October 5, 2012

ඉල්ලන් කනවා වගේද ඉල්ලගෙන නෑම


ඊයෙ කියන්නේ ඉතිං මාරම දවසක් තමයි. හැබෑටම ඒම නෑමක් නම් බට්ටිගේ ජීවිතේ‍ට නාලා නෑ. කවුද අප්පා හිතුවේ ඉරිදට නාගන්න හිටිය නෑම ඊයෙම නාගන්න වෙයි කියලා.
හරි ඉතිං දැන් ඔයාලා බලනවා ඇති බට්ටි මේ මොන නෑමක් ගැන කියනවද කියලා.මෙන්න මේකයි වුනේ. අපේ ගිම් අක්කයි ප්‍රියන්ත අයියයි දෙන්නා කරන නිශාන්තය තියෙනවානේ. ඔන්න ඉතිං එන ඉරිදාට ඕනි සිංදුව බට්ටි ඊයෙම ඉල්ලුවා. අම්බෝ ඒ පෝරමේ පුරවද්දි සිංදුව කියන කෙනාගෙ නමට ''බට්ටි '' කියලා දාලා ඉල්ලන කෙනාගෙ නමට ''කවීෂ කවිරාජ් "කියලා දාලා තියෙන්නේ.(සිතමින්..කවීෂ නම් අම්බෝ බ්ලොග් කියවන කෙනෙක් නම් වෙන්න එපා.ඒ ගමන නෑවා මදිවට නඩුත් කියන්නයි වෙන්නේ)  අනේ ඉතිං මං බට්ටි මේම ලියපු එක හිතක් පපුවක් නැතුවම ගිම් අක්කා අත ඇරියේ නැතැයි සෙනග මැද්දෙම. අනේ ඒමත් කරනවද මං අහන්නේ නංගි‍ලාට. ඒ මදිවට ප්‍රියන්ත අයියත් ඇවිත් ස්ක්‍රින් ෂොට් දාන්නත් හදනවා. අපුයි දෙයියනේ මටමයි වෙන්නේ. දැන් ඉතිං අනිවාර්යයෙන් ඉරිදට ගෘප් චැට් එකේදී නාන්න වෙන නෑම ගැන හිතලා කට තියන් ඉන්න බැරුව මූණුපොතේ වෝල් එකේ දැම්මා මෙන්න මෙහෙම..

ඇද ගෙන නෑව මුත් ඉද හිට හෝ දිනක 

මෙහෙමත් අනේ නාගන්නට බැරිය මට 

ඉරිදට වෙන්නෙ හොද නෑමක් නා ගන්න 

ප්‍රියා අයියා හා ගිම් අක්කා එනවා මා නාවන්න.....

මේක දාලා හැරෙන්නත් වුනේ නෑ.ඔන්න බාල්දිත් උස්සගෙන මයෙ අක්කලා දෙන්න ආවනේ මාව නාවන්න. ඔන්න එහෙනම් මෙතැන් සිට රසී අක්කා බට්ටි නාවපු හැටි ඔයාලට ඒ විදියටම බලා ගන්න පුළුවන්ලූ.හේ හේ කවුරුත් හිනා වෙනවා එහෙම නෙවෙයි.


රසී පෙරේරා   - 

බැට්ටියෝ......

නෑවා නොනෑවා දෝ බට්ටිව බෑ හදුනන්න

බට්ටි ආවොතින් ගද නම් බෑ ඉවස්සන්න 

බට්ටිව නාවලා අජරාමර පින අත්කර ගන්න

ප්‍රියා සමග ගිම්හට ලොකූ සමග රසීත් ඉන්නවා ඔන්න ...


