April 8, 2012

උදාවෙලා වසන්තයක්


අවුරුදු එන්නත් කලින් හැමෝටම අවුරුද්දට සුභ පතන්නයි බට්ටි මේ හදන්නේ. මොකද ඉතිං බට්ටි හා හා පුරා කියලා ‍10 වෙනිදට ගෙදර යන්න නිසා.ලොකු නිවාඩුවක් අරගෙන තමයි මේ ගමන බට්ටි ගෙදර යන්නේ.
බට්ටිට නම් මෙදාපාර අවුරුදු සාරයි. ගෙදර ගිහින් අම්මා එකක් ටික දවසක් හරි ඉන්න ලැබෙනව නම් ඉතිං බට්ටිට මුකුත් ඕනේ නෑ. සමහරු නම් කියනවා අපරාදේ සල්ලි කන්න මේවගේ අවුරුද්දක් එනවා කියලා. මම නම් හරිම කැමතියි. මොකද නැත්නම් දුරස්වෙලා ඉන්න අම්මා මම ගෙදර අය කොහොම එකතු වෙන්නද?
හැම අවුරුද්දෙම මගේ අතින්ම මම කොණ්ඩ කැවුම් හදනවා. (ඔන්න දැන් කට්ටිය හිතයි අම්මෝ බුරිය නැති ඒව වෙන් ඇති කියලා.නෑ නෑ බට්ටිගේ අම්මගේ අම්මගේ අත්ගුණෙන් ඒ වැඩේ නම් ලස්සනට කරන්න පුළුවන්.) මේ පාර නම් හදන්නෑ. බට්ටිගේ අක්කා ඉන්නේ රටනේ. ඉතිං අක්කා නැතුව තෙල්වලදක් ලිපේ තියන්න හිත දෙන්නෑ. අක්කා රට ඉදන් ආපු දවසට මේ අවුරුද්දටත් එක්කම කැවුම් හදනවා.
අවුරුදු කියන්නේ අපේකම අලුත් වෙන එකට කියලයි මම නම් හිතන්නේ. දුරස්වෙලා තියෙන බැදීම් අමනාප වෙලා තියෙන හිත් එකතුවෙන්න අලුත් අවුරුද්ද අත්වැලක් වෙනවා. ඇයි තව විශේෂ දෙයක් වෙනවනේ. බට්ටිගේ තාත්තගෙන් කවමදාවත් ලේසියෙන් බත්කටක් නම් කවාගන්න බෑ. හැමදාම කිව්වොත් අතේ හොටු. ඒත් ඉතිං අලුත් අවුරුද්දේ ආහාර අනුභවය වෙලාවට නම් කිරිබත් කවනවමයි. ආ කියන්න බැරි වුනානේ බට්ටිගේ තාත්තා දැන් හුගාක් හොදයි. බට්ටිත් දැන් හුගක් වාසනාවන්ත වෙලා. තාත්තා නොබී එනමාසෙට අවුරුද්දක් වෙන්න යනවා. පෙරේදා බට්ටිට තාත්තා කොල් කරහමි කිව්වා බට්ටි ගෙදර එන්න කලින් සාලෙ බිමට කොන්ක්‍රීට් දානවා. නැත්නම් ආවහම ඉන්න අමාරුයිනේ දූවිලි නිසා කියලා. මේ දේවල් නිසා බට්ටිගේ අම්මා සතුටින්. අම්මා සතුටින් කියන්නේ බට්ටි හුගාක් සතුටින් කියලනේ.
ආ අවුරුද්දේ තව ආසම දෙයක් තමයි නොනගතේට පන්සල් යන එක. උඩගෙදර අක්කත් එක්ක හැම අවුරුද්දෙම බොකුටු මල් වට්ටි දෙකක් පිරෙන්න කඩාගෙන තමයි හැම පාරම යන්නේ. සුවද හමන බොකුටු මල් අරන් යද්දී හිත‍ට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. ඇයි බොකුටු මල් පිපෙද්දී හවසට ගෙදරට එන සුවද...ම්ම් මතක් වෙද්දිත් සතුටුයි.....
බට්ටිගේ ගමේ මේපාර අවුරුදු උත්සවේ නම් නෑලු.ඒ වෙනුවට තියෙන්නේ සංගීතයක් විතරයිලූ. සංගීත නම් වැඩක් නෑ. අවුරුදු උත්සවෙත් තිබුණ නම් බට්ටිගේ හිතට තවත් සතුටුයි. ආ මෙහෙම හිටියට බට්ටි හැම අවුරුද්දකම අවුරුදු උත්සයෙන් අනිවාර්යයෙන්ම තෑග්ගක් අරන් තමයි ගෙදර යන්නේ. අවුරුදු උත්සවේ තියෙනවා බස්පෝලිම කියලා තරගයක්. ඒකෙන් තමයි හැම පාරම දිනන්නේ. පිට්ට‍නියේ තුන්පලක කණු තුනක් හිටවලා තියෙනවා. ඒ කණුවල ගම් තුනක නම් ගහලා තියෙනවා. ඒ හැම නමක්ම පටන් ගන්නේ නා අකුරෙන්. ගම්වල නම් තුන නම් ලියන්නෑ. මොකද ඒ ගම් තුන දැන ගත්තොත් ඒ මැද තියෙන මගේ ගම නිකම්ම මාට්ටු වෙන නිසා. ඉතින් නිවේදනය කරන කෙනා නා........... කියලා ඇදලා එකපාරටම ගමක නමක් කියනවා. එතකොට හැමෝම ඒ නම තියෙන කණුව ලගට ගිහින් පෝලිම හැදෙන්න ඕන. පස්සෙම යන කෙනා අවුට්. හැබැයි ඉතිං ඉස්සෙල්ලම ගිහින් කණුව බදා ගන්න කෙනාටත් සොරි තමයි. මොකද අනිත් අය එන වේගෙට එයා චප්ප වෙනවා.:D ඔන්න ඕකටයි බස් පෝලිම කියන්නේ. අහන් ඉදලා හයියෙන් දුවලා බට්ටි හැම පාරම මේ තරගෙන් දිනනවා.
ආ මෙහෙම හිටියට දැන් බට්ටි අවුරුද්දක කෙලි පැටියෙකුගේ නැන්දා කෙනෙක්. අපේ එකම කෙලි පැටියගේ අවුරුද්දේ උපන්දිනෙත් එනවා මේ මාසේ 16 වෙනිදට. බට්ටි නැන්දා සෙනසුරාදා ගිහින් පුංචි පැට්ටට තෑගි හුගාක් ගත්තා. හැබැයි කියන්නත් ලැජ්ජයි අවුරුද්දක් වෙන කෙලි පැටියව තාම දැකලා තියෙන්නේ දවස් තුනයි. කෝ ඉතිං බට්ටි කොළඹටම වුනානේ. දුවගේ උපන්දිනේ සමරන්න අපි පිරිතක් කියලා දානයක් දෙනවා. කට්ටියට ආවොත් ඔන්න දානේ කාලා ඇයි කැලේ බලල යන්න පුළුවන්. :D
අලි අලි කෙටියෙන් ලියන්න කියලා පටන් ගත්ත පොස්ටුව හුගක් දිග වුනා.
බ්ලොග්  ලෝකේ හැමොටම එන අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉති‍රෙන්න කියලා  බට්ටි හදවතින්ම සුභ පතනවා. ඒවගේම සිහින උළෙල කරන අයටත් ඒවැඩ කටයුතු සාර්ථකව කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

