May 15, 2012

බ්ලොග් එක නැතිවෙයි කියලා බට්ටි හුගක් බයෙන්


අද පෝස්ටුවක් ලියන්න හිතන් නොහිටියත් වැඩ ගොඩක් තිබුණත් ඒ හැම දෙයක්ම අතපසු කරලා මට මේ පොස්ටුව ලියන්නම වෙලා. මොකද සමහර විට බට්ටි මේ බ්ලොග් එකේ ලියන අන්තිම පොස්ටුව මේක වෙන්න පුළුවන් නිසා.ඒක එහෙම වුනොත් මගේ රත්තරන් යාළුවෝ බට්ටි එක්ක තරහ වෙයි. බට්ටි නොකියම යන්න ගිහින් කියලා.
බට්ටි ජීවිතේ කවම දාවත් එක දිගට මෙච්චර ආදරෙන් මොනම වැඩක්වත් කරලා නෑ. බට්ටි කිව්වට දැන් බට්ටිට අවුරුදු 24ක්. පුංචි නෑ.මේ වයසට බට්ටි ජොබ් 9ක් කරලා තියෙනවා.ඒලෙවෙල් වෙනකන් ඉගෙන ගත්තත් බාහිර උපාධිය පළවෙනි අවුරුද්ද විතරක් කරලා බට්ටි නතර කලා. ඒලෙවෙල් ඉවර වෙලා බලාපොරොත්තු වුන ප්‍රතිඵලය ගන්න බැරි වුන බට්ටි කොළඹ ආවා. කෑම කඩේක වැඩට.ඉගෙන ගත්තට එක පාරට කැෂියර් එකට ගත්තේ නෑ.මොප්කරන්න, භාජන හොදන්න තමයි වුනේ. එහෙමයි බට්ටිගේ රැකියා ජීවිතේ ආරම්භ වුනේ. එක එක හේතු නිසා හුගක් කල් කලේ නෑ. උඩ ගෙදර අක්කා කිව්වේ අපලයි කියලා. ඒත් මොන අපලේ තිබුණත් එක ජොබ් එකක් ඉවර වෙද්දී ජොබ් කොහොම හරි හොයා ගනිපු නිසා බට්ටි ගෙදරට බරක් නොවී ජීවත් ‍වුනා.
ඒත් කල හොද වෙලාද මොනව වෙලාද කියන්න දන්නෑ පහුගිය අවුරුදු දෙකේ බට්ටි එක තැනක නතර වුනා. ඒ අදටත් වැඩකරන මේ රස්සාවේ.බට්ටි වැඩ කරන්නේ කොමියුනිකේෂන් එකක. කම්පියුටර් ගැන මෙලෝ දෙයක් නොදැන ආපු බට්ටි දැන් ඇස් පියාගෙන ටයිප් සෙටින් කරන්න තරම් හැම දෙයක්ම ඉගෙන ගත්තා. අම්මා ගෙදර නතර කරන්න ඕන නිසා හොද පඩියක් ගන්න ජොබ් එකකට යන්න ගන්න 12 000 පඩියෙන් මාසෙ 8000ක් දීලා ග්‍රැපික් කෝස් එකක් කරන්න ගියා. තවමත් යනවා. තව මාස 6කින් සහතිකය ගත්තට පස්සේ හොද ජොබ් එකකට යන්න.
ඉතිං මේච්චර කාලයක් බට්ටිව එක තැන රැදෙන්න රස්සාවට වඩා ඉන්න ගෙදර හේතුවක් වුනා. මගේ දුක සතුට හැමදේම එහේ වුනා. ඉක්මනින්න කේන්තියන බට්ටි සමහර වෙලාවට සේරම දාල යන්න හිතුවත් කෑගහල ඇඩුවත් ටික වෙලාවකින් ඒ හැම දේටම ආයෙම ආදරේ කරන්න පටන් ගත්තා. අම්මා ඇරුනට පස්සේ ජීවිතේට එතරම් හෙවණැල්ලක් ලැබුනේ මම දැන් ඉන්න ගෙදර අක්කගෙන් විතරයි.
බ්ලොග් එක පටන් ගෙන අවුරුද්දක් වෙන පෝස්ට් එක ලියන්න බට්ටි ඇගිලි ගැන ගැනයි මේ ටිකේම හිටියේ. බට්ටිගේ ජීවිතේ තිබුණ ලොකුම හීන වලින් එකක් මේ 20 වෙනිදට එළිවෙද්දී අවුරුද්දේ පොස්ටුව ඒ සතුට එක්කම ලියනවා කියලයි හිතන් හිටියේ. ඒත් මොනවා කරන්නද ඒ දේ කරන්න බැරි වෙයිද කියලා බයෙන් ඉන්නවෙලා. කඩේට කට්ටිය එන නිසා මට අඩන්නත් බෑ. ඒත් නොඅඩ මේක ලියන්නත් බෑ. අනේ ම‍ට තේරෙන්නෑ මොනවා කියලා කරන්නද කියලා.
පහුගිය 13 වෙනිදා හරියටම 1 පහුවෙලා විනාඩි 2ක් වෙද්දී බට්ටිට ආපු කොල් එකකින් ආරංචි වුනා බට්ටිගේ බ්ලොග් එක නෑ කියලා. ඒ වෙලාවේ මට දැනුනේ හුස්ම නැවතුනාවගේ. ඉතිං මම ගූගල් එකේ ගහලා බැලුවා. එතකොට පෙන්නුවේත් බ්ලොග් එක ඩිලීට් කියලා. බ්ලොග් එකට ලොග් වෙන්න බැලුවා. ඒත් බැරුව ගියා. අන්තිමේදී පෝන් නම්බර් එක දීලා එකට ආපු කෝඩ් එක ගහලයි ලොග් වුනා. ඉතිං ඒ දේ එහෙම වුනා. ආයෙම මම ඒ ගැන වැඩිය හිතුවෙ නෑ. මේ දවස් වල මගේ මැෂින් එකේ හුගක් වයිරස් ඒක නිසා එහෙම වෙන්න ඇති කියලා හිත හදා ගත්තා. ඒත් ඊයේ හදිස්සියෙම මූණු පොතට ‍කෙනෙක් ලොග් වුනා කියලා පොන් එකට මැසේජ් එකක් ආවා. ඒ එක්කම මමත් ලොග් වෙන්න බැලුවා. රහස් අංකය රීසෙට් කරලා පොන් එකට කෝඩ් එක ගෙන්න ගෙන මම හවස ලොග් වුනා. අංකේ වෙනස් කරනවා ඇරෙන්න වෙන ආරක්ෂිත දෙයක් කරන්න බට්ටි දන්නේ නෑ. ඉතිං හිතුවා  දැන් හරි කියලා. ඒත් අද උදේ බලද්දී හැම දේම නැතිවෙලා. ඊයේ රෑ රහස්ය අංකේ මාරු කලා කියනවා. මූණු පොතට ලොග් වුන මේල් එකටත් යන්න බෑ.
මට හිතා ගන්න බෑ. බට්ටිට තරහ කාරයෝ හිටියේ නෑ. මේ තරම් දරුණු දෙයක් කරන්න බට්ටි කාටවත් ඒ තරම් වරදක් කලේ නෑ. ඒත් අනේ කවුරු හරි බට්ටිට එහෙම කරලා. හෙට වෙද්දී බට්ටි ආදරෙන් රැක ගන්න මේ බ්ලොග් එකටත් එන්න බැරුව යයි කියලා බට්ටි හුගක් බයෙන් ඉන්නේ. මූණු පොත නැති වුනාට දුක නෑ. ඒත් බ්ලොග් එක නැති වුනොත් හුගක් දුක හිතෙයි. ඒත් බට්ටි නොලිය ඉන්නෙ නෑ. මම ම‍ගේ යාළුවන්ට පොරොන්දු වුනා මොනදේ වුනත් බ්ලොග් එක ලියනවා කියලා. එහෙම වුනොත් අලුතින් එකක් හදන් බට්ටි ලියනවා. අනේ මගේ යාළුවනේ බ්ලොග් එකේ ආරක්ෂාව වැඩි කරන විදිය ඔයාල දන්නව නම් මට කියල දෙන්න. මම මේකට හුගක් ආදරේයි.
මගේ යාළුවනේ මට මේකට එන්න බැරුව ගියොත් මාව අමතක කරන්න එපා. කොළඹට වෙලා ඉන්න මම හැම අතින්ම හිත නිදහස් කර ගත්තේ මේ බ්ලොග් එක නිසා. දුක සතුට කේන්තිය හැමදේම මේ කීබොඩ් එකෙන් අකුරු කරලා හිත සැහැල්ලු කර ගත්තා. හැමෝම පරිස්සමින් ඉන්න.

