June 25, 2012

හා ...........මූද?


මේ පුංචි කොලෙට කරපු ජොබ් ගොඩ. අම්මෝ මතක් වෙද්දිත් දුකේ බෑ. එක එක ජොබ් එක එක හේතු නිසා අත අරින්න වුනා. දැන් නම් ඒ නරක පුරුද්ද නෑ. දෙයියනේ කියලා දැන් මේ රස්සාවට අවුරුදු 2ක් වෙනවා. අද කියන්න හදන්නේ බට්ටිට මෙහෙම ගිය ජොබ් එකකින් වෙච්ච දෙයක් තමයි. :'(
ඔන්න මේ කියන කාලේ බට්ටි හිටියේ ජොබ් එකක් හොය හොය. ඉතිං යෞවන සමාජෙන් පණිවුඩයක් එනවා අහවල් දවසේ අහවල් තැන ඉන්ටව් එකක් තියෙනවා යන්න කියලා. කියපු තනතුරත් නරකම නැති නිසා වටිනා කියන ගමන් වලට යන්න අරන් තියා ගනිපු රෝසපාට සායයි , හැට්ටෙයි ඇදගෙන තියෙන සහතික ටිකත් අරගෙන බට්ටිත් ගියා මේ සම්මුඛ පරීක්ෂණයට.හරියටම මතක විදියට ඇවිත් හිටියා 18 දෙනෙක්. බට්ටිගෙ වෙලාව එනකල් වාඩි වෙලා හිටියා. ටිකක් මෙහෙම ඉන්න කොට ඔන්න බට්ටිගෙ වෙලාව ආවා. ගිහින් අහපු ප්‍රශ්න වලට උත්තර දුන්නා. හිටපු කෙනා සහතික එහෙමත් අතට අරන් බලලා මෙන්න එක පාරටම කියනවා
“ඔයාට කවද ඉදලද වැඩට එන්න පුළුවන්“
“හෙට ඉදන් වුනත් පුළුවන් සර්“ බට්ටි ඉතිං එහෙම කිව්වා. පඩි ගැන නම් ඇහුවෙම නෑ. මොකද බට්ටි කවදාවත් කිසිම තැනකින් පුරුද්දක් වශයෙන් ඔය ප්‍රශ්නේ අහන්නේ නෑ. ඒකට හේතුව විදියට මම හිතන්නේ තවම අත්දැකීම් ගන්නියක් නිසා ඒ ප්‍රශ්නේ තමන්ට අදාල නෑ කියලයි.
ඉතිං ඊට පහුවදා ඉදලම බට්ටිට වැඩට එන්න කිව්වා. ඒ වගේ ජොබ් එකකට යන පළවෙනි දවස නිසා හුගක් ආසවෙන් තමයි ගියේ. ඒක තේ කර්මාන්ත ශාලාවක්. කරන්න තිබුනේ පොත්වල ගණන් හදන එක, එන කෝල් වලට පිළිතුරු දෙනඑක, දළු සල්ලි ඇ‍ඩ්වාන්ස් දෙන්න, තේ කොල දෙන්න ඔය වගේ වැඩ ටිකක්. පළවෙනි දවසෙම වැඩ ටික අල්ල ගන්න අමාරුවක් වුනේ නෑ. ඔෆිස් එකේ හිටියේ මමයි තව අක්කා කෙනෙකුයි අයිතිකාරකෙනයි විතරයි. තේ හදලා අපිට ගෙනැත් දෙන්න වෙනම කෙනෙක් හිටියා.ඇතුලෙ වැඩ කර අයත් ඉතිං සැරින් සැරේට එක එක ඒවට එනවා ඔෆිස් එකට. වැඩ කරන අනිත් අය මට කිව්වේ චූටි මිස් කියලා.
ඔය විදියට හරිම ආසාවෙන් තමයි ජොබ් එකට ගියේ. මෙන්න තුන්වෙනි දවසෙ යද්දි ඉන්නවා කොණ්ඩේ කොටට කපපු, කලිසමක් ඇදපු මැඩම් කෙනෙක් වගේ කෙනෙක්.මමත් ඉතිං හිනාවෙලා ගියා මම වැඩ කරන කාමරේට. කලින් දවසේ දළුපොත් ටික චෙක් කර කර ඉන්න කොට සර් එක්ක එනවා අර මැඩම් වගේ හිටිය කෙනා. 
‘‘*** ළමයෝ මම නෙවෙයි මේ ෆැක්ටරි එක බලා ගන්නේ මේ මගේ නේනා තමයි.මම වැඩිපුර ඉන්නෙ කොළඹ ඔෆිස් එකේ“
මම කියලා මොනවා කියන්නද මමත් ඉතිං හිනාවෙලා හිටියා. හිනාවුනාට අර මැඩම් නෙවෙයි හිනාවුනේ. ෂිට් ඇයි වදේ මිනිහෙක්ට නිකන් දෙන්න පුළුවන් ඔය හිනාව දෙන්න මොකට දෙපාරක් හිතනවද මන්දා? 