එහෙනම් බට්ටි ගිහින් එන්නම්. හැමෝම දගකරන්නේ නැතුව ඉන්න හොදද? නෙට් එන්න පුළුවන් තැනක් හම්බ වුනොත් අලුත් අවුරුද්දේ ඔයාලගේ බ්ලොග් වලට ඇවිත් බට්ටි සුභ පැතුමක් එකතු කරලා යන්නම්කෝ. බුදු සරණයි හැමෝටම.

ප.ලි.
ආදරණීය මිතුරේ ඔයාට සුභ උපන් දිනයක් වේවා. කලින්ම සුභ පතන්නේ මම එද්දී ඔයාගේ උපන්දිනේ පහුවෙලා ඒකයි. ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙලා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා බට්ටි ප්‍රාර්ථනා කරනවා. හැමදාම හිනාවෙලා ඉන්න. පණ්ඩිත මම කියනවා වගේ නැව ගිලුනත් ‍බෑංචූං කියලා ඉන්න. ජීවිතේ අපිට ඕන දේවල් ඒ විදියටම ලැබෙන්නෑ. මතකනේ බට්ටිට පහුගිය කාලේ වෙච්චි දේවල් ලැබුන නම්බු නාම ගැන.කෝ බට්ටි සැලුනද නෑ. ලොවෙත් සැලෙන්නෙත් නෑ. තනියම නැගිටින්න.ආදරේ කරන අය ලග නැති එක හිතට හයියක් කර ගන්න. ඔයා මා එක්ක දැන් තරහ වෙලා හිටියත් මම දන්නවා මට අලුත් අවුරුද්දේ සුභ පතන්න කතා කරනවා කියලා. එහෙම නොවුනත් බට්ටි තරහ නෑ. 
 සැ.යු. මේක ගූගල් දෙයියගෙන් ගනිපු එකක් නෙවෙයි හොදද? මේ මම උපන් දිනේට මගේ යාළුවා වෙනුවෙන් හදපු කාඩ් එක.

29 comments:

  1. බට්ටිටත් සුභ නව වසරක් වේවා. එහෙනං පටා.....ං ගන්න,
    නා............................

    ReplyDelete
  2. great please come to our site

    ReplyDelete
  3. හැපි නිව් ඉයර් බට්ටි.... සික් මෙදාපාර අපේ ගමෙත් අවුරුදු උත්සවේ නෑලු.....

