March 15, 2013

ඔයාලා ඉතිරි කරනවද?

ගන්න පඩියට වෙන්නේ මොකද කියලා චුට්ටක් හිතුවද?හ්ම්ම්ම්ම්...මොනා වෙන්නද අනේ මේ ගන්නවා ටික දවසක් සුද්දා වගේ ඉන්නවා ආයෙම මාසේ අන්තිමේදි යාන්තම් ඇදගෙන යනවා.බැරිම උනොත් මොකක් හරි ණයක් අරගෙන මාසේ රෝල ගහ ගන්නවා කියලා තමයි ඉතිං දැන් හුග දෙනෙක්ට හිතනවා ඇත්තේ.හැමදාම වෙන්නේ ඕකම නම් ඔහොම වෙලා හරි යනවද ?හිතුවේ නැද්ද ඒ ගැන පොඩ්ඩක්..

ඔය කිව්ව විදිය තරම්ම නොවුනත් දැනට මාස කිහිපයක් තිස්සේ මට හිතෙන්නෙත් මටත් දැන් වෙන්නේ මේකම නේද කියලා.පුංචි කාලේ ඉදලම හිතුමනාපෙට වියදම් කරන්න පුරුදු වෙලා හිටියේ නෑ කොහොමත් මම.වියදම් කරන හැම රුපියලක්ම පුංචි ඩයිරියක ලියන්න පුරුදු උනා.ඒක හුගක් දෙනෙක් දැක්කේ ලෝබකමක් විදියට. හුගක් අය කිව්වෙත් මම ලෝබකම් කරනවා කියලා.ඒත් මම ඒක ගනනකටවත් ගත්තේ නෑ.මම කොහොමත් කවුරු නිසාවත් මගේ ජීවිතේ තියෙන රටාව වෙනස් කරන ගන්න අකමැති කෙනෙක්.ඒ කියන්නේ බට්ටි ටිකක් නෙවෙයි හුගක් හිතුවක්කාර තනි මතයට වැඩ කරන කෙනෙක්. සමහර තැන් වලදී මේක වැරදී කියලා මටම දැනිලා තියෙනවා.ඒත් බොහෝ තැන් වලදි  බට්ටි සාර්ථකයි. 

ගෙදර ඉන්න කාලේ ගෙදර හිටිය මහ බැංකුව තමයි මම.ගෙදර අයට හදිස්සියට සල්ලි නැති වුනහම ජොබ් එක්කවත් නොකර ගෙදර ඉන්න මගෙන් තමයි අතමාරුවක් ඉල්ලන්නේ.ඒ  වෙලාවට ඉතිං පොඩ්ඩක් අගේ කරන්න ඕනි නිසා මම නම් කියන්නේ ගන්න විදියක් නෑ ඩිපොසිට් කරලා තියෙන්නේ කියලා.ජොබ් එක්කවත් නොකර එහෙම කීයක් හරි ගෙදරට ඕනි වෙලා දෙන්න ලැබුනාම හිතට දැනෙන පිට් එක ගැන නම් ලියන්න වචන නෑ මං ලග.

ඉතිං ඔය විදියට සකසුරුවම්කම ගෙදර කාටවත් නැති විදියට මට උරුම උනා.ඒත් දැන් හිතද්දි හිතෙනවා මේ මම කරන ක්‍රම සාර්ථක නෑ නේද කියලා.ගන්න පඩියෙන් භාගයක් තියා එක 1000ක් ඉතුරු කරන්න බැරි මාස එන්න පටන් ගන්නව නම් ඒ ක්‍රම කොහොමත් අසාර්ථකයි නේද ? 
දහ අතේ කල්පනා කරලා බැලුවා විකල්ප ක්‍රම.සාතන් අයියත් මගෙන් මේ ගැන ඇහුවාම මම කිව්වෙත් මෙන්න මේමයි මම කරන්නෙ කියලා.එයා කරන්නෙත් ඒ විදියටමයි.එයා කියන විදියටත් ඒක සාර්ථක නෑ.ඉතිං අසාර්ථක  ක්‍රමයක් තියෙද්දි කොහොමද ඉදිරිය ලස්සන කරන්නේ. 

සමහරු කියනවා සීට්ටු දාන එක හොදයි ඒකෙන් ඉතුරු කරන්න පුළුවන් කියලා.පෞද්ගලිකව මම නම් සීට්ටු වලට කැමතිම නෑ.ඇයි දන්නෙ නෑ ජීවිතේට තවම එකම එක සීට්ටුවකටවත් ගිහින් නෑ.සමහර විට ගමෙන් පිට රැකියා කරන නිසා වෙන්න ඇති.කොළඹ හිටියා කියලත් නෑ.ඕන තරම් කට්ටිය සීට්ටු වලට කතා කරනවා.ඒත් ඒවගේ තියෙන අවදානම වැඩි කියලයි මට හිතෙන්නේ. එකෙන් මේකෙන් වක්කඩේ හකුරු හැංගුවා වගෙත් වෙන්න පුළුවන් නේද?

එක එක තරාතිරමේ එක එක අදහස් දරන හුගක් යාළුවෝ ඉන්නවනේ. ඉතිං මම කැමතියි ඒ අයගෙන් උපදෙස් ගන්න.මං හිතනවා මේක මට වගේම අනිත් අයටත් ප්‍රයෝජනයත් වෙයි කියලා. 

65 comments:

  1. මම එක ඉතුරු ටික පස්සෙ කොමෙන්ට් කරන්නම් :P

    ReplyDelete
    Replies
    1. අනේ දෙයියනේ ඉතුරු කරනම කෙනෙක් තමයි එක වෙලා තියෙන්නේ... :P ඔන්න ෆාති අක්කි ඔයාට මගෙන් පෝස්ට් එකටම අදාල විදියේ තෑග්ගක්..හැබැයි මේක ඉක්මනින්ම පුරවන්න ඕනි...‍හොදද?

      [im]http://www.moochstore.co.uk/media/catalog/product/cache/1/image/9df78eab33525d08d6e5fb8d27136e95/1/1/110116044621-0158_red_apple_money_box.jpg[/im]

      Delete
  2. කරුණාවන්ත බට්ටි ගෙදර අයගෙ මුදල් හදීසියට පිහිට වෙන බැංකුවක් වගේ ඉඳලා තියනවා නෙ ඔයා, හරිම සතුටුයි ඔයා ගැන.
    සීට්ටු දාලා ඉතුරු කරන එක නම් හොඳයි බට්ටි, ඒත් අඳුරන විශ්වාසවන්ත කෙනෙක් වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ෆාති අක්කි..හ්ම්ම්. කොළඹ ඉතිං විශ්වාස වන්ත අය ඉන්නේ කීයෙන් කීයද.

