March 3, 2013

තුන් සොහොයුරෝ

අක්කා තමයි ගෙදර සිටිය                         වැඩිමලයා
ඊට වසර දෙකකට පසු ආවේ                           අයියා
ඒ දෙන්නගේ තනි නොතනිය                  වලකන්නා
අම්මා ගෙනා බඩ පිස්සිය මා                              වූවා

පුංචි කාලේ අපේ ආදර                                  අම්මා
කොළඹ හිටියේ අපේ කුසතුන              පුරවන්නටා
අම්මා ලග නොමැති විට පාළුව                    දැනුනා
අක්කා එවිට අප දෙදෙනා                        නැලැව්වා

පුංචි කාලේ මම නම් හරි                        කම්මැලියා
පස්සට ඉරපායන තුරුත් දොයියන්නට          රුසියා
හැමදේ අක්කා අතටම කර දුන්                     හින්දා
බෙල් එක වදින විට පාසල වෙත                   දිව්වා

තම ඇදුමවත් නැත  මා සොදා                  ගන්නේ
අක්කා තමයි ඒවත් කරලා                        දුන්නේ
ආත්තම්ම නම් ඒවට                           ඔරවන්නේ
ඈ නම් නැතේ ඒවා කණකට                   ගන්නේ

අයියා තමයි මාහට ඕපන්                           වූයේ
දොඩං ගහ උඩයි අපි සාකච්ඡා                  තැබුවේ
කෙල්ලෝ ගැන තමයි ඔහු හැමදා             කිව්වේ
මං නංගයි අයියට උපදෙස්                       දුන්නේ 


ප.ලි. ඊයේ අපිට කරන්ට් එක තිබුණේ නෑ.ඉතිං වැඩ කරන තැන ලොකු වැඩක් නැති අතරේ නිකමට හිතට ආපු සිතුවිලි කොළයක ලිව්වා.කවි ලියන්න නම් බට්ටි දන්නේ නෑ.හිතට ආපු අදහස ඔහේ ලිව්වා මේ විදියට.ඒක ලියද්දි බොස් ආපු නිසා සේරම ලියලා ඉවර කර ගන්න බැරි උනා.ඉතිං අදත් අම්මා බලන්න ගිය නිසා ලියන්න උනේ නෑ.ඒත් යෙම හිතුනා ලියපු ටික දාලා යාළුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර එක්ක ඉතුරු ටික ලියන්න.බට්ටි බට්ටි‍ගේ අයියා අක්කා එක්ක ගත කරපු ජීවිතේ තමයි මේ. ඔක්කොම ලියන්න ගිහින් කදුළු කතා තිබුනොත් සමාවෙන්න ඕනි. එහෙනම් මං ගියා.මේ ටික කියවලා අඩුපාඩු කියන්නකෝ.

29 comments:

  1. ලේ ඝනකමයි බට්ටියේ වතුර වලට වඩා......

    බට්ටිය වරද්ද වරද්ද කවි ලියද්දි .. මාර ගති....

    ReplyDelete
  2. අඩුපාඩුවක් නැ අනේ,,චුට්ටක් ඉරිසියා හිතුනා,, :) මට කවුරුත් නැ,,මම විතරයි ඒක නිසා.. ලස්සන කවි පොඩ්ඩ බට්ටි..!!

    ReplyDelete
  3. හී හී නියම කවි ටික.. උඩින් තියෙන ෆොටෝ එක තමා මරු!

    ReplyDelete
  4. මාත් ශම්මි අක්කි වගේ.හැබැයි රට වටේ ඉන්නව කට්ටිය.ඒත් තමන්ගෙ එකෙක් වගේ නෑනේ.ඔන්න ඒ හින්දා මට දුකාාාාායි හොදේ..))))!

    ReplyDelete
  5. ඒ හැටි අඩුපාඩුවක් නැහැ කවි වල.ඉතුරු කවිටිකත් දාන්න. හොඳ ප්‍රතිචාර ලැබෙයි.

    ReplyDelete
  6. ලස්සන කවියක් බට්ටි..!!