එදා දවසේ පුරුදු විදියට වැඩ කර ගෙන ගියා. සමහර වෙලාවට මට මැඩම්ගෙ රූම් එකට යන්න වුනා එක එක වැඩ වලට. ඉතිං මැඩම් කියා ගෙන තමයි කරන්න යන වැඩේ කියන්නේ. හවස ඕෆ් වෙන්න ලං වෙලා ඔන්න ගියා ඒ රූම් එකට 
“*** අපි මැඩම්ලා නෙවෙයි. අපි හාමුලා. මට හාමු කියන්න. මගේ මහත්තයට හාමු මහත්තයා කියන්න.“
මල මගුලයි. කවදා කාපු ටකරන්ද? :D
‘‘හා හරි මැඩම්“ කෑවනේ වැඩේ පුදන කොටම. ඒ ගමන නම් ඉතිං අහක බලා ගත්තා මිසක් මුකුත් කිව්වේ නෑ. ඇතුලෙ වැඩ කරන අය කියන්නේ ඔහොම කියලා දැන ගෙන හිටියා. ඒත් කවුද හිතුවෙ අපිටත් කියන්න වෙයි කියලා.
ඊට පහුවදත් ඉතිං වැඩට ගියා කියමුකෝ. දැන් ඉතිං උවමනාවක් වුනත් එයා ලගට යන්න හිතෙන්නෙ නෑ. ඒත් ඉතිං නොගිහිනුත් බෑ. පැය දෙක තුනක් මුකුත් නමක් නොකියම යාන්තම් ගෙවා ගත්තා. ඊට පස්සෙ නම් ඉතිං ගිහින් ‘‘මෑ මෑ හාමු මේක අත්සන් කරලා දෙනවද?මෑ...හාමු අහවලා කොල් කරනවා“ඔය විදියට කියලා ෂේප් වුනා. ඇයි අනේ ඔය වචනේ කියලා කවදාවත් කටවත් කතා කරලා තියෙන එකක්යෑ. 
හවස්වරුවෙ තමයි වැඩේ දෙල් වුනේ. මොකද්ද වැඩකට ගිහින් “මැඩම්..“ ඉවරයි මෙන්න මූණ කුණ්ඩ හට්ටියක් වගේ වුනා. 
“** කිව්ව නේද මට මැඩම් කියන්න එපා කියලා. “ පටන් ගෙන වලව් පරම්පරාවම කියවන්න ගත්තා.අනේ බට්ටිත් ඔළුව නවාගෙන අහන් ඉදලා සද්ද නැතුව මේසෙ ලගට ඇවිත් හිටියා. ඒ වෙද්දි නම් කියපු දේවල් වලට හිත මහ හුගක් රිදිලා හිටියේ. 
එදා වැඩ ඉවර වෙලා ගෙදර ගියේ ආයෙ නම් මම එන්නෙ නෑ කියලා තීරණය කරලා. ගෙදර ගිහින් කිව්වා. තාත්තත් මුකුත් කිව්වෙ නෑ නවතිනවා කිව්වහම ‘‘පුදුම මනුස්සයෙක්නේ“ කිව්වා විතරයි. 
ඊට පහුවදා  අපේ ගෙදරට ආවා උඩහ ගෙදර අයියා. 
‘‘මොකෝ බට්ටෝ වැඩට යන්නෙ නැද්ද?“
“මම අයෙ යන්නෑ චූටි අයියේ. මට බෑ හාමු හාමු ගාන්න.කියන්න පුළුවන් වුනත් කාටද ඕක  මතක් වෙන්නේ“
‘‘මොකද බං වුනේ“ 
වෙච්ච සිද්දිය මුල ඉදන් කිව්වා.
‘‘බට්ටො ඔෆිස් එකේ නම්බර් එක තියෙනවද?“
“ඔව්“
“කවුද පොන් එක උස්සන්නේ“
“දැන් නම් ඉතිං මැඩම් වෙන්න ඇති.ඇයි ඒ?“
“ මම ගන්නම් ඕකට කොල් එකක්  අරන් කියන්නම් මෙහෙම ‘‘හා.............මූද මේ පඩි ටොක් දාන කෙනා“
මට ඉතිං එයා ඇදලා පැදලා කිව්ව තාලෙට හිනා. ඒත් ඉති මොන පිස්සුවකට කොල් කරනවද? කියලා හිනාවෙලා, එහෙමම ජොබ් එකට නොගිහින් නිකන් හිටියා.
අනේ මන්දා මට අදටත් තේරෙන්නෙ නෑ මෙච්චට දියුණු වෙච්ච ලෝකෙක එහෙම අදහස් තියෙන අය ඉන්නවද කියලා. හැම වලව්වකම ඉන්න අය මෙහෙමද මන්දා?

