January 30, 2012

කඩ්ඩ නැතුව බැරි වෙයිද?

කඩු නම් කඩු සටපටනම් සටපට කියන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද? කොහේද බට්ටිට කඩු බෑ සටපට නම් ඕන තරම් දෙන්න පුළුවන්. බට්ටි නම් බයේ ඉන්නේ ඉස්සරහට කඩු නැති වුනොත් අඩු ගානේ පාරක් අතුගාන ජොබ් කට්ටක් වත් හොයා ගන්නවත් බැරි වෙයි කියලා. දැන් ඉතිං හැමෝම බලනවා ඇති මොකද මේ බට්ටි හිටි ගමන් කඩුවක් අල්ල ගත්තේ කියලා. පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ මේ ඒ ගැන කියන්න තමයී හදන්නේ. 

ඔන්න බට්ටි ගිය සිකුරාදා වැඩ ඇරිලා ගියා මතක බණ ගෙදරක. බස්එකේ හිටගෙන පැය ගානක් කට්ට කාලා තමයී යන්තන් බණ පටන් ගන්න කලින් ගියේ.
ගිහින් ටික වෙලාවක් යද්දී ස්වාමීන් වහන්සේ වැඩම කරා. බට්ටි බණ අහන්න පිරිත් අහන්න හුගක් ලැදී. එදත් ඉතිං බට්ටි හරිබරි ගැහිලා හිත එක්තැන් කර ගෙන බණ අහන්න තමයී වාඩි වුනේ. මුලින් කිව්ව පාලි ගාථාව නම් තේරුනා. එතනින් එහාට ටිකක් තේරුනා අනිත්වා තේරුනා සේ හිටියා. බට්ටිට බණ මී පැණි වුනත් කඩු නම් ඉතිං අරහං. හැබැයී එක තැනක හුගක් පැහැදිලිව තලවකැලේ තිලකගෙන් පටන් ගෙන ඇමරිකාවේ ඉස්ටීවන් කියලා කෙනෙක් පුනරුප්පත්තිය ගැන ලියපු පොතකට වෙනකල් පුනරුප්පත්තිය ගැන හරිම පැහැදිලි විස්තරයක් කරා. ඒ ටික නම් බට්ටිට තේරෙන සිංහලෙන් කිව්ව නිසා හුගක් ආසාවෙන් අහන් හිටියේ. 

ඔය විදියට පැයක් තිස්සේ අහන් හිටිය බණ ඉවර වුනා කියමුකෝ ඊට පස්සේ තමයී එපාම වුනු හරිය. ඇවිල්ලා හිටිය අයගෙන් මමයී, අම්මයී, තාත්තායී, තව නැන්දලා දෙන්නෙකුයී ඇරුනහම අනිත් සේරම වනනවා එක ලෙසකට කඩු. මට ඔය වෙලාවෙනම් මතක් වුනේ අම්මපා යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියලා.බට්ටි දන්න විදියට YES, NO කියලා බේරෙන්න පුළුවන් කට්ටියක් නෙවෙයී එතන හිටියේ. කොහේ ගියත් අර ලකිය කිව්ව වගේ ලව්ස්පීකරේ බැදන් ඉන්න බට්ටි කට පියාගෙන කෑම මේසේ අඩුපාඩු බලලා ඒවටත් උදව් කරලා ඊට පහුවදා ආයේ ගෙදර ආවා.  

මේ විදියට ගියොත් නම් බට්ටිට ලොකු ප්‍රශ්නයක්. අද බණ තේරුන් නෑ හෙට මෙනවා වෙයිද? දැන්නම් බට්ටිට බෙල්ල ගහලා ගියත් කඩු වනන්න නම් ඕනමයී. කඩු වනන්න පුළුවන් වුනොත් එදාට බට්ටිත් මේ පහල පින්තූරේ තියෙන අකුරු ටික අනිවාර් කියනවා. 


January 27, 2012

හෙට සුභ වීමට අද

එක්තරා නගරයක රාත්‍රීයේ දල්වන ලද සියළුම ගිණි සිළු නින්දට යාමට ප්‍රථම නිවා දමන්නට නීතියක් පැවතුනා. නමුත් දිනක් එක් නිවසක ගෙහිමියන් නින්දට යනවිට ඔවුන්ගේ නිවසේ දැල්වෙන ගිණි සිළුව නිවා දමන්නට අමතක කලා. ඒ රාත්‍රියේ නගරයේ දැල්වුනු එකම ගිණි සිළුව මෙයයී. නමුත් ඒ එක ගිණි සිළුව උදෑසන වන විට මුළු නගරයම අවුළුවා තිබුණා. 