      Delete
  3. මම නම් කියන්නෙ හොඳ තැනක ආයෝජනේ කරනවා නම් හොඳායි........

    ReplyDelete
    Replies
    1. ආයෝජනය කරන්න කලින් මුදලක් ඉතුරු කරලා තියෙන්න ඕනිනේ...

      Delete
  4. අන්තිමට ගත්ත දේකුත් නැ සල්ලිත් ඉවරයි.එහෙම හිතුණ අවස්ථා තිබුණා.මුදල් වියදම් විම පිළිබඳව මම එතරම් හිතන්නේ නැ.ඊට වඩා වියදම් කර එයින් ලැබෙන සැනසුම අප්‍රමාණයි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ඒත් ගයනි යුතුකම් හා වගකීම් කියන දේ එක්ක අපිට එහෙම හිතලා නිදහස් වෙන්න බෑ නේද?

      Delete
  5. මොනවා කරන්නද බට්ටි.. මටත් සල්ලි ගැන හැඟීමක් තිබ්බේ නෑ බඳින කම්ම.. ජොබ් එක කරන කාලේ මට ඕනේ දේවල් ( ෆිල්ම්ස්, පොත් තමයි ඉතිං) ගන්න කීයක් හරි අතේ තියාගෙන ඉතුරු ටික අම්මට දුන්නා... ඒත් බැන්දට පස්සේ මාසේ පඩියෙන් ජීවත් වෙන්න ගියාම තමයි තේරුනේ ඔලුව බේර ගන්න තියෙන අමාරුව... ඊට පස්සේ මාත් ලිව්වා පොතක හැම බිලම... තිතට ගනං හැදුවා.. ඒ දවස් වලත් හම්බුවෙන ගානට මැනේජ් කළා... ඒත් ඒක දිගටම කරගෙන යන්න අමාරු උනා...

    දැං මං කරන එක දෙයක් තමයි සල්ලි හම්බුන ගමන් ගෙවන්න තියෙන ඒවා වල ගාන පැත්තකට කරන එක.. රෙන්ට් එක, බිල් ටික.. ඊට පස්සේ මාසෙටම ඕනේ කරන හාල්, පිටි, සීනි, තේ කොළ වගේ ජාති ටික අරන් එනවා.. ඊළඟට තමයි අනිත් ඒවා... ඇයි අපේ මහත්තයාගේ බයිසිකලේ පෙට්‍රල්.. හප්පා.. ඒ ටිකත් අයින් කරනවා.. කෑම කෙසේ වෙතත් ණය නම් තියාගන්නෙ නෑ.. බිල් කියන්නෙත් ණය නේන්නං... හි හි.. ඉතුරු ටික දාහක් විතර අතේ තියාගෙන ඒටීඑම් කාඩ් නැති බෑන්ක් එකවුන්ට් එකට දානවා.. ( බැංකුව ළඟ පාත තියෙන්‌නේ... ) හි හි.... කොහොමහරි හම්බුවෙන ගානෙන් මැනේජ් කරනවා.. හැබැයි ඉතිං වෙඩිමක් වගේ සෙට් උනොත් නම් බැංකුවේ දාපු ටික ගන්න වෙනවා.. හි හි... ( මං කරන්නේ පුළුවන් තරම් වෙඩින් වලට අපේ මහත්තයව විතරක් අරින එක.. මටනේ අප්පා ගාන වැඩිපුර යන්නේ... හි හි)

    සීට්ටු ගැන නම් මම දන්නේ නෑ බට්ටි.. මට ඒ ගැන එච්චර තේරුමක් නෑ...

    ReplyDelete
    Replies
    1. මමත් හැමදාම කරන දෙයක් තමා පඩි සල්ලි ලැබුන ගමන් අම්මගෙ කොටහත්,ගෙවල් කුලියත් , වතුර , ලයිට්, ඉන්ටර්නෙට්,ෆෝන් බිල් වලට යන ඒවා අයින් කරන එක. එතැනින් පස්සෙ මුළු මාසෙටම මට ඕනෑ කරන ප්‍රමාණයට විතරක් අවශ්‍ය වියළි බඩු භාණඩ ගන්නවා. ඊට පස්සෙ ඉතිරි වෙන්නෙ එළවලු , කරවල , මස් මාළු වගේ ඒවට විතරනේ.. ඒකට ඇතියි කියලා හිතන ප්‍රමාණය විතරක් එකපාර අරගෙන තියාගන්නවා. ඊට පස්සෙ ඉතිරි වෙන කොටස තමා ඉතිරි වෙන්නේ.

      ඔය මොනා ඉතිරි කලත්, ආපහු ගන්න වෙන අවස්ථා ඕනෑ තරම්..ගෙදරට ඕනෑ උනාම, මළ ගෙවල් , මඟුල් ගෙවල් වගේ ඒවා ආවම ගන්නම වෙනවනේ..

      හැබැයි මාසෙකට කීයක් හරි ඉතිරි කරනවාමයි..

      මම කවදාවත් සීට්ටු නම් දාලා නෑ. හැබැයි හුඟාක් දෙනා කියන කතාවක් තමා රත්තරන් ලාබ කාලෙට රත්තරන් අරන් තියා ගන්න එක හොඳයි කියන එක. ඇත්තටම ඒක හොඳ ආයෝජනයක්. පහුගිය කාලේදී මම ඒකේ වාසිය ලැබුවා..

      Delete
    2. @ හිරු අක්කා
      මට වෙලා තියෙන්නේ අක්කේ තුන් වේලම කඩෙන් කන්නේ. එවෙලෙට සල්ලි දීලා තමයි ගන්නේ. ඉතිං හැමදාම එළවලු කෑම කන්නත් බෑ. එහෙම උනාමි ඉතිං සැලැස්ම පිට යනවා. ඒක තමයි මට වෙලා තියෙන ලොකුම ගැටලුව.
      ස්තූතියි අක්කියෝ ඔයාගේ අදහස් වලට.