97 comments:

  1. ෂාහ්!! බට්ටි මාරයිනේ....

    //අනේ මගේ යාළුවනේ බ්ලොග් එකේ ආරක්ෂාව වැඩි කරන විදිය ඔයාල දන්නව නම් මට කියල දෙන්න. //

    අන්න ඒක මටත් ඕනා..

    ReplyDelete
    Replies
    1. Commented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි..මම මුල්ම වතාවටයි ඔයාගේ බ්ලොග් එකට ආවේ.. ක්යවපු පලවෙනුම පොස්ට් එක මේක...
      වයස 24 දී ඔයා ජිවිතයට් එක්කරගෙන තියෙන අත්දැකීම් බොහොමයි
      එක දෙයක් කියන්නම් හැකි තරම් කාලයක් එක රස්සකව රැදිලා ඉන්න බලන්න
      බ්ලොග් එක BACK UP කරලා තියාගන්න එතකොට ඔයාට බයවෙන්න දෙයක් නැහැ...

      Delete
    2. Select ur Blog --- > click template ---> click back up/restore on top right side (this save ur blog template)

      Delete
    3. @ අඩවි රජ
      ඔන්න දැන් ඔයාගේ ගැටළුවක් විසදුනා..

      @ All in one
      පිලි ගන්නවා බට්ටි ලොවට හදවතින්ම.ස්තූතියි යාළුවේ.

      Delete
  2. බ්ලොග් එකේ බැකප් එකක් ගනින්... එතනින් එහාට ආරක්ෂක ක්‍රියාමාර්ග විදිහට මුලින්ම හොඳ පාස්වර්ඩ් එකක් දාගන්න එක හොඳයි (අකුරු ඉලක්කම් කලවම් එකක්)

    මූණු පොතේ නම් ලොග් වෙන්න පාවිච්චි කරන ඊමේල් ඇඩ්‍රස් එක මාරු කරල පාස්වර්ඩ් එකටත් කලින් කිව්ව වැඩේම කරපන්...

    එතනින් එහාට ඔය ගැන දන්න කෙනෙක් කියයි :)

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න හෙව්වා ඒත් මට ඒක කර ගන්න තේරෙන්නෑ. පාස්වර්ඩ් එක නම් සිම්පල් කැපිටල් හැම එකක්ම දාලා හැදුවා.මූණු පොතේ මුකුත්ම කරන්න බෑ. ඒක නම් නැති වුනාට කමක් නෑ.
      ස්තූතියි අයියේ පළවෙනි පොස්ටුවේ ඉදලා අද වෙනකන් බට්ටිට අත දුන්නට..

      Delete
    2. බ්ලොග් එකටයි, මූණු පොතටයි එක ම mail address එක තියා ගන්න එපා.. වෙන වෙන ම mail address දෙකක් පාවිච්චි කරන්න.. සිම්පල් කැපිටල් විතරක් නෙවෙයි. ඉලක්කම් යොදා ගන්න පාස්වර්ඩ් එකට. ඒ වගේ ම security question සහ recovery mail address හරියට දීලා තියා ගන්න.. මොකක් හරි අවුලක් වුණොත් reset කර ගන්න පුළුවන් විදියට..

      Delete
    3. ඔව් දැන් එහෙම තමයි පාස්වර්ඩ් හැදුවේ. security question සහ recovery mail address කලේ නෑ. කරන්නම්. ස්තූතියි යාළුවේ.

      Delete
  3. බටිටිඊ...ඉක්මනටම බැක්අප් එකක් ගන්න...හදිසියේ මේක නැති උනත් ඔයාට එතන ඉඳං පටන් ගන්න පුළුවන්....දැන්මම ඒක කරන්න...

