August 11, 2012

දිව්ව හොදම දිවිල්ල....

හුග දවසකට පස්සෙ හිතුනා පොස්ට් එකක් ලියන්න.හැබැයි නොලිය හිටපු දවස් ටිකේම කොළ කෑලි වල පොස්ට් ලිව්වත් වැඩ වැඩිකම නිසාම ටයිප් කර ගන්න බැරිවුනා.ෂොප් එකේ මැෂින් එකට යකෙක් ගහලද මන්දා අනේ බ්ලොග් යන්න, මේල් බලන්න, බුකියට ලොග් වෙන්න මුකුත් බෑ.යන්න පුළුවන් මැෂිමට කොච්චර සිංහල දාන්න හැදුවත් දාන්න බෑ.වැඩ කරලා මහන්සිවෙලා ඇවිත් පොස්ට් එකක් ටයිප් කරන එක ලේසි නෑ. භාගයක් ටයිප් කරද්දි බෙල්ල සාක්කුවේ. ඒත් ඉතිං එහෙම කියලා බෑනේ. ඉතිං මහන්සි නොබලා ටයිප් කරන්න හිතුවා.
ඔන්න අදත් බට්ටිට හිතුනා ඉස්කෝලෙ යද්දි බට්ටිට වෙච්චි දෙයක් කියන්න. මතක් කර කර හිනා වෙන්න පුළුවන් ලස්සනම කාලේ ඒකනේ.ජනවාරි මාසේ කියන්නේ ඉතිං ඉස්කෝලෙ යද්දි බට්ටි ආසම මාසයක්. ඒ ඉතිං නිවාසාන්තර ක්‍රීඩා තියෙන්නේ ජනවාරියේ නිසා තමයි. මේ වගේ ක්‍රීඩා තියෙන කාලෙක නොද්ද වැඩ කරන්න ගිහින් බට්ටි ඇගිල්ලක් කඩා ගනිපු හැටි හැමෝටම මතක ඇතිනේ....?මේ සිද්ධිය වෙද්දි බට්ටි 8 වසරේ. තරගවලට තෝරද්දි කැමති ළමයින්ට ගමහරහා දිවීමේ තරගයටත් නම් දෙන්න කිව්වා.  ආ එහෙම නම දෙන අයට ගෙදරින් අවසර අරන් එන්න කිව්වා. තාත්තාගෙන් ලියුමක් අරන් ඇවිත් බට්ටිත් ලිස්ට් එකට නම දාගත්තා. නිවාසාන්තර තරග වලින් මුලින්ම තියෙන්නේ මේ ගමහරහා දිවීමේ තරගය තමයි.
ඔන්න ඉතිං තරගය පවත්වන දවස උදාවුනා. ක්‍රීඩා කරද්දි අදින පුංචි සුදුපාට සායයි , නිවාසේ පාටින් ටී එකකුයි ඇදලා බට්ටි වගේම අකීකරු කොණ්ඩේ මූණට නොවැටෙන්න ටී එකේ පාටින් හෙයාර් බෑන්ඩ් එකකුත් දාලා හැඩ වෙලා තරගය පටන් ගන්න තැනට බට්ටිත් ගියා.ආ ග්ලූකෝස් එහෙම කාලා ශක්තිය අරගෙන තමයි ඉතිං බට්ටි ගියේ.එක නිවාසෙකින් 25ඒගානේ ළමයි 75ක් ගමහරහා දුවන්න ලෑස්තිවෙලායි හිටියේ.
අවුරුදු තුන හතරක් එක දිගට මේ තරගෙන් කප් එක ඉස්සුවේ එකම අක්කා කෙනෙක්. බට්ටිගේ වාසනාවට ඒ අක්කා බට්ටිට හුගාක් ආද‍රේයි.ඉතිං මේ අක්කා කලින්ම පොරොන්දු වුනා එයා එක්කම බට්ටිට දිනුම් කණුව ලගට එක්කර ගෙන එනවා කියලා.ඉතිං තරගේ පටන් ගන්න කලින් ඉදන් මම ඒ අක්කා ලගින් හෙලවුනේවත් නෑ. ඉස්කෝලෙ ඉදන් අල්ලපු ගමේ හන්දියට දුවලා ආයෙම ඉස්කොලෙට එන්නයි තිබුනේ.මේ පාරෙම තමයි බට්ටිගෙ ගෙදර තියෙන්නෙත්. ඒ අක්කා කිව්වේ මුලින්ම හෙමිල් ගිහින් පස්සෙ ලීඩ් කරමු කියලා.ඉතිං අක්කා යන විදියට බට්ටිත් අක්කා එක්කම ගියා.