      @ ළිහිණි අක්කා
      මම අහලා තියෙනවා රත්තරන් බඩු හදනවට වඩා රන් කාසි අරන් තියා ගන්න එක හුගක් හොදයි කියලා.මොකද ඒවට වැඩ කුලී එහෙම නැති නිසා. ඇරත් රත්තන් බඩු හැදුවත් දැන් කාලේ ආසාවකට පාරේ දාන් යන්න පුළුවන්ද? රෑ මහ දවල් කියලා වෙනසක් නෑ බෙල්ල කපලා හරි රත්තරන් බඩු කඩන් යනවා.

      Delete
  6. තාම ඉගෙන ගන්න නිසා දන්නෑ අක්කෝ,, උත්තර දෙන්න..

    ReplyDelete
    Replies
    1. ඒ ඔය බොරු හරි..මම ඉගෙන ගන්න කාලේ ඉතුරු කලා ‍මීට වඩා

      Delete
  7. මම නම් මාසේ වියදම දළ වශයෙන් හිතාගෙන මුලින්ම කොටසක් ඉතුරු කරන්න වෙන්කරගන්නව. වියදමට තියාගන්න ටිකෙන් කොහොම හරි මාසෙ වියදම් ටික කවර් කරගන්න පුලුවන්. එහෙම නැතුව මාසෙ අන්තිමට ඉතුරු කරන්න හිටියොත් ඒක වෙන්නෙ නෑ. මොන දේ උනත් මාසෙකට කීයක් හරි ඉතුරු කරගන්න මම නම් උත්සහ කරනව :)

    ReplyDelete
    Replies
    1. Thats grate 100% posibal idiya ,im using same

      Delete
    2. Chams & rasika
      මමත් පඩි ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම මුදලක් දානවා පොතට. ඒත් විවිද ගැටළු නිසා ගන්න වෙනවා. හුගක් වෙලාවට ම‍ගේ දේවල්නෙවෙයි.

      Delete
  8. ඉතිරියක් කියලා කොරා නම් මෙහෙම ඉන්නවද? එව්වා නම් වානාම තමා :/

    ReplyDelete
    Replies
    1. ඔය ඔය ඉතිං හැදෙන්න හිතන්නෙම නෑ නේද? ඔහොම නම් බෑ රෙපා...

      Delete
  9. අප්පේ මේ සෑහෙන පරන සීන් එකක් නේද?... මට තිබුන ප්‍රශ්නෙ සමහර උදවිය සාමාන්‍ය පඩියක් ගන්න රස්සාවක් කරල දවස ගානෙ හොඳට අත දිගඇරල වියදම් කරන ගමන් ණය නොවී ඉන්නෙ කොහොමද කියන එකනෙ... සෑහෙන කට්ටියගෙන් ඕකට උත්තර අහ අහ ගිහිල්ලා ඒ හැමතැනකින්ම ලැබුන උත්තරේ තමා ඒ හැම කෙනෙක්ම රස්සාව කරන අතරෙ කරන පොඩි වැඩ වලින් අමතර ආදායමක් ගන්න එක (අල්ලස් නෙමෙයි ඕන්).. උදාහරණෙකට ගැෆික් ඩිසයිනිං කරන එකෙක් ජොබ් එක කරන ගමන් කාගෙ හරි ලෝගො එකක් ඩිසයින් කරල අමතර ගානක් ගන්නව වගේ... ඒවයින් තමා එදිනෙදා ෆන් ගන්න අනං මනං වැඩ කෙරෙන්නෙ... ඉතිං පඩියෙන් සෑහෙන කොටසක් ගෙදර දේවල් වෙනුවෙන් ඉතුරුම් වෙනුවෙන් අයින් කරන්න චාන්ස් එක ලැබෙනව... ඒත් හරි කළමණාකරණයක් නැති එකෙන් දවස ගානෙ ෆන් දැම්මත් ඉතුරුවක් නැති අයත් ඉන්නව...

    ඉතුරුම් කියන කාරණේ (මේ වෙද්දි මාස 5ක් අත්හදා බලල වැඩේ සාර්ථකයි)
    ගොඩක් වෙලාවට මාසෙ වියදම් ටික කරලනෙ ඉතුරු වෙනවද බලන්නෙ... ඔතන ට්‍රික් එක දෙපැත්ත මාරු කරන එක... මුලින්ම ඉතුරු කරන ගාන තීරණය කරල වෙන් කරනව... ඉතුරු ගාන තියෙන වියදම් එක්ක ගලපලා බැලන්ස් කරනව...
    ඕකෙදි මම මුලින්ම කලේ සාමාන්‍ය පාවිච්චි වෙන බැංකු ගිණුමට අමතරව තව ගිණුමක් පටන්ගත්තා... ගොඩක් හොඳයි ඒ ගිණුමට ඒ ටී එම් කාඩ් එකක් නොගෙන ඉන්න එක... පඩිය ආපු දවසට ඉතුරු කරන්න තීරණය කරල තියෙන ගාන ඒ ගිණුමට බැර කරනව... ඊට පස්සෙ එහෙම එකවුන්ට් එකක් තියෙනව කියල මතක් කරන්නෙ ඊළඟ පඩි දවසට... ඉතුරු කරන ගාන අනිවාර්යෙන් පඩියෙන් 10%ක් හෝ ඊට වැඩි වෙන්න ඕන... මම නම් හැමතිස්සෙම ඒක 30%කට උඩින් තියාගත්තා (තනිකඩයනෙ)... ආයෝජන වලට යොමුවෙනව නම් ඒක සිද්ද වෙන්නත් ඕන අනිවාර්ය ඉතුරුම් කියන එක වෙන් කලාට පස්සෙ ඉතුරුවෙන සල්ලි වලින්.. මේක කරන එක මුල් මාසෙ දෙකේ නම් අමාරුයි... ඒත් නිශ්චිත අරමුණක් තියෙනව නම් කරන්න බැරි කමක් නෑ...

    මොක කලත් දවස ගානෙ තමන්ගෙ සල්ලි එහෙ මෙහෙ කරන එව්වා රෙකෝඩ් තියාගන්න එක නම් අනිවාර්යයි... ඒ වගේම මාසෙ කරල තියෙන වියදම් ගැන විශ්ලේෂණය කරල බලල අනවශ්‍ය දේවල් කප්පාදු කරන්නත් වෙනව...

