අම්මා වෙත
අවුරුද්දට ගමට ඇවිත්
ඔංචිලි වාරම් පදින්න
අම්මේ තව දවස් තුනයි
නැහැ විසුමක් එය ගෙවන්න
හැමදාමත් නෑදෑයෝ
සරදම් කලේ කෙට්ටු කියලා
මේ ගමනෙදී මහත් වෙලයි
ඔන්න අම්මේ මං එන්නේ
තාත්තගෙ බීමත්කමට
නෑයෝ සාද නොදුන්නට
නාඩ ඉදින් මයේ අම්මේ
මං ඉන්නවා නේද නුඹට
අයියා අක්කා නැති අඩුවක්
නොදැනෙන්නට නුඹේ හිතට
පිස්සු නට නටා ඉන්නම්
අම්මේ මම නුඹේ ලගින්
අපි තුන් දෙනා ආදරයෙන්
එන අවුරුදු සමරමුකෝ
මත්වතුරට තිත තින්න
තාත්තාට කියන්නකෝ
ආදරයත් ගෝනි ගනන්
සංතෝසෙත් ගෝනි ගොඩක්
පුරවාගෙන මං එනවා
රස්සාවට තිත තියලා
//මේ ගමනෙදී මහත් වෙලයි
ReplyDeleteඔන්න අම්මේ මං එන්නේ//
මොකක්ද රහස :D ???
අවුරුදු නේද කියල මතක් උනෙත් කවිපද දැක්කට පස්සේ. ;)
හේ හේ එව්වා රහස් අනේ..ඒමත් කියනවද..
Deleteඅනේ අනේ හොද වෙලාවට ඒහෙනම් මම මේ පෝසට් එක කලින් දැම්මේ...නැත්නම් ඔය අවුරුදු ඉවර වෙනකල් දන්නෙම නෑනේ..
මෙන්න ඔයා අද එක උනාට අවුරුදු එන්න කලින් මගෙන් තෑගි...
[im]http://www.lakwimana.com/images/gingle%20wishes.jpg[/im]
හැමදාමත් නෑදෑයෝ
ReplyDeleteසරදම් කලේ කෙට්ටු කියලා
මේ ගමනෙදී මහත් වෙලයි
ඔන්න අම්මේ මං එන්නේ
හා කනව කනව ගිහින්.ගමම කාල මහත් වෙලා එනව..))))
සෑහෙන මහන්සියක් වෙන්න වෙනවා හැබැයි ගමේ යන්න.ඇයි අප්පා ගෝනිම කීයක් කියලා අරන් යන්නද?//ආදරයත් ගෝනි ගනන් සංතෝසෙත් ගෝනි ගනන්//හික් හික්..)))
කොහොම හරි සංතෝසෙයි ආදරෙයි පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මගේ අක්කියේ...සතුටින් අවුරුදු සමරලා එන්න!!!!
දැන් මහත් වෙලා ඉන්නේ පොඩ්ඩක් විතර..ගමේ ගිහින් කාලා කාලා තව මහත් වෙන්නම්කෝ..
Deleteඅනේ මේ නගා දන්නෑනේ මුකුත්ම කටුනායක එකෙන් නැගලා මත්තලින් බැහැලා එතන ඉදන් චොපර් එකක් අරන් යන්නේ...
දැම්ම සුභ පතන්න එපා අනේ ..අලුත් අවුරුද්දට එවනවා ආයෙම.
නියම කවිය බට්ටි..ශෝක්..සුභ අලුත් අවුරුද්දක් වෙවා...!!
ReplyDeleteස්තූතියි ටික්කා...ඔයාටත් කිරියෙන් පැණියෙන් එන අවුරුද්ද උතුරන්න කියලා ප්‍රාර්ථනා කරනවා... හැබැයි ඔන්න දෙපාරක් සුභ පතන්න වෙනවලු...
Deleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..... හැඟීම්බරයි
ReplyDeleteමොකක් උනත් කැහැටු ගතිය මඟ ඇරිලා මහත් උන එක හොඳයි :P
ස්තූතියි යාළු...
Deleteහරි හරි ඉතිං ඕකට කටුස්සි වගේ හිටියා කියන්න ඕන්නෑනේ සේරටම ඇහෙන්න... :/
නියමයි. අවුරුදු කවි පටන්ගන්න කාලෙ හරි කාටත්
ReplyDeleteස්තූතියි රාජ් අයියා...ඔව් ඔව් තව ටික දවසක් යද්දි අවුරුදු සිරියෙන් සයිබරය බබලයි...
Deleteඒක හොදයි බට්ටී...අනිව මහත් වෙලාම ගෙදර යන්න...
ReplyDeleteඒකනේ යාළු මේ අගල් 4යි කිලෝ 6යි වැඩි කර ගන්න වින්ද දුකක්..
DeleteChoko kala wenna ati bastiya mahath une. :P suba aluth awuruddakma wewa :)
ReplyDeleteහෑ උයා කෝමද ඒ සහස දැන ගත්තේ ආ...? එසේම වේවා රෙපෝ...
Deleteහරි!! එහෙනම් කස්ටියම අවුරුද්දට ගමට යන්න සෙට් වෙමු ඈ!!!!
ReplyDeleteපොඩි පරහකට තියෙන්නේ මම මහත් වෙලා නෑනේ බොල!
හා හා යමුකෝ යමුකෝ....
Deleteඔහොම මහත් උනේන නෑ කිය කිය ඉදලා හරියන්නේ නෑ. මම වගේ බන්ඩි පිරෙන්නම කන්න ඕනි..