    ReplyDelete
  4. බට්ටි අක්කටත් කිරි ඉතිරෙන අළුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  5. කාඩ් එක හරිම ලස්සනයි බට්ටියේ. තරහ වෙලා ඉන්න මිතුරා අනිවා යාලු වෙනවා ඒක දැක්කම. පෝස්ට් එකත් එහෙමයි. අපිත් ඉස්සර අවුරුද්දට, නත්තල් නිවාඩුවට ගෙදර යන්න පෙරුම් පුරන හැටි මතක් වුනා.

    ReplyDelete
  6. සුබ නව වසරක් වේවා බට්ටි....
    ලංකාවෙන් පිට ඉන්න අපිට අවුරුදු නිවාඩු, අවුරුදු කෑම මේස නැති උනත් මෙච්චර කාලයක් සමරපු අවුරුදු හිතේ තියෙන නිසා හිතේ කිසිම දුකක් නැතුව මේ අවුරුද්දත් සමරන්න පුළුවන්....

    බට්ටිට විතරක් නෙමෙයි, හැමෝටම සුබ නව වසරක් වේවා....!!

    ReplyDelete
  7. අම්මෝ මේක දැක්කම මට හරිම සතුටුයි බට්ටියේ. ඔයා ගැනත් ඔයාගේ පවුලේ අය ගැනත්. හැමෝටම මේ අවුරුද්ද වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලා පතනවා...

    ReplyDelete
  8. බට්ටි අක්කියේ,ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක්!

    ReplyDelete
  9. බට්ටිටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!!
    Card එක නම් හරිම ලස්සනයි :)

    ReplyDelete
  10. සුභ අළුත් අවුරුද්දක් වේවා බට්ටියෙ... :)

    ReplyDelete
  11. මගෙනුත් අවුරුද්දට සුභ පැතුම් බට්ටි!
    …අර කාර්ඩ් එක නම් මරු ඈ.. හරි ලස්සනයි

    ReplyDelete
  12. සුභ අළුත් අවුරුද්දක් වේවා බට්ටි නගා .
    ලස්සනයි කාඩ් එක . යාළුවාටත් සුභ පතමි .

    ReplyDelete
  13. සුභ අළුත් අවුරුද්දක් වේවා බට්ටි!!!!
    ජය...!

    ReplyDelete
  14. සුබ නව වසරක් බට්ටි නගේ....!

    ReplyDelete
  15. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !

    ලස්සන ලිපියක්.ඔය ක්‍රීඩාව ගැන ඇහැව්වමයි.ශෝක් සෙල්ලමක්. :)

    කාඩ් එක හුඟාක් ලස්සනයි... :D

    ReplyDelete
  16. සුභ අළුත් අවුරුද්දක් වේවා ...........!!!

    ReplyDelete
  17. සුභ අලුත් අවුරුද්දක් වේවා.!!!!

    හිතේ තියන සිතුම් පැතුම් ඔක්කොම ඉටු වෙන්න කියල ප්‍රර්ථනා කරනවා,
    අර උපන්දිනේට හදපු එක මාර ලස්සනයි ඈ.....

    ReplyDelete
  18. ඔයාටත් පවුලේ හැමෝටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් බට්ටියා..
    අර චූටි බබීටයි ඔයාගෙ යාලුවටයි දෙන්නටමත් සුබම සුබ උපන්දිනයක් කියලත් පතනවා..කාඩ් එකනම් හරිම ලස්සනයි..

    ඒක නෙමෙයි බොකටු මල් කියන්නෙ මොනාද?

    ReplyDelete
  19. බට්ටි අක්ක ගෙදර යන දවසේ උපන්දිනේ සමරපු මට කාඩ් එක තියාගන්නම්කො !!! අක්කටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා...!!!

    ReplyDelete
  20. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  21. සුබ අලුත් අවුරුද්දක් වේවා බටිට් අක්කෝ.. සියලු යහ පැතුම් ඉටු වේවා!!
    අර ඔය හදපු කාඩ් එක නම් ඇත්තටම ගොඩාක් ලස්සනයි!!!! :) :)

    ReplyDelete
  22. සුබ අලුත් අවුරුද්දක් වේවා බට්ටි.. මේ පැත්තට ආවේ අද! දිගට ම එන්න උත්සාහ කරනවා!

    ReplyDelete
  23. මේ ලෑබුවා වු නව වසර, සාමයෙන් සතුටෙන්, පිරි හුටපට, ලටපට,,ජල්තර, මරාල වලින් තොර සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා !!!!!!!!!!!!!!!!

    අර අන්තිමට තියෙන පින්තුරේ නම් මාර ලස්සනයි :)

    ReplyDelete
  24. හැමෝටම
    සිතේ සතුට නුඹේ නිතර රැදේවා
    හදේ පැතුම් මල් පිපී දිලේවා
    කරන කියන දේ නිවැරදි වේවා
    මේ නව වසරෙදී කිරි ඉතිරේවා.....

    ReplyDelete
  25. ලැබුවා වූ අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා.

    පා/ලි: කවුද මේ යාළුවා පිරිමි යාලුවෙක් ද?

    ReplyDelete
  26. ලස්සනයි කාඩ් එක !

    ReplyDelete