    (මාස 5 ඇතුලත ප්‍රගතිය ගත්තොත් 45,000 - 50,000 අතර ගානක් එකවුන්ට් එකේ එකතුවෙලා තිබුනා... ඒකට පහුගිය කාලෙ වුන වැටුප් වැඩිවීම් එහෙම වැඩිවීමක් වුනේ නෑ කියල හිතාගෙන සේවින්ස් එකවුන්ට් එකට ගෙඩි පිටින් එකතු කරපු එකත් හේතුවක්... )

    ReplyDelete
    Replies
    1. මේ ‍පෝස්ට් එක ලියන්න පටන් ගත්තේ එදා ඒ ගැන කතා කරපු දවසේ අයියේ.මාස ගානක් යනකල් ඉතුරු ටික ලියන්න බැරුව ගියා. මගෙ හිතේ ඒ තරම් පුස් කකා ලියපු පළවෙනි පෝස්ට් එක තමයි ඒක.
      හොරා මට කිව්වෙවත් නෑ මෙහෙම කරනවා කියලා. අනිවාර්යයෙනම් මාත් මේ අවුරුද්දෙ ඉවර වෙද්දි ලොකු ගානක් ඉතුරු කරනවා. හැමදාම බෑ බෑ කිය කිය හිටියොත් බෑම තමයි.

      ස්තූතියි සාතන් අයියේ, එදා ඉදන් අද වෙනකල් කිසිම වෙනසක් නැතුව හොද නකර කියල දෙන එකට.

      Delete
  10. අපිට ඉතිරි කරන්න පැදියක් කොයින්ද අක්කියෝ .. :ප් පැදියක් හම්බුනහම බලන්නම් ;)

    ReplyDelete
    Replies
    1. ඔහොම කිව්වට ඔට්ටු නෑ....

      Delete
  11. මටත් කියන්න තියන්නේ මේක ලගින් යන කතාවක්...කව්රුත් විස්වාස කරයිද මන්දා...මන් 5 පන්තියේ ඉදලා මේ වෙනකම් වියදම් කරපු හැම සතයක්ම පොතක ලියන් ඉන්නේ(කාපු ටොෆි එකක් පවා)...අපේ අයත්,යාළුවොත් ඒ පොත දැක්කම පිස්සලු,ලොබයාලු,ඒ උනාට මට දැන් තමා එකේ වටිනාකම තේරෙන්නේ...ඉස්සර වියදම් දැක්කම හිනත් යනවා...එත් එකේ ලොකු වටිනාකමක් තියන විත්තිය ගොඩක් අය කියලා තියනවා...මෙහෙම දෙයක් අහන්න ලැබුනම මටත් ගොඩක් සතුටක් ඇති උනා...මට මන් ගැනම ආඩම්බරයි....

    ReplyDelete
    Replies
    1. (කාපු ටොෆි එකක් පවා)..
      anuradha wage mamath kapu toffee1 pawa liwwa .samaharunta hithei pissu kiyala.
      namuth eka godak wadagath una. mehemai liwwe.meke wadagathkama gana tharka karanna enne naha kawruth, eyath mehema liwwanam.edinedaa newei godak kaalekata passe unath meke watinaakamak danenawa
      02-26// 300(che)+ 15past+22 potel+ 7bs+1hx=545...
      02-27// 3gel+300(samare)+12 photo cpy

      Delete
    2. අපි අනිත් අය කියන විදියට අපේ රටාව වෙනස් කර ගත්තෙත් අපිට අපි නැතුව යනවා. හැබැයි වරදක් කිව්වොත් ඒක හදා ගන්න ඕනි ඒක වරදක් නම් විතරක්.
      අනූ ජීවිතේ ගැන ගැඹුරෙන් හිතන කෙනෙක්.සතුටුයි ඒගැන.

      Delete
  12. ඒ කාලේ හම්බ වුණානම් අනිවා බඳින්නේ බට්ටිවම තමා..චි අපරාදේ නාකි වුණේ..

    ReplyDelete
    Replies
    1. ඉන්න හම්බවෙන්නෑ.හොද වෙලාවට පරක්කු වෙලා අම්මා මාව මේ ලෝකෙට ගෙනාවේ. :P

      Delete
  13. මට ඉතුරැ කරන්න තාම කියක්වත් ලැබෙන්නෙ නැ.

    ReplyDelete
    Replies
    1. එතකොට වියදම් කරන්න ??????????:P:P

      Delete
  14. මමත් ඉතුරුනම් කරනවා පුළුවන් විදියට. මම කරන්නේ ඔක්කොම දේවල්වලට ගෙවන්න තියන බිල් ගෙවලා මාසේ අන්තිමට ඉතුරු වෙන කීයක් හරි සේවින්ග්ස් එකට දාන එක. සීට්ටු දාන එක ගැනනම් මගේ එච්චර පැහැදීමක් නෑ. එහෙම ඕන වෙන්නේ නෑ තමන්ටම හිතලා ඉතුරු කරගන්න පුලුවන්නම්. කාටවත් ණය තියාගන්න එකත් මම ආසම නැති වැඩක්. තමන්ට පුළුවන් විදියට ණය නොවී ජිවත් වෙන්න පුලුවන්නම් එච්චර තමා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ලොකු අක්කේ. මමත් සාම්ප්‍රදායක් විදියට කිසිම කෙනෙක්ගෙන් ණය නම් ගන්නෙ නෑ. ණයක් ඉල්ලන එක හරියට ඇගෙන් ඇ‍ටයක් යනවා වගේ වැඩක්. දෙයියනේ කියලා ණය වෙන්න නම් හේතුවක් ඇති වෙලාම නෑ.

      Delete
  15. මාත් පඩි පත ලැබුනගමන් කරන්නෙ බිල් ටික ගෙවා ගෙන යන එක . ඒවගේම මාස් පතා නියමිත මුදලක් වෙන ගිනුමකට දානව . මේ ගිනුමට නම් ඒ ටී එම් කාඩ් එකක් නෑ . අතර මගදිත් ඔය පොඩි චාන්ස් වැදෙන ඒවත් මේ ගිනුමට බැර කරනවා .

    ඒ වගේම බට්ටි දන්නවනෙ මගෙ විනෝද චාරිකා වලටත් සෑහෙන මුදලක් යනවා . මම නිතර විනෝද ගමන් යන කෙනෙක්නෙ . මම හිතන්නෙ අපි කොච්චර සල්ලි ලැබුනත් වැඩක් නෑ යම් ඉතුරුවක් නැත්නම් . හදිසි අවස්ථාවක අන් අය පස්සේ යන්නෙ නැතුව තමන්ට යම් මුදලක් ඉතිරි කර ගත හැකිනම් ලොකුම දෙයක්. අද මම මේ වගේ නිදහසේ , සතුටින් ඉන්නෙ ඒවයේ ප්‍රථිඵල නිසා .