බට්ටිට මේ අවුරුද්ද පසු උන හැම අවුරුද්දකට වඩා සුභ වෙයි කියා හිතෙනවා . ඔන්න අපිව අමතක කරන්න එපා ගෙදර ගියාම . මම පැයෙන් පැයට කෝල් කරනවා :D
ReplyDeleteමමත් එක විශ්වාස කරනවා සුදු..අමතක වෙන එකක් නෑ.. කෝම හරි සුදුව නම් අමතක කරන්න ඕනි..:D අයියෝ ගමේ ගිහිල්ලවත් මට නිදහසේ ඉන්න දෙන්නෙ නැද්ද ආ..ගන්නකෝ පැයෙන් පැයට එකෝට මම කියනවා '' සිංහලෙන් -ඔබ ඇමතූ අංකය හරිම කාර්ය බහුලයි කරුණාකර පස්සෙ ගන්න.. දෙමලෙන් - නිරිස්ස කාරනමාහල් සයිව සේද සිරිද නේරත්තිං පිං කියලා ඔය ටික අහද්දි උයා ආයෙ ගන්නෑ.. හූ හූ කෝමද මගේ ටිකිරි මොලේ..
Deleteආදරණීය බට්ටි නංගීට අම්ම ඇතුළු පවුලේ සැමට සතුට පිරුණු සුබ අළුත් අවුරුද්දක් වේවා... මටත් කැවුම් අරන් එන්න...
ReplyDeleteබට්ටියට පවුලේ සැමට සුබ නව වසරක් වේවා...
ReplyDelete.
ReplyDeleteමිතුරියක් සේ ලෙසින් හමුවෙලා පෙර දිනක
සොයුරියක් සේ හදින් එක්වෙලා දිවි පෙතක
නැවුම් සිතුවිලි පුරන් ගමට යන හෙට දිනක
පිපීයන් දිරිය මල් යනෙන යන හැම මගක
බට්ටි අක්කා මහත් වෙන්න කෑව මෙනු එක කියන්න බැරිද.?
ReplyDeleteසුභ අළුත් අවුරුද්දක් වේවා අක්කේ..!
නිවාඩු පාඩු වෙලාවක මේ පැත්තෙත් ගොඩවෙලා යන්න එන්න...
www.amila-psx.blogspot.com
සුබ අලුත් අවුරුද්දක් වේවා, බට්ටි අක්කටයි පවුලේ හැමෝටමයි..
ReplyDeleteකැවුම් කොකිස් කාලා තව ටිකක් මහත් වෙන්න ඕන හොඳද
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා..හැම දේම සාර්ථක වේවා..බට්ටි පතන හැම සතුටම හිමි වේවා කියලා හෘදයාංගවම සුබ පතනවා..!
^_^
ReplyDeleteඑසේම වේවා!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
නියමයි!
ReplyDeleteආදරයත් ගෝනි ගනන්
සංතෝසෙත් ගෝනි ගොඩක්
ඔන්න ඔය ටික තියේ නම් ඒක තමයි නියම අවුරුද්ද,
එහෙනම් බට්ටිට ආදරේ සතුට උතුරන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
හෑ අක්කේ... මහත් වීමේ රහස මටත් කියලා දෙන්ටකෝ... :ඩී
ReplyDeleteකවි පෙළ ලස්සනයි
ඇත්තටම බට්ටියේ අවුරුද්ද කියන්නනේ සතුට ඇතිවෙන දවසක්. බට්ටිගේ කවියෙත් ඒක සතුටත් අවුරුදු පැතුමත් තියෙනවා.
ReplyDeleteලස්සන කවිය බට්ටියො.
ReplyDeleteහැබැයි අවුරුද්දට කාලා කාලා මහත වැඩි වෙයි හොදෙ.
සුබ අලුත් අවුරුද්දක් වේවා!! බට්ටි
එහෙනම් මෙයාට මම චොකෝ ගෙන්න ඕන නෑ.. දැනටම මහත් වෙලානේ..
ReplyDeleteසුභ අළුත් අවුරුද්දක් අක්කේ..
හරිම කලාත්මකයි!
ReplyDeleteඅක්කට ලබන්නා වූ නව වසර මැක්සම මැක්සා පට්ටම පට්ට ආතල් වසරක් වේවා කියලා මං ප්‍රර්ථනා කරන්නේ ඔය කියපු ප්‍රර්ථනා ඔක්කොමත් ඉටු වෙන්න කියලා කියන ගමන් .
ReplyDeleteඅනේ බට්ටි නංගියෝ ඔයා හරිම ලස්සනට ඔයාගේ ලිපි ලියලා ඉදිරිපත් කරලා තියෙනවා. ඔයා පුංචි වුනාට ලස්සනට ලියනවා. මමත් බ්ලොග් එකක් ලියනවා. ඒත් මම ආධුනිකයි බ්ලොග්කරණයට. ඒ නිසා මගේ හරියට අඩුපාඩු තියෙනවා. ඒත් මට ඒවා තේරෙන්නේ නැහැ. අනේ මගේ බ්ලොග් එකට ඇවිල්ලා මගේ ලිපි කියවලා මාව ධෛර්යමත් කරන්න කමෙන්ට් දාන්න කියලා මම ආදරයෙන් ඉල්ලා සිටිනවා. මම මඟ බලාගෙන ඉන්නේ ඔයා එන කල්. අනේ නංගියෝ එන්නකෝ අනේ..
ReplyDelete