ලෙඩ හොද කරන කෙනෙක්ලූ. එක ගෑනු කෙනෙක් එයාගෙන් බෙහෙත් ගන්න ඇවිත්.මේ ගෑනු කෙනා මනසින් හුගක් වැටුන කෙනෙක්. ඔහේ බලා ගත් අත බලන් ඉන්වලූ.මේ මානසික පසුබැස්මට හේතුව හොයා ගෙන එයා මොහනය කරලා ජීවිත 10 ක් පස්සට යන්න වුනාලූ. ඒත් හේතුව හොයා ගන්න බැරි වෙලා. හැබැයී එයා හැම ආත්මෙකම තනිවුන කෙනෙක්ලූ.මිනිස්සුන්ගෙන් ඈත්වෙලා ඉන්න හදපු කෙනෙක්ලූ. ආ හාමුදුරුවෝ කිව්වා බස්වලත් දාලා තියෙනවා ''තනි වෙන්න ඉඩ දෙන්න මටයී මගේ හිතටයී'' එහෙම කියන්න නම් යන්න එපා හරිම භයානකයී කියලා.
      ඉතිං ‍මේ කිව්ව ගෑනු කෙනාට දුක කියන්න දුක අහන්න හැම ආත්මෙකම එකම එක යාළුවෙක් හිටියලූ. ඒ කියන යාළුවා දැන් ආත්මෙත් එයා එක්ක ඉන්නවලූ. ඒ ගෑනු කෙනා හදවතින්ම වැලද ගනිපූ එකම කෙනා එයාලූ.
      ඔය ගැන කියලා ස්වාමීන් වහන්සේ කිව්වේ දේපල වලට සහොදරයෝ මරා ගන්න එපා, අම්ම තාත්තා මහළු මඩන්වලට දාලා එයාලගේ හිත් අමනාප කරන්න එපා. පුළුවන් තරම් තියෙන බැදීම් ශක්තිමත් කර ගෙන මරණ මංචකය වෙනකල් යන්න කියලා.
      ආ තව පොඩ්ඩෙන් ඇමෙරිකාවේ ස්ටීවන් කියන කෙනා ගැන කියන්න අමතක වෙනවනේ. ඇමෙරිකාව කියන්නේ දෙවියන් වහන්සේ අදහන රටක්. ඉතිං ඒ ආගමට අනුව නැවත ඉපදීමක් නෑ. නමුත් මේ ස්ටීවන් කියන පුද්ගලයා ඔහු ලිව්ව පොතකින් පුනරුප්පත්තියක් තියෙනව කියලා චරිත 20ක් විග්‍රහ කරමින් ඔප්පු කරලා පෙන්නුවා. ඒ චරිත 20 එකක් වුනේ අපේ රටේ තලව කැලේ තිලකා. නමුත් පොතේ කිසිදු තැනක බුද්ධාගම කියන වචනෙවත් සටහන් වෙලා නෑලූ.මොකද එහෙම වුනොත් ඇමෙරිකාවෙන් ඒ පොත පුච්චනවලූ.පොත විකුණනන් ලැබෙන්නෙ නැතිලූ.
      ඔන්න ඕක තමයී මම අහන් හිටිය විස්තර ටික. මමත් හරි ආසයී පුනරුප්පත්තියට.

      Delete
  7. මම ලංකාවේ ඉද්දි හිතාගෙන හිටියෙත් කඩ්ඩ තමයි ලෝකේ කොහේ හිටියත් ඕන වෙන භාශාව කියලා.. ඒත් ඉතාලි ආවට පස්සේ තමයි තේරුනේ අපි සිංහල මිනිස්සු කඩ්ඩ වෙනුවෙන් මොන තරම් දේවල් කරනවද කියලා.. ඉතාලි කාරයන්ගෙන් 85%කට විතර කඩ්ඩ බෑ.. ලොකේ මොන රටෙන් ආවත් මේ භාශාව ටිකක් හරි ඉගෙන ගන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයා හරි. චීන භාෂාව තමයී ලෝකේ වැඩි පුරම භාවිතා වෙන භාෂාව. ඒ චීනේ ලෝකෙම්ම වැඩිම ජනගහනය ඉන්න රට නිසා. ඒ මිනිස්සු තමන්ගේ භාෂාව පමණක් ඉගෙන ගෙන ඉන්න එකට ආඩම්බර වුනා. ඉස්සර අනිවාර්යයෙන්ම චීනේ කෙනෙක් වෙන රටකට යද්දී භාෂා පරිවර්තකයෙක් ඕන වුනා.ඒත් දැන් ලෝකේ විශ්ව ගම්මානයක් නිසා චීනේ අලුත් පරම්පරාව ඉංග්‍රීසි ඉගෙන ගන්න දක්වන උනන්දුව වැඩි වෙලා තියෙනවා.