බට්ටි කෙල්ල  -

අක්කා කියන්නේ ඇයිදෝ මුසාවා

අම්මා තිව් නමෙත් සුවදක් වැහෙනවා

ඔය විදියට කිව්වොත් අනේ මුසාවා

බට්ටි ඇවිත් මගේ අක්කා නාවනවා


රසී පෙරේරා   - 

සුගන්දි කියල නම් තිබ්බේ අම්මා 

ඉපදුන දවසේ ඉදලා ගද නෑ නිම්මා 

එකයි බට්ටියේ ඒ නම තිබ්බේ අම්මා 

බට්ටිව නාවලා කරගමි අපි පින් මා ............


බට්ටි කෙල්ල  -

මෙමට ගැලපෙන නමයි මයෙ අම්මා තිබ්බේ

එබැවින් සූ කැපුවත් නැත මා කණකට ගන්නේ

මේ හතර දෙනා ආවොත් මා නාවන්න

අම්මප ඔබනවා මම නම් ‍ළිදේ සැම .......


රසී පෙරේරා   - 

ඒකම තමයි අපි සැම පුන පුන කිවේ

අම්මා තමයි අපි හට ඒ බව කිවේ

ගදම තමයි නුඹ ඉපදුන දා සිට ආවේ 

නාන අපිව නාවන්නට ඇයි ආවේ ......


සැමදා නාන අපි නාවා බට්ටියේ කිමද පලේ

නොනා ඉන්න නුඹ නෑවොත් තමයි පලේ

අක්කලා සමග වාදේටගොස් වැටෙයි වලේ

බට්ටිගේ ලිදේ වතුරත් නෑ නොවේද බොලේ ...........


බට්ටි කෙල්ල  -

අක්කා එක්ක නැත මා වාදෙට එන්නේ

එනමුත් නොමැත පසු බහින්න හිත් දෙන්නේ

‍කොහොම වුනත් මට හෙමිහිට වැටහෙන්නේ

ඉරිදට කලින් නාගන්නටයි මට වෙන්නේ


රසී පෙරේරා   - 

ෂැම්පු සමග උණු වතුරත් අපි පදමට අර ගත්තේ

බට්ටි ඇවිත් හොද හැටියට ගද යන්නට නා ගත්තේ

ඉරිදට නාවන්න දැන් නම් නෑ අපේ සිත ගත්තේ 

නංගියේ බට්ටි සැමදා යන්න නුඹමින්පසු ළිද පැත්තේ.............


ආ මේ අතරේ අපේ ලොකුත් (සුනේත්‍රා ලියනගේ) මැද්දට පැන පැන රසී අක්කට වතුර ඇදලා දුන්නලූ..... හිකිස්....


බට්ටි කෙල්ල  -

ලොතු උයා අනේ පැත්තට වී ඉන්න 

වතුර බාල්දිත් දැන් මෙහි විසිවෙනවා

අක්කියෝ හොදින් මෙය නම් දැන් අහගන්න

කණේ කැක්කුමත් වැඩි වුනි මගේ ඔන්න


රසී අක්කේ ඇයි මේලෙස කරන්නේ

හීල්පොල් කටුවකින් නොවෙදෝ නාවන්නේ

හෝස් එකක් ඇයි නුඹ අරගෙන ආවේ

තියෙන කෙස් ටිකත් දැන්මගේ ගැල වෙන්නේ


රසී පෙරේරා   - 

බට්ටි මගේ චුටි කොටු කුමාරි 

හිල්පොල්කටු මොකටද නුබ වැහැරී

හෝස් එකින් නෑවොත් නුඹ හිල් වේවි

එකයි ලණුවේ බැදලා ඔබ ඔබ ගත්තේ..........