115 comments:

  1. හෙ හේ... බට්ටිටත් සෙට්වෙන හාමුලා.....

    ReplyDelete
  2. තෑගි උදේට...දැන් මට නිදිමතයි...

    ReplyDelete
  3. අඹ යාළුවෝ පොතේ සුනිල්ගේ ආචිචි අම්මා නිමල්ට වලව්වේ කට්ටියට ආමන්ත්‍රණය කරන්න ඕනේ විදිහ ඉගැන්නුව හැටි මතක් වුණා :)

    ReplyDelete
    Replies
    1. පොත් පත් වල තියෙන්නෙත් සැබෑ ලොකෙ වෙන සිදුවීම්මනේ යාළු...

      Delete
  4. මරු හාමුලා..

    පොඩිකුමාරි හාමිත් මේ පැත්තෙ එනවද ? :)

    ReplyDelete
    Replies
    1. එනවා. එනවා. ඒත් එයා හා මූ කෙනෙක්වත්, හා මී කෙනෙක්වත් නෙමෙයි. නිකංම නිකං පොඩ්ඩි කෙනෙක්. :D

      Delete
    2. ආන්න ඒ දේටනම් මාත් කැමතියි පොඩ්ඩි අක්කා..ලොකු නම් දීල,නම්බූස් දීල කතාකරන්න ගියාම හෙන අවුල් :/

      Delete
    3. ඔන්න සෑම් අයිය‍ට පොඩ්ඩි අක්කම ඇවිත් උත්තර දීලා. අපි දන්නවනේ පොඩ්ඩි අක්කා එහෙම හා...මූ කෙනෙක් නෙවෙයි කියලා.. හැමෝමත් එක්ක ආදරෙන් ඉන්න කෙනෙක්නේ අපේ පොඩ්ඩි අක්කා...

      Delete
  5. පිස්සු හා.....මු කෙනෙක්. මොකට කියවා ගන්න දඟලනවද මන්දා...හරිම කැතයි නේ ඒ නම.

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ. නිකන් කියන්න ගියහම ඔළුව විකාර වෙනවා... ටිකක් ඇදලා නම් කියන්න පුළුවන් මෙන්න මෙහෙම හා ...........මූද. :D

      Delete
  6. හාමූ කියන්නේ කවලන් කියන එකලු...
    මමත් ‍ඉස්සර ගොඩක් ජොබ් වලට ගියා...බට්ටෝ..හීහී

    ReplyDelete
    Replies
    1. හ්ම් දැන් නම් මම එකතැනක නතර වෙලා.
      අනිත් අයගෙ වැරදි වලින් පාඩම් ඉගෙන ගන්නවා
      ‍මොකද හැමදාම අපිට වැරදි කර කර හැදෙන්න කාලය මදි නිසා...

      Delete
  7. ඕක ලෙඩක් ඕකට කියන්නෙ "හාමු උණ" කොහොමත් තෙ වතු කාරයන්ට ඔය ලෙඩේ හරි හරියට තියනවා.

    ReplyDelete
    Replies
    1. ජෝන් නිතරම තේ වතුවලට යන නිසා මේ ගැන හොදින් දන්නව වගේ . ඔයාටත් කියල තියෙනවද හා..මූ කියන්න .

      Delete
    2. ෂුවර් එකටම කියලා වගේ අක්කේ.. පේන් නැද්ද ඔයා අහද්දි ඇහුකුත් වහගෙන හොරා වගේ ඉන්න හැටි...හිකිස්...

      Delete
    3. එහෙම කොහොමද මාත් හාමු කෙනෙක් තමා. මම තමා ජෝන් හාමු.

      Delete
  8. අපෙත් ස්කෝලෙ එකෙක් ඉදියා උන්ගෙ ගේ වලවුවක් වගේ... ඉස් මුදුනෙ උදල වල් කම.. ඉතිං ඌ වල් හාමු

    ReplyDelete
    Replies
    1. එයා වල් හාමු ... එතකොට මෙයා මොන හා...මූ ද?

      Delete
  9. කලිසම් ඇදලා හිටියාට මොකෝ ඔලුවේ මැටි ද කොහේද ඒ හා...මු...ට..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කොන්ඩෙත් කොටට කපලා ඉන්නෙ. කොණ්ඩෙන් ආරක්ෂා කරන්න මොලයක් තියෙනවා කියලද ඒ හා...මු..ට..

      Delete
  10. 1.35 AM ....
    Ada nam ninda yan nati patai...
    Ada dawalta ennam hodee...
    Etakota kata karannamko hodawain dekak hamulata..

    Ude pandara ewage wadagat dewal kiyana eka hari nane...
    Phone eken goda une...Aith ennamkoo...

    ReplyDelete
    Replies
    1. 1.48 PM
      දවල් වුනා හොදටම තාම නිදිද? ගර්ර්ර්ර්ර්

      කොහොම හරි කලින් ආවා නේ ඉන්ජෙක්ෂන් දෙයි කියලා බයේ...

      Delete
    2. 3.55 PM
      කරන්ට් එක නෑනෙ....ඒකයි ලේට්...මොනවා කරන්නද ලංකාවනෙ ...
      බැරිම තැන ඉස්සුව තාත්තගෙ ලැප් එක....

      Delete
  11. හාමු (කලවම්) වෙච්ච එක තමයි බට්ටියේ එයාලගේ දුර්වලකම. මේ අපි වගේ උනානම් පුරස්නයක් නෑ නොවැ. ගල් නෑ වැලි නෑ නියම රාත්තල. ලස්සන කතාවක් මතක් උනා. ඒත් පොඩි එවුන් ලග නරක කතා කියන එක මගේ සිට්ටම් නෙමෙයි නේ. ඒ හින්දා ඕන්නෑ. මං යනෝඕඕ... ජය...!