      Delete
  8. බට්ටි...කඩ්ඩක් ජීවිතේට අවශ්‍යම නැහැ...ඒත් ඒක තියනවා නම් රස්සාවක් එහෙම හොයා ගන්න ගියාම ලොකු උදව්වක් වෙනවා....වැරදුනා කියල ලැජ්ජා වෙන්න එපා..දන ගගා තමා අපි කවුරුත් නැගිටින්නෙ වැටි වැටිනෙ...ඒ නිසා කෝම හරි හෙමින් අල්ල ගන්න බලන්න.....බෑ කියල හිතුවොත් නම් බෑම තමා.....ඔයාට පුලුවන් බට්ටී....ට්‍රයි කරන්න අද ඉඳන්ම...තනියම කතා කරන්න...කෙනෙක් නැත් නම් ගෙදර බිත්ති එක්ක හරි රහසින් කතා කරන්න.....

    ReplyDelete
    Replies
    1. අපොයී දැනුත් තනියම ‍බ්ලොග් කියවන ගමන් හිනාවෙලා එන යන අය මට පිස්සු කියලා හිතන් ඉන්නේ. තව තනියම කියවන්න ගියොත් මාව පනන්ගල කියලා හිතයී.
      මම ට්‍රයී කරනවා. ඔයා දන්නවනේ බට්ටි ගැන ඕන තරම්. ඉතිං බට්ටි කිරිල්ලියක් නොවුනත් අනිවා පියාඹනවා ඔයා දන්නවනේ.

      Delete
    2. මෙයා ඉතින් මගුලක් කතා කරනවා...

      Delete
    3. ආ දැන් එච්චරයී අඩු නේ?

      Delete
  9. ඔය කිසි දෙයක් ඕනැන්නේ නෑ. ඉංග්‍රිසි රේඩියෝ චැනල් එකක් අල්ලගෙන අහන්න. නිකන්ම කියන දේවල් හුරු වෙනවා. සන්ඩේ ඔබ්සර්වර් එකක් කියවන්ඩ එතකොට කියවන්න පුලුවන් වෙනවා.

    ReplyDelete
    Replies
    1. අක්කත් කියන්නේ ඕකමයී බොට ඉංග්‍රීසි ගොඩ දාගන්නත් ඕන තව සිංහල සිංදුව විසි තිස්පාරක් අහඅහ ඉන්නලූ. එතකොට මලක් වගේ ඉංග්‍රීසි නම් ඉගෙන ගනීලූ.
      කියවන්න පුළුවන් වුනත් තේරුම නම් දැනෙන්නෙම නෑ.

      Delete
  10. අනේ.. කඩ්ඩෙන් බණ!!! අනේ ඒකවත් සිංහලෙන් අහන්න වරම් නැද්ද?

    ReplyDelete
  11. කඩුවක් තමන්ගෙ ජීවිත ආරක්‍ෂාවට....ඕන වෙන වෙලාවට ගන්න තියෙන්න ඕන දෙයක්.ඉස්සරහට හම්බවෙන හැමෝටම කොටන්න නරකයි.....එහෙම වුනොත් තමන්ටත් ඒකෙන් හානියක් වෙන්න පුලුවන්...

    ReplyDelete
    Replies
    1. ඒක නම් අත්ත හැම තැනම කඩු වනන්න ගිහින් රතු පටි කාරයෙක් ආවොත් ඉන්න හම්බවෙන්නෑ. :D

      Delete
  12. කඩුව අවෂ්‍ය තැනට කඩුව දාන්න ඕනේ..නිකං මල ගෙවල් වලට තේ කඩේට දාන්න ගිහිල්ලා නෝන්ඩි වෙන්නේ නැතුව....