බට්ටි කෙල්ල -

නෑවත් අනේ ලොකු සතුටකි මටඇත්තේ

මයෙ අක්කලා නොවැ මා නාවා ගත්තේ

දැන්නම් අනේ මට යන්නට සිදු වන්නේ

ගෙදර ගිහින් යළි නාන්න මම එන්නේ


ඔන්න ඔහොමලු බට්ටි නෑවේ.අනේ ඉතිං බට්ටි නම් කවි ලියන්න දන්නෙ නෑ. ඒත් මයෙ රසී අක්කා නම් කවි ලියන්න හුගාක් දක්ෂයී. ඉතිං අක්කගෙ කවි බලා ගන්න ආසාවට මම දන්න විදියට පදයක් දෙකක් ලිව්වා. ඉතිං රසී අක්කා මං වෙනුවෙන් මහන්සිවෙලා කවි 
ලිව්වට බට්ටිට අක්කට දෙන්න තියෙන ලොකුම තෑග්ග තමයි මේ 
පොස්ට් එක. 

ඔන්න ඉතිං දැන් කවිකාරයෝ ටික බාල්දි එහෙම උස්ස ගෙන එනවා එහෙම නෙවෙයි මාව නාවන්න. එහෙම ‍කලොත් ඉතිං බට්ටිට නිව්මෝනියාව හැදිලා තමයි නතර වෙන්නේ...  :D 

68 comments:

  1. Replies
    1. ඔන්න අයියේ ඔහොම හිනා වෙනව නම් එක වුනාට තෑගි දෙන්නෙ නෑ නෑ නෑමයිලු අලිද?

      Delete
  2. ඔයාව නාවලා ලොකු පිනක් කරගෙන් තියෙන පාටයි..
    අදමයි මේ පැත්තේ ආවේ..

    ReplyDelete
    Replies
    1. හේ හේ ඔය ඔය ඉතිං
      පිළිගන්නවා ආදරයෙන් බට්ටිලොවට...පැමිණිම ලොකු සතුටක් බට්ටිට....

      Delete
  3. සුගන්ධි කියලා කිව්වට ගඳ බට්ටියෙක් නේ..

    සු = අසු
    ගන්දි = ගඳ

    සීයයට අසූවකට වඩා ගඳ...කොහොමද මගේ පද නිරුක්තිය... හික්ස් :)

    ReplyDelete
    Replies
    1. හරි හරි ඉන්නවකෝ මම පොළියත් එක්ක මෙව්වට අල්ල ගන්න......

      Delete
    2. ඒක නෙමේ...
      බට්ටි නාලා තියෙන්නේ බිලි පිත්තකින් මාළු අල්ලන ක්‍රමේට නේ...
      බිලි පිත්තේ ඇමට බට්ටිව ගැට ගහලා ඈතට විසික්කා කරලා... :)




      Delete
    3. මධු මාමේ පරිස්සන් වෙලා ඉන්නවා අලිද? මම මේවා සේලටම හරි යන්න අල්ල ගන්නම්කෝ...

      Delete
    4. @ මධුරංග

      මොනාද මදුරංග මේ කියන කතා...දුක නැද්ද මං අහන්නෙ ?

      Delete
    5. මධු මාමා නරකයි ලිහිණි....සේලටම අල්ලගෙන දවසක දෙනවා මම හොද පාලක්....

      Delete
  4. කවි ටික බුකියෙ දැක්ක නිසා මේක කියෙව්වෙ නෑ ඔන්න. :))))
    ඒත් හේතුවනම් දැන ගෙන හිටියෙ නෑ.

    ReplyDelete
    Replies
    1. හා හා හොරා හොරා ඒනම්...හොලෙන් බලලා‍ ගියානේ...?

      Delete
  5. ha eka thamai ada me paththen suwadak awe batti nalane niyama kavi tika battiyo

    ReplyDelete
    Replies
    1. ගර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් ඕමත් කියනවද අනේ මූණ බලාගෙන ආ.....

      ස්තූතියි උමා(කවි ලස්සනයි කිව්වට අලිද?)

      Delete
  6. අයියො බට්ටි.... ඇදගෙන නාලා මදිවට ඉල්ලගෙනත් නාලා.... හි හි...

    දැං ඔය ඩෙනිමක් එහෙම ඇදලා බැලුවොත් නරකද.... මං කිව්වේ ලණුවක්වත් හොයා ගන්න එපැයි ඊළඟ පාර අදින්න.. හි හි...


    ( තේරුණේ නැත්තම් ඉතිං ඔය නාවපු එක්කෙනෙක්ගෙන්ම අහගන්නකෝ....)

    ReplyDelete
    Replies
    1. අම්බෝ මෙයා මොනැයි මේ කියන්නේ..රසී අක්කා අල්ලපු හෝස් පාර හොදයි බලන් යද්දි. මේක කියවලා මයෙ ඔළුව නිකන් අඤ්ඤකොරොස් (ලිව්වා හරිද මන්දා? )වෙලා ගියා.....

      Delete
    2. කුනු ටික හේදිලා ගිහින් ඇතිනේ.. කලිසම් බහින්න පටං ගනී.. හි හි...

      ඔයා දිවත් උලුක් කරගන්නවා ඔහොම කියන්න බැරි ඒවා ලියන්න ගිහින්....

      Delete
    3. අපුයි මෙයා කීන කතා..ඒමත් කුණු තියෙනව නම් ඉතිං මම අලියෙක් තරම් මහතට ඉන්න එපැයි ...අයියෝ මම හූනෙක් තම්ම කෙට්ටුයි අලූ..ඒ කීන්නේ මම නාන නිසා කුණු නෑ..හූ හූ
      ඇත්ත කියනවා ඔයාගෙ දිව උලුක්කු වුනා නේද කියවන්න ගිහින්.....?

      Delete
  7. .
    බට්ටිය ඇවිත් ඉල්ලුවා ගී නිශාන්තයෙන්
    …ගායක නමට බට්ටිගෙ නම දා එතනින්
    …මැට්ටිය කියන්නේ කවුරුත් මනාපයෙන්
    …නාගෙන වගේ හොඳ හැටියට බාල්දියෙන්

    ReplyDelete
    Replies
    1. කවියක් ගොතන්නට හිතුනත් මේ කවි දැකලා
      හිතට බයක් එනවා වුනු දේවල් සිතලා
      යලි නෑමක් සෙට් වෙයිදෝ බය සිතිලා
      නිහඩ වෙලා අනේ මම යන්නට යනවා......:D

      Delete
  8. බට්ටිගෙ ගීය දෙමි ඉරිදට නිශාන්තයෙන්....
    වතුරත් අරන් ඇවිදින් ලොකු බාල්දියෙන්....
    හලනෙමු එක්ව අප බට්ටිගෙ බහින් කනින්...
    නාවල ගනිමු බට්ටිව සුවඳ හමන ලෙසින්....

    ReplyDelete
    Replies
    1. අම්මට පනිවුඩයක් යැව්වා මම හනි හනික
      වෙනිවැල් බාංවැල්ගැඩ තම්බා තියන්නට
      හැදුනොත් හෙම්බිරිස්සාවක් මේ දෝනියට
      අම්මා එනව කිව්වා අයියට තලන්නට.....

      Delete
  9. ලස්සන ඉසව්වකනේ බට්ටිට තියෙන්නේ. හරි ආසාවෙන් කියෙව්වා.
    http://samakayawate.blogspot.com

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ..ඔයාලා ආසාවෙන් කියවන එක තමයි බට්ටිගේ සතුට.

      Delete
  10. බස්ටි ඔන්න නාල කියල ආරංචියට අද මුලින්ම මේ පැත්තට ගොඩ උනේ ...:D
    මෙච්චරකල් ගඳ නිසා මෙහෙට එන්ට බැරිව නෙව උන්නේ ...:P

    ReplyDelete
    Replies
    1. පිලිගන්නවා බට්ටි ලොවට ආදරයෙන්.පැමිණිම ලොකු සතුටක් බට්ටිට...
      අනේ අනේ ගද ආවේ කෝමද ආ ආවෙ නැත්නම්..හොරා එකත් අහුවුනා ඔන්න කටින්ම...

      Delete
  11. හි.. හි.. අර කවි ටික නම් මරු.

    ReplyDelete
    Replies
    1. හේ හේ ස්තූතියි යාළු.....

      Delete
  12. බට්ටි නාල තියෙන්නේ සබන් ගාන්නේ නැතුව වගේ ...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අනේ ෂැම්පු ගාලා නෑවේ...

      Delete
  13. නියමයි...:)කවි ටික..

    ReplyDelete
  14. නෑමෙන් හොඳ නෑම ඉල්ලාගෙන නෑම. හොඳ වැඩේ.

    ReplyDelete
    Replies
    1. යන්න යන්න තරහම තරහම තරහයි......

      Delete
  15. හරි හරි, මම නගර සභාවේ වතුර බව්සරේ පන්ගරාර්තු කරලා එවන්නම්. හොඳට නාගන්නකෝ බට්ටි අක්කේ. හෙහ් හෙහ් මෙහෙමත් නෑමක්

    ReplyDelete
    Replies
    1. හේ හේ නාක මල්ලිලා ....හිනාවෙන කැත අක්කියට...තලායි මම ඔන්න....

      Delete
  16. මොනවා උනත් අක්කලා ටික එකතු වෙලා ලොකු පින් අතේ වැඩක් කරගෙන වගේ....:D :P

    ReplyDelete
  17. මගේ බට්ටියට (ආදරණිය බටු ඇටේට ) ආදරෙයි අමං මහා ගොඩක්...............
    මගේ නංගිය හැමදාමත් සතුටින් මේ වාගේම හිනා වෙලා ඉන්න)

    ReplyDelete
    Replies
    1. මමත් එහෙමයි අක්කියෝ..ආදරෙයි මහ හුගාරියක්..ඔයා මට ලොකු ශක්තියක්....

      Delete
  18. මගේ බට්ටියෝ (ආදරණිය බටු ඇටේ ) හැමදාමත් මේ වාගේම හිනා වෙලා ඉන්න......
    ආදරෙයි මම මහා ගොඩක් මගේ බටු ඇටේට...........

    ReplyDelete
    Replies
    1. අක්කිගේ කවි වලට මෙන්න බටු ඇටේගෙන් තෑගි...

      [im]http://i.ebayimg.com/00/s/MzAwWDMwMA==/$(KGrHqFHJCME9Bf96SkuBPUeu2yyb!~~60_35.JPG[/im]

      Delete
    2. ගොඩක්ම ලස්සනයි මගේ බටු ඇටේ.මම ආසම පාට....ඔන්න අද ඉදල මම තේ බොන්නේ මේකෙන් හොදේ....... උම්මා.......

      Delete
  19. බට්ටියේ මගේ සුදු නංගියේ අහගන්න
    නුඹහට කවි ලිවේ හිත සතුටින් ඉන්න
    මගේ බටු ඇටේ හැමදාමත් හිනැහෙන්න
    ඒ ඇති වගේ මේ අක්කිට සැනසෙන්න ...........

    ReplyDelete
    Replies
    1. අක්කියෝ නුඹේ කවි මල් දම් හරි සුවදයී
      එය බලබලා හිනැහෙන්නට තවත් සිතෙයී
      ලැබෙනා නුඹේ ආදරේ මට හුගක් වටියී
      සැමදා හිනැහෙන්න එයමට හුගක් ඇතියී..

      Delete
  20. හී හී..මරු මරු :)

    ReplyDelete
  21. හිහි...හොඳටම නාගෙන වගේ. ඒක ලොකු දෙයක් අනේ.

    මොකක්ද අනේ අර ෆෝරම් එකේ කතාව. අපිටත් බැරිද එහෙම සින්දු ඉල්ලන්න ඈ?