    ReplyDelete
    Replies
    1. ඒකනේ මම අක්කගෙන් අයින් වෙනවා කිව්වහම ඇහුවෙ එතකොට ඔයාට ජොබ් නැතුව සල්ලි කෝ කියලා.එතකොට ඔයා කිව්වේ ඉතුරු කර ගනිපුවා තියෙනවා බට්ටි කියලා.හේ හේ ඉතිං දැන් මෙයා සැදෑසමය විවේකයෙන් ඉන්නවලු නේද ? :P:P

      Delete
  16. තාම ඉතින් අම්ම තාත්තා එක්ක ඉන්න තනිකඩයා නිසා ඒ හැටි වියදමක් නැති හින්ද කීයක් හරි ඉතුරු කර ගන්න පුලුවන්. ඒත් වියදම් වැඩි වන කාලෙට ඔය ප්‍රශ්නෙම මාත් අහයි. කොහොම වුනත් තමන්ගෙ තරමට ලද දෙයින් සතුටු වෙන්න පුලුවන්, චාම් ජීවිතයක් තියෙන කෙනෙක් නම් එතරම් අමාරුවක වැටෙන එකක් නෑ.

    බට්ටි කල විදිහට විය හියදම් ලියා ගන්න එක නම් වටිනවා, මොකද මාසෙ අන්තිමට ඒ දිහා බලල ඊලඟ මාසෙට පොඩි ප්ලෑනක් හදා ගන්නවත් පුලුවන්නෙ. වියදම් වැඩියි නම්, අනවශ්‍ය වියදමුත් නැත්නම් අමතර අදායමක් ලබා ගන්න ටිකක් මහන්සි වෙන්න වෙනවා.
    සීට්ටු ගැන නම් මගේ යහපත් ආකල්පයක් නෑ, ඒ ගැන වැටහීමකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් වියදම් ලිව්වට පස්සෙ අපිට මේ මාසේ පඩියට උනේ මොනවද කියලා ගැටළුවක් වෙන්නේ නෑ...හරියටම තිතටම තියෙනවා. ඉස්සර අම්මා ඇහුවොත් මොනාද සල්ලි වලට උනේ කියලා මම පොත දිග ඇරගෙන කියවනවා. ඉතිං අම්මා කියනවා අම්බෝ ඇති ඇති ඔය හොදටම ඇති කියලා.

      Delete
  17. ඉතුරු කලා ඉස්සර.... දැන් ඉතින් පඩි නෑනේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇයි දැන් අර සයිට් වල වැඩ කරන්නෙ මහජන සේවයක් විදියටද සජෝ...

      Delete
  18. මට තාම නෑ නෙ අයිඩියා එකක් ඔය ගැන බැන්ද කාලෙක හිතන්න ඕනෙ.බට්ටිගෙනුත් උපදෙසක් ගන්න බැරියා එතකොට නේ..

    ReplyDelete
    Replies
    1. දැම්ම ඉගෙන ගෙන බදින්න ගියා නම් නලකද ආ...එතකොට මහත්ත‍යගේ පඩි පැකට් එක ඔයාටම හැඩල් කරන්න තිබුනා..අනේ ඔන්න වෙන්න මහත්තයට නම් කියන්න එපා මම මෙව්වා ඔයාට කියලා දුන්නා කියලා හරිද?

      Delete
    2. අනේ .. එහෙමත් පාවදෙනවද මං ඈ..
      එහෙනම් ඔන්න සාත්තරේ කියලා දෙන්ඩ හොදෙ

      Delete
  19. මම නම තම පඩි ගතේ නේ.මේ මාසෙත් පඩි හම්බවෙන්නේ නේ.ලබන මාසේ තමයි හම්බවෙන්නේ.එතකොට අවුරුද්ද?ඒ ලග මසේවත් බලමු

    ReplyDelete
    Replies
    1. ඊලග මාසේ වෙසක් එක.කූඩු හදන්න සල්ලි ගියා කියයි එපාර

      Delete
  20. මට නම් ගොඩක් වියදම් යන්නේ යාළුවොත් එක්ක පාර්ටි දාන්න තමා ඊට අමතරව මම හිතුන හිතුන දේවල් ගන්නවා කැමරාවක් ලැප්ටොප් එකක් ඔය වගේ දැන් මාස 4 ක ඉදන් එක්සෙල් ෂිට් එකක් අප්ඩේට් කරනවා සතෙටම ලියනවා සැහෙන ප්‍රගතියක්‌ තියනවා. මම ගොඩක් වෙලාවට කරන්නේ කවුරු හරි සල්ලි නයට ඉල්ලපු ගමන් දෙනවා එතකොට ඊලග පඩිය එනකම් ඒ සල්ලි තියනවා ඊට අමතර ඔෆිස් එකේ කොටස් වගයකට පඩියෙන් කැපෙන්න හැදුවා

    ReplyDelete
    Replies
    1. කොළඹ ඉන්න නිසා පාටි වලට නම් යෑ.ගමේ තමයි යාළුවෝ ඉන්නේ.නිවාඩු ප්‍රශ්න නිසා එයාලගේ වෙඩින් වලට පවා යන්න බැරුව ගියා. යාළුවෝ එක්ක මම ඇදුම් ගන්න නම් යන්නෑ.එහෙම ගියොත් අපේ බජට් එකට වඩා වියදම් වෙනවා. එයාලා හොදයි කියන ඇදුම් ගන්න ගිහින්.

      Delete
  21. සල්ලි ඉතුරු කරන එක ලේසී..ඒත් හම්බකරන එක තමයි අමාරු බට්ටි...

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමයි කසුන් අයියා

      Delete
  22. අනිවාර්යයෙන්ම මේ මාසේ ඉඳල කොලයක ලියනවා..එතකොට මාසේ අන්තිමට කරපු ගොන් වැඩ ටික හිතාගෙන ඊළඟ මාසේ ඉඳල මිනිහෙක් වෙන්ට පුළුවන්..අනික තවදෙයක්..මිනිස්සුන්ට සල්ලි නයට නොදෙන එකත් එකතුකලනම් මරූ ..අම්මෝ..