    ReplyDelete
  13. හපොයි කඩු නම් කතා කරන්න එපා...

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා මාරුවෙන්න දෙන්න බෑ.

      Delete
  14. ඇත්තටම බට්ටි ඔයා ඔයි අන්තිමට දාපු එක ඉගනගත්තට පස්සෙ නෙමෙයි ඉගනගන්න කලින් කරන්න..ඔයාට ඉක්මනනිම ගොඩ එන්න පුලුවන්..

    ReplyDelete
    Replies
    1. තාම mind ඒ වගන්තිය කියවන තරමට හදා ගන්න බැරි වුනා. ඔය කඩ්ඩ නිසා බට්ටිට අතට ඇවිත් ගිය රස්සාවල් ටික මතක් වෙද්දී කිය වෙන්නෙම I Hate English කියලා. බට්ටි නිකම්ම නිකමෙක් වුනෙත් ඔය කඩු නිසාම තමයී. වැඩේ කියන්නේ බට්ටිගේ තාත්තටයී අක්කටයී හොදට කඩු හරඹ පුළුවන්. එයාලට එහෙම වෙලා බට්ටිට බැරිවුනානේ.

      Delete
  15. අර මධුරංග අයියා කිව්වා වගේ, කිරිල්ලි කිව්වා වගේ උත්සාහ කරනන් බට්ටි අක්කියෝ.. වරදින එකක් නෑ.. පත්තරේකුයි ඩික්ශනරියකුයි අරන් නිවාඩු වෙලාවක එක පැයක් වෙන් කරන්න.. බස් එකේ යන ගමන් හරි හෙඩ් සෙට් එකක් දාගෙන රේඩියෝ චැනල් එකක් අහන්න.. තව ඔය grammar ටිකක් එහෙම අමතක නම් පොතකින් බලගන්න. දන්න දන්න වචන ටික හරි, දන්න කියන අයත් එක්ක පුරු8දුවෙන්න කතා කරන්න. අනිවා ප්‍රග්ටහියක් තියෙයි..

    ReplyDelete
    Replies
    1. උත්සාහ කරනවා. පොඩි කාලේ ඉස්කොලෙන් ඇති වෙච්ච ඉංග්‍රීසිවලට අකමැත්ත තාම මග අරින්න බැරුවයී වෙහෙසෙන්නේ. ඉංග්‍රීසි බැරි වෙලා අසරණ වෙද්දී නම් ලොකු ඉස්කෝලෙකට යන්න ලැබිලත් නොගිය එකට මම මටම බැන ගන්නවා. එහෙම ගියා නම් මම විශ්වාස කරනවා මීටවඩා පියවරක් දෙකක් හෝ ඉදිරියෙන් ඉන්න තිබුණා කියලා‍.

      Delete
  16. ඔබ ගෙවන්නේ මොන අවධියද ??,
    01.මෙලෝ කඩ්ඩක් බැරි හැන්ගෙන කාලය.-දන්නා කියන දේ යොදන්න,අමතක වෙන්න දෙන්න එපා..ඉංග්‍රීසි ෆිල්ම්/කාර්ටුන්/නාට්ටි/සඟරා .. එහෙම බලන්න ඕන නිතරම.
    02.දන්නවා මට පුළුවන් කියල හිතෙන කාලය -ඔන්න මෙතැනදී තමා පරිස්සම් වෙන්න ඕන,අවශ්‍ය තැන විතරක් සුදුසු වචන භාවිතය,ව්‍යාකරණ නීති ...සරල නීති රීති ගැන හොඳින් අවබෝධයෙන් කතා කරන්න ඕන.
    03.ඇත්තටම දන්නා දෙයක් නෑ,තව ඉගෙනගන්න ඕන කියන කාලය-මේක හිතෙනවා නම් නියමය්,එත් හැමෝම මෙතනින් නවතිනවා.
    04. "03" ගැන හිතෙන්නේ නෑ,මේක මේ සන්නිවේදන උපායක් විතරය් වෙන මුකුත් මෙතනින් ගන්න නෑ,එකට වෙලාව නෑ කියල නියම තැන වලදී විතරක් කඩු හරඹ කරන කාලය.
    05. "03" කරපු අයට "මෙහෙ ඉන්න උන් දන්නා මගුලක් නෑ ,බොරුවට කියවනවා",අලුත් පරපුරට වත් මොනවහරි හරි දෙයක් උගන්නගන්න ඕන කියන කාලය.
    කොහොම හරි කාට හරි ගුරුවරයෙක් වෙන්න හිතාගෙන ඉගෙනගත්තොත් හරියටම ඉගෙනගන්න පුළුවන් හොඳේ ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියී යාළුවේ උපදෙස් ටිකට. හුගක් වටිනවා ඔයා කියපු දේවල්.
      එහෙනම් බට්ටි අත්කම් මිස් වගේම කඩු මිස් කෙනෙකුත් වෙන්න බලන්ම ඉගෙන ගන්නවා.

