මතක ඇතිනේ හැමෝටම මම ඩොන්කා කන්න ගිහින් වුන අකර තැබ්බ ගැන ලිව්වා. ඇත්තම කියනව නම් මේ හැම සිද්ධියකදිම මම විහින් ඇද ගෙන නෑමම තමයි වුනේ.  මේකත් මම විහින් කර ගත්ත සැන්තෑසියක්.  
මගේ තුන්වෙනි හිනේ තමයි මගේම කියලා ස්කූටි පෙප් එකක් ගන්න එක.( ඔන්න ඉතින් දැන් කට්ටිය අහන්න එපා පලවෙනි දෙවෙනි සිහින මොනවද කියලා.) කොහේද ඉතින් තාම මට ඒක ඉෂ්ටකර ගන්න බැරිව ගියානේ. තාම ආසාව නම් අත ඇරලා නෑ.කොහොම හරි උත්සාහා කරනවා ඒ හීනේ ඉටු කර ගන්න. ඒ දවස්වල අපේ ගෙදරට මේ ජාතිය බයික් එකක් ඇවිත් නවත්තන්න දෙන්නේ නෑ පදිනවා. පුරැදු කරේ නම් හිච්චි අම්මලයි ගෙදර අයියයා. පදින්න පුළුවන් කිව්වට ඉතින් 8 ගහන්න වගේ වැඩ දාන්න බෑ. එදා හරියටම අවුරැද්දට කලින් දවසේ. ඒ කියන්නේ අප්‍රේල්  13  වෙනිදා  තාත්තගේ යාළුවෙක් ආවා මේ ජාතිය මෝටර් සයිකල් එකකින්. මමත් ඉතින් වට හතර පහක් පැදකුනු කරලා ඉල්ලන්දෝ නැද්දෝ කියලා හිත හිත ගෙට ගියා. මරැ වෙලාව කියන්නේ අම්මත් ඒ එක්කම එළවළු ටිකක් ගේන්න කඩේට යන්න කිව්වා. එළවළු ගන්න හරියටම මීටර් 400 ක් යන්න ඕන.  මම ඉතින් යෝජනාව දැම්මා පයින්නම් යන්න බෑ බයික් එක දෙනවද යන්න කියලා. බයික් එක දෙන්නම් කිව්වා බේරේක් නෑ කිව්වා. මමත් පන්ඩිතයා වගේ අනේ ඒකට කමක්නෑ කියලා යතුර ඉල්ල ගත්තා. අම්මා නගිද්දිම යන්න එපා කිව්වා. අම්මා එපා කියන දේවල් මං කරන්නෙම නෑ ඒත් ඉතින් එදා නම් පයින් යන්න හිතුනෙම නෑ.  
බයික් එක ස්ටාර්ට් කරලා  එකපාරක් වැදලා මම හෙමිහිට හන්දියට ගියා. එළවළුත් ගත්තා. එන්න හරවලා නගින් නැතුව යතුර දාලා ස්ටාර්ට් කරා. නගින්න හදද්දිම පාරෙන් එහා පැත්තේ කඩේ
 යාළුවෙක් හා බට්ටී කොහේද ගියේ කියලා මට කතා කරා. මාත් පාරෙන් මේ පැත්තේ ඉදන් කතා කරා. බයික් එකත් ස්ටාර්ට් එකේමයි තිබුනේ. කතා කර කර ඉදිද්දි මෙන්න බොලේ බයික් එක එක පාරටම යන් පටයන් ගත්තා. මොනවා කරන්නද අනුන්ගේ බයික් එක නිසා අත අරින්නත් බෑ. බයික් එක යනවා මාත් පස්සෙන් බයික් එකේ හැඩල් එක අල්ලන් දුවනවා. මම අල්ලන් ඉන්න විදියට තවත් රේස් වෙනවා. වෙලාවට ඉස්සරහින් තිබුන තණ කොළ පිට්ටනියේ මම බයික් එක අත ඇරියා. මුලින් මම වැටුනා මගේ ඇග උඩ බයික් එක වැටුනා.  වැටුනත් කමක් නෑ මේවගේ හන්දියක් මැද්දෑවේ වැටුනහම ඉතින් ..... 
බයික් එකට කිසිම හීරීමක්වත් නෑ. මගේ පැත්තක්ම හීරිලා. කකුලත් බිම තියන්න බැරි වුනා. අම්මාට ආරංචිවෙලා ත්‍රීවිල් එකකින් ඇවිත් මාවඑක්ක ගියා ගෙදර. ඒ අවුරැද්දේ මම හිටියේ නොන්ඩි ගහගහ. 