    ReplyDelete
    Replies
    1. නියමයි. ඔයා එහෙම කරන්න එතකොට ඇත්තටම සතුටු හිතෙයි මාසේ අන්තිමේ.අම්බෝ ණය දෙන එක නම් ඒ තරම් හොද නෑ..සමහර විට ඒ ණය නොලැබෙන්න පුළුවන්. එක්කෝ කොටස් වශයෙන් ලැබෙන්න පුළුවන් එහෙම උනාම අපිට වෙන්නේ අතේ තිබුණ සල්ලි ටික අහිමිවී යෑම.

      Delete
  23. ඉතුරු කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ අනේ...:(

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා පුළුවන්ද ආ...?

      Delete
  24. අනේ මම නම් තවම හම්බ කරන්නේ නෑ. ඒත් වියදම් නම් අන්තිම සතේට වෙනකම් හැමදාම ලියනවා. දවසක් ඒ ලියපු පොත් වගයක් හොස්ටල් එකේදි යාළුවෙක්ට හම්බ වෙලා බයිට් කළා මාස ගාණක් සල්ලි පොළියට දීපුවා ලියලා කියලා.

    ReplyDelete
  25. මම නම් සාමන්යෙන් ඉතුරු කරන්නේ නෑ බැංකුවල අවුරුදු ගණන් දාලා. ...ඉතුරු කරන්නේ මොකක් හරි ටාර්ගට් එකකට...ඒක සම්පුර්ණ වෙනකම් ඉතුරු කරනවා..(බැංකුවක තමයි, ගොඩක් වෙලාවට අවුරුද්දක්). ඒක ඉවර වුනාම තව ටාර්ගට් එකක් හදාගෙන ඒ වෙනුවෙන් ඉතුරු කරනවා...ඔන්න ඕකයි මගේ තියරිය. ඒත් ඉතුරු කරන එකේ වටිනාකම දැනෙන්නේ කොතන හරි එකපාරට හිරවුනාම.

    ReplyDelete
  26. මට මාසයක් ඉතුරු කලොත් මාස දෙකක් වියදම් කරන්න වෙනවා.

    ReplyDelete
  27. පඩි නෑ අක්කෙ තාම වියදම් කරන්න...

    ReplyDelete
  28. හොඳ අදහස් ටිකක් තියෙනවා. එත් මට හිතෙන විදියට ඉතිරි කිරීම කියන වචනයේ වැරද්දක් තියෙනවා.ඒකට කියන්න ඕනෑ තමන්ටම ගෙවනවා. කියලයි. අපි ලැබෙන ආදායමින් අනික් ඔක්කොටම ගෙවනවා.ගෙදරට ,විදුලියට, බස් එකට, ඉන්ධන,..... නොසැලකිල්ලෙන් හිටියොත් හොරුන්ටත් ගෙවනවා (පොකට් එක හොරු ගන්නවා) එතකොට අපි අපිටම කියක්වත් ගෙවා ගන්නේ නැද්ද? ලැබෙන ඔක්කොම අපිටම ගෙවා ගෙන අදින්න පුබ්බකයෙක් වෙලා ඉන්න බැනේ.1/10ක් ගෙවා ගත්තොත් ඒ ඇති. ඒක කරන්නට ඕන අනෙක් ඔක්කොම ගෙවීම් කිරීමට ඉස්සර වෙලාමයි. මාස 10ක් යන කොට වියදම් කරන්න ඕන නැති මාසෙක පඩියක් පොකැට් එකේ තියෙන කොට හිතට කොච්චර හයියක් එනවාද යන්න අත්දැකීමෙන්ම දැන ගන්න ඕනෑ දෙයක්. 2/10 ක් නය වාරික ලෙසින් ගෙවන්න පුළුවන් තරමට විතරයි නය ගන්න ඕනෑ. පාරිභෝජනයට තියෙන්නේ 7/10 එකෙන් මාසයම බැලන්ස් කරන්න ඕන. මේ න්‍යාය මම ඉගෙන ගත්තේ (ප්‍රක්ටිස් කලේ) ධනවත්වීමේ නොවරදින රහස් කියල පරිවර්තනය කරලා තියෙන Richest man in the babylon කියන පොතෙන්.

    ReplyDelete
  29. මටත් තියෙන එකම ප්‍රශ්නේ අනූ අක්කටයි මදාරා අක්කටයි තියෙන ප්‍රශ්නෙ තමයි.ලිපිය අදාළ නොවේ නේ!

    ReplyDelete
  30. ඇත්තටම බට්ටි අහල තියෙන්නේ
    ඉතිරි කරන එකේ වැදගත්කම නෙවෙයි,
    ඉතිරි කරගන්නේ කොහොමද කියල නේද.
    කොහොම ඉතිරි කරන්න ගියත්
    පොඩි පොඩි ප්‍රශ්න මතු වෙනවා.

    ඉතිරි කරන්න ඕනි මාසේ අන්තිමට ඉතිරි වෙන
    එකෙන් නෙවෙයි.ඩීසල් බොන මැති-ඇමති-ප්‍රාඩෝ ,ඉස්සරහට යන අඩියක් අඩියක් ගානේ
    අපි හැමෝම පිට රටට ණය වෙන තත්වෙකදී ,
    රටට ඉතිරියක් වෙන්නේ නැති එක සාමාන්‍යයි . ඉතිං කතා දෙකක් නැහැ ,chms කිව්වා වගේ,
    සල්ලි වෙන් කරන්න ඕනි, පඩිය ගත්ත ගමන්..