      Delete
  17. සතපහකට බයවෙන්න එපා බට්ටී මම ඕලෙවල් දෙපාරක්ම ඉන්ගිරිසි ෆේල් තුන්වෙනි පාර සී එකක් ගත්තා යන්තම් පස්සේ ඉන්ග්ලිෂ් කෝස් එකක් කලා ඒකට තාත්තගේ සල්ලි රුපියල් 18000ක් පන්ති ගාස්තු වලටම ගියා ඒක තාත්තා දුන්නේ හරි අමාරුවෙන්. කෝස් එක ඉවර වෙලා මම මගේ යාලුවන්ට ඉගැන්නුවා මම දන්න විදිහට මම ඒකෙන් රුපියල් 15000ක් විතර හොයා ගත්තා යාලුවන්ට ඉගැන්නුවේ සල්ලි බලාගෙන නෙවෙයි ඒත් උන් මම හිටපු තත්වෙ දැකලා සල්ලි දුන්නා,දැන් මම ඉගෙන ගන්නෙත් ඉන්ගිරිසියෙන්,අපේ ඉස්කෝල වල ඉන්ගිරිසි උගන්වන ක්‍රමයෙ අවුල තමයි මේ, දිනන්න නම් සටන් කරපන් බට්ටී කිසි දෙයක් නිකන් ගන්න බෑ

    ReplyDelete
    Replies
    1. ඔයා කිව්ව අන්තිම වචන ටික මගේ පපුව පසාරු කරගෙන ගියා වගේ දැනුනා. වැටුන කෙනාලු නේ කවද හරි නැගිටින්නේ. වෙර ගන්නවා දිනන්න ජීවිතය.

      Delete
  18. හපෝ ඕක හරියනවා තව ටික දවසකින්... බලන්නකෝ නැද්ද කියල මං කිව්වට.

    ReplyDelete
    Replies
    1. හරි ගියහම ඇවිත් කියන්නම්කෝ...ඔබේ විශ්වාසයට හුගක් පිං....

      Delete
  19. මන් හිතන්නේ නැහැ මට ඉන්ජෙක්ෂන් එකක් ගැහුවත් ඕක නම් පුරුදු වෙයි කියලා

    ReplyDelete
    Replies
    1. ලොකේ බැහැයී කියලා දෙයක් නෑ. ලකී කිව්ව වගේ වතුරට බය වෙන්න එපා බැහැලා පීනන්න. එක්කෝ ගිලිලා මැරෙයී. නැත්නම් ගොඩ එයි.

      Delete
  20. කඩුනම් කඩු සක්විති කඩු :)

    ReplyDelete
    Replies
    1. කට කට ඔව්වා කූරු ගනන් කරන්න වෙන කතා හොදද?