අවුරැද්දට අපේ ගෙදර ආපු හිරැෂගෙන් තාත්තා ඇහුවා බට්ටි අක්කා කොහොමද හිරැෂ වැටුනේ කියලා. එයා රගපාන ගමන් කිව්වා බට්ටි අක්කා උඩීන් ගිහින් වැටුනා කියලා. 
 

 
මට මැවිලා පෙනවා වුන දේ..... හි හි හි.....කමක් නැ වැටි වැටි තමයි නැගිටින්න ඔන........
ReplyDeleteඔය කොරගෙන තියෙන්නෙ... ඉතිං දැන් ස්කූටරයක් ගත්තැයි..
ReplyDeleteඇති යන්තන් බයික් ඒක බේරුනා ....
ReplyDeleteඑහෙනම් බට්ටි කෙල්ලගේ ඒ හීනෙත් ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නොදන්න වැඩ දාන්න ගිහින් ආයේ අතපය ලෙලි ගස්සව ගන්නවා එහෙම නෙවෙයි ඕන්............
ReplyDeleteඅම්මෝ. මාර වැඩනේ වෙන්නේ. ඔයාට ඉතින් යාලුවෙක් දැක්ක ගමන් ඉන්න තැනත් අමතක වෙනවනේ. හික්ස් :)
ReplyDeleteආහ් හිනා වෙන්න බෑනේ. ඒ උනාට හිනා ගියානේ.
අර බයිසිකලේ උඩ ඉන්නේ බට්ටි නංගිද ?
නියම ෆොටෝ එක.
බයික් එකක් පදින්න ගිහින් නොවැටුන කෙනෙක් ඉන්නවා නම් ඒ කලා තුරකින්...දිල් උනත් බයික් එකෙන් දෙපාරක්ම වැටුනා..එක පාරක් පේරාදෙනියේ හන්දියෙම..හික්ස්... ලැජ්ජාවේ බැරුවා...එහෙම තමයි ඉතින් නේද බට්ටියෙ....අඬු බඬු ටික කඩා නොගෙන ඕනෙ දෙයක්...
ReplyDeleteබයික් පදින්න ගිහින් නොවැටුන කෙනෙක් නෑනේ.. ඒ හින්දා ඒ ගැන හිතන්න එපා..
ReplyDelete@ පොඩි එකා
ReplyDeleteමැවිලා පෙනුනට කමක් නෑ. ඕන් පොඩි අය ඕව කරන්න ගිහින් මේ බට්ටි අක්කා කිව්වා කියන්න එහෙම එපා හරිද?
@ සාතන්
ReplyDeleteනෑ අනේ තාම බැරි වුනා.
@ Tanikada Jeewithe
ReplyDeleteඅම්මෝ ඔව්. ඒකයි තණ පිස්සක් බලලම අතඇරියේ. මම මුලින්ම අත ඇරියනම් මට පොඩි තුවාලයක් වත් වෙන්නේ නෑ. ඒත් ඉතින් මට වඩා අනුන්ගෙනේ බයික් එක.
@ අම්බලම
ReplyDeleteබොහොම ස්තූතියි යාළුවේ.
@ දිල් අක්කි
ReplyDeleteබයික් පදින්න ගිහින් වැටුනනම් හිත හදාගන්න තිබුනා. මේක මේ බයික් එකට නගින්නෙත් නැතුවනේ වැටුනේ. ඒකයි ලොකුම අවුල. හික්ස් ......
@ දිනේෂ්
ReplyDeleteමට පේන විදියට මෙයත් හොද අඩවුවක් අල්ලලා තියෙනවා වගේ බයික් පදින්න ගිහින්.
@ මධුරංග
ReplyDeleteඅතපය කැඩුනත් ඉතින් යාළුවෙක් දැක්කොත් කතා කරලා තමයි එන්නේ. බයික් එක උඩ ඉන්න නංගිව හොයාගන් මාර දුකක් වින්දේ. නොට් එක පීරලා තමයි යන්තම් හොයා ගත්තේ.
වැටෙන්නැතුව නැඟිටින්න පුලුවනැ..... කූටියකට මාත් ආසයි. හැබැයි දැන් ආසා නෑ.
ReplyDeleteගොඩාඩාඩාක් පරක්කුයි.