December 26, 2011

පෑන් රදවනයක් හදමු ....


ඔන්න අලුත් අවුරැද්ද එන්න කලින් ඔයාලගේ මේසේ පුරා විසිරිලා තියෙන පෑන් ටික දාලා මේසේ ලස්සන කරන්න පුළුවන් දෙයක් තමයී මම අද කියලා දෙන්න හදන්නේ.ලැප් එකයී තියෙන පොත් ටිකයී අනිත් කළමනා ටිකත් තියලා මේසේ උඩ තව මල්වාස් එකකුත් තියන්න ඉඩ ඉදිවෙන්න පුළුවන්නේ. ඉතිං මං කියල දෙන එක හදා ගත්තහම පොඩි පොඩි දේවල් ඒකට දාගෙන මල්වාස් එකක් විදියටත් මේස උඩ ලස්සනට තියා ගන්න පුළුවන්. 

අවශ්‍ය ද්‍රව්‍ය 
කිරිපිටි පෙට්ටියක්. (කිලෝ එකේ කිරි පිටි පැකට් එකට එන පෙට්ටියක්) 
ටූත් පික්
හොදින් ඇලවෙන ගම් වර්ගයක්
 කතුරක්
A4  

සාදන අයුරැ 
පහත රෑපයේ දක්වා ඇති ආකාරයට කිරි පිටි පෙට්ටි කපා ගන්න.


ඉන්පසු එය වටා ටූත් පික් අලවා ගත යුතුයී. ටූත් පික් තට්ටු දෙකකට අලවා ගන්න. (පහත රෑපයේ පෙන්වා ඇති සේ) 


ඉදිරිපස සහ දෙපැත්තේ ටූත්පික් අලවා ගැනීමෙන් පසුව ‍හොදින් වේලීමට තබන්න. 
ඉන්පසු එය වටා මල් අලවා ගත යුතුය. 
මල් වර්ග හා කොල වර්ග කිහිපයක් මේ සදහා උපයෝගී කර ගෙන තිබේ. එම මල් වර්ග සියල්ලම ඡායා රෑප සමග කියා දීමට අවශ්‍ය බැවින් මෙම පෝස්ටුවේ එය ඉදිරිපත් කිරීමට නොහැකි වීම ගැන කණගාටු වන අතර දුරකතනය යතා තත්ත්වයට පත් කර ගත් විගස එම පාඩම ඉදිරිපත් කරන්නට පොරොන්දු වෙමි. 
පෑන් රදවනය සාදා නිමකර ගත් පසු රෑප පහත දැක්වේ. ( ඔයාලට පෙන්නන්න ඕන නිසා වැඩ කරන තැනට මේක අරන් ඇවිත් ඒකේ තියෙන කැම් එකකින් තමයී මේ ෆොටෝ ටික ගත්තේ) 

( ප.ලි. මම මේක හැදුවේ මගේ හිතවතියකගේ උපන්දිනේට තෑගි කරන්න. භාගෙට උගන්වපු එක ගැන නම් බනින්න එපා. බට්ටිට සමාව දෙන්න.)

44 comments:

  1. ෂා... ලස්සනයි බට්ටියේ... හදලා බලන්න ඕනෙ.

    ReplyDelete
  2. අපේ ගෙදර ටූත් පික් තිබ්බෙ නෑ... ඒ වෙනුවට කොට්න්බඩ් අරගත්තා... කාඩ් බෝඩ් කිරි පැකැට් එකක් නැති නිසා ඒකට ඇතුලෙන් තියෙන ඉටිකොල පැකට් එක පාවිච්චි කරලා හදලා බැලුවා.... චාටර්......

    ReplyDelete
  3. නරකයා අමු කැවිලද හිකිස්‌

    හදන්නම් බට්ටි අක්කේ. හරිම ලස්සනයි.

    ReplyDelete
  4. ඔයා Irish folding,Paper embroidery ගැන දන්නවද?දන්නේ නැත්තම් මම ඔයාට කියලා දෙන්නම් ඒවා!ඒ දැනුමින් මට වඩා ඔයාට ප්‍රයෝජනයක් තියේවි කියලා හිතෙනවා!

    ReplyDelete
  5. @ නිසුපා
    ස්තූතියි අක්කියේ.ඔයාට ප්‍රයොජනවත් වෙයී.

    @ නරකයා....!!
    හරි නරකයී ඔයා නම්

    @ අයියා
    ස්තූතියී අයියේ.