    ReplyDelete
    Replies
    1. මම එක කරන විදිය දන්නෙ නෑ අක්කේ..කොහොමද කරන්නේ?

      Delete
    2. ආ මේ පහළ උත්තරේ දීලා තියෙන්නේ...ඉක්මනට කරන්න හොඳේ..

      Delete
    3. Dash board - Settings - other - export ගියහම ගන්න පුලුවං මන් හිතන්නේ. මමත් ට්‍රයි කරලනම් නෑ

      Delete
    4. සයුරි අක්කා & මී ගොඩයා
      පහළ තියෙන විදියට කලා. දැන් හරි..

      Delete
  4. පරන බ්ලොගර් ඉන්ටර්ෆේස් එක නම් මෙහෙම කරන්න

    http://www.thesitsgirls.com/blogging/how-to-back-up-your-blogger-blog/

    අලුත් එක නම් මෙහෙම

    http://bloggersitedesign.com/how-to-back-up-your-blogger-blog/

    ReplyDelete
    Replies
    1. ඔයාට ගොඩක් පිං. කියල තියෙන විදියට කලා.දැන් බැකප් එක මාලග තියෙනවා.

      Delete
  5. dash board එකෙන් edit html (layout එකට යට එක) ගිහින් දකුනු අත.පැත්තේ උඩ ඇති බැකප් කියලා .මතක හැටියට ෆෝන් එකෙන් කමෙන්ට් කලේ ඒකයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවේ. Ishara කියපු විදියට කලා.

      Delete
  6. බට්ටියේ බ්ලොගර් වල settings වලට ගිහිල්ලා other වලට යන්න ඒකෙ blog tools වල export blog කියලා ඇති.ඒක කිල්ක් කරන්න.එතකොට බ්ලොග් එක ඩවුන්ලෝඩ් වෙයි.

    ReplyDelete
    Replies
    1. හරි මගෙ අක්කියෝ.බැකප් එක දාගත්තා. දැන් මොනදේ වුනත් ඒක හරි තියෙනවා කියලා හිත හදා ගන්න පුළුවන්.

      Delete
    2. නිසුපා
      ඒක ලේසියි. මාත් මේ ඩවුන්ලෝඩ් කරන ගමන්.

      Delete
    3. මම පෝස්ටුවක් දාන වාරයක් පාසා කොරනවා.. කියන්න බැහැ නොවැ.. අපි දේශද්‍රෝහි පෝස්ටු දාන නිසා..

      ජය !

      Delete
    4. හේ හේ අපිනම් ඉතිං එව්වා ලියන්නෑ. ඒත් ඉතිං කියන්න බෑනේ.
      ස්තූතියි මේ පැත්තෙ ඇවිත් ගියාට...

      Delete
  7. බට්ටිගෙ බොලොග් එකට ආව මංගල ගමන...පෝස්ට් එක කියෙව්වම බට්ටි ගැන දුක හිතුනා..බයවෙන්න එපා දිගටම ලියන්න..මේක නැතිවුනොත් වෙන එකකින් හරි එන්න...මමනම් ලොකුවට බොලොග් වල සිකියුරිටි පැත්ත දන් නෑ..මූලිකවට මේල් එකවුන්ට් එකේ සිකියුරිටි එක පුලුවන් තරම් හදාගන්න..ඒක හැක් කලොත් සේරම ඉවරයිනේ ඒකයි...20 වැනිදා පෝස්ට් එක බලන්න එනවා හොදේ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවේ. හිතේ තියෙන බය වැඩි නිසාමයි මම මේක ලිව්වේ. හුගක් ආදරෙන් මම මේ බ්ලොග් එක රැක ගත්තේ.

      Delete
  8. මටත් ටැක්නිකල් අවුල් නං එමටයි. මොනව හරි උනොත් අලුත් එකක් පටන්ගන්නව මමනං. :)

    ReplyDelete
    Replies
    1. ඔව් අලුතින් එකක් පටන් ගන්නවා මමත් එහෙම වුනොත්. ඒත් මේ මාසගානේ තිබ්බ මතක හිතෙන් කොහොම අමතක කරන්නද? අනේ මන්දා මොන කරුමයක්ද කියලා නියපොතු තුඩක් වැදුනත් හීරෙන හිතක් තියෙන්නේ මට. ඒකයි කිසිදෙයක් දරා ගන්න බැරි

      Delete
  9. හපුයි මගෙ අක්කියෝ.......මං බබීනම් තිං ඕව ඇට්ටටම ඩන්නෙ නෑ....ඒට් මොන ඩේ වුනත් ඔයාට ආඩලෙයි...ඩිගටම ඔයට් එක්ක ඉන්නව........

    ReplyDelete
    Replies
    1. ස්තූකියි මගේ නංගියෝ. ඇත්තමයි අද හිනාවුනානම් හිනා වුනේ ඔයාගේ මේ කමෙන්ට් එක කියෙව්වට පස්සේ.

      Delete
    2. හා.. හපුයි හපුයි.. !! උයා බබී ඩන්නැටි එක හොඩයි... උයා ඉටින් අක්කියට ගොඩාක් ආඩලෙයි නම් ඇට්ටටම, ඩිගටම එයට් එක්ක ඉන්න... :P

      Delete
  10. දැන් හරිනේ.මං බය වුනා.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලියෝ දැන් හිතට බයක් නෑ.

      Delete
  11. ඔන්න මමත් බැක්අප් එකක් ගත්ත.
    බට්ටිට වෙච්ච දෙයින් අපිත් ප්රයෝජන ගත්ත.

    ReplyDelete
    Replies
    1. හ්ම් එක මටත් සතුටක්..හැමදේම වෙන්නේ හොදටයි කියනවනේ.