ඝාතනයන්ගෙන් දරුණුතම ඝතනය වන්නේ චරිත ඝාතනයයී. ඔබගේ දිවෙන් පුද්ගලයෙකුගේ චරිතය ගොඩ නැගීමටත් එම චරිතය ඝාතනය කිරීමටත් හැකි. එය අර නිවසේ නිවා නොදැමූ ගිණි සිළුව වැනිය. මුළු නගරයම ගිණි ගත්තේ එක් ගිණි සිළුවක් නිසාය. එබැවින් එහෙට සුභ වීමට අද මේ ගැන මොහොතක් සිතන්න.

ප.ලි. ඉහත සටහන මීට සතියකට පෙර ‘හෙට සුභ වීමට අද මොහොතක් සිතන්න’ ගුවන් විදුලි වැඩසටහන බට්ටිට මතක විදියට අකුරු කිරීමකී.  

January 23, 2012

මොහොතක් සිතන්න


මේ පහන නිවෙන්න  පුළුවන් ක්‍රම කීයක් තියෙනවද?
ඒ මොනවාද?

(ප.ලි. විකාරයක් වගේ පෙනුනට ලොකු දෙයක් මේ පහනින් අපිට කියල දෙනවා. කියන්න බලන්න මම අහපු ප්‍රශ්න වලට උත්තර.මම හිතන විදිය ඔයාලට හෙට කියනවා)

January 18, 2012

වෙන්න කලින් හිතනවා

මොනවද කල්පනා කරන්නේ?
මොකුත් නෑ අනේ මොකුත් නෑ.
එහෙනම් ඔය තරම් උඩ බලන් ඉන්නේ?
මේක පුදුම වැඩක්නේ මට උඩ බලන් ඉන්න හොද  නැද්ද?
නෑ මම ඇහුවේ මොනවද ඔය තරම් හිතනනේ කියලා.
මම මේ වෙන්න කලින් හිතනවා.
වෙන්න කලින් හිතනවා?..ඔයා හරි පුදුම කෙනෙක්නේ...
හ්ම්..........
හදටවත් යන්නද හිතන්නේ.
ඇයි අහන්නේ?
මට‍ත් එන්න.
විකාර
ඇයි බැරිද ?
ඒ මම ගියොත්නේ? ඇයි හදට යන්න මට වෙන යන්න තැනක් නෑ කියලා හිතුවද?
මොනවද ඔයාට වෙලා තියෙන්නේ?
වෙලා නෑ වෙන්න කලින් හිතනවා..
අනේ මන්දා....
එක අතරකට වෙන්න කලින් හිතන එක මාර වදයක් නේ...?
 ඔයාම හිතලා ඔයාම වදයක් කියනවා...
ඒක නෙවෙයී ඔයා මොකටද දැන් ආවේ...?
ඔයාව බලන්න ...
ඇයි ඔයා කිව්ව නේද මාව බලන්න ආයේ එන්නෑ කියලා ....
කිව්ව තමයී ඒත් එන්න හිතුනා..
වැඩක් නෑ...
ඇයි ?
ගිය අය මොකට ආයේ එනවද..?
මම ගියේ නෑ ..ඔයයී මට යන්න කිව්වේ..
මම යන්න කිව්ව තමයී..ඒත් ඔයා නෙවෙයිද එන්නෑ කිව්වේ...
මට දැන් ඔය යන්නද කියන්නේ...
කවුද එහෙම කිව්වේ....?
ඇත්තටම මොනවද ඔයාට මේ වෙලා තියෙන්නේ...?
මම කිව්වනේ වෙලා නෑ..වෙන්න කලින් හිතනවා කියලා...
මම යනවා අන්න ඔයාගේ ලෝකේ මම අරන් ආවා...
මගේ ලෝකේ....?
ඔව් ...
මොකද්ද?
අඹ ගහ යට ඇති ගිහින් බලනවා....
මොකද්ද?
ගිහින් බලනවා නේද?
හා
කියන්න ගිහින් බලනවා නේද?
හා
ඇත්තම කියන්න ගිහින් බලනවා නේද?
මේ මොනවදයක්ද? හා අනේ හා අනේ හා...


(බට්ටෝ අද වැඩට යන්නැද්ද?මොකද මේ පස්ස පැත්තට ඉර පායනකන් නිදි.බෙල් එක තිබ්බේ නැද්ද?
ෂික් අක්කා මගේ හීනේ කෑවා. දැන් ඉතිං වෙච්ච පොරොන්දුව අයියෝ දැන් මොනවා කරන්නද?වෙන්න කලින් හිතලත් ඇයි මෙහෙම වුනේ..)

January 8, 2012

ආයේ කරන්නෑ.....


බට මා  -  වටිනා නිසා
නොවෙන්නම් -  වදයක් මෙමා

ප.ලි. කාට ලියපු එකක්ද කියල නම් මගෙන් අහන්න එපා. අනේ plz.