    @ ඊ මේල් කවිකාරි
    thanx

    @ වර්ණා
    ස්තූතියි නංගීයේ.

    ReplyDelete
  6. හරිම ලස්සනයි.. ඒක නෙමෙයි.. ඔයා “රු,රූ“ හරියට ලියන්නෙ නෑ නේද. මෙහෙමයි 'rq', 'rQ' තමයි රු,රූ. හරියට නු,කු ලියනව වගේ තමයි. ඕක ගොඩක් දෙනෙකුට වරදිනවා.

    ReplyDelete
  7. @ Nelum
    මට කියපු කිසි දෙයක් තේරෙන්නේ නෑ. අනේ පැහැදිලිව කියලා එවන්න.

    ReplyDelete
  8. @ පැණි දොඩම්
    අනේ මම ටයිප් කරන්නේ වෙන ක්‍රමයකට අ යන්නට ගහන්නේ W. වෙන ක්‍රමයක් දන්නේ නෑ.

    ReplyDelete
  9. බට්ටා වැඩක්.......

    ReplyDelete
  10. මං කිවුවෙ මං හදපු එක චාටර් කියලා.... මේක සුපිරි..!!

    ReplyDelete
  11. "අවශ්‍ය ද්‍රව්‍ය
    කිරිපිටි පෙට්ටියක්. (කිලෝ එකේ කිරි පිටි පැකට් එකට එන පෙට්ටියක්)"

    පුදන කොටම කාපි යකා !!!
    අපි බොන්නේ ග්‍රෑම් 400යේ පෙට්ටි වල තියෙන කිරි නේ. ග්‍රෑම් 400හේ පිටි පෙට්ටි වලින් බෑ ද ?
    මාත් මාර ආසයි මෙහෙම අත්වැඩ වලට. ඒ නිසා මොකකින් හරි හදලා බලනවා.
    ගොඩක් ස්තුතියි බට්ටියෝ !!!

    ReplyDelete
  12. අයියෝ බට්ටි අක්කේ එහෙ සිංහල ටයිපින් අමරුයිනේ. මම නම් අ යන්නට ගන්නේ a
    ammaa = අම්මා

    ReplyDelete
  13. තවත් අත් වැඩක්.. මාරම ගති.. ඒත් මං නම් ඕක හදයි කියලා විශ්වාස නෑ.. වැඩේ අමාරුයි වගේ .ඒකයි.

    ReplyDelete
  14. හරිම ලස්සන නිර්මාණයක් නංගියෝ.. ගොඩක් ප්‍රයොජන වන දෙයක්..
    ස්තූතියි ඔයාට.. :)

    ReplyDelete
  15. @වර්ණා :
    නෑ බට්ටිගේ ක‍්‍රමේ ලේසියි ගොඩක්... දිග පෝස්ට් එකක් දාද්දි තමයි තේරෙන්නේ... ලියන්න ඔ්න අකුරු ගණන අඩුයි
    wuaud=අම්මා

    බට්ටි ඒවිදියට ලියද්දි රු=rq, රූ=rQ විද්යට තමා ලියන්නෙ...

    ReplyDelete
  16. හරිම ලස්සනයි බට්ටියේ....මේ වගේ එකක් තමන්ම හදලා ලඟින් තියා ගන්න එක මොන තරම් වටිනවද ? ට්‍රයි එකක් දෙන්නද හදන්න ?? නැත්තම් ඔයාම හදලා දෙනවද ?

    ReplyDelete
  17. @ Nelum
    ඔයා අර අගක් මුලක් නෑ කියලා එවපු එක කියවලා මං දහඅතේ කල්පනා කලා ඔයා මොනවද මේ කියන්නේ කියලා.එතකොට ඔයාගේ නමින් කමෙන්ට් එකක් spam වෙලා තිබුණා. මම ඒක කියවන්නත් කලින් not spam කරා. ආයේ හොයද්දී මට හොයා ගන්න බැරි වුනා. අද ඔයා එවපු කමෙන්ට් එකත් spam වෙලා. ඇයි දන්නෑ එහෙම වෙන්නේ. මම මගේ දිල් අක්කට කියන්නම් ඒක බලලා හදලා දෙන්න කියලා.
    ඔයා කිව්ව Irish folding,Paper embroidery ගැන මුකුත්ම මම දන්නේ නෑ. අද උදේ ඒක ගූගල් වල හොයලා බැලුවා. පුළුවන් නම් මට කියල දෙන්න යාළුවේ. අත්කම් පිස්සුව මට ලොකුවටම තියෙනවා. ඒක මගේ ජීවිතේ සතුට තියාගන්න හුගක් අත්වැලක්. බට්ටි කියන්නේ අනිත් අය හොදදෙයක් කියල දුන්නොත් අනිවාර්යයෙන්ම පිළිගන්න කෙනෙක්.