      Delete
  12. මම ඒ තරම් බ්ලොග් එකේ ආරක්ශාව වැඩි කරන හැටියක්නම් දන්නැහැ නංගියා..ඒත් මේක කියවද්දි මට ඔයා ගැන දැනුනෙ පුදුම තරම් ආදරයක් ගෞරවයක්..ඔයාට කවදාවත් වරදින්නෙ නැහැ නංගි..නවත්තපු බාහිර උපාධියත් කොහොම හරි ආයෙත් පටන් අරන් කරන්න..බ්ලොග් එක අහිමි වුනත් ඔයා හෙමින් හෙමින් ගොඩනගන ඔයාගෙ අනාගතේ වෙනුවෙන් කැපවෙන්න..
    බුදුසරණයි.!

    ReplyDelete
    Replies
    1. බාහිර උපාධි නතර කරලා දැන් අවුරුදු 3ක් වෙනවා.ආයෙම පටන් ගන්න හිතක් නෑ අක්කියෝ. නිවාඩු ලැබෙන දවසට කරන කෝස් එකට යනවා. ඉතිං හිතුවා ජීවිතේ ඒ පැත්තට ගෙනියන්න.

      Delete
  13. වැඩිය හිතන්න එපා.හිත ඇත්තං පත කූඩාද කියුවලු .ලියමු අලූත් එකක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තේ ආවට. දැන් බැකප් එකක් ගත්තා. දුක් වෙන්නෑ දැන් එක නිසා.

      Delete
  14. '' කෑම කඩේක වැඩ කළා''
    ''12,000 පඩියෙන් 8,000 ක් දීල කෝස් එකක් කළා''
    මේ ටික ඇහුවම හිත කීරි ගැහුනා .... අපි මේ කෙල්ලො ගැන මොන තරම් වැරදි විදිහට හිතනවද ...?
    හොඳ උත්සහවන්ත කෙල්ලෙක් අඳුනගැනීම ගැන සතුටුයි.
    බ්ලොග් එක ගැන කියන්න නම් මගෙ තාක්ෂනික දැනුම මදියි. මට ඔහොම වෙලා ... මම නම් කළේ අලුත් එකක් පටන් ගැනීමයි. [පරණ එක අත හැරල]

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුමාරයෝ ...

      Delete
  15. අක්කේ උඩින් කට්ටිය බැකප් දාගන්න හැටි කියලා තියනවනේ..මම එදත් කිව්වා ආපහු උපාධිය කරන්න පටන් ගන්න කියලා..අදත් එකම කියනවා....ඕනෑම දෙකට අපි ඉන්නවා අක්කේ ඔයා එක්ක...:) පාස්වර්ඩ් එකට ඉංගිරිසි අකුරු කැපිටල් සිම්පල් දෙකෙන්මයි, ඉලක්කමුයි,සිම්බලුයි ඔක්කොම එකතු කරලා පාස්වර්ඩ් එකක් දාගන්න...
    හැමදේම වෙන්නේ හොදටනේ..දුක් වෙන්න එපා...:)

    ReplyDelete
    Replies
    1. ඔයා පහුගිය ටිකේම මගේ ලගින් හිටියා. ඔයාට හුගක් පිං.

      Delete
  16. බට්ටි අක්කේ fb එකේ පාස් වර්ඩ් වෙනස් කරන්න. මුණු පොතේ මට අදම මැසේජ් එකක් දාන්න කරන විදිය දන්නේ නැත්තම්. මොකද හෙට වෙද්දී මම නෑ..

    ඉගෙනීමේ කටයුතු සාතක කරගන්න සුභ පතනවා. මම දැනන් හිටියේ නෑ අක්කි මෙච්චර දුක් විඳිනවා කියලා. පුළුවන් උදව්වක් මම කරනවා :)

    ReplyDelete
    Replies
    1. හ්ම්...ලියන්න නොහිටි දේවල් උදේ ඇති වෙච්ච දුකත් එක්ක ලියවුනා. බ්ලොග් එකෙන් අදුන ගනිපු දැන් මගේ ලග නැති සින්දරෙල්ලට මම පොරොන්දු වුනා ආයෙම කවම දාවත් මගේ ජීවිතේ දුක ගැන ලියන්නේ නෑ කියලා.ඒත් ඉබේම මේ දේවල් ලියවුනා.තව ටික දවසකින් හොද ජොබ් එකක් ලැබෙයි නංගියෝ එතකොට මට දුක තිබුණත් මයේ අම්මට සැප දෙන්න පුළුවන්.

      Delete
  17. බට්ටිගෙ බුකියෙ එකවුන්ට් එක නම් තාම තියන්වා....., ඒක නෙවී බට්ටි දැන් කොහෙද ඔය ග්‍රැපික් පාඨමාලාව කරන්නෙ ?

    ReplyDelete
    Replies
    1. හ්ම් .... දැන් ඉන්නේ කොළඹනේ ඉතිං එහේමයි කරන්නේ.

      Delete
  18. නගේ ඔයා ගැන ආඩම්බරයි . අඩියෙන් අඩිය ඉදිරියට යමු. ඔයාට වරදින්නෙ නෑ ..
    …බ්ලොග් එක රැකගන්න ඕන උපදෙස් ලැබිල තියනවනෙ :D

    ReplyDelete
    Replies
    1. අද ඔයා එක්ක කතා කරන්න පුළුවන් වුනා නම් මෙච්චර දේවල් ලියවෙන්නෑ අක්කේ.ඒත් විදියක් නැතුව ගියා... ස්තූතියි මගේ අක්කේ....

      Delete
  19. මාත් බැකප් එකක් ගන්න ඕනෙ.. මාත් දන්නෙ නම් නෑ අක්කේ ඔය දේවල් ගැන.. කොහොම උනත් දැන් සේරම හරිනේ... මූණු පොතත් මොනා හරි කරල හදාගන්න.. ඔය යාලුවො එක්ක ඉන්නකං වරදින්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. මූණු පොතේ පර්ස්වර්ඩ් ලැබුණා. ඒත් හිතුවා එක අයින්ම කරලා දාන්න. වෙන එකක් හැදුවා. මම රික්වෙස්ට් එකක් දාන්නම්...

      Delete
  20. මටත් බ්ලොග් එකේ ප්‍රශ්ණ එද්දි මාත් බැක් අප් අරන් තියා ගන්න.. එතකොට හිත නිදහස්.. කලින් කට්ටිය කරන විදිහ කියලා තියෙන නිසා අමාරුවක් නැතුව ඒක කරගන්න ඇති කියලා හිතනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලියෝ ඒක එහෙම කලා...දැන් හිත නිදහස්.