ඔයා යන පාරේ තියෙනවා වෙලක් එක්ක ටිකක් විතර පාළු හරියක්. ඒ හරියෙ තියෙනවා පරණතාලෙ ගෙයක්. ඒ ගෙදරට ගමේ අය රහසින් කිව්වේ කොටි ගෙදර කියලා.ඉතිං ඔය ගෙදර ලගින් යද්දි පැන්නෙ නැතැයි එළියට මේ මේ කොටියෙක් නෙවෙයි අලිද? තඩි බල්ලෙ.බල්ලට බයවෙච්ච අක්කා පොරොන්දු අමතක කරලා පණ කඩන් දුවන්න පටන් ගත්තා. අයියෝ බට්ටිගේ දිනුම් කණුවේ හීනේ.දැන් ඉතිං භාගයක් දුර ඇවිත් නතර වෙන්න පුළුවනැයි.තනියෙම දිව්වා අක්කව අල්ල ගන්න.අක්කා පේනතෙක් මානෙකවත් නෑ.මම හන්දිය කිට්ටු කරන්න යද්දි මෙන්න බොලේ අක්කා ගිහිල්ලා ආයෙමත් එනවා.
වෙන ඕන දෙයක් කියලා බට්ටිත් දැන් තියෙන උපරිම වේගෙන දුවනවා.ආයෙම එද්දි වතුර තිබහයි ඉන්න බැරිවෙන්නම.ඉල්ල ගන්න ඒ විදියේ ෆිට් තැනකුත් නෑ.තිබහ උහුල ගන්නම බැරි තැනට ඇවිත්. දුවා ගන්න පණත් නෑ.ගෙදරින්ම වතුර බොනවා කියලා හිතන් එද්දි ගෙදරත් කවුරුත් නෑ.ගර්ර්ර්ර්ර්.....ගෙදර අයත් දුවන් ඇවිල්ලා පිට්ටනියේ මාව වැටුනොත් කියලා අල්ල ගන්න ඉස්කෝලෙට ගිහින්. පිට්ටනියේ වැටෙන්න යන්න ඉතිං මෙතන නොවැටි ඉන්න එපැයි.මේ තරගයක් හින්දා යසට තියෙන දිව ගිලෙනකල් බලන් ඉන්න පුළුවන්ද?දිනුවත් එකයි පැරදුනත් එකයි කියලා හිතලා  අපේ ගෙදරටම තිබුණ එකම ෆ්‍රිජ් එකෙන් වතුර අරන් බඩ පැලෙන්න බිව්වා. ආ කියන්න බැරි වුනානේ මේ ෆ්‍රිජ් එක ගැන ඒකෙ වතුර හරිම කූල්.ගමේ හැමේම ආසයි ඒකෙ වතුර බෙන්න. මැටි පොලොවෙ තියපු මැටි කලේක වතුර ඉතිං කොහොමත් කූල්නේ නේද?
එහෙම බඩපැලෙන්න වතුර බීලා ඇවිත් ඉස්කෝලෙ කිට්ටු වෙද්දි මෙන්න ළමයි හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. හරියට ජීවිතේට බට්ටි දැකලා නැති අයවගේ.මේ විදියට නම් මෙයාලා කෑගහන්නේ ෂුවර් එකට මම අන්තිමයා වෙන්න ඇති කියලමයි හිතුවේ. ඒත් පස්ස හැරිලා බලද්දි එක්කෙනෙක් එනවා පිටිපස්සෙන්.දැන්නම් ඉතිං හිතට සතුටුයි ඇයි ඉතිං අන්තිමයට කලින් කෙනා වුනත් ඇතිනේ.පුංචි ගැප් එකකින් පිටිපස්සෙන් ආපු කෙනාට කලින් බට්ටි තරගේ ඉවර කලා.හැමෝම ඇවිත් මාව වට කර ගත්තා.අන්තිමයට කලින් ඇවිත් මේ තරම් පිලි ගැනීමක්.නෑ නෑ බට්ටි තරගෙන් තුන් වෙනියා වෙලා.විශ්වාස කරන්න පුළුවන්ද? ඔයාලා කොහොම විශ්වාස කරන්නද සහතිකේ දෙනකල් මටවත් හරියට විශ්වාසයක් තිබුණේ නෑ.පස්සේ දුක හිතුනා වතුර බෙන්න ගිය එකට. මොකද එහෙම නොවුන නම් බට්ටි එදා තුන නෙවෙයි දෙකනේ.හැබැයි ඉතිං තාරපාරේ දුවලා කකුල්වල ගල්තැලැම්ඹු ආපු නිසා බට්ටි ආයෙම කිසිම දවසක ගමහරහා දිව්වේ නෑ.....