    ReplyDelete
    Replies
    1. හා හා කමක් නෑ එහෙනම් ඕනෙ නෑ. අපි ඉතිං හිතේ කහට තියා ගන්නෙ නෑනේ....

      Delete
  12. හා.....මුද කියලා තියෙද්දි මම බැලුවා මොකක්ද කියලා... :)

    සමහර මිනිස්සු ඔහොම තමා.. ලොකු කම් මවාගෙනනේ ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. හා..මුද ඇරෙන්න වෙන මේකට හොද නමක් මතක් වුනේ නෑ මල්ලි...:)

      Delete
  13. 'මහ ලොකු හාමුලාගෙ වලව් නම්බුව..... බම්බුව.!!'
    අස්වෙලා ආපු එක ආවා එන ගමන් ඔය ටික කියල ෆයිල් එකත් දමලා ගහලයි එන්න තිබ්බෙ. ආයෙ එයාට ඔයාව අමතක නොවෙන්න.... නේද :D ​

    ReplyDelete
    Replies
    1. කොහේද කෝ තාම බට්ටිට ඔය තරම් ගඩ්ස් නෑනේ...:'(

      Delete
  14. ඔක්කොටම වඩා පරම්පරාව ලොකුවෙලා....

    ReplyDelete
    Replies
    1. හ්ම්. සල්ලිවල බලේ...

      Delete
  15. තාමත් මෙහෙම මිනිස්සු ඉන්නවද අප්පා. රස්සාවෙනුත් අයින් වුන එකේ බට්ටිට තිබ්බෙ ඒ මනුස්සයට ටිකක් උගන්වල එන්න අද සමාජෙ පය ගහල ඉන්න හැටි!
    (මම මුලින් හිතුවෙ මුහුද ගැන කියන්න යනවා කියල!)

    ReplyDelete
    Replies
    1. කටකාරකම් තිබුණට මෙව්වට නෑ කියලා උඩ ගෙදර චූටි අයියත් එදා කිව්වා....
      හේ හේ මෙන්න මෙයා රැවටිලා....

      Delete
  16. තාමත් මෙහෙම මිනිස්සු ඉන්නවද අප්පා. රස්සාවෙනුත් අයින් වුන එකේ බට්ටිට තිබ්බෙ ඒ මනුස්සයට ටිකක් උගන්වල එන්න අද සමාජෙ පය ගහල ඉන්න හැටි!
    (මම මුලින් හිතුවෙ මුහුද ගැන කියන්න යනවා කියල!)

    ReplyDelete
  17. හාමු කියලා කතා කරනකොට ඒ මැඩම්ට මාර ආතල් එකක් ඇති. මේ බට්ටියා මැඩම් ගන්න හදපු පොඩි ආතල් එකක්නේ නැතිකරලා තියෙන්නේ. හෙහ් හෙහ් හෙහ් :P

    ReplyDelete
    Replies
    1. ඒකනේ මේ බට්ටි නම් ........

      Delete
  18. මොඩ ගැනියෙක් මහන්තත්වය විතරයි...

    ReplyDelete
  19. අර උඩ තියන පින්තූරේ හරියට අපේ ගේ වගේමයි. හී හී ...

    ඔය වගේ මෝඩ අයත්, ඔයිට වඩා මෝඩ අයත් මේ ලෝකේ කොච්චරවත් ඉන්නවා. කොතනක උනත්, වැඩ කරන්ට ආසාවක් නැත්නම් එතන ඉඳලා තේරුමක් නෑ. ඔයා කලදේ හරියට හරි.

    ReplyDelete
    Replies
    1. ෂා ඒ ගේ ඇතුලෙ නම් හරිම කූල් ඇති නේද? ආසාවෙ බෑ...

      Delete
    2. ආ.....මේ අපේ කුමාරිහාමි හාමුත් ඇවිත් ඉන්නේ ;D
      තාමත් ඉන්නවා තමයි වංශෙ කබල් ගාන අය ලංකාවේ!

      Delete
    3. අනේ අපේ පොඩ්ඩි අක්කට මුකුත් කියන්නෑ අලී....;D

      Delete
  20. හපොයි හාමු කිව්වම වයසයි වගේනෙ. මට නම් වලව් වල කෙනෙක් හම්බ වෙලාම නෑ.මම නම් හිතන්නෙ රාජකාරී ස්ථානයකට ඔය වගේ ආමන්ත්‍රන ඕනෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක ඔය මිනිස්සුන්ට තේරෙන්නෑ අක්කේ ..පුහු බම්බුවෙන් ඇස් වැහිලා...

      Delete
  21. පොළවේ පය ගහලා ඇවිදින්න තියෙද්දී අහසේ ඉගිල්ලෙන්න හදන මිනිස්සු වැඩිනේ..ඔය හා..මුත් එහෙම කෙනෙක් වෙන්න ඇති..ඉගිල්ලෙන්න හදලා බිම වැටුනොත් තමයි ඉතින් තේරුම්ගන්නේ....

    ReplyDelete
    Replies
    1. එයා‍ලා වැලි ඇටයක් පාගනවා කියලද? කකුල් දෙකෙන් සෙරෙප්පු දෙක ගලවන්නෙ නෑ. සල්ලි තියෙනකම් තත්වෙ රැක ගෙන ඉදී...