      Delete
  21. ඔය බ්ලොග් එක delete කියන එකෙනම් මටත් වුනා. ඒත් මේල් එකට ෆෝන් නම්බර් දුන්නාම පස්සෙ හරිගියා.. කෝකටත් බැකප් අරගන්න බට්ටි අක්කේ..

    ඔය බුකියෙ ලොග් ව්එන්න හදන කතන්දරේනම්, අනේ මංදා..

    ReplyDelete
    Replies
    1. හ්ම්...හිතුවට වඩා ඉක්මනින් යාළුවො ටික නිසා ප්‍රශ්න ටික විසදුනා.දැන් හරි.

      Delete
  22. හනේ මෙක කියවලා මට ඔයා ගැන ආඩම්බරයක් දැනුනා.ඇත්තටම ඔයා උත්සහවන්ත කෙල්ලෙක් ඔයාට ජය පතනවා මම. මේක කියවලා මට ඇති වුන බය කවදා හරි බ්ලොග් එකට මොනා හරි උනොත් ආයෙ යන්නම බැරි විදියට අනෙ එහෙම උනොත් මොනද කරන්න පුලුවන්?

    ReplyDelete
    Replies
    1. උඩ තියෙන කමෙන්ට් බලලා බැකප් එකක් දාගන්න. එතකොට හිත නිදහස්.

      Delete
  23. හොඳම දේ බැකප් අරං තියාගන්න ඒක. ටික දෙනෙකුට හිටපු ගමන් බ්ලොග් ඒක නැති වෙනවා.ඒත් ටික වෙලාවකින් අයෙත් එනවා.

    ඔයාට සුභ අනාගතයක්.

    ReplyDelete
  24. බට්ටි මෙච්චර ෆිට් කෙල්ලෙක් කියලා අදනේ දන්නේ... නියමයි සහෝදරී...! කට්ට කාගෙන අරමුණක් වෙනුවෙන් යන එකට මම ඇත්තටම ගරු කරනවා...!

    බය වෙන්න එපා... බ්ලොග් එකේ බැකප් එකක් දාගන්න... ඊ-මේල් එකේ security වැඩි කරගන්න. Auto-Login password / Saved password කරලා තියේ නම් cookies clear කරලා ඔක්කොම රීසෙට් කරගන්න... හොඳම දේ තමා බ්ලොග් එකේ ලියන පෝස්ට් ටික Word .doc එකක කොටලා, සේව් කරලා පේස්ට් කරලා අරන් බ්ලොගර් එඩිටර් එකට ගන්න එක... එතකොට කොහොමටත් කොපියක් ඔයාගේ මැෂින් එකේ තියෙනවා... මම කරන්නෙත් එහෙමයි !

    යකෝ ! දැන් බලන් ගියාම බියෙන් සැකෙන් තොරව බ්ලොග් එකක් රන් කරන්නත් බෑනේ... අපේ ඩිජිටල් අයිතිවාසිකමුත් උල්ලංඝණය වීගෙන එන්නේ ! බට්ටිට බියෙන් සැකෙන් තොරව ඇනිවසරි පෝස්ට් එක ලියන්න ලැබේවා !!!

    ReplyDelete
    Replies
    1. අයියත් එක්ක මාත් එකගයි මමත් ලියන හැම පොස්ටුවක්ම word doc එකක් විදියට save කර ගන්නවා...තැන්ක්ස් අයියට ඕක මතක් කලාට....
      උබ ඉතින් මගේ දෙයියනෙ...

      Delete
    2. @ Chathuranga Perera
      මමත් ටයිප් කරන්නෙ නම් word doc එකක තමයි. ඒත් ඉතිං පොස්ටුව දැම්ම ගමන් ඩිලීට් කරනවා. ඇයි බොසාට අහුවුනොත් ‍ඉවරනේ.
      ස්තූතියි යාළුවේ..

      Delete
    3. Google Docs වල ටයිප් කරන්න... !!! :D එතකොට බොසාට අහුවෙන්නේ නෑ...!

      Delete
    4. ෂා එක නම් නියමයි. මම ඔයා කිව්ව ගමන් ගිහින් බැලුවා. ස්තූතියි ආයෙමත්...

      Delete
  25. ඇත්තටම ඔයා ගැන ලොකු ගෞරවයක් ඇති වුනා න0ගි, ඔයා ඇත්තටම දිරිය කාන්තාවක්. ඔයාට හොද අනාගතයක් තියනව.. පොඩි තැනින් පටන් ගත්තත් අඩියෙන් අඩිය ඉස්සරහට ගිහින් ජීවිතේ ජය ගනිපු මිනිස්සුන්ගේ ගොඩට ඔයත් දවසක වැටෙයි.. හද පතුලින්ම සුභපතනව ඉදිරියටම යන්න.. තාක්ෂනික දැ ගැනනම් උපදෙස් දෙන්න ම එතරම් දන් නෑ...

    ReplyDelete
    Replies
    1. විශ්වාසයක් තියෙනවා.උත්සාහ කරනවා.ස්තූතියි යාළුවේ මහ හුගක් ඒ වචන ටිකට.

      Delete
  26. බ්ලොග් එක ‍රැක ගන්න විදිහ නම් හැමෝම වගේ කියලා දීලා.ජීවිතේ දිනන්න ඔයා කරන සටන නම් හුගාක් වටිනවා බට්ටියේ."ගෙදරට බරක් නොවී ඉන්න" ඒ අදහසම ඔයාව ජීවිතේ ඉහලටම ගෙනියයි. ජය...!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මගේ යාළුවේ. ඔය වචන මට ලොකු හයියක්...

      Delete
  27. කලබලවෙන්ඩ එපා බට්ටියේ ඔක්කොම හරියයි....

    ReplyDelete
    Replies
    1. හුගක් බය හිතුනා අයියේ..

      Delete
  28. මගේ බ්ලොග් එකේ මුල්ම පොස්ට් එක උනෙත් ඔය බැකප් ගැන... මොකද මටත් ඔය ප්‍රශ්නේ උන නිසා... මොනවා උනත් සේෆ්ටි පාස් වර්ඩ් එකක් හදාගන්න. මොබයිල් සිකියුරිටිත් ඔයා දාල තිබුනේ නැද්ද ෆේස්බුක් මේල් එකට...

    ReplyDelete
    Replies
    1. දාලා තිබ්බේ.පොන් එකට මැසේජ් ආවා. ඒත් මට මුකුත් කර ගන්න බැරුව ගියා.දැන් නම් ඒක එපාම එපා.

      Delete
  29. දිරියෙන් නැගිසිටින්නට දහිරිය ලැබේවා! මුණු පොතට security දාන පුළුවන් home --> account settings --> security -->secure browsing කියන එක enable කරන්න. Login notification කියන එකත ටික කාලෙකට enable කරන්න. පස්සේ අයින් කරන්න පුළුවන්.

    ලංකාවේ ඔෂින්ට ජය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ..
      ඇයි මෙහෙම කිව්වේ 'ලංකාවේ ඔෂින්ට ජය.'

      Delete
  30. බට්ටි අක්කේ අදමයි ඔන්න මේ පැත්තට අවේ.ඔයාගේ මේ පොස්ට් එකේ ටයිටල් එක දැක්කම මොකද වෙලා තියෙන්නෙ කියල ඇවිත් බලන්නම හිතුනා. අපේ කොමෙන්ට් කරපු අයියල අක්කල මල්ලිලා,නංගිලා කියපු විදියට බ්ලොග් එකට දෙන්න පුළුවන් හොදම ආරක්ෂාව තමයි ඔය බැකප් තබා ගැනීම,ඒ වගේ මයි හැකි නම් බ්ලොගයට ලොග් වෙන්න වෙනම ඊ මේල් එකක් බාවිතා කරන්න.ඒ වගේ මයි ඊ මේල් එකේ පාස්වර්ඩ් එක ගැන සැලකිලිමත් වෙන්න.නම,උපන්,දිනය,දුරකථන අංකය,සේවා ස්ථානයේ නම,හොදම මිතුරාගේ,මිතුරියගේ නම,හැදුනුම්පත් අංකය වගේ කෙනෙක්ට අනුමාන කල හැකි විදියේ පාස්වර්ඩ් නම් දා ගන්නම එපා. කාටවත් ලේසියෙන් අනුමාන කල නොහැකි විදියේ පාස්වර්ඩ් බාවිතා කරන්න.හැකි නම් නිතරම පස්වොර්ඩ් එක මාරු කරන්න.එහෙම කරන එක නම් ටිකක් අවුල් සහගතයි.ඒ වගේම තමයි security questions බාවිතා කරන්න,බාවිතා කරන security questions වගේම ඒවගෙ answers කාටවත් අනුමාන කල නොහැකි විදියට දාන්න.එහෙම නොවුනොත් ඔයාගෙ සමිපත්‍යන්ට ඔයාගෙ ඊ මේල් එකට හ‍රි වෙනත් ඕනෑම සේවාවක ඔයාගෙ එකවුන්ට් එකකට අනවසරයෙන් ඇතුල් වෙන එක මහ ලොකු දෙයක් නෙමෙයි.

    මේ කියන්න යන දේ ගැන අහල බය වෙන්න එපා,නමුත් ඇත්ත මේකයි,අපි අන්තර්ජාලයේ අත්විදින කිසිම සේවාවක් වත් සයිට් එකකවත් පුර්ණ ආරක්ෂාවක් නෑ,ඒ හැම සයිට් එකක්ම හදල තියෙන්නෙ මිනිස්සු,ඒ අයගේ හිතීමේ ශක්තියට සාපේක්ෂව,ඉතින් ඒ අය හිතපු විදියට වඩා ටිකක් හෝ ඉස්සරහින්,වෙනස් විදියකට හිතන්න පුළුවන් කෙනෙකුට ඔය ආරක්ෂක උපක්‍රම මග හැර යන එක ලොකු දෙයක් නෙමෙයි.

    අනික හැම සයිට් එකකම දීල තියන password recovery option එක නිසා ඒ වගේ අනවසර ලොග් වීම් වලට ලේසියෙන්ම ඉඩ සැලසෙනවා.ඒ option එක නොදීත් බැනේ.

    ඵචෙබූක් එකේ ආරක්ෂාවට නම් කරන්න තියෙන්නෙ මෙන්න මේවා තමයි....

    Mobile Notification use කරන්න ,ඒකෙන් වෙනත් කව්රු හ‍රි අපේ ගිණුම බාවිතා කරනවානම් දැන ගන්න පුළුවන්

    Account Security වලින් ඔයාට අවශ්‍ය විදියට අදාල සැකසීම කරගන්න.

    Secure Browsing (https ) සක්‍රිය කරන්න එහෙම කලාම කලින් facebook ගිණුමට ප්‍රවේශ වෙන්න බාවිතා කරපු http ://facebook .com වෙබ් ලිපිනය https ://facebook .com ලෙස වෙනස් වෙයි.එකේ https කියල දැක්වෙන්නේ ආරක්ෂාව තර කල වෙබ් සම්බන්දයක්.ඒක සාමාන්‍ය http වෙබ් සම්බන්දයට වඩා ආරක්ෂා කාරීයි.

    Login Notification සක්‍රිය කරන්න,එහෙම කලාම නිතරම facebook ලොග් වෙන පරිගණකයෙන් නැතුව වෙනත් පරිගණකයකින් fb ලොග් වීම පහසුවෙන් කරන්න බෑ.එහෙම ලොග් වෙන්න උත්සහ කලොත් නිතර ලොග් වෙන පරිගණකය නොව අනිත් පරිගණකය මොකක්ද කියල ඉල්ලනවා,ඒක සම්පුර්ණ කල ඉදිරියට ගියොත් ඒ අදාල විස්තර සියල්ලක්ම fb ගිණුමෙහි අයිති කරුගේ ඊ මේල් ලිපිනයට එනවා,ආරක්ෂාවට හානිදායක යමක් වෙලා තියනවනම් ඒ ඊ මේල් එකේ තියන ලින්කුවෙන් අදාල බලදාරීන්ට දැනුම් දෙන්න පුළුවන්.

