August 26, 2012

බට්ටිට නඩුවක්

නඩු අංක 33 උසාවියට කැදවන්න....


පැමිණිලිකරු -    සත්තලන්
විත්තිකරු -        බට්ටි


විනිසුරුතුමා -
මොනාද මැය තමාගෙන් සොරෙන් ගත්තේ..


සත්තලන් -
මගේ හදවත ස්වාමීනි. මාගේ ඇස්පනා පිටම මැය එය සොරකම් කරගෙන ගියා ස්වාමීනි..


බට්ටි -
උයා මෙයා කීන ඒව අහන්න එපා ස්වාමීනි.ඇස්පනා පිට ගත්තනම් ඒක හොරකමක් වෙන්නෙ කෝමෙයි නේද ස්වාමීනි...


විනිසුරුතුමා -

ඕඩර් ඕඩර්....අවස්තාව පැමිණෙන තුරු විත්තිකාරිය නිශ්ශබ්ද වෙනු..ඇරත් හුරතල් වදන් උසාවියේදී කිව්වොත් බර පතල වැඩ සහිතව මාස 6කට බන්ධනාගාර ගත කරන්න නියෝග කරනවා...

බට්ටි -
අම්බෝ..අලි අලි යේනම් මං කීන්නෑ මුකුත්ම....

සත්තලන් -
අර අර ආයෙම කිව්වා ස්වාමීනි.මම අහුවුනෙත් ඕවට තමයි ස්වාමීනි.මැයට මායං 128ක් තියෙනවා ස්වාමිනි..මට අනුකම්පා කරලා මාව බේරලා දෙන්න ස්වාමීනි....

බට්ටි -
මෙයා ආයෙම බොලු කීනවා.උයා කෝමෙයි දන්නේ 128 ක් තීනවා කීලා.ආ...මම උයාට දැම්මේ 2කම 2යී....

සත්තලන් -
මට කවදාවත් මෙහෙම වෙලා නෑ ස්වාමීනි.වැඩක්පලක් කර ගන්නත් නෑ.මතක්වෙන්නෙම මෙයාව.මට මගේ හිත ආයෙම අරන් දෙන්න ස්වාමීනි.
 
විනිසුරුතුමා -
පැමිණිලිකරුගේ හිත සොරකම් කල එක විතරද විත්තිකරු කලේ...?
 
සත්තලන්  -
නෑ නෑ ස්වාමීනි. මට ඔෆීසියේ වැඩක් පලක් කර ගන්න නෑ ස්වාමීනි මෙයා නිසා.නිතරම මැසේජ් කරනවා.ඔන්ලයින් එන්න විදියක් නෑ ස්වාමීනි එකපිට එකපිට මැසේජ් 1000ක් විතර එවනවා ස්වාමීනි.මට මෙයා එක්කම ඉන්න බෑ ස්වාමීනි.ඒක මහ වදයක් කියලයි මට මුලින් දැනුනේ.ඒත් දැන් 24 පැයේම මට මේයාව ඕනි ස්වාමීනි.මම මගේ පාඩුවේ හිටියා ස්වාමීනි. මෙයා මට මොනවද කරලා.මට හිත ආපහු අරන් දෙන්න ස්වාමීනි. ඔබතුමාට පිං අයිති වෙයි.

විනිසුරුතුමා -
විත්තිකාරියට නිදහසට කාරනා තියෙනවද? 
 
බට්ටි  -
ඔව් ස්වාමීනි.මේ සත්තලන් කීන සේලම බොලු..එයා තමයි ස්වාමීනි මට පොන් නම්බර් එක බලෙන්ම එව්වේ.
 
සත්තලන්  -
මම දුන්නා තමයි ඒත් මොකටද ස්වාමීනි මෙයා කෝල් කලේ...
 
විනිසුරුතුමා -
ඒකත් ඇත්ත. ඇයි තමුන් ‍ නම්බර් එක දුන්න පලියට කොල් කරන්න ගියේ..
 