      Delete
  22. හෙහ් හෙහ්...

    හා..........මූ ව අපි වෙලට දාලා හා...........මු :) :)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!

    ReplyDelete
    Replies
    1. මේ රජා මාරයි නේ...
      හා..මු හා..මු...

      Delete
  23. zz නානාත්ත කායා... නානාත්ත සංඥා...'' කියල බුදුහාමුදුරුවොත් කිව්වෙ ඒකනෙ බට්ටියේ.... කොහොමත් විවිධ පුද්ගලයො, විවිධ අත්දැකීම් ජීවිතේට ලැබෙන එක හොඳයි ඒකෙන් අපිට අපි ගැන මැන ගන්න වගේම අපිව දියුණු කර ගන්නත් අවස්ථාව ලැබෙනවා...
    අපේ ගමෙත් වලව්වක් තියෙනවා... මැණිකෙ කියා ගන්න හරිම ආසාවෙන් කෙනෙක් හිටිය ඉස්සර... මං පුංචි කාලෙ නැන්දෙ කියල මට මතකයි මැණිකෙ කියන්න කිව්වා... දැන් නම් හැබැයි එයාල ඉන්නවද කියලවත් දන්නෙ නැහැ.... කාලෙකින් මම දැක්කෙත් නැහැ...

    ReplyDelete
    Replies
    1. මැණිකෙ නම් ලස්සනයි තරූ. ඒත් මේ හා..මු.. තමයි..
      සමහර කට්ටිය පරම්පරිකව පැවතගෙන එන ඒවා මරණ මංචකයට යනකල් පන දාගෙන රැක ගන්නවනේ. මේ හා..මුත් එහෙම කෙනෙක්..

      Delete
  24. නියම හාමු කෙනෙක්නේ...වලව් උණ තියෙන අය නැතුවම නෙමෙයි..ඕනිතරම් ඉන්නවා..රත්නපුර ප්‍රදේශයේ ඔය වලව් පැලන්තියේ ලොකු ලොකු හාමුල වලව්ව නැතත් හාමු පදවිය තියාගන්න මිනිස්සු ලවා බලෙන් කියව ගන්නවා..මෝඩකමනෙ කියල හිත හදාගන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ බට්ටි කෙල්ලේ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ..වපුරන තරමට උන් උන් නෙලා ගනී කියලා තමයි අන්තිමේදී හිතන්න වෙන්නේ ..

      Delete
  25. සල්ලි තිබුනට මොලේ නෑනේ ඕකුන්ට ..

    ReplyDelete
  26. Replies
    1. කාටද කතා කරන්නේ...:)

      Delete
    2. කතා කරේ නෑ අයියෝ..ඔයාට කියාපු නමනෙ ඒ :D

      Delete
  27. මටත් හම්බවෙනවා ඔයවගේ @$$&^*^&**
    මම හොද වචන දෙක තූනක් දාලා චාටර් කරලා දානවා

    ReplyDelete
    Replies
    1. ඔයා නම් මරු..මම බයයි අනේ එහෙම කරන්න යන්න..

      Delete
  28. //පඩි ගැන නම් ඇහුවෙම නෑ. මොකද බට්ටි කවදාවත් කිසිම තැනකින් පුරුද්දක් වශයෙන් ඔය ප්‍රශ්නේ අහන්නේ නෑ. ඒකට හේතුව විදියට මම හිතන්නේ තවම අත්දැකීම් ගන්නියක් නිසා ඒ ප්‍රශ්නේ තමන්ට අදාල නෑ කියලයි//

    මමත් ඉතිO ඔන්න ඔය විදියම තමයි. ඒකට සමහරුනම් දොස් කියනව.

    ඔය වගේ ඉහ උදුම්මගත්ත අයනම් මට පෙනෙන්න බෑ ඕo. මටත් දවසක් ඔය වගෙ වලව් (උලව්/රිලව්) සැලකීමකට ලක්වුනා

    බට්ටෙගෙ බ්ලොග් එකට මන් කාලෙක ඉඳන් පෑයුව. ඒත් වලාකුලුවලට වහoවෙලයි උන්නෙ. ඔන්න අදයි මුලින්ම වලා පටලයෙන් මෑත්වෙලා එලිය දෙන්නෙ.

    අපරාදෙ බට්ටි nurse කෙනෙක් නොවුනෙ. ඔයාට nurse කෙනෙක්ට ඕන අභ්‍යන්තර ගතිගුන ගොඩක් තියනව වගෙ තමයි මට හිතෙන්නෙ. නරකද ආයෙත් ඒ ගැන හිතුවොත්...?