      Delete
  21. ඇත්තටම මටත් හිටියා කලකට ඉහත බට්ටී කියල හොඳ යාලුවෙක්.එයා නම් ඇත්තටම බ්ටුයි.කාලයත් එක්කම කාර්යය බහිලත්වය වැඩි වුන නිසා මට බට්ටිව හමු උනේ නැහැ.දැන් බට්ටි කොහෙද කියලවත් මම දන්නෙ නෑ,හැබැයි ඔයාගෙ අදහස් ඒ බට්ටිගෙ වගේමයි.මම මුලින් ම හිතුවෙ ඒ බට්ටි ඔය බට්ටියි කියල පස්සෙ මට තේරුනා ඔය බට්ටි ලියපු සමහර ජීවන අත්දැකීම් වනින් ඔය ඒ බට්ටි නෙමෙයි කියල.අලුත් බට්ටිගෙ කතාව නියමයි.ඒත් හොඳම රහ තියෙන කොටස් එක තැනකට එකතුකරල ලියන එක හරිය් කියල මම හිතන්නැහැ මොකද ගොඩක් අය ජන්ජාලෙට එන්නෙ පොඩි නැවත පිරවුමකින්නෙ.සම හර විට බට්ටි රුසියානු නව කතා කියවනව ඇති.මගේ ටීකාව අහවරයි ඕං බට්ටිට ජය

    ReplyDelete
    Replies
    1. ඔයාගේ පැමිණිම සතුටක්. මම ඒ බට්ටි නොවුනත් ඔයාට ආයෙම හොද යාළු බටු ඇටයක් හම්බවුනා කියලා හිතා ගන්නකෝ.
      මම ‍හරියට සෝඩා බෝතලේ වගේ. කියන්න තියෙන ටික හුස්මට කියනවා. පුල්ස්ටොප් කොමා මට අරහං. ඒකයී.

      Delete
  22. අඩේ මම මීට දවස් ගානකට කලින් දාපු කමෙන්ට් එක වැටිල නෑනෙ... සම්පූර්ණයෙන් දාපු එක මතක නෑ... හැබැයි බට්ටියෙ හැමෝම කියනව වගේ බය නැතුව දන්න ටික පාවිච්චියට ගනින්...

    උඹට මෙහෙම උපදෙස් දෙන්නෙ ඉංග්ලිෂ් මීඩියම් උ/පෙ කරල ඉංග්‍රීසි ෆේල් වෙච්ච එකෙක්.. එහෙම කියල, මේ කියපුව අහක දාන්න එහෙම එපා... :)

    ReplyDelete
    Replies
    1. කලින් කමෙන්ට් එකක් ආවේ නෑනේ. ගූලග් දෙයියා ාහමීට වැඩේ දෙනවා වගේ.
      කමක්නෑ කමක් නෑ කුකුළුවා ඇදේ ගියත් පැටව්න්ට කෙලින් යන්න කියනවනේ. හැබැයී අයියේ මම නම් දන්නෑ ඒ කකුළු පැටව් යන්නෙත් ඇදේටලූ. ......

      Delete
  23. බට්ටි කවුරු කොහොම කිව්වත් කඩ්ඩ අද නැතුව බැරි දෙයක්. ලේසිම විදිහ ඔයා ෆිල්ම් බලන්න පටන් ගන්න දවසකට එකක් ගානේ. සබ්ටයිටල් එක්ක. නිකම්ම පුරුදු වෙයි.
    ඔයාගේ රෝස පාට බ්ලොග් එක හරී ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. දවසට ෆිල්ම් එකක් බලන්න ගියොත් මට ජොබ් එකෙන් අයින් වෙන්න වෙනවා යාළුවේ. මොකද නැත්නම් කොහේද වෙලාව. ෆිල්ම් නම් බලන්නේ සිකුරාදා රෑටයී සෙනසුරාදටයී තමයී. කෝ මේ බට්ටි හින්දිමනේ බලන්නේ. ඔයා කිව්වා හරි ඉංග්‍රීසි වල‍ට වඩා හින්දි පුළුවන්.
      ස්තූතියි යාළුවේ. මේ ඉතිං ගෑනු ළමයින්ගේ පාටනේ. හැබැයී මම ආසම පාට නම් නෙවෙයී.

      Delete
  24. කඩ්ඩ ඉතින් ඔන්න මටත් හොදටම නම් බැ බට්ටියේ.... ඒත් ඉතින් ඕනම උනොත් මොනවා මොනවා හරි ඕනා උනොත් වචනයක් දෙකක් ගැට ගහගන්න පුලුවන්....