    බැංකුවක දාන්න පුළුවන්\,
    ඒත් සල්ලි නැති උන හැම වෙලේම
    එකෙන් ගන්න තමයි හිතෙන්නේ .
    ඒ නිසා ස්ථාවර ගිණුමක (ෆික්ස් ඩිපොසිට් එකක්) දාන්න පුළුවන්.එතකොට අපිට හිතෙන හිතෙන වෙලාවට ඒවා ගන්න බැරි නිසා දාපු මුදල් ටිකනම් කොහොමත් ඉතිරි වෙනවා . ඒක ඉතින් හැම අතින්ම සුරක්ෂිතයි .පොලියත් හොඳයි.හැබැයි ඉතින් ගොඩක්ම ලොකු හදිසියකදී උනත් ගන්නනම් බැහැ.
    සීට්ටු දාන එක මමත් කරන්න හරිම බය දෙයක් .මොකද සුරක්ෂිතකම අතින් අන්තිමයි .අනික හිතවතුන් යාළුවො තරහ මරහ වෙන එකත් සීට්ටුවේ ආනිෂන්ශයන්ගෙන් එකක් තමයි .හැබැයි වැදගත්ම දේ තමයි ඒකෙන් "ඉතිරි කිරීමේ පුරුද්දනම් හොඳටම වර්ධනය වෙනවා ,මොකද අපිට මේ මේ මාසේ ඉතිරි කරන්න සල්ලි වෙන් කරන්න විදිහක් නැහැ කියල හිතමු . සීට්ටු දැම්මම ඒ කතා හරියන්නේ නැහැනෙ .තිබුනත් නැතත් වැඩි වියදම් කපා හැරලා හරි සල්ලි දෙන්නම වෙනවා .ඉතිරි කිරීමේ පුරුද්දෙන් අපිට මිදෙන්න බැහැ කොහොමටවත්.
    ලිහිණි කියපු කතාවනම් රත්තරන් . රත්තරන් අරන් තියා ගන්න එක .රත්තරන් ගණන් අඩු වෙනකල් ඉන්න ඕන නෑ .සල්ලි තියෙනවනම් අද ගත්තත් පාඩු නැහැ ,මොකද රන් මිල අනිවාර්යෙන් ඉහල යනවමයි.දැන් කාලේ පව්මක් කීයද කියල සර්ච් කරලා බලන්න . (කරකැවිල්ල වගේ ආවොත් ටක් ගාල ටී වී එක බලන්න .විනාඩි පහෙන් පහට මත්තල පෙන්නනවා.මත්තල මතක් උනහම ඔය ආර්ථික අහේනි ලෙඩ ඔක්කොම කම්මුතුයි.)
    හැබැයි ඒ ප්‍රශ්නෙ ම තමයි පරහකට හිට්ටෝත් හිටින්නෙ .මොකද අපිට පව්ම් බාගයක දෙයක් ගන්නත් සැහෙන්න කාලයක් ඉන්න වෙනව. වෙන ක්‍රමේකට ඉතිරි කරලා ඉතිරි කරලා ඉතිරි කරලා ඉතිරි කරලා ඉතිරි කරලා ඉතිරි කරලා ආයිත් ඉතිරි කරන්න වෙනව.හැබැයි ගත්තොත්නම් බැංකුවේ දාල පොලී ගන්නවටත් වඩා හොඳ ආයෝජනයක් .මොකද මොකද ගත්ත ගත්ත ගාන ගාන වගේ වගේ ඩබල් ඩබල් වෙනව වෙනව, ඩයලොග් එකේ වගේ .
    හදිසියකට "තියන්න'"ත් පුළුවන් .ඒ කියන්නේ උකස් .(උගස්).
    එකකොට තමන්ගේ "ඉතිරිය" නැති වෙන්නෙත් නැහැ .හදිසි සල්ලි අව්ශ්‍යතවෙත් පිරිමහෙනවා .

    මේ කොහොම උනත් සල්ලි ඉතිරි කරන්න පටන් ගන්න නම් ප්‍රාථමික ඉතිරි කිරීමේ ක්‍රමේ ගොඩක් හොඳයි.දැන් ඉතින් පොඩි කාලේ වගේ සතෙන් සතේ නැතිව ටිකක් ලොකු ලොකු ගණන් වලින් කැටේට දැම්මහම රත්තරන් ගන්න ඉලක්කෙට යන්න බැරි වෙන එකක් නැහැ.කිසි ප්‍රශ්නෙකුත් නැහැ .ලස්සන ලොකු කැටයක් ගත්තම පොඩි සල්ලි හදිස්සි වලට ඒක බිඳලා සල්ලි ගන්න හිතෙන්නෙත් නැහැ .""හිත"" තමයි එතැනදී වැදගත්......ලොකුම ලොකු හදිසියකට ,අද පෝයද ,බැංකු වහලද ,ඒ ටී එම් කාර්ඩ් එකක් නැද්ද ,කියල බල බලා ඉන්න ඕනෙත් නැහැ .මහා රැකට උනත් ,හරියට සල්ලි අතේ තියෙනවා වගේ .කැටේ පිරෙන්න පිරෙන්න ඉතිරි කිරීමේ රුචිය වඩ වඩාත් වඩවන නිසා ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය වෙනවා.ඕක වර්ධන බැංකුවටත් වඩා හොඳයි .සල්ලි නැතිම කාලවලදී, බැංකුවල,.. සීට්ටු වල,.. වගේ නෙවෙයි රුපියල් දහයේ කොළ උනත් දාන්න පුළුවන් කිසිම ලැජ්ජාවක් නැතුව.හරිම සරලයි.කැටේ බර වැඩි කරගන්න ආසනම් 9 ටිකට් එකට සල්ලි ගෙවන්න 10 කොලයක් දුන්නම කොන්දොස්තර "මහත්මයා" , ඉතිරි සල්ලි විදිහට අනිවාර්යෙන්ම ආපහු දෙන ඉතිරි රුපියලත් ඕකටම දාන්න . #@&10%^9*!!!

    මේ හැර වෙනත් ඉතිරි කිරීමේ ක්‍රම වේද තියෙනවා තමයි . ඒවා අසාර්ථක නිසා මේ ටික හොඳටම ඇති නේද .ඉතිරි කරන ක්‍රම වල වාසි අවාසි සහ හදිසියකට සල්ලි ගන්න ක්‍රම වේද ගැනත් ඔන්න මන් කිව්වා .

    ReplyDelete
  31. මනස සගරාවක් අරගෙන කියවල බලන්න.අදහසක් ගන්න පුලුවන්.....

    ReplyDelete
  32. මමත් අර එදිනෙදා වියදම් ලියන එකනම් කරනවා..ඉතුරුවක් කලත් නැතත් ඒකෙන් පුළුවන් අඩු ගානෙ වියදම් කලේ මොනවටද කියලවත් දැනගන්න.. නැත්තන් සල්ලි හම්බෙනවා විතරයි පේන්නෙ ආයෙ සල්ලි වල අගේ දැනෙන්නෙ පර්ස් එක හිස් උනාම අක්කි..

    ReplyDelete
  33. බට්ටියෝ බැයිද අත මාරුවක් ගන්න...ඉතුරු කරපු කාලෙක දෙන්නම්කො....:D

    කිරිල්ලිගෙ කමෙන්ටුවේ වියදම් ලියන වැඩේට මමත් එකගයි..අනවශ්‍ය වියදම් පුලුවන් තරම් කපන්න පුලුවන් ඒකෙන්..:)

    ReplyDelete
  34. මමත් මුලින්ම ජොබ් එකට ගියාට පස්සෙ මාස 6ක් වගේ යනකම් එදිනෙදා වියදම් item wise දාන excel sheet එකකුත්, සමරි එකක් දාන Monthly Budget excel sheet එකකුත් තියාගෙන හිටිය.
    http://www.vertex42.com/ExcelTemplates/personal-monthly-budget.html#help
    ඔය තියෙන්නෙ මාසික බජට් එකේ ශීට් එක බාගන්න ලින්ක් එකක්.