    ReplyDelete
  7. මේ ලියලා තියෙන්නේ ලස්සනට බට්ටි අක්කේ.. මාත් ඉතින් බඩපිස්සා තමයිනේ.. ;)

    ReplyDelete
    Replies
    1. බඩපිස්සා නෙමේ උඹ අමුපිස්සා ^_^

      Delete
    2. රජා බටු ගෙඩියක් තරම් උස නෑ. එනවද මගේ මිනිහට පිස්සා කියන්න. කඩනවා රජාගේ අඩු හතර අහු වෙන්න එපා ගෙබි රජා.

      Delete
    3. මෙන්ඩෝ සාජ අපසාදයක් වෙන්න යනවෝ..කාලුත් නැද්දෝ....

      Delete
    4. මිනීමැරුමක් වුනොත් අපි සාක්කි...))))

      Delete
    5. සජා මරනකන් බලන් ඉන්නවද වර්ෂා.

      Delete
    6. හෆ්ෆෙ නෑ වැරදිලාවත් මදාරා අක්කි රජාව මැරුවෙ නැත්නම් අපිව රාජ උදහසට ලක් වේවිනේ..මැරැවොත් විතරයි සාක්කි දෙන්න එන්නේ,ඒ වෙලාවෙ මං බට්ටි අක්කිගෙ බ්ලොග් එක කියෙව්ව කියලා..)))

      Delete
  8. සිරා කවි ටික.... අපේ සෙට් එකත් ඔය වගේ තමා... අයිය, අක්ක, මම....

    ReplyDelete
  9. ජය සිරි කිව්වා ඕං !

    ReplyDelete
  10. බට්ටි වගේමයි අය්යා .නියම කවි ..... මේවා කවී

    ReplyDelete
  11. දොඩම් ගහ උඩ??? කෙල්ලෝ ගැන??? :)

    පට්ට... අයියා නම් එල කොල්ලෙක්!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  12. අර සින්දුවක් තියෙන්නේ අක්ක කෙනෙක් ගැන නංගි කෙනෙක් කියන,, ශිස්..මට මතක් වෙන්නේ නෑනේ..

    ReplyDelete
  13. හිතෙ තියන දේ කොහොමත් කකියනවා
    ……ඒවා ලියන්නට කොල නම් ඉඩ මදිවෙනවා
    …යටගිය මතකයන් නිතැතින් ලියලා එනවා
    …බට්ටිගේ උඹගේ කවියට කඳුලුත් එනවා

    ReplyDelete
  14. අප්පෙ හරි එක්කෙනෙක්ගෙන් තමයි අය්ය උපදෙස් අරන් තියෙන්නේ :D

    ReplyDelete
  15. අර පින්තූරෙ ඉන්න දෙන්නෙක්ගෙ කටේ දත් නෑ...හි හි හී

    කවි ටික නියමයි බට්ටියො..

    ReplyDelete
  16. මාරු කස්ටියනේ.

    ReplyDelete
  17. ෆොටෝ එක පැත්තෙන් අලියෙක් ගිහින්ද කොහෙද...! ලස්සනයි ඈ කවි සෙට් එක!

    ReplyDelete
  18. බට්ටිගේ කවිය ලස්සනයි..දැන් නම් බට්ටි කම්මැලියෙක් නෙවෙයි, සේරම වැඩ තනියෙම සැලසුම් කරලා පිළිවෙලට ඉවර කරන දක්ෂ කෙල්ලෙක්, නේද බට්ටීස්...:))

    ReplyDelete
  19. නියම කවි ටික බට්ටියෝ!

    ReplyDelete
  20. බට්ටි නිකං හිටිවන කවි කියලා... ඇත්තටම ඉතුරු කවි ටිකත් සම්පූර්න කරනකල් බොස්ට ආපහු යන්න කියන්නයි තිබුනේ.

    ReplyDelete
  21. බ්ට්ටි බොරු කියන්නෙ ඔය හොදට කවි ලියන්නෙ..නියම කවි ටික
    අනේ මේවා කියවද්දි තමා හිතෙන්නෙ මටත් අයියා කෙනෙක් හිටියා නං කියලා..

    ReplyDelete
  22. බට්ටි මාත් බද පිස්සා.....මොකුත් කියන්න හිතෙන්නේ නා...පට්ට කවි ටික...

    ReplyDelete