බට්ටි  -
නෑ ස්වාමීනි නම්බර්  එක වැඩ කරනවද බලන්න ගත්තේ ස්වාමීනි.මෙයා තමයි එදාම වැඩේ කෑවේ.මම එදා කෝල් කරද්දි මෙයා ඇදුම් මදිනවා. විනාඩියක්වත් කතා නොකර මම ඉක්මනින් තිබ්බා.ඇවිත් මැසේජ් එකක් තිබ්බා කතා කරන්න ගිහින් ඇදුම් පුච්ච ගත්තෙ නෑනේද කියලා.එතකොට මෙයා දුන්න උත්තරේ දන්නවද ස්වාමීනි.
 
විනිසුරුතුමා -
තමුන්ට මගෙන් ප්‍රශ්න අහන්න බෑ. තේරුනාද ?ඉතිං ඊට පස්සෙ මොකද වුනේ...?
 
බට්ටි -
මෙයා කිව්වා ස්වාමීනි ඇදුමනම් පිච්චුනේ නෑ ඒත් පොන් එක කට් කරද්දි මගේ හිතනම් පුච්චුනා කියලා.මෙයා ඒක කිව්වෙ ප්ලෑන් කරලමයි ස්වාමිනී..ඉතිං ස්වාමීනි මම ඔය ගත්තා කියන හිත ගත්තේ සනීප කරන්න. කුකුල්තෙල් ගාලා ගාලා පිච්චුන හිත සනීප කරන්න වින්ද මහන්සිය දන්නේ මම විතරයි ස්වාමීනි. එහෙම සනීපකරපු හිත මෙයා ඉල්ලන එක වැරදී ස්වාමීනි.ඒ හිත මගේ ඒක අයිති මට....
 
 සත්තලන් -
හිත පිච්චුනේ මෙයා නිසා ස්වාමීනි. මම කරන හැමදේම ඉවසලා ඉවසලා අන්තිමේදි ඇස් පනා පිට මගේ හිත හොරකම් කලා ස්වාමීනි...

බට්ටි -
මම මුකුත් කලේ නෑ ස්වාමීනි සත්තමයි. මෙයාතමයි මගේ පස්සෙන් ආවේ මුලින්ම. බොලුනම් මයෙ මිස්ටිගෙන් අහන්න ස්වාමීනි..එයා සේලම දන්නවා...

මිස්ටිව උසාවියට කැදවයි.මිස්ටී ඇසින් දුටු සියලු කරුණු විස්තර කරයි.සියලු කරුණු ජූරිට සලකා බලයි........


විනිසුරුතුමා -

සියලුකරුනු විමසා බැලීමෙන් පසුව විත්තිකාරිය නොහොත් බට්ටිව නිදොස් කොට නිදහස් කරන බවත්...බොරුනඩු දමා උසාවිය නොමග යැවීමට වෙහෙසුනු සත්තලන්ට දඩුවම් වශයෙන් ජීවිතාන්තය දක්වා බට්ටි සමගම සිටීමට නියෝග කරමි...

බට්ටි -
හුලේ හුලේ........

විනිසුරුතුමා -
උසාවිය නිශ්ශබ්දවනු..
 
ප.ලි.සිතුවිල්ලක් පමණි.හුදෙක් විනෝදය සදහා පමණක්මයි..
උදේ මුණුපොතේ නිකමට ලිව්ව මේය යාළුවන්ගේ ඉල්ලීම නිසා ටිකක් වෙනස් කරලා පෝස්ටුවක් කලා...