    මම මාසිකව එක එක දේට වියදම් ඇස්තමේන්තු කරල බජට් එකක් හැදුවා, ඊට පස්සෙ වියදම් වෙන විදිහට ඒකෙ වියදම් අප්ඩේට් කළා. එතකොට Budgeted and Actual අතර වෙනස බලාගෙන ඒ අනුව ඊලඟ මාසෙ ක්‍රියාත්මක වෙන්න පුළුවන්, අත්‍යවශ්‍ය නොවන ඒව අඩු කරගන්නත් පුළුවන්. නමුත් ඕක කරන එක අතෑරුන. අලුත් ජොබ් එකට ආවට පස්සෙ මාස ගාණක් හරි හමන් ඉතිරියක් නැතිව ගත උනා. ටික කාලෙකට පස්සෙ ඉතිරි කරන්න පටන් ගත්ත.

    මගෙ පඩිය එන්නෙ මගෙ එක් බැංකු ගිණුමකට. මම ඒ බැංකුවෙම eBanking භාවිතා කරනව. මගෙ ෆෝන් බිල්, ඉන්ටනෙට් බිල්, credit card බිල් ඔක්කොම හැන්ඩ්ල් කරන්නෙ ඒ බැංකු ගිණුමෙන්.
    ඉතින් පඩි ආ ගමන්, ඒ බිල් ඔක්කොම ගෙවනව.
    මම ඉතින් තනිකඩයනෙ. ලොකු වියදම් නෑනෙ. ඉතින් මම හරියට ඉතිරි කරන්න ගත්තු මුල්ම මාසෙ කළේ පඩියෙන් 1/3ක් මගෙ අනෙක් බැංකු ගිණුමකට ebanking හරහාම මාරු කරපු එක. ඊට පස්සෙ මාසෙ පඩිය ආවම ඒකයි, ගිණුමෙ ඉතිරි වෙලා තියෙන ගාණයි බලල අර මුල් මාසෙ ඉතිරි කළ ගාණට මේ මාසෙ අන්තිම වෙනකොට ගිණුමෙ ඉතිරි වෙලා තිබ්බ ගාණත් එකතු කරල අර දෙවැනි ගිණුමට දානව.
    යම් අවස්ථාවක් එනවනෙ මාසෙ ඉවර වෙනකොට මුල් ගිණුමෙ සතයක්වත් ඉතිරි නොවන. අන්න එතකොට අපි අන්තිමට දෙවන ගිණුමට බැර කළ මුදල තමයි අපිට සාමාන්‍ය තත්ව යටතේ මාසෙකට ඉතිරි කළ හැකි උපරිම මුදල.
    මේ ක්‍රමේ ක්‍රියාත්මක කරන්න. මුලින්ම පොඩි ගාණකින් පටන් ගන්න. රු.1000කින් වගේ. ටික ටික වැඩි කරන්න. ඒ අතරෙ අර වියදම් පොත ලියන්න, එතකොට අනවශ්‍ය හා අත්‍යවශ්‍ය නොවන වියදම් කපාහරින්නනාඩු කරන්න පුළුවන් වෙනවා.

    ReplyDelete
  35. මට රස්සාවට එද්දි ඉතුරු කිරීම ගැන මෙලෝ හසරක දැනුමක් තිබ්බෙ නෑ. පඩිය අතට ගත්තු ගමන් මොනවද කරන්න තියෙන්නෙ කියල ගත්ත හැමෝටම අඳුම්.

    ඊලඟ මාසෙ නම් ඒ සෙල්ලම කරන්න බැරි උනා.

    තාත්ත කිව්ව තාත්තට මේ ගාන දෙන්න කියල. මට මොකද කියල දුන්න මාත්.

    එදා ඉඳල අද වෙනකල් මගේ ඒ ගාන තාත්ත හැම මාසෙම අරගන්නව. ඒ සල්ලි පොත් දෙකක ඉතුරු කරල.
    මම නම් ඉතුරු කරන්න ගත්තෙ තාත්ත නිසා.

    මගේ හැමදේටම මට උදව් කලා වගේ මාව ඒ දේටත් නොදැනිම පුරුදු කලා.

    පඩියෙන් තුනෙන් එකක් වගේ ඉතුරු කරන්න නිකන්ම පුරුදු උනා.

    ReplyDelete
  36. මට නම් ඔය ඉතුරු කරන එක කවඩාවත් කරන්න පුලුවන් උන දෙයක් නෙමෙයි.. කොච්චර හම්බ කලත් ගෙදර වියදම දිහා බැලුවම ඉතුරු කරන්න දෙයක් තිබුනෙ නැහැ... අතෙ සල්ලි ඉතුරු උනොත් වෙන කෙනෙකුට දෙන්න හරි සිද්දවෙනවා.... ඉතින් මම කලේ පුලුවන් තරම් සීට්ටු දාන එක.... මම වැඩක් කරගත්තානම් සීට්ටුවලින් තමයි... සීට්ටුවක් කියන්නෙ වගකීමක් විදිහටයි මම දකින්නේ... දීලා දානකම් ඉවසුමක් නැහැ.. විස්වාසවන්ත කට්ටියකට සෙට් උනොත් සීට්ටුවක් දාන එකේ වරදක් මම නම් දකින්නෙ නැහැ...

    ඉස්සර අපේ අම්මා කියනවා... අතේ ඇඟිලි අතරේ හිඩැස් තියන අයට සල්ලි ඉතුරු කරන්න බැහැ කියලා...

    ඉතින් මම වගේ අයට වියදමක් විදිහට ඉතුරු කරන්න තියන හොඳම ක්‍රමර තමඉ සීට්ටු දාන එක..

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් මහත් උනා නම් එහෙනම් ඔයාට ඉතිරි කරන්න තිබ්බ. :D
      සීට්ටු හොඳයි, නමුත් කරදරයක් වෙන වෙලාවලුත් තියෙනව. හොඳ කට්ටියක් සෙට් උනොත් අවුලකුත් නෑ.

      Delete