    බට්ටිට රස්සවක්ට යන්න නේද ඕනා කිවේ දැන් එතකොට කරන්නේ...

    මට හිතෙන්නේ උඩ වැරදිලා.. රස්සාව හරි පරස්ථාව ගැන තමයි ඔය කියන්නේ....

    ඒකට කඩ්ඩ ඕන වෙන එකක් නැ බට්ටියේ

    ReplyDelete
  25. අනේ අනේ ඔය කිව්වේ කතාවක්. රස්සාවක් කිව්වේ දැන් කරන්නේ පුංචි එකක්. ඒක හෙලා දකිනවා නෙවෙයී. ඒත් එතනින් පොඩි අඩියක් හරි උඩට තියන්න තමයී කඩ්ඩ ඕන.
    පරස්තාවකට කඩ්ඩ ඕන වෙන්න නම් ඉතිං කඩු මහත්තයෙක් හොයා ගන්න ඕන. අම්මෝ බට්ටිගේ තුන් හිතකවත් එහෙම අදහසක් නම් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් හොදයි බට්ටියේ, ඉහලට යන්න නම් මටත් ඕක හරියටම ‍ෆිට් කරගන්න ඕනා.. මාත් ට්‍රයි කරන්න ඕනා ඉතින්..

      සිරාවටම එහෙම කෙනෙක් හොයාගෙන කථා නොකර ඉන්නවට වඩා හොදයිනේ නොබැද ඉන්න එක නේද?

      Delete
    2. ඒකනේ දේවා. එහෙම කෙනෙක් එක්ක යාළු‍වුනොත් දේනන වෙන්නේ ආදරෙන් 25%ක් විතරයී. අපොයී ඊට වඩා හොදයී බඩේ පාන් ගෙඩියක් බැදන් ඇලේ පනින එක.

      Delete
  26. හැබැටම මොකද බට්ටියේ එදා වුනයි කියන්නේ. එහෙම ප්‍රශ්නයක් ආවමහම ඔය කියන්න යෙස්‌ ප්ලීස් නෝ තන්කිවූ. එච්චරයි.සරලයි සුන්දරයි..

    ReplyDelete
    Replies
    1. යෙස්‌ ප්ලීස් කව්වොත් නම් ඉවරයී. කඩු වනයී ඊට පස්සේ හෝගාලා. එතකොට අනේ මම අසරණ වෙනවනේ.

      Delete
  27. අයියෝ උදේ ආවා කීවේ දානේට හිටියේ නැද්ද ඔයා.මම නම් අනිවාර්යෙන් දානෙට ඉඳලයි එන්නේ..කඩු පයිට් කරපු අය හොඳට අතින් කන්න ඇති ඔයා මතක් කර කර.

    ඔන්න බට්ටියේ මටත් මේක බැලුවම කතාවක් මතක් උනා හෙට ලියලා දාන්නම්.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කම්පියුටර් පන්ති තිබුණා. නැත්නම් කඩු මොකක් වුනත් මම ඒ යුද්ධෙ නම් දිනලා එන්නේ. බලන්නකෝ වෙලාව පන්ති නිසා ආවා අන්තිමේදී සර් ලෙඩවෙලා ගෙදර ගිහින්. පව අනේ.
      ඔයාට මතක්වුන එකත් ඉක්මනින් ලියන්නකෝ. බට්ටි මග බලන් ඉන්නවා.

      Delete
  28. අපි නියම සිංහලයෝ අක්කේ අ හින්දා අපිට මොකටද කඩු??????????
    අපි දන්න සිංහලෙන් වැඩ දාමු. කඩ්ඩ අපිට එපා..........

    ReplyDelete
    Replies
    1. අපට ඒක නැතුවම බෑ කියන්න බෑ බට්ටි,,නමුත් එදිනෙදා ජීවිතයෙදිත් අපට කඩ්ඩ අවශ්‍යවෙන අවස්ථා වැඩී.....
      ඔයා අළුතින් ම ඉගෙන ගන්න පටං ගන්න....තාම ඔයා පොඩි කෙල්ලනේ.....පරක්කු වැඩි නෑ

      Delete