75 comments:

  1. මුහුණු පොතේ දැමු කමෙන්ට් මෙයටද අදාළ වේ එල ඈ

    ReplyDelete
    Replies
    1. ඒ ටික මෙතන පේස්ට් කරන්නදෝ? රෙපා තමයි මුලින්ම මේක පෝස්ටුවක් කරන්න අදහස දුන්නේ.ස්තූතියි යාළු.
      ආ ආ මෙන්න ඉල්ලපු තෑග්ග මුලින්ම...හැමෝටම දීලා කන්න රෙපා......(මේක නම් දෙන්නෙ හිතකින් නෙවෙයි අප්පා.දීපු අයටත් දීලා කන්න මෙයා දන්නවනම් හොදා :D)

      [im]http://www.gifttelonline.com/res/files/chocolate3.jpg[/im]

      Delete
    2. බට්ටියා මට තෑගිත් ගෙනල්ලා නියමයි නියමයි :))
      ඔන්න මම නම් එක කෑල්ලයි ගත්තේ. ඉතුරු ටික කට්ටිය බෙදාගෙන කන්න ඈ

      Delete
  2. විනිසුරුතුමාගේ තීරණේ හරි අසාදාරණයි වගේ අප්පා.. මෙයා එක්ක ජිවිත කාලෙම ඉන්න.. හනේ අහිංසක සත්තලන්... :)

    ReplyDelete
    Replies
    1. දෙපයින්ම එකගයි!!

      Delete
    2. දිනේෂ් මල්ලි -
      අනේ කීන කතාවක කැත විතරක්..මම කවදාවත් ඔයා එක්කවත් සණ්ඩුවෙලා තියෙනවද අනේ?

      රස්තියාදුකාරයා -
      ඒම අලි යන්නෑ එක පයින් වෙන්න ඕන.....

      Delete
  3. පවු දෙයියනේ අසරණය! :D
    හුදෙක් විනෝදය සදහා පමණක්මයි.. :)

    ReplyDelete
    Replies
    1. සත්තලන් ගැන විතලයි දුක නේ..අලි නාකයි කියන්නේ මේක තමයි.......

      Delete
  4. අනේ පව් අර අහින්සක කීකරු සත්තලන්..දැනට අහුවෙලා තින්නෙ මායම් 2කට නම්, පහු වෙනකොට තව මොන වෙයි ද මන් දා...:D

    ReplyDelete
    Replies
    1. සුට්ටක්වත් බය වෙන්න එපා අනේ.සත්තලන්ට මම මුකූත් කලන්නෑ.තා මුකුත් මායම් දාන්නෑ..ඒයා විනිශ්චය ලැබුනනේ.දැන් ඉතිං සොලි තමයි......

      Delete
  5. Replies
    1. ස්තූතියි ගෝල්ඩ් ෆිෂ්...

      Delete
  6. අන්තරාවයි !!!
    බට්ටි (BK) නැවතත් නිදැල්ලේ

    ReplyDelete
    Replies
    1. සුදු අයියේ.....ගර්ර්ර්ර්ර්ර්ර්ර්රර්ර්රර්ර්රර්ර්ර්රර්ර්රර්්ර්රර්රර්ර

      Delete
  7. සත්තලං...
    බොට සීවරං දෙයියංගේ පීටයි...

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ සීවරං සිල් අරන්........

      Delete
  8. Replies
    1. ස්තූතියි නාඩි....හේ හේ සත්තලන් තමයි...:ඩී

      Delete
  9. ඇඩෙනවා තනි ඇහැට අර අහිංසකයටත් මට වෙච්ච සන්තෑසියමයි. හපොයි....!


    (බැලුවම හැම කෙල්ලම එකයි මොනවා කරන්නද තවත් අහිංසක කොලුවෙක්)

    ReplyDelete
    Replies
    1. ඒක නෙවෙයි උයාගෙ නඩුව ඇහුවෙත් මේ උසාවියෙදිමද?

      Delete
  10. දෙන්න පුලුවන් හොඳම දඬුවම දීල තියෙන්නෙ!

    ReplyDelete
    Replies
    1. නෑ අනේ සත්තලන් තීන්දුව දුන්නට පස්සෙ හිටියෙ අලියට ඉබ්බා දියේ දැම්මහම ඇන්නෑවෙ කියන්න වගේ.....