    Login Approval සක්‍රිය කරන්න,කලින් කිව්වා වගේ සුපුරුදු පරිගණකයෙන් නැතුව වෙන පරිගණකයකින් facebook ලොග් වෙනවනම් එහෙම වෙලාවට යම් code එකක ඉල්ලීම සිදු කරනවා,ඒ code ඒක එවන්නේ ගිණුමේ අයිති කරුගේ දුරකතනයට,ඒක ඇතුලත් කිරීමෙන් පසුව පමණයි fb ලොග් වෙන්න පුළුවන්,උපකරණ කිහිපයකින් fb ලොග් වෙන්න බාවිතා කරනවානම් Recognized Device වලින් ඒ උපකරණ නම් කරන්න පුළුවන්.

    ඔන්න ඔහොමයි fb වල ආරක්ෂාව තර ක‍රන්නෙ....

    මගේ යාලුවෙක්ගෙ පාස්වර්ඩ් අමතක උණු ඊ මේල් 2 කක ඊ මේල් ලිපිනය පමණක් දැනගෙන recovery කරන්න මට පුළුවන් උනා ඔය කලින් කිව්ව recovery option එකේ පිහිටෙන්.ඒ වගේමයි ඊ මේල් ලිපිනය පමණක් දැනගෙන අනවසර ඇතුළු වීම් නිසා ලොග් වෙන්න බැරි වෙලා තිබුණු මගේ මාමගේ fb එකවුන්ට් දෙකකුත් යථා තත්වයට ගෙනත් මාමගේ උවමනාවට deactivate කරලා දැම්ම.එත් ඔය කලින් කිව්ව recovery option වල පිහිටෙන්,එකයි මම කිව්වේ අන්තර්ජාලයේ කිසිම site එකක ආරක්ෂාව ගැන පුර්ණ විස්වාසයක් තියන්න බෑ කියල.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියෝ ඔයාගේ වෙලාව නාස්තිකරන් මේ තරම් දේවල් කියල දුන්නට. ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා ඔයාව බට්ටි ලොවට ආදරයෙන් පිළිගන්නවා....

      Delete
  31. "දැන් බට්ටිට අවුරුදු 24ක්. පුංචි නෑ.මේ වයසට බට්ටි ජොබ් 9ක් කරලා තියෙනවා ඒලෙවෙල් වෙනකන් ඉගෙන ගත්තත් බාහිර උපාධිය පළවෙනි අවුරුද්ද විතරක් කරලා බට්ටි නතර කලා. ඒලෙවෙල් ඉවර වෙලා බලාපොරොත්තු වුන ප්‍රතිඵලය ගන්න බැරි වුන බට්ටි කොළඹ ආවා.කෑම කඩේක වැඩට.ඉගෙන ගත්තට එක පාරට කැෂියර් එකට ගත්තේ නෑ.මොප්කරන්න, භාජන හොදන්න තමයි වුනේ."

    "අම්මා ගෙදර නතර කරන්න ඕන නිසා හොද පඩියක් ගන්න ජොබ් එකකට යන්න ගන්න 12 000 පඩියෙන් මාසෙ 8000ක් දීලා ග්‍රැපික් කෝස් එකක් කරන්න ගියා."

    මේ දේවල් කියවපු වහම ගොඩක් දුක හිතුනා.ඔය කොච්චර නම් දුක් විදින්න ඇත්ද,එත් අර බාහිර උපාදිය නවත්වපු එක නම් මහ ගොන් කමක්,ඒක අහපව් කරන්න පටන් ගන්න,පුළුවන් හැටියට අපිත් ඔයාට උදවු කරන්නම්,අපි ඉගෙන ගන්න දේ තුලයි අපේ වටිනාකම් තීරණය වෙන්නේ,එක නිසා පුළුවන් තරම් ඉහලට ඉගෙන ගන්න.

    මොනම හෝ ගැටළුවක් තියනවනම් මාව(ඊ මේල් මගින් හෝ fb හරහා)හ‍රි වෙන ඒ සම්බන්දව දන්න කෙනෙක් එක්ක හ‍රි කතා කරන්න, උපදෙස් ගන්න,මේ බ්ලොග් අවකාශයේ ඕන කෙනෙක් ඔයාට උදවු කරන්න මැලි වෙන එකක් නෑ.ඒ තරමට අපේ කොල්ලො කෙල්ලොන්ගෙ හිත හොදයි.

    ජයම වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියෝ. දැන් ජීවිතේ කරදර අඩුයි.කොළඹ හිටියට නැවතිල ඉන්නේ නොමිලේ. කෑම හැම දේම.ඉතිං හැමදේටම ඒක හයියක්..

      Delete
  32. apoi battiyo oyata wena dewal,puduma minisu inne anunge ewama horakan karanna thama balan inne,den security eka hadalane baawenna epa nango.20 post eka danna api balan innawa :) bs.

    ReplyDelete
    Replies
    1. හ්ම්..ලොකෙ පුදුම විදියට වෙනස් වෙලා. අනේ මන්දා මම දැන් හුගක් බයයි කාවවත් විශ්වාස කරන්න.

      Delete
  33. ඇත්තටම අපි අපේ බ්ලොග් එකට කොච්චර ආදරෙද කියලා දැනෙන්නෙ මෙවගේ වෙලාවට තමා. කොහොමටත් තමන්ගෙ බ්ලොග් එකට අනුන්ගෙ පරිගනකයකින් ලොග් නොවී ඉන්න බලන්න. විශේෂයෙන්ම යාලුවන්ගෙ.

    ReplyDelete
    Replies
    1. හ්ම්..ලග ඉන්න කෙනෙක් ඇරෙන්න වෙන කෙනෙක් අපේ ජීවිත වලට ඕනවට වඩා එ‍ඹෙන්නෙ නෑ කියලා මමත් හිතනවා.

      Delete
  34. //මූණු පොත නැති වුනාට දුක නෑ. ඒත් බ්ලොග් එක නැති වුනොත් හුගක් දුක හිතෙයි.//

    මේ ටික තමා සෑමා ආසම.. මටත් එහෙමයි. ඉස්සර ගෙදර ආපු හැටියේ බුකියට රිංගපු මම දැන් රිංගන්නේ බ්ලොගට..