    බට්ටිගෙ ජීවිතේ හැල හප්පීම් ගැන කියෙව්ව. ගොඩක් හිතට දැනුනෙ මගෙ ජීවිතෙත් ඒ වගෙම නිසා වෙන්න ඇති. කොහොම උනත් බට්ටි හරි වාසනාවන්තයි. තවම අම්ම තාත්ත දෙන්නම ඉන්නවනෙ. ඒ දෙන්නව ආදරෙන් බලාගන්න හැමදාටම. ඒක මන් මගෙ දෙමව්පියො වෙනුවෙන් ඔයගෙන් කරන ඉල්ලීමක්. තාත්ත ගැන කවදාවත් ආයෙ තරහ සිතක් ඇතිකරගන්න එපා.මට ඒ ටික ඉස්සර තේරුනෙ නෑනෙ :(

    සිOහල බ්ලොග් ලෝකයෙ දිරිය දියණිය "බට්ටී"ට ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. සද කොහොමද මෙතනට‍ ආවේ......:(
      මම ඊයෙ ඒ පැත්තෙ ආවා. කෝ ඒත් ෆලෝ කරන්න හොයලා හොයා ගන්න බැරුව ආවා. ඉතිං ආයෙම ආවා.
      කමෙන්ට් එකේ හැටියට නම් ඔයා ඉස්සර ඉදලම මගෙත් එක්ක ඉන්න කෙනෙක්. මොකද කමෙන්ටුවේ කියවෙච්ච සමහර දේවල් වලට අදාල දේවල් දැන් මගේ බ්ලොග් එකෙත් නෑ.
      ඔයාගෙ ඉල්ලීම ඒ විදියටම වෙයි යාළු. බට්ටි වෛර කරන්නෑ මේ ලොකෙ කිසිම කෙනෙක්ට. බට්ටිට බෑ ලබන ආත්මෙත් මේ දුක් විදින ජීවිතයක් ලබන්න. ලබන ආත්මෙදිවත් සතුට ඕන.

      ඔයා ඇවිත් හැම දාම බට්ටිව එළිය කරල යාවි කියලා බට්ටි හිතනවා. මේ වචන බට්ටිට ලොකු ශක්තියක්.

      Delete
    2. //බට්ටිට බෑ ලබන ආත්මෙත් මේ දුක් විදින ජීවිතයක් ලබන්න//

      අන්න හරි. නියමයි! ඕක තමයි තේරුම්ගන්න ඕන

      Delete
  29. අඩේ එහෙම හාමු කියලා කතා කරන්ඩ ඕන අය ඉන්නේ නාට්ටි වල විතරමයි කියලායි මම් අහලා තියෙන්නේ.
    බලාගෙන ගියහම හැබෑ ජීවිතේ, 21 වෙනි සියවසෙත් එහෙම කට්ටිය ඉන්නවා නෙව.

    තේවතු වල වැඩ කරනවා කිව්වම මතක් උනේ. කලින් දවසකත් දළු කඩලා අඩු ගානක් ගත්ත කෙල්ල නේ මේ.
    චූටි මිස් !!! මරු ඈ.... :)

    ReplyDelete
    Replies
    1. මේ මධු මාමට හැම දේම මතකයිනේ. හැබැයි අමතක කරනවා නේද බට්ටි ලිව්ව කදුළු කතා සේරම...

      Delete
    2. දූ කියනවා නම් ඒ ටික අමතක කරලා දාන්නම්.

      Delete
    3. හොද අයියා..කියන්නෑ අයෙම දුව කියලා අලී.මම නංගි. හැබැයි කිව්වොත් ගුටි තමයි....

      Delete
  30. කොච්චර උනත් කෝල් එකක් දෙන්න තිබුනෙ :)

    ReplyDelete
    Replies
    1. අයියෝ සල්ලි අපරාදෙනේ..

      Delete
  31. අප්පේ මටත් ඔය වගේ එවුන් නම් අනන්ත හම්බ වෙලා තියෙනවා... උන්ගේ හිතේ සල්ලියි,පරම්පරාවෙන් එන පුහු නම්බු කාරකමයි,යානා වාහනයි ,ගෙවල් දොරවලුයි තිබුනහම කරන්න බැරි දෙයක් නෑ කියල.
    කිසිම මනුස්ස කමක් නෑ එවුන්ගෙ.හෙන ඔලුවෙන් ඉන්නෙ.එත් දන්න ඉටිගෙඩියකුත් නෑ,කරන්න පුළුවන් දේකුත් නෑ...බොරු කයිවාරු විතරයි...
    අර සින්දුවකත් කියන්නෙ සල්ලි බාගෙ තියන මිනිස්සු ලග බොහොම හිගයි මනුස්ස කම් කියල.මොනවා කරන්නද අන්තිමට කරදරේ වැටුනහම ඉතිරි වෙන්නෙ අර දුප්පත්,බැනුම් අහ අහ වැඩ කරපු,අනන්ත කෙනෙහිලිකම් වලට ලක් වුනු මිනිස්සු ටික විතරයි.සල්ලි තියන කාලෙ වාසි තකා ලග හිටපු කවුරුවත් එහෙම වෙනකොට ලග ඉන්නෙ නෑ.දුක දන්න මනුස්සයයි දුකක් කරදරයක් වේලාවකදී ලග ඉන්නෙ.
    හාමුලට හාමු මහත්තයලට කියන්න වෙන්නෙ අන්න එදාට ඔය කරපුවට හිතින්,ගතින් දෙකෙන්ම විදවන්න වෙන එක අනිවාර්යයි කියල තමයි...

    ඒවගේම තමයි ඔය සල්ලි කාර මිනිස්සු අතරෙ දුක අදුරන,පුදුමාකාර සෙනෙහෙවන්ත කමක් තියන,හතුරෙකුට උනත් කරදරයක් උන වෙලාවකට උදවු කරන සත් ගුණවත් මිනිස්සුත් ඉන්නවා.මගේ ජිවිත කාලේදී නම් ඒ වගේ මුණ ගැහිලා තියන පිරිස අතේ ඇගිලි ගානටත් අඩුයි....
    සල්ලි ජිවිතේ කර ගත්තු මිනිස්සුන්ට අනිත් හැම දේම අමතක වෙලා යනව... පුහු නම්බුවක් උදුම්මව ගෙන ඉන්න මිනිස්සුන්ට ලෝකය දකින්න,ජිවිතේ යහපත් විදියට විදින්න,යහපත් දේ කරන්න හිතෙන්නෙ බොහොම අඩුවෙන්....

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ වගේ දිග කමෙන්ටුවක් නැති වුනහම හිතට හරි මදී...:ඩී

      Delete
  32. ඕකට කියන්නේ හාමු උණ කියලා... ඒකත් ඉතින් එක ආකාරයක ලෙඩක් තමා

    ReplyDelete
    Replies
    1. පුද්‍ගලයො විවිධාකාරයිනේ ගැමී..අනේ මන්දා සමහරු අමුතුම අමුතුයි.

      Delete
  33. දාල ආපු එකමයි හොඳ හරියට ඉගනගෙන වැඩකරන එකෙක් ඉන්නෙකන්නෑ ඔයවගේ එවුන්ගේ ඔ‍ෆිස් වල, මේ දැන් ඔයා මොනවද කරන්නෙ..?

    ReplyDelete
    Replies
    1. අම්මෝ දැන් හාමුලා නෑ..මම දැන් ෂොප් එකක වැඩ.

      Delete
  34. හෆ්ෆා... හාමූ???? විකාර හෆ්ෆා... මිනිසුන්ගෙ මහ ලොකු නම්බුකාරකම් ඔළුවට ගහලා වැඩ්වුනාම ඔහොම ව්එන්නෙ..

    ReplyDelete
    Replies
    1. සල්ලිකාරකම + මෝඩකම එකතුවෙලා නංගියෝ...

      Delete
  35. හා.............මූද :ඩ් :ඩ්
    අපරාදේ අක්කටත් කෝල් එකක් අරන් එහෙම කියන්න තිබ්බේ

    ReplyDelete
    Replies
    1. අම්මෝ මම නම් බයයි ඔව්වට...

      Delete
  36. මම හිතන්නේ එයාගේ හස්බන් වෙන්න ඇති ඇත්තටම හාමු. කොහොමත් ඒ උණෙන් මෙයාත් ඉන්න ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අරංචි වුන විදියට එයත් රියල් හාමු පරම්පරාවක කෙනෙක්ලූ...

      Delete
  37. හාමු කියන එක ,හා..මූ... කියල දවස් දෙකක් ඇදල කිව්වා නම් ,වැඩේ ගොඩ... :D

    ReplyDelete
    Replies
    1. කණත් පලාගෙන තමයි එන්න වෙන්නේ...:D

      Delete
  38. මට ඌම කියාගෙන ආවොත් දෙනවා කන පැලෙන්න දෙකක්. උඹේ ජොබ් එක උඹම තියාගනින් කියලා .. හිහි

    හොඳ වෙලාවට මට එහෙම සැර බෝසෙක් නැහැ.

    ReplyDelete
    Replies
    1. අම්මෝ එකතමයි. අපි ඉතිං ඔළුව පහත් කරන් අහන් ඉදලා එන නිසා මේ හා...මුලත් අපිට තමයි ගනන් පෙන්නන්නේ.

      Delete
  39. කියන්න තිබුනේ මේ" නෝනා.. හාමුලා ඉන්නේ වලව්වල, මට ඔය කොයි හාමුත් එකයි..මේක ඔෆිස් එකක් නෝනට බැරි නම්, ඕනෙ මගුලක් කරගන්නවා මේං මං ගියා"

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තා කිව්වෙත් මැඩම් කියන්නේ කොයිතරම් හොද නම්බු නාමයක්ද මේ ගෑනිට ඒක තේරුම් ගන්න බැරි තරම් මොලේ මැටිද කියලා....

      Delete
  40. හානේ පුදුම හා......මූ කෙනෙක්නේ එයා.... මේ වගේ ගතානුගතික අදහස් වල එල්ලිලා ඉන්න මල සමයං කාරයෝ තාමත් ඉන්නවද අප්පා

    ReplyDelete
    Replies
    1. හේ හේ මල සමයන් පයින් යනවා......නේද අක්කේ....

      Delete
  41. අපෝ මටඔය ඔලුවෙන් ඉන්න එවුන් පෙන්නම බෑ හොම්බට දෙකක් අනින්නමයි හිතෙන්නේ. පරම්පරාව කන්නද අප්පා ඒකම බදාගෙන ඉන්නේ. අනික හිනා වුනාම හිනා වෙන්නේ නැති උන් මට ඇහැට දකින්න බෑ මල පනිනවා. "තියාගෙන කාපන් තොගේ හිනාව" කියල කියන්නම හිතෙනවා අප්පා.