      Delete
  11. 'උයා මෙයා කීන ඒව අහන්න එපා ස්වාමීනි.ඇස්පනා පිට ගත්තනම් ඒක හොරකමක් වෙන්නෙ කෝමෙයි නේද ස්වාමීනි...' මේ ටිකට මම ආසම ආසයි.තව අර 2කම 2 යි ඒකටත් :)

    මාරම ආසාවෙන් කියෙව්වේ...මරුම මරුම මරු...........:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගියෝ හුගාක්ම.ඒ වචන ලොකු ශක්තියක්.........

      Delete
  12. එතකොට කවුද මේ හොරකම කරපු කෙනා. මරුවට ලියලා තියෙනවා බට්ටි !

    ReplyDelete
    Replies
    1. මේ මමලුනේ කරලා තියෙන්නේ..බලන්න මධු මාමේ මම ඒමත් දේවල් කලනවද නේද?

      Delete
  13. ලස්සනයි නංගි... ඔයාගෙ නිර්මාණශීලී හැකියාව අපූරුවට පේනව මේ නිර්මාණයෙන්... තව වැඩිපුර පොත් කියවල, මීටත් වඩා වෙනස් විදියෙ නිර්මාණත් කරන්න උත්සාහ ගන්න... ඔයාට පුළුවන්... ලිවීමෙන් වගේම කතාවෙනුත් අනිත් අයගෙ හිත් සුවපත් කරන්න....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කියෝ...අක්කි මට හුගක් උදව් කරනවනේ පොත් වැඩි පුර කියවන්න වගේම ජීවිතේ දිනන හැටි කියලා දෙන්න.අක්කිට පිං....

      Delete
  14. මාර ලස්සනට ලියල අලි...අසාවෙන් කියෙව්වා ගොඩක්ම...නියමයි හොදේ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගෝ...ලියන දෙයක් කෙනෙක් ආසාවෙන් කියෙව්වා කියන වචන ටික තමයි තියෙන ලොකුම සතුට...

      Delete
  15. මම හිතුවා ෆෝන් කරලා ඉවර වෙනකොට සත්තලන්ගේ කන පිච්චෙන්න ඇති කියලා ෆෝන් එක කියලා අයන් එක කනේ තියාගෙන .....................එහෙම උනානම් ඒකත් එකක්.

    ReplyDelete
    Replies
    1. අයියෝ හිතට බෙහෙත් කලා මදිවට මට කනටත් බෙහෙත් කරන්න වෙනවා..ඒම උනානම් ඉතිං මම කන කපලා හුණු දානවා....

      Delete
  16. අප්පේ මායම් දෙකක් දාල ඔහොමනම් 64 දැම්මම කොහොම තියේවිද .
    …කව්ද අනේ ඔය සත්තලන් අපිත් දන්න කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. හේ හේ ඒම වුනානම් ඉන්න හම්බවෙන්නෑ....
      මේ සත්තලන් එක්කො ඉපදිලා නෑ.. නැත්නම් ෂුවර් එකටම මැලිලා ඇති මයෙ හිතේ..නේද අක්කේ?

      Delete
  17. කොහොම හරි විනිසුරුතුමත් බට්ටිගෙ මායම් වලට අහුවුනා එහෙනම් අන්තිමේදි :D

    ReplyDelete
    Replies
    1. අම්බෝ නෑ අනේ..දෙකම දෙකක් දාලා මෙයාට මේම වුනා කීනව නම් විනිසුරුට මායන් දාන්න ගිහින් මට සිය දිවිහානි කර ගන්නයි වෙන්නේ....

      Delete
  18. මෙයා ආයෙම බොලු කීනවා.උයා කෝමෙයි දන්නේ 128 ක් තීනවා කීලා.ආ...මම උයාට දැම්මේ 2කම 2යී....
    lassanama lassanai yalu asawen kiyuwa

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උමා...හුගාක්ම පිං වචන ටිකට..