ප.ලි. ඊයේ පටන් ගත්තට නින්ද ගියා. උදේ තමයි ඉවර කලේ.ඔන්න මධු මාමේ පොරොන්දු කඩකලා කියලා බනිනවා එහෙම නෙවෙයි..



36 comments:

  1. මැටි කළේ වතුර. මාත් හරිම ආසයි. ෆ්‍රිජ් එකේ වතුර තිබුනට ඒ කූල් එකයි මැටි කලේ දැම්මාම එන කූල් එකයි සම්පූර්ණයෙන් වෙනස්. කූල් එකත් එක්ක එන නැවුම් රසයට තමා ආස.
    මෙච්චර ස්පීඩ් උනේ බල්ලා නිසාද?

    ReplyDelete
    Replies
    1. හිතපුරා තිබහා යන්න නම් ඉතිං මැටි කලේක වතුර ටිකක්ම බොන්න ඕන.ෆ්‍රිජ් කොච්චර තිබුණත් එකෙ වතුර වලට නම් ගහන්න වෙන වතුරක් නෑ..
      ඔන්න අයියා එක වුනාට බට්ටිගෙන් තෑග්ගක්.අද නිශාන්තය කරද්දි මේක දාගෙන කරන්න..
      [im]http://i1-news.softpedia-static.com/images/news2/SteelSeries-Siberia-v2-Full-Size-Headset-Unleashed-2.jpg[/im]

      Delete
    2. ශාආආආ.....
      මේක නම් නියම තෑග්ගක්. ..:D
      ඔන්න එහෙනම් මම මේකෙන් රේඩියෝව කරද්දි බට්ටි එන්නකෝ අහන්න...:D

      Delete
  2. ආපොයි මෙ බට්ටිට වෙන දේවල්...වතුර බොන්න ගිහිල්ලත් බට්ටි තුන්වෙනියා කොහොමද අනෙ, එතකොට බට්ටිට පස්සෙ ආපු ළමයින් කෑම කන්න ගියාද දන්නෙ නෙ :D

    ReplyDelete
    Replies
    1. නෑ නෑ එයාලා කට්ටිය එකතු වෙලා අර බල්ලට මුඛවාඩමක් දාලා මයෙ හිතේ..හිකිස්.ඒ පිහිටෙන් බට්ටි ගොඩ ගියා...
      මැසේජ් වලින් තර්ජනකරාට අනේ කලන්න දෙයක් නම් නෑ.ප්‍රියන්ත අයියට විතරයි තෑගි..........

