ආදරණීය 2013 ,
ඔයා ඉන්නේ සතුටින්ද දුකින්ද කියලා මම අහන්නෙ නැහැ. මොකද ඒක ඔයාවත් දන්නෙ නැති නිසා. ඔයා යන්න කිට්ටු වෙනකල් ඉදලා මම ඔයාට ලියන එක වැරදි ඇති. ඒත් කලින් කිව්වත් දැන් කිව්වත් ඔයා යන වෙලාවට යන එක මම නිසා නතර වෙන්නෙ නැහැනේ. ඒක නිසා කියන්න තියෙන හැම දෙයක්ම දැන් ලියලා එවන්නම්.
හොඳට මතක් කරලා බලන්න. ඔයා එයා එද්දි මම හිටියෙ කොහේද කියලා. මතක නැහැ නේද? මට නම් හොඳට මතකයි. මම ඒවෙලාවෙ හිටියේ පන්සලේ. අධිෂ්ඨාන පූජාවට ගිහිං. පුදුමෙ කියන්නේ ඔයාවගේ තව කීදෙනෙක් ඇවිත් ගියාද? ඒත් ඒ කිසිම කෙනෙක් එද්දි නම් මම පන්සලක හිටියෙ නැහැ. එයාලා එද්දි මම ඔය ටීවි එකේ යන හින්දි ෆිල්ම් එකක් බලනවා , නැත්නම් පෙරව ගෙන සමහර දවසට හොඳට නිදි. ඔය කොළඹ ඔයාලා එද්දි කිරි ඉතුරලා , එක දිගට සද්ද පූජා පැවැත්තුවට අපේ ගමේ නම් එහෙම කරන්නෙ නැහැ. ඉතිං විශේෂයෙන් නැගිටලා ඉන්න දෙයකුත් ගමේ නම් නැහැ. ඉතිං ඔයා ආවෙම ලොකු වෙනසක් එක්ක කියලා මට ඔයා එද්දිම දැනුනා.
ඔයා ඇවිත් කී දවසද ගියේ. කරපු කම්පියුටර් කොස් එකේ සහතික ටිකත් අතට ලැබුනා. එව්වා ලෙමිනේටින් කරපු රස්නේ යන්නත් කලින් අලුත් ජොබ් එකකට කැඳවීමකුත් ආවා. කඩවල්වල අතුගාලා, මොප්කරලා, තේ හදලා, රෙදි වල වර්ණනා කර කර, පොටෝ කොපි ගහලා , රීලෝඩ් දාලා පුරුදු මට ඔයා ඔෆිස් එකක පත්වීමක් අරන් එද්දි හැබෑවටමද කියලා ලොකු සැකයක් තිබ්බා. කොහොම හරි මට ඒක කරන්න පුළුවන් කියලා ඔයා කිව්වම මාත් හිතට හයිය අරගෙන කර කර හිටිය ජොබ් එකට නැවතීම තියලා අලුත් ඔෆිස් එකේ වැඩට ආවා. හරිම නිසංකලංක පරිසරයක නිදහස් ජොබ් එකක්. මම ගොඩාක් ආස කලා. ඇයි බෝඩිම් වල නම් ඉන්න බැහැ කිය කිය හිටිය මාව ඔයා බෝඩිම් කාමරයකත් කූඩු කරලා මගේ ඒ තිබ්බ මතය නැති කරලා තනියම ඉන්න ඒ ජීවිතයට ආසාව ඇති කලා. ජීවිතේ ගනිපු ලොකුම පඩිය අතට ගත්ත වෙලාවෙ මගේ ඇස්වලට ආපු කඳුළු ඔයා දැක්කා නේද? මට ඒ වෙලාවෙ නම් ඔයාව තදට බදා ගෙන උම්මා එකක් දෙන්නත් හිතුනා. මොකද එච්චර සතුටක් මට දුන්නේ ඔයා නිසා.
තව පොඩ්ඩෙන් එක දෙයක් අමතක වෙනවා. ඒක නොකිව්ව නම් ඔයා මට හොඳටම බනී. මගේ කියලා බිස්නස් එකක් පටන් ගත්තෙත් මං ඔයා ආවට පස්සෙනේ. දැන් මං හදන කාඩ් දැක්කම මටත් පුදුමයි. යාළුවොත් ගොඩාක් උදව් කලා ඔයා ගෙනාපු දේ වැඩි දියුණු කරන්න. දන්නවද මට දැන් මැජික් කාඩ් පවා හදන්න පුළුවන් ගොඩක් ටූල් තියෙනවා.
හ්ම්ම්ම් තව මොනාද අනේ ඔයා ඉන්නකොට උනේ. මතක් කරනවකෝ වදේ. සැක් ඔයාට කිසිම දෙයක් මතක නැහැ එතකොට නේ...? මට විතරයි මතක. :/
ඇයි අනේ තව ලොකු හීනයක් හැබෑ උනානේ, ඔයා ආවට පස්සේ. ඇත්තටම ඔයා එන්න සෑහෙන්න කලින් ඉඳක් ගොඩාක් හීන දැක්කා මං චේන්පොටක් කරට දාගන්න. ඒත් අනිත් අය ඉන්නකොට මට මොන දෙයක් නිසාද මන්දා ඒක කර ගන්න ලැබුනෙ නැහැ. ඒත් ඔයා යන්න කලින් මගේ ඒ හීනෙත් එළි කලා. සත්තකටම ඔයා එද්දි කර ගන්න ඕන කියලා තිබ්බ දේවල් වලට වඩා දේවල් ඔයා මට දුන්නා. දැන් නම් හිතෙනවා මම තරම් සතුටින් සැහැල්ලුවෙන් ඉන්න වෙන කවුරුත් නැහැ කියලා. ඇත්තටම ඔයා හිටිය කාලෙදි මට කිසිම ප්රශ්නයක් තිබ්බෙ නැහැ.
හේ හේ ඔයා ඉතිං මාව සතුටින් තියලම අන්තිමේදි දෙන්න තිබුන තෑග්ගත් මමත් නොදැනම දීලා. මගේ ජීවිතේ කාලෙටම කවදාවත් බට්ටි දැන් මහත් වෙලා කියල නම් අහලම තිබ්බෙ නැහැ ඔයා එනකල්ම. හේ හේ ඔයා ඉතිං කෝටු බට්ටි අතුරුදහන් කලානේ. දැන් ඉතිං ඔන්න කට්ටිය කියනවා ඕයිට වඩා නම් මහත් වෙන්න එපා. දැන් නියම ගානට ඉන්නවා කියලා. ඇත්තටම ඔයා දීපු හීනාව හින්දම වෙන්න ඇති ඒ දේ නම් වෙන්න ඇත්තේ.
තව ගොඩාක් ලියුම දිග කලොත් ඔයාට යන්න පමා වෙයිනේ. තව ලියන්නෙ නැහැ ඔන්න මම. අවංකවම හිතේ තිබ්බ හැම දෙයක්ම මම ඔයාට කිව්වා. ඔයා ගියාට ඔයාගෙ මතකය සදාකාලිකව මගේ හිතේ පදිංචිවෙලා තියේවි. හෙට එන 2014 ඔයාට දෙන්න බැරි උන මගේ ජීවිතේ එකