January 1, 2013

2012 බට්ටි ගෙවුව හැටි

කාලය ගත වෙනවා.කැලැන්ඩරයේ කොළ දොළහම එකින් එක ගැලවිලා අලුත් කැලැන්ඩර් වලට මාරු වෙනවා. විශේෂයක් නෑ.2012 ට උනෙත් ඒ ටිකම තමයි. 

ජීවිතය අනේ මන්දා? හුගක් පෝස්ට් වලදි මං ලියපු දෙයක් තමයි ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක්.කාලය කියන්නේ ඊටත් වඩා පුදුම දෙයක් කියලා. අත්දැකීම් , බලාපොරොත්තු , හීන මේ හැම දේම අපේ ජීවිතේ වෙනවා. කාලෙන් කාලෙට මිනිස්සු වෙනස් වෙනවා.සිතුම් පැතුම් ඒ හැමදෙයක්ම මේ කාලය වෙනස් කරනවා. සමහරු කියයි එහෙම වෙන්නේ නෑ අපි ස්ථිර පුද්ගලයෝ කියලා.ඒත් මට සිද්ධවෙච්ච අත්දැකීම් එක්ක හිතෙන්නේ එහෙම. 

ඉතිං බට්ටිට හිතුනා ගෙවුන 2012 ගැන හැරිලා බලන්න. මොන මොන දේවල් ජීවිතයට සිද්ධ උනාද? 2011 ඉවර වෙද්ද හිටපු බට්ටිමද අද 2012 ඉවර වෙද්දිත් ඉන්නේ කියලා  හිතලා බලන්න. 

2012 රස්සාව වෙනසක් උනේ නෑ. පුරුදු විදියටම කමියුනිකේෂන් එකේ අවුරුදු 2 ½ ට කිට්ටුවෙන්න ඇවිල්ලත් තවම වැඩ. 2011 නතර වෙලා හිටිය ඥාති අක්කගේ සෙවණෙන් මිදිලා වෙන තැනක කූඩු වෙන්න උනා. ඒක මුලින් දුකක් උනත් කාලයත් එක්ක ඒ හැමදේම හරිගියා. 

2011 නොවැම්බර් පටන් ගනිපු ග්‍රැෆික් ඩිසයිනින් කෝස් එක මේ අවුරුද්දේ නොවැම්බර් වෙද්දි ඉවර උනා. සහතිකය තවම අතට ගත්තේ නැතත් කොළඹ එද්දි වර්ඩ් එකක යාන්තම් ටයිප් කර ගන්න විතරක් දැන ගෙන හිටියා විතරයි නිසා මහ ලොකුවට නැතත් බට්ටිට එදාට වඩා දැනුමක් තියෙනවා කියලා හිතෙනවා.ඒක මම ලබපු ලොකුම ලොකු දිනුමක්.

ආ 2012 බට්ටිට හුගක් වැදගත්. මොකද බට්ටිගේ හිතේ තිබුණු එක හීනයක් හැබෑ උන අවුරුද්දක් තමයි 2012. ඒ තමයි ලැප්ටොප් සිහිනය.මගේ අක්කා බට්ටිට ඒ හීනය හැබෑ කරලා දුන්නා.ඉතිං අක්කා දුක්මහන්සි වෙලා අරන් දුන්න ලැප්ටොප් එක බට්ටි කියන්න බැරි තරම් ආදරයෙන් ආරක්ෂා කරනවා. හීනේ හැබෑ කර ගන්න කලින් තිබුණටත් වඩා දැනුයි මං ඇත්තටම ඒ හීනෙට හුගක්ම ආදරේ.

මේ හැම දෙයක්ම අතරේ ජීවිතේට සිද්ද වෙන්න ඕනි කියලා බට්ටි හිත හොදම දෙයකුත් මේ අවුරුද්දේ උනා. ඒ තමයි අපේ ජීවිතයට නොගැලපෙන පුද්ගලයින් අපේ ජීවිතයෙන් යන එක සහ අපේ ජීවිත වලට ගැල පෙන පුද්ගලයින් අපේ ජීවිතයට එන එක. ඒක මත අපේ ජීවිත තීරණය වෙනවා. 2012 බට්ටි හුගාක් අන්තර් ජාලයත් එක්ක හිටිය අවුරුද්දක්.අවුරුද්දේ අන්තිමේ බ්ලොග් වලින් ටිකක් ඈත් වෙලා හිටියත් මුහුණ පොතේ හුගක් හිටිය අවුරුද්දක්. අන්තර් ජාලයෙන්ම 2011 අදුන ගනිපු බට්ටිට නොගැලපෙන ඒ කියන්නේ බට්ටි දුක්විදලා අමාරුවෙන් අඩියෙන් අඩිය ගොඩ නගාගෙන යන ජීවිතය වෙනස් කරන්න හදපු දෙතුන් දෙනෙකුගෙන් බට්ටි ඈත් උනා. ඒ අයගේ ආදරයෙන් ඇස් අන්දවෙලා හිටපු බට්ටිගේ ඇස් 2012 පෑදුනා. ඇත්තටම ඒ ගැන හුගක් සතුටුයි. හුගක්ම. කිසිම දෙයක් නැතුව විශ්වාස කරලා ජීවිතේට මිනිස්සු ඇතුල් කර ගන්න මෝඩ සම්ප්‍රධායෙන් 2012 අවුරුද්දේ අයින් වෙන්න ලැබුණ එක බට්ටි ලබපු ලොකු ජයක්. 

ඒ අය එහෙම යද්දි හෝ කල දුටුකල වලඉහගෙන අයින් කරද්දි කියන්න බැරි තරම් ආදරණීය හදවත් අදුන ගන්න ලැබුනා ගෙවුන 2012 අවුරුද්දේ.යාළුවෝ කියන්නේ කවුද කියලා බට්ටි දැන ගත්තේ ඇත්තම කියනව නම් 2012 අවුරුද්දේ. ලැබුණ යාළුවන්ගෙන් වැඩිපුරම බට්ටි වටේ ඉන්නේ අක්කලා. එයාලගේ ආදරය බට්ටිට කියා ගන්න බැරි තරම් සතුටක් වගේම ශක්තියක්. මගේ යාළුවෝ සේරමටම මම මහ හුගක් ණයගැතියි. අත්දැකිම් ලැබෙද්දි අපි හැම දේකින්ම පණ්ඩිත වෙනවනේ.ජීවිතේට සුදුසු පුද්ගලයන් එකතු කර ගන්න ඒ පණ්ඩිතකම මං බට්ටිට හුගක් උදව් උනා. 

2012 අවුරුද්ද තව දෙයක් නිසා මට කවමදාවත් අමතක වෙන එකක් නෑ.අත්තම්මයි අක්කයි එකතු වෙලා හදල දෙන කිරිබත් එක කාලා ඉස්කෝලේ යාළුවන් මාරි පැකට් දෙකක් අරන් දීලා සමරපු උපන් දිනයක් විතරක් තිබුණ බට්ටිට ගෙවුන වසර 24 ටම හරියන්න 25 වෙනි (ඔන්න ඉතිං වයසත් කිව්වා. :P) උපන් දිනේ උදා උනා. වෝල් එක පිරෙන්න සුභ පැතුම් ලැබෙද්දි, අක්කලා ටික එකතුවෙලා බට්ටිට හිතා ගන්නවත් බැරි විදියේ ඔන්ලයින් පාටි එකක් දුන්නා. අම්මා ඉන්න ගෙදර දුව එක්කයි දෙපාරක් විතරක් එම්සී එකට ගිහින් තිබුණ මට යාළුවෝ එකතුවෙලා හැමදේම ලෑස්ති කරලා එම්සී එකේ උපන් දින පාටි එකක් දුන්නා. ජීවිතේ සමරපු එකම උපන් දිනය තිබුණ 2012 අවුරුද්ද ඉතිං බට්ටිට කවමදාවත් අමතක වෙන එකක් නෑ. මම දුප්පත් වෙලා ඉපදුනත් මම හුගාක් සතුටින් ඉන්නේ.මොකද මොන සැප ලබන්න මට ගිය ආත්මේ පිං කරන්න බැරි උනත් මේ තරම් යාළුවන්ගෙන් ආදරයක් ලබන්න හුගක් පිං කරලා තියෙනවා කියලා දැනෙන නිසා. 

ඔන්න ඔය විදියට තමයි බට්ටිගේ 2012 අවුරුද්ද ගෙවිලා ගියේ.2013 නව වසර උදාවෙලා.ඉතිං මහ හුගක් හීන නැතත් හීන දෙක තුනක් තියෙනවා මේ අවුරුද්දේ කොහොම හරි හැබෑ කර ගන්න ඕන. හැම අවුරුද්දෙම ටීවි එක ඉස්සරහට වෙලා චිත්‍රපටියක් බලබල අලුත් අවුරුද්ද වැලද ගනිපු එකයි කලේ.ඒත් මේ අවුරුද්ද එහෙමත් නැත්නම් 2013 සුභ නව වසර පන්සලේදි අපේ බුදුහාමුදුරුවන්ගේ සෙවනෙ ඉදගෙන වැලද ගන්න පුළුවන් උනා.ඉන්න ගෙදර අය එක්ක පන්සලේ ආශිර්වාද පූජාවට ගියා.ගෙදර ඇන්ටිම මටත් මල් පහන් අරන් ගිහින් තිබුණා.ඉතිං පහන අත්දෙකෙන් අල්ල ගෙන මේ අලුත් අවුරුද්ද ලබන වෙලාවේ ගාල්ලේ කුමාර කාශ්ෂප හාමුදුරුවන් ආශිර්වාද කරද්දි බුදුහාමුදුරුවෝ හිතින් මවාගෙන අලුත් වසරට පාතබන්න පුළුවන් උනා.ඒක හිතට ලොකු සතුටක්. මේ අවුරුද්ද ඉතිං බට්ටිට ඒ ආශිර්වාදයෙන් සාර්ථකම වෙයි කියලා විශ්වාසයි. එහෙනම් ඉතිං මේ 2013 ගෙවිලා ඉවර උනහමි කියන්නම්කෝ ඒ හීන හැබෑ කර ගත්තද නැද්ද කියලා?

දැන් නම් හුගක් ලිව්වා.කියවන අය මට බනිනවත් ඇති.කෙටියෙන්ම ලියන්න ගත්ත පෝස්ටුව දන්නෙම නැතුව ටිකක් දිග උනා.හැමදාම මගෙත් එකක් හිටිය හැම යාළුවෙක්ටම ලැබුවාවූ නව වසර නිදුක් නිරෝගී වසරක් වෙවා කියලා බට්ටි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 

ප.ලි.  මේ තියෙන්නේ මගේ මූණුපොතේ යාළුවන් වෙනුවෙන් බට්ටි හදපු කැලැන්ඩර් එක.අනේ බ්ලොග් එකේ විතරක්ම ඉන්න අය නම් මේකෙ නෑ..ඔයාලගේ පොටෝ නෑ කියලා තරහා වෙන්න නම් එපා.අලුත් අවුරුද්දේ තරහා වෙන්න තහනම් හරි.මම ගියෝ.......

35 comments:

  1. ලැබුවා වූ නව වසර බට්ටිට වාසනාව ගෙනෙන වසරක් වේවා...
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
  2. මේ අවුරුද්දතේ හිතන් ඉන්න සේරම දේවල් හරියන්න කියලා පතනවත් එක්කම බට්ටි අක්කට සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ඔයාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මගෙ අක්කියෝ.....!!!

    ReplyDelete
  5. මේ අළුත් අවුරුද්ද අළුත් බලාපොරොත්තු තැබූ බලාපොරොත්තු වල මල් පීබිදෙන සුබම සුබ වසරක්ම වේවා අක්කට..!!!

    ReplyDelete
  6. බට්ටිට සුභ නව වසරක් වේවා..!

    ReplyDelete
  7. ලැබුවා වූ නව වසර වාසනාවන්ත වසරක් වේවා...
    ජය!!

    ReplyDelete
  8. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා බට්ටියෝ !!!

    දිනේෂ් & මදාරා :)

    ReplyDelete
  9. ඔයාට සුබම සුබ නව වසරක් වේවා බට්ටියෝ

    ReplyDelete
  10. අනේ අපේ බට්ටි කෙල්ලට 2012ට වඩා ලස්සන 2013ක් පතනවා !!!

    ReplyDelete
  11. බට්ටි දිනෙන් දින ඉහලට නගිනවා දකින්න අපිත් ආසයි.

    ReplyDelete
  12. සිතු පැතුම් ඉටු වන නැව නැව වසරකට ආසිරි! :)

    ReplyDelete
  13. 2013 නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ නව වසරකි වෙන්න කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා..

    www.katumatige.blogspot.com

    ReplyDelete
  14. Labu wa uu aluth awurudda jayama wewa:)

    ReplyDelete
  15. හෙහ් මගේ එක නෑ කියලා වලියක් අදින්න හදද්දිම බොලේ මගේ එක තීන්නේ ඉස්සෙල්ලම.. ඉතින් කෝමද අළුත් අවුරුද්දේ අලුත් විදිහට වලියක් දා ගන්නේ මේ වලි අක්කත් එක්ක..

    ගෙවුන කාලේ ගෙවිලා ගියා අක්කෝ.. වැදගත් උදාවෙන හෙට.. අක්කට හැම පැතුමක්ම ඉටු වෙන වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියල මං සුභ පතනවා..

    ReplyDelete
  16. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
  17. බට්ටියෝ අත්දැකීම් තමා අපිව පරිපූර්ණ කරන්නේ . මේ හැම දේකින්ම පාඩම් ඉගෙනගෙන අපි ජීවිතේ ඉදිරියට ගෙන යමු . පුලුවන් හැම වෙලාවේම මේ අක්කලා ඔයත් එක්ක ඉන්නවා එදා වගේම අදත් , මතුවටත් .
    …ඔයාට වාසනාවන්ත නව වසරක් !

    ReplyDelete
  18. සුභ අලුත් අවුරුද්දක් වේවා මගෙ අක්කියෝ:)

    ReplyDelete
  19. බට්ටිට සුභ නව වසරක් වේවා..! අවුරුද්ද අන්තිමට නිගමනය කරමු

    ReplyDelete
  20. සුභම සුභ අලුත් අවුරුද්දක් බට්ටියෝ

    ReplyDelete
  21. බට්ටිටත් පැතුම් ඉටු වන සුභම සුභ නව වසරක් වේවා...!

    ReplyDelete
  22. බට්ටිටත් සුබම සුබ නව වසරක් වේවා....1

    ReplyDelete
  23. සුබ අළුත් අවුරුද්දක් වේවා බට්ටි.
    කරන කියන වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා සුබ පතනවා !

    ReplyDelete
  24. සුබ නව වසරක් වේවා

    ReplyDelete
  25. හැපි 2013ක් ඈ....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  26. සුභ 2013ක් !... (දැන්නම් පරක්කුද මන්දා :) )

    ReplyDelete
  27. මගේ ෆොටෝ එක නම් නැ.කමක් නැ.මම තරහ නැ.ඒ මොකද කියනවා නම් මට ඊට වඩා දේවල් මගේ ජිවිතයේ නැති වෙලත් මම හිත හදාගෙන තියෙනවා.එහෙම කියලා හිත හදා ගතිමි.
    නිරෝගිමත් සුභ නව වසරක් වේවා!

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  28. හුරේ.............. මගෙ පින්තූරෙ තියෙනවා... :*
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා බට්ටි අක්කියෝ.... මේ අවුරුද්දෙ හැම ප්‍රාර්ථනාවක්ම ඉටුවෙලා ජයම ලැබෙන්න ඕනෙ..

    ReplyDelete
  29. meke man comment kara wage mathakayi..
    eth nahane ..
    kamak nah
    subama suba awuruddak batti oyaata..

    ReplyDelete
  30. මගේ පොටෝ කෑල්ලනං තියෙනවා ඕං...

    ReplyDelete
  31. පරක්කු වෙලා ආවට ඔන්න මාත් අක්කිට සුබ අලුත් අවුරුද්දක් පතනව :)

    ReplyDelete