    ජය සිරි !

    ReplyDelete
  35. බට්ටිගෙ ජීවිත කතාවෙන් පොඩ්ඩක් උනත් ගොඩක් සංවේදී උනා.
    ඔය බ්ලොග් කේස් එක් මටත් ආවා.මේ ලින්ක් එකෙන් ගිහින් බැකප් එකක් දා ගන්න.කමෙන්ට් වල තිබුනු විදිහට හැම දේම word file එකක copy කරගන්න එකත් හොදයි.
    http://blogbackupr.com/

    ඔය facebook case එකටනම් හොදම දේ Login Approval Active කරන එක. ඒ වගේම ඔයාගෙ Brwsr එකේ browsing data , cache,cookies හැමදේම dlt කරන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාට මහ හුගක්. මේ පොස්ට් එකෙන් නොදන්න දේවල් හුගක් ඉගෙන ගත්තා.

      Delete
  36. ආකා හුගක් හිත හයිය කෙනෙක්. එහෙම එකේ කවුරුත් හින්දා අක්ක මේ තරම් ආදරේ කරන බ්ලොග් ලිවිල්ල නතර කරන්න එපා අක්කෙ. අර කට්ටිය කියල තියෙන විදියට දැන් අක්ක බැක් අප් එකක් අරන් තියෙන හින්දා ප්‍රශ්නයක් වෙන එකකුත් නෑ ආයෙ කරදරයක් උනත්.. දිගටම ලියන්න අක්කෙ.. ජය!

    ReplyDelete
    Replies
    1. ඔව් නංගි මේක ටයිප් කර ගන්න අතේ හයිය තියෙන තාක් කල් ‍බ්ලොග් එක කරනවා.
      ස්තූතියි මේ පැත්තේ ආවට.

      Delete
  37. මටත් ඔය බ්ලොග් එක නැති වුණ සීන් එක වෙච්චි කෙනෙක්... බනියා තමා උදව් කලේ ඒක ආපහු හොයා ගන්න... එවෙලේ මම මූණු පොතේ හිටියේ.. බලද්දී බ්ලොග් එක නෑ... කොහොමහරි විනාඩි පහෙන් වැඩේ ශේප්... තරු අයියා තමා බැකප් එක අරගන්න හැටි කියාදුන්නේ... දැන් අක්ක ඔක්කොම දන්නවනේ... ඉතිං දැන් දිගටම ලියමුකෝ....!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් නංගා අනිවා ඩෙෆා

      Delete
  38. දැන් ප්‍රශ්නෙ විසඳුනානෙ...දැන් දිගටම ලියමු.ඔයා ගොඩක් උත්සහවන්ත කෙනෙක්.ජීවිතය ජයගන්න යන්න මගෙන් සුභ පැතුම් බට්ටි.....

    ReplyDelete
  39. ඔන්න බට්ටි මම කිව්ව වගේම අද (20) ඔයගේ අවුරුද්දේ පෝස්ට් එක බලන්න ආවා....ඒත්??? මම හිතනවා බොලොග් එකේ ගැටළුවක් නැතුව ඇති කියලා...ඉක්මනටම පෝස්ට් එකක් දාන්න හොදේ...අපි බලන් ඉන්නවා ඔයා අවුරුද්දේ පෝස්ට් එක ලියනකම්...

    ReplyDelete
    Replies
    1. අනේ පුදුමයි.ඔයා හරිම පුදුම යාළුවෙක්.ස්තූතියි ආයෙම දවස මතක තියන් ආවට. අවුරුද්දට තව දවස් තියෙනවා. ආ ඊයේ මගේ හීවේ එළිවුනා. ඒක ඉක්මනින් ලියන්නම්.

      Delete
  40. නංගි‍ ඔයා දිරිය දියණියක්! ඔයාගෙ බලාපොරොත්තු ඉටු ‍වෙයි..... සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කියෝ.

      Delete
  41. මම කියන්න හිතපු හැම දෙයක්ම උඩ කස්ටිය කියලනේ.... අක්කෝ ඔයා නම් මාරයි ඔහොම වැඩකරන්න හැම කෙල්ලකටම ආත්ම ශක්තියක් නෑ...

    මගෙ බ්ලොග් එකත් ඔහොම removed කියලා ආවා ඇඩ්‍රස් එක ගැහුවම දැන් කාලෙකට කලින් මම දඩ බඩ ගාලා බැකප් කරන ක්‍රම ඉගෙනගත්තා.ඊට පස්සේ පණ්ඩිතකමට බ්ලොග් එක ඩිලීට් කලා බැකප් එක වැඩකරනවද බලන්න.බැකප් එක දැම්මම ආවේ තීම් එකයි ගැජට් ටිකයි විතරයි පෝස්ට් මිසිං.... ඉතිං අක්කෝ තාක්ෂණය ගැනම විශ්වාසය තියන්නේ නැතිව ලියන මෙව්වා කොමෙන්ට් ටිකත් එක්කම අරන් තියාගත්තෝතින් හොඳයි හොඳේ...

    හිතන පතන හැම දෙයක්ම ඒ ආකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ... බුකියේ බට්ටි කෙල්ල නමින් ඉන්නේ අක්කද??

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. මම මේ ටිකේ වැඩ වලට හිරවෙලා. ඉතිං නිවාඩුවක් ලැබුන ගමන් ඔයා කිව්ව වගේ වර්ඩ් වලත් සේව් කර ගන්න ඕන.
      ඔව් බට්ටි කෙල්ල කියලා ඉන්නේ මම තමයි. කලින් තිබුණ එක අයින් කරලා අලුතින් හැදුවා. මම ඔයාව හෙව්වා කෝ හොයා ගන්න බැරුව ගියානේ.

      Delete
  42. අයියෝ බට්ටි,කොළඹත් ඉන්නවනම් ඉගන ගන්නත් ආසනම් කැම්පස් ගිහින්ම ඉගන ගන්න ක්‍රමත් තියනවා.විස්තර ඕනනම් ඊයක් ගහන්න.මෙතන ලියන්න දිග වැඩියි.

    ReplyDelete