      Delete
  3. බට්ටි ගම හරහා දිව්ව කතාව කියවද්දී මට මතක් උනේ අර ඔලිම්පික් එකේ මිස්ටර් බීන් දුවපු මැරතන් එක... ගෙදර ගිහින් වතුර බීලා අයියෝ...නියම මැරතන් එකක්නෙ දුවලා තියෙන්නෙ..

    මම පුංචි කාලේ අපේ ඉස්කෝලෙත් උන්නා එක අක්කා කෙනෙක්. දුවලා ඇවිත් කරන්නෙ " දඩොං " ගාලා බිම වැටෙන එක. ඊට පස්සෙ " ග්ලූකෝස්...ග්ලූකෝස් " කිය කියා කෑ ගහනවා. ඉතින් අපි ඒ අක්කට නම දාලා තිබ්බේ " ග්ලුකෝස් තුෂාරි " කියලා..

    ReplyDelete
  4. නරක නෑ කතාව.ෂෝක් එකට පෙළගස්වලා.

    ReplyDelete
  5. බට්ටිට හොඳටම මතකද සහතිකේ තුන් වෙනියා කියල තිබුනා කියල. අර තරඟය සාර්ථකව නිම කල අයට දෙන සහතිකයක්ද දන්නෑ හම්බුනේ! :D

    ReplyDelete
  6. අහ් බට්ටි කෙල්ල බල්ලට බයේ හරි 3 උන එක කොච්චර දෙයක්ද... බට්ටි කෙල්ලටත් වෙන වැඩ..

    ReplyDelete
  7. හැබැයි අපරාදෙ ඊට පස්සෙ අවුරුද්දෙත් දුවන්න තිබුනෙ, ගල් තැලුම් ආවත් අවුරුද්දටම එකනේ

    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
  8. අයියෝ..අපේ බට්ටි අක්කටත් මාර වැඩ නේ වෙන්නේ...:)

    ReplyDelete
  9. අපෝ බට්ටිට වෙච්ච හදියක් !!
    අපරාදේ බට්ටිගේ පස්සෙනුත් බල්ලෙක් පැන්නුවා නම් මෙලහට්ට එක වෙලා.
    අර කිව්වත් වගේ වතුර බොන්න නොගියා නම් මෙලහට දෙක වෙලා.

    ප.ලි. - අපරාදේ පෙන් ඩ්‍රයිව් එකක් ගන්න තිබ්බ චෑන්ස් එක මිස් වෙලා. මොනා කරන්ඩ ද ඊලඟ සැරේ එක වෙන්ඩ බලමු !!

    ReplyDelete
  10. 2 ට ගනින්න බෑ වගේ හිටියට බට්ටි හෙන මැරතන් එක්කෙනෙක්නේ.

    ReplyDelete
  11. මරුනේ බට්ටියේ..:D :D

    ReplyDelete
  12. 3වෙනිය වුණ එකම මදෑ !

    ReplyDelete
  13. "හැබැයි නොලිය හිටපු දවස් ටිකේම කොළ කෑලි වල පොස්ට් ලිව්වත්" බට්ට තමා බට්ටි. පෝස්ට්ස් කොළ කෑලිවලත් ලියනවාද "D

    ReplyDelete
  14. හී හී බට්ටියෝ නියම කතාව :)

    ReplyDelete
  15. අඩේ..බට්ටිව ඔලිම්පික් යවන්න තිබ්බේ ඈ! :)

    ReplyDelete
  16. වතාවක් අපිත් ගියා ගම හරහා දුවන්න.. උදේ ගියාම කිවුවා ඒක කැන්සල් කියලා.. :)

    ReplyDelete
  17. මම හිටියනම් තරගයෙන් ඉවත් කරනවා. මොකද තරග නිති කඩලා ගෙදර ගිහින් වතුර බිව් එකට. එහෙම කෑල් වතුර බිම හරියට තරඟ දුවනකොට ඩ්‍රග්ස් ගත්තා වගේ.