      Delete
  19. හී හී..... අන්න එහෙම දඩුවම් තමා දෙන්න ඕනෙ. :D

    ReplyDelete
    Replies
    1. අක්කි විතරයි යන්තම් සත්තලන්ගෙ පැත්ත නොගෙන මගේ පැත්ත ගත්තේ.මට අක්කටත් චොකෝ දෙන්න හිතෙනවා.....

      Delete
  20. හෑ........ක්........... සත්තලන්...........???? බට්ටී.....ර්..ර්.ර්.ර්.ර් උය ඇය් මගේ සත්තලන්ව හොලකං කලේ ආ..... මම උයාව ගස්ලබු ගෙඩියක් වගේ බ්ලෙන්ඩරේට දාලා ජූස් කරනවා..... ඉහි ඉහි මේ මගේ සත්තලන් නෙවෙයි නේද කීනවකෝ.... මම බෙල්ලෙ වැල දා ගන්න කලින්

    ReplyDelete
    Replies
    1. අම්බෝ මේ මාව බෙන්ඩර් කලොත් මම සත්තලන්ට කීලා ගානවා උයාට අලිද? මේ උයාගෙ සත්තලන් නෙවෙයි අනේ.උයා ලොකු මැට්ටි ඉතිං මම පොඩි බට්ටි ..මයෙ සත්තලන් මේ..උයාගෙ සත්තලන් ඒ..අලිද???

      Delete
  21. විනෝදෙට ලිව්වත් නිර්මාණශීලිත්වයෙන් ඉහලයි බට්ටි. පව් සත්තලං බුවා.:(
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැමදාමත් Dude බට්ටිව දිරිමත් කරනවට...

      Delete
  22. ඇති යන්තං ඔයිං ගියා ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ හිත නැති වුනත් මොකෝ..අතක් පයක් නොකැඩි බේරිලානේ නේද?

      Delete
  23. අනේ සත්තලන් පව්..එත් බට්ටි සත්තලන්ගේ පිච්චුන හිත හොද කලන්නනේ ගියේ නේද...

    ReplyDelete
    Replies
    1. සත්තලන් නෙවෙයි අනේ බට්ටි පව්..

      Delete
  24. ලස්සන කතාව.විනෝදය පමණක් වුනාට ඒකේ පොඩි ඇත්තකුත් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවෝ..අම්බෝ මේකෙ ඇත්ත නම් නෑ අලි..විනෝදෙට ලියූ සිතුවිල්ලක් පමණි

      Delete
  25. සෝක් දඩුවම සත්තලංට.....මාත් ඉගෙන ගන්න ඕන ඔය මායම් මෙව්වා ටික

    ලස්සන අදහසක් බට්ටි....

    ReplyDelete
    Replies
    1. හෑ මෙයත් මෙව්වා ඉගන ගන්නද හදන්නේ. අර අහිංසක කොලුවට ඉන්න තැනක යහතින් ඉන්න දීපං. ඌටත් දෙයියන්ගේම පිහිටයි වගේ

      Delete
    2. දගකාරි
      ස්තූතියි යාළු..මේ රෙපා කියන එව්වා අහන්න එපා දගකාරි උයත් එයාට දාන්න ඉගෙන ගන්න..බැලිම උනොත් කීන්න මම කීලා දෙන්නම් අලිද?

      Delete
  26. කවුද ඔය සත්තලන්.... හැබැයි සිරා කතාව බට්ටියේ...
    ඔහේට විරුද්ධව නඩු දාවිද දන්නේ නෑ.. ඇත්තටම සත්තලන් කෙනෙක්
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
    Replies
    1. දන්නෑ අනේ..හිතින් මවපු සත්තලන් කෙනෙක්..ස්තූතියි සුදා අගය කිරීමට...

      Delete
  27. සත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන් බට්ටිගේ ලසෝ තැවුල් නිවන්න සත්තරන්........
    ඔන්න බට්ටියෝ....... මම ඔයාගේ සත්තරන්ට කිව්වා ඔයාව ආදරෙන් බලා ගන්න කියල ...
    නැත්තම් අපි යේම නඩු කියමු........ මේ පාර අපි නඩුව ෆයිල් කරමු..........