    ReplyDelete
  18. @ Vishwajith Rajapakse
    ඔව් ඔව්

    @ නරකයා....!!
    හේ හේ...ස්තූතියි ආ...

    @ මධුරංග
    මොඩ ගහ. මං ඒකක් ගන්න කිව්වේ අනිත්වා පොඩි වැඩි නිසා. මුලින්ම මේක හදන්න මටත් ඒ ප්‍රමාණයේ එකක් තිබුණේ නෑ. මා එක්ක වැඩකරන නංගීට කියලා එයාගේ ගෙදරින් ගෙන්න ගත්තේ. හැබැයී දැන්නම් අපේ අක්කා ගේන්නෙම ඒවා.ඕන්නම් කියන්න මම තැපෑලෙන් හරි එවන්නම්.

    @ වර්ණා
    මේකයී නංගී මම කරන ජොබ් එකත් එක්ක ඔයාලා කරන විදියට පුරැදු වුනහම කරදරයී. මගේ විදියට ටයිප් කරන්න කීබෝඩ් එක හුරැ වෙන්න ඕන. ඒ විදියට පුරැදු වුනහම යුනිකෝඩ් විතරක් නෙවෙයි FMBindumathi, FMAbhaya ඔය ඕන font එකකින් ටයිප් කරන්න පුළුවන්.

    ReplyDelete
  19. @ නාකියා
    මේ තවත් එකක් විතරයී. හොද හොද ඒවා එන්නේ පහුවෙලා. :D

    @ චමින්ද ගුණරත්න
    ස්තූතියි. ඔයාව බට්ටි ලොවට සාදරයෙන් පිළිගන්නවා.

    @ නන්දු
    ස්තූතියි ඔයාට. ඔයත් හදලා බලන්න.

    @නරකයා....!!
    ඔයාට මහහුගක් පිං මං ඒක හොයා ගන්න බැරුවයි උන්නේ.දැන් හරි.

    ReplyDelete
  20. @ අක්කා
    ඔයාට වැඩ රාජකාරී වැඩීනේ අක්කියෝ. මම අර කිව්ව ලිස්ට් එකට මේකත් ඇඩ් කර ගන්නම්.
    ආ ..... මිනූ ආසවෙයිද? අහන්නකෝ.අපි එයාටත් එකක් දෙමු. එයා අපේ මිනූ පැටියනේ.

    ReplyDelete
  21. මගේ කමෙන්ට් එක පල නොවුණු නිසා..මම කියලා දෙන්නම් කියපු එක, ඔයා වැරදියට තේරුම් ගත්තා කියලයි මම හිතුවේ.. ! එකයි මම විස්තර කරලම කිවුවේ, වැරදියට තෙරුන් ගන්න එපා කියන එක! :) no prob මම කියලා දෙන්නම්! කොහොමද ඔයාට කියලා දෙන්නේ කියන එකයි ඊළගට එන ගැටලුව!හ්ම්ම්ම් වචනෙන් අත්කම් කියලා දෙන්න බැහැනේ! බලමු මොනාද කරන්න පුළුවන් කියලා! තව ගොඩක් ජාති තියෙනවා මම කියලා දෙන්නම් ඔයාට ඒ ඔක්කොම ඒවා!:)

    ReplyDelete
  22. @ Nelum
    ඔයා කලින් කාල තිබුණ Irish folding,Paper embroidery එකේ ලස්සන ඒවා තියෙනවා. කාඩ් වල මහන එක නම් මං දන්නවා. ඒත් හුගක් ඩිසයින් නෑ. මං හිතන් ඉන්නේ වෙඩින් කාඩ් හදන්න. නැත්නම් මේ කරන ජොබ් එකෙන් කොහොමද බට්ටි කාර් එකක් අරන් කවදා හරි ගෙදර ඉස්සරහ නතර කරන්නේ. අපි අතර දැන් ප්‍රශ්නයක් නෑ නේ. මං බයේ හිටියේ මං නොදනුවත්වම මගේ අතින් වරදක් වෙලා කියලා.
    ඔයාගේ මේල් එක එවන්න.

    ReplyDelete
  23. ඩිසයින් මන් ලග ඇති සැහෙන ප්‍රමාණයක්!...වෙඩින් කාඩ්ස් වලට හොදටම ගැල පෙන්නේ
    Parchment craft,paper quilling,paper,ribbon n brazilian embroidery,Irish folding, paper tole, fabric painting, cross stitch!n also paper work!
    ඔයා මේවයින් දන්නේ නැති ඒවා මොනාද තියෙන්නේ?

    ReplyDelete
  24. @ Nelum
    ඔයා කියපු හුගක් ඒවා දන්නවා. ලොකුවට නෙවෙයි පොඩියට.
    paper tole, Parchment craft ඉගෙන ගත්තට කරලා බලන්න බැරි වුනා තවම. මොකද ඒවට ඕන බඩු ගන්න පිටකොටු යන්න ඕන. ඉතිං මට තනියම ඒවයේ යන්න බැරි නිසා බඩු ගන්න විදියක් මම ලග ඩිසයින් තමයි නැත්තේ. ඔයා උදව් කරනවා නේද?

    ReplyDelete
  25. මොන ටොපික් එකේ ඩිසයින්ද ඕනේ ඔයාට?

    ReplyDelete
  26. @Nelum
    කාඩ් හදන්න පුළුවන් ඕන එකක.

    ReplyDelete
  27. හරි මන් ලග තියෙන හොද ඒවා තෝරලා ඔයාට මේල් කරන්නම් මම! තාම නිවාඩුවට ආපු ගමන් ඉන්නේ, ගෙදර ගියාම ඔයාට දාන්නම් ඒ ටික හොදේ! :)

    ReplyDelete
  28. ලස්සනයි.....

    ඔය නෙලුම් අක්කා කියන එව්වත් පුලුවන් නම් අත්කම් බ්ලොග් එකක හරි දාන්නකෝ අපිත් ඔව්වට කැමතියි........

    ReplyDelete
  29. ඔව් ඔව් අක්කේ එක ඇත්ත. ඔයාට ලේසි විදියක් :))

    ReplyDelete
  30. හරිම ලස්සනයි..හදල බලන්න ඕනෙ නිවාඩු පාඩුවෙ..

    ReplyDelete
  31. @ Nelum
    නිවාඩුවක් ලැබුනහම එවන්නකෝ.

    ReplyDelete
  32. @ හා පැටික්කි (MS)
    ස්තූතියි හා පැටියෝ

    ReplyDelete
  33. @ වර්ණා
    තරහ ගියේ එහෙම නෑනේ ද?

    ReplyDelete
  34. @ සිත්රූ සිහින
    ස්තූතියී හදලා බලන්න ලස්සනට එයී.

    ReplyDelete
  35. සිරාවට පට්ට ගති හැදුවට පස්සේ පෙනුම නම් තමන්ගේ අතින් හදපු දෙයක් තෑගි දෙනකොට නම් මාර සතුටුයි තමයි.

    ඒක නෙමෙයි අර මල් ටිකත් ඔයාමද හැදුවේ නැත්තම් කඩෙන් ගත්තද ඒ ටික මාර ලස්සනයි..

    මම ඔයාගේ බ්ලොග් එකට ආවාමයි හිමින් සැරේ පොස්ට් ටික කියවන්න ඕනේ.බට්ටි කියලා ටෙලි නාට්ටියක් ගියා නේද????

    ReplyDelete
  36. ලස්සනයි. හැබැයි හදන්න කම්මැලියි. බට්ටි අක්කෙ හදලම එවන්නකො තරහා නැතුව..

    ReplyDelete
  37. @ ගැමියාගේ පත් ඉරුව
    ස්තූතියි මේ පැත්තේ ආව වගේම නිර්මාණය හැඩයී කිව්වට.
    මල් හැදුවේ මමම තමයී. සැක කරන එක හරි මම දැම්මේ නෑනේ ඒවා හදන හැටි. ඉක්මනින්ම දාන්නම්.

    ReplyDelete
  38. @ Shani
    හේ හේ කම්මැලි වෙන් නැතුව හදනවා හදනවා.

    ReplyDelete
  39. ඔව් ඔව් ජිවන වියදමට සුළු විසඳුමක්

    ReplyDelete
  40. @ අසරණයා
    ඔයාට විතරයී ඒක තේරුනේ

    ReplyDelete