    ReplyDelete
  18. බට්ටිගේ පොඩි කාලෙ කතා හරිම රසවත් . කියවන්න ආස හිතෙන විදියට ලියනවා . සරළයි පැහැදිලියි ..
    …බට්ටි කරපු මෝඩ වැඩ අහන්න තමා මම වැඩියම ආස :D

    ReplyDelete
  19. හි හී බට්ට් කොරන වැඩත් මරු ආ...... අනේ අද මන් හොදටම පරක්කුයි මෙයා මම තෑගි ගන්නවට මම නැති වෙලවාටයි මේ පෝස්ට් එක දාලා තියෙනෙන්, හරිමු නාකයි ඉහි ඉහි

    ReplyDelete
  20. ඔලිම්පික් යන්න බැරි කමක් නෑ වගේ

    ReplyDelete
  21. ගෙදර දුවල වතුර බිල ඇවිල්ලත් තුන කියන්නේ. කි දෙනෙක් දිවුවද?

    ඉස්සර අපි ප්‍රක්ටිස් කරන දවස්වල දුවන්න දෙනවා එතකොට වැඩිපුර බස් එකේ ෆුට් බෝර්ඩ් එකේ එන්නේ.

    ReplyDelete
  22. අප්පේ...තව ටිකක් ප්‍රැක්ටිස් කරලා ඔලිම්පික් යමුද??

    ReplyDelete
  23. රසවත් කතාවක්...

    ReplyDelete
  24. අයියෝ...අපරාදෙ අක්කේ...බල්ලා තව ටිකක් හයියෙන් පැන්නුව නම් දෙක නෙමේ එක වෙන්න තිබුණා....

    ReplyDelete
  25. මේක බෑ අනේ කරන්න
    ඔයා මේක දාපු වෙලේම මං දැම්ම මොබයිල් එකෙන් කමෙන්ට් එකක්. කෝ ඒක නෑනේ

    ReplyDelete
  26. අලේ මම නම් ස්පෝර්ට්ස් මීට් එකේ තරගෙට දුවලා නෑ. බල්ලෝ දැක්කම නම් ඔටෝ දුව වෙනවා. :D :D :D :D :D LoL

    ReplyDelete
  27. ඔයා වතුර බොන්න ගිහිල්ල තුන්වෙනිය උනා නම් ඔයාගෙ පස්සෙන් ආපු අය කන්න යන්න ඇති නේ කෙසේ වෙතත් ඔයා ලස්සනට කතාව පෙළ ගස්වල තියනවා

    ReplyDelete
  28. ඔයා වතුර බොන්න ගිහිල්ල තුන්වෙනියා වුනානම් පස්සෙන් ආපු ඒගොල්ලො කෑම කන්න යන්න ඇති

    ReplyDelete
  29. හා හ් හා හ් හා...... නියම කතාව. මටනම් ඉතින් දුවනවා කියන්නේ ඉතින් හීනයක් තමයි. මොකද මම මහතා වැඩියි නොවැ. අදමයි බට්ටි කෙල්ලගේ දිහා ගොඩ වැදුනේ. ආයෙම එන්නම්කෝ ලස්සන පොස්ට් දානවා හොඳයි. නැත්නම් අල්ලලා දඬු කඳේ ගහනවා ලොල්

    ReplyDelete
  30. නියමයි බට්ටී තව දුවන්න ජීවන තරගය,,,

    ReplyDelete
  31. අම්මියෝ....බට්ටිගේ වැඩ තමයි වැඩ.....මේ වගේ දිවිල්ලක් ගැන මම ඇහුවමයි, අර හාවගේ දිවිල්ලට පස්සේ.ඒත් ඉතිං හාවා නම් පැරදුනනේ.ඒත් මේ බට්ටි.....හප්පේ.... කාටද ඉතිං ආඩම්බර....... :)

    ReplyDelete