    ReplyDelete
    Replies
    1. අක්කි බට්ටි ලොවට ආදරයෙන් පිලිගන්නවා....
      අනේ ලසෝ තැවුල් නෑ අක්කේ ම‍ගේ නිවන්න...
      සත්තලන්නට නඩු දන්න බෑ අප්පා.එයා ඒම කලාට මට දුකයිනේ අක්කා ඒම කලන්න.

      Delete
  28. සත්තරන් නෙත් දෙකෙන් සලා සිහිල් පවන්
    බට්ටිගේ ලසෝ තැවුල් නිවන්න සත්තරන්...........

    ReplyDelete
    Replies
    1. හේ හේ මලුවට තියෙයී..එයා නිවන කොට බැලියෑ...

      Delete
  29. නියමයි බට්ටි අක්කේ... හරිම ලස්සනයි... හරිම ක්‍රියේටිව්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනූ නංගෝ හුගාක්....

      Delete
  30. ඔය සත්තලංන් එක්ක බට්ටි ගෙන් නඩු ඇහුව එක පුදුමයි. දැන් ඉතිං සත්තලං බරපතල වැඩ ඇතිව ජීවිතාන්තය දක්වාම හිරේ තමයි.

    ReplyDelete
    Replies
    1. මේ විනිසුරුතුමා හිටිය නම් ෙමානවද කරන්ෙන්.....?

      Delete
  31. සුපිරි.. හරිම වෙනස් නඩුවක්.. ආසාවෙන් කියෙව්වා..

    විත්තිකරු - අනේ සුවාමිනී.. මට සමාවෙලා දඩුවම ලිහිල් කරන්න..
    විනිසුරු - මොකක්.. මට කියන්නෙ තමාව නිදහස් කරන්න කියලද?
    විත්තිකරු - එහෙම නැතුවට කමක් නෑ.. මට මරණිය දණ්ඩනය දෙන්න.. මීට වඩා ඒක හොදයි!
    බට්ටි - සත්තලං අයියේ . . . එපා!
    විනිසුරු - ඒ ඉල්ලීම නිෂ්ප්‍රභා කරනවා. දඩුවම එලෙසමයි. සියදිවි නසාගැනීම තහනං!

    උසාවියෙන් පිට වෙන තැන ඉදල වෙච්ච දේවල් ලියන් නැද්ද?

    - ඩයිනමයික්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිදු හුගාක්ම...
      නියමයි අන්තිම ටික......සුපර්.....

      Delete
  32. සත්තලන් ට ජය වේවා!! :D (ලියලා තියන වචන සෙට් එක මරු. කියවන්න ආසා හිතෙනවා.වෙනස් විදිහක් නේ)

    ReplyDelete
  33. බට්ටි කරලා තියෙන හපන්කමක තරම බලපල්ලකො ඉතින්...

    ReplyDelete
  34. අභියාචනයක්වත් දැම්මොත් නරකෙයි?

    ReplyDelete
  35. ඔඬ වැඩේ සත්තලන්ට...කෙල්ලොන්ට ෆෝන් නම්බර් දෙනවට..!!!

    ReplyDelete
  36. නිර්මාණාත්මකයි බට්ටියෝ!!!!!

    ReplyDelete
  37. නඩුත් සාදුගේ බඩුත් සාදුගේ වගේ :D

    ReplyDelete
  38. බට්ටිට අපිව අමතකද?
    :(

    ReplyDelete
  39. පලවෙනි වතාවට බට්ටි බලන්න ආවෙ ..ආපු ගමන් පොඩ්ඩක් හිනා වුනා මේ නඩුව නිසා.මේ සත්තලන්ලත් මාරයි අප්පා .. :)
    තව තවත් ලියන්නට සුබ පැතුම්..... :)

    ReplyDelete
  40. නියමයි හි හී :)

    ReplyDelete
  41. මරු නඩුවක් අනේ.. සුපිරි..

    ReplyDelete