    ReplyDelete
    Replies
    1. සයුරි බට්ටිගෙන් ඉල්ලගන්න ෆොර්ම් එක . ඕනෙ කෙනෙක්ට සින්දු ඉල්ලන්න පුලුවන් .

      Delete
    2. මේ ඉරිදා නිශාන්තයෙන් සඳ ගැන ලියවුන ගීත පමනක් ඉල්ලන්න අක්කේ. නිශාන්තය තියෙන්නේ බස් රේඩියෝ එකේ ඉරිදා රෑ 8.30. සමාවෙන්න පිළිතුරු දෙන්න පමා වුනාට.
      මෙන්න මේක තමයි ෆෝරම් එක...අක්කි සද අල්ලපු රටේනේ ඉතිං සිංදු ඉල්ලන්න පටන්ගමු මේ සතියේ ඉදලම නේද?

      https://docs.google.com/spreadsheet/viewform?formkey=dGd3LW04dGFMWWxYYTc0dzVJOWFYcmc6MQ#gid=0

      Delete
    3. නියමයි...බොහොම ස්තුතියි :)

      Delete
  22. නාගෙන නේන්නම්...ඇදගෙනම නාලා..
    හොඳ වෙලාවට අර කිව්වත් වගේ ගායකයා බ්ලොග් කියවන්නෙ නැත්තේ. නැත්තම් ඉතින් නාලා වගේද " බට්ටිට නඩුවක් " දැම්මොත්...

    ReplyDelete
    Replies
    1. අපුයි නඩුවලට නම් බය නෑ ලිහිණි අක්කෝ..මො‍කෝ අල සත්තලන්ගේ නඩුවෙන් දිනුවෙත් මමනේ..මතක නේද උයාට ඒක....

      Delete
  23. මෙතන නෑමකට වඩා කවිකම එළියට පැනපු අවස්ථාවක් විදිහට මම දකින්නේ :)

    ReplyDelete
  24. ශික්.. මේ වගේ වැදගත් අවස්තාවක් මට මග ඇරිලනේ.. නැත්නම් තව ටිකක් නාවන්න තිබ්බා...

    ReplyDelete
    Replies
    1. හූ හූ හීනෙන් තමයි...උයා නාන්නෙත් නෑ කීලා මට අලංචියක් ආවා..එනවා මොතන මම නාවන්න...නා‍ගෙන එන්න අලිද මගේ වලි මලයෝ....

      Delete
  25. මම නම් කලින්ම බට්ටි නා ගත්ත හැටි දැක්ක මූණු පොතෙන්, :D
    අනම් මනං කියල කරදර නොකලට බට්ටි කරන කියන දේවල් මූණු පොතේ නිතර දෙවේලෙ දකිනවා.

    ReplyDelete
    Replies
    1. හොරෙක් තමයි එහෙනම් ඔයා..හොලෙන් බලලා යනවා නේද? අල්ල ගන්නම්කෝ වෙලාවක...

      Delete
  26. අප්පා..... නාලා නේන්නං :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  27. දැකුම් බට්ටි බ්ලොග් එක.ජය!

    ReplyDelete
  28. හික්ස්.....මරු කවි ටික..... :)
    මං නම් අළුත් මේ පැත්තට.......

    ReplyDelete
  29. බඩ පිරුනා.. අයියෝ.. මරු..
    කාලෙකිං ද කොහෙද ආවෙ.. කලිං පාර ‍ෆලෝ වෙලා නෑ මයෙ හිතේ.. :/

    ReplyDelete
  30. හප්පේ............ කොහොම හරි බට්ටි නාන්නේ සතියට දවසයි කියලා හැමෝම දැනගත්තානේ.

    ReplyDelete
  31. බට්ටිටත් වෙන වැඩ


    "මහන මැසිම" සහ "අටම්පහුර" ලියන ලක්මාල්

    ReplyDelete