    ReplyDelete
    Replies
    1. අම්මෝ මෙයා හෙන සැලයිනේ අනේ.. හොද වෙලාවට හොම්බට දෙක්ක ඇනලා නිකන් ඉනන්වා කිව්වේ හොම්බඩ හැටක් අනිනවා කියන්නේ නැතුව....

      Delete
  42. මල සම යන් පයින් යනවා කියන්නේ ඕවට තමයි..නේද බට්ටි

    ReplyDelete
    Replies
    1. ඒකනේ රෙහානි..
      ඔන්න මම ඔයාගෙ පැත්තෙ දැන් ගිහින් ආවේ.
      ඔයාව බට්ටි ලොවට ආදරයෙන් පිළිගන්නවා.....

      Delete
  43. තැන්කු තැන්කු ... :)

    ReplyDelete
    Replies
    1. මේ මොකද මේ යාළුවන් අතරෙ තහනම් වචන දන්නෙ නැද්ද?

      Delete
  44. හිකිස්....ඔව්වන්ගේ ලෙකුකම විතරයි වෙන මොකුත් නෑ...

    ReplyDelete
  45. ගොඩක් කාලෙකින් මේ පැත්තේ ආවේ... කෝ මූද ගැන නෑනේ.... ??? :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඔයා ඉතිං අක්කව අමතක කලා නේ??හැබැයි ඉතිං අක්ක නම් තා නෑ...
      මූද ගැනද?මූද වගේද අනේ හා....මූ

      Delete
  46. ඔය නම්බු ගන්න හදන්නෙ ඇත්තටම නම්බු දෙන්න වටින මිනිස්සු නෙවෙයි.එහෙම මිනිස්සු බලෙන් කියව ගන්න හදන්නෙත් නෑ.ජොබ් එක දාලා ආපු එකනම් හොඳයි.මොකටද බාල්දු වෙන්නෙ ඔය තරමට.

    ReplyDelete
    Replies
    1. හ්ම්. බාල්දු වෙවී කොහොම ජොබ් කරන්නද? නොකා ගෙදර ඉන්න එක ඊට සැපයි..

      Delete
  47. හලේ මං බබී ගියානම් හා...........මූ........වලව්වටම දුවන්ඩ ඩෙකක් කියලයි එන්නෙ........ගර්..............

    ReplyDelete
    Replies
    1. අලේ ඒ ටරන් වසයිඩ අෆ්‍ෆා ඔයා

      Delete
  48. හි හි හි...
    ඒ පැත්තෙත් ඇවිත් යන්න එන්න.
    http://rozz12.blogspot.com/2012/06/blog-post_26.html

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තේ ආවාට. බට්ටි ලොවට පිලිගන්නවා ඔයාව ආදරයෙන්...
      ගියෝ ගියෝ....

      Delete
  49. අදමයි මම බට්ටි බලන්න ආවෙ. ආව ගමන්ම හිත ගියා.
    අනේ මට හම්බුනේ නෑනෙ ඔය "හාමු"ව. හොඳවයින් දෙකක් කියන්න

    ReplyDelete
    Replies
    1. ඔයාව බට්ටි ලොවට ආදරයෙන් පිලිගන්නවා.ස්තූතියි ඇවිත් කමෙන්ට් කලාට

      Delete
  50. අදනේ දැක්කේ සොරි හොඳේ පමා වුනාට....

    මමත් මේ වගේ දේවල් අහගෙන නම් ඉන්නේ නෑ... මොකද මිනිහෙක්ට නැවෙන්න වුනත් සීමාවක් තියෙන්න එපැයිනේ.... අන්න එහෙම තමයි බට්ටි අක්කේ ඉන්න ඕනේ කෙල්ලෙක් කියලා හැමදේටම එහෙයි කියං හිටියොත් දර මිටිය බඳින්න ගත්ත නයාට වෙච්චි වැඩේම වෙයි.නිකටම හරි පෙනේ පුප්පන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. පමාවෙලා හරි ගැමී ආවනේ. ඉතිං බට්ටිට ඒ හොදටම ඇති...

      Delete
  51. හාමුලට මෙතන මඩ ගහල හොඳටම.හැම වලව්වකම ඉන්න අය මෙහෙම නෑ හලෝ.

    ආ... අමතක වුනා. අන්තිම කෙනාට තෑගි දෙනවලු බට්ටි අක්කා. මේ මේ කිව්වේ දිනේශ් අයියා හොදේ...

    ReplyDelete
    Replies
    1. ඔයත් හා.......මූ කෙනෙක්ද අනේ?
      දිනේෂ් මල්ලි කිව්වනම් ඉතිං නොකර බෑනෙ දේනවා අනිවා. හැබැයි ඔයාට නොවෙයි නේ.‍දේවා ලාස්ට් වෙලා...

      Delete
  52. බලෙන් ගන්න නම්බු නාම තාවකාලිකයි කියලා නොතෙරෙන හැටි. දුකෙ බැ ඉතින් මොනවකරන්නද ඉතින්

    ReplyDelete
    Replies
    1. ලොකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයිනේ දේවා. ගනන් ගන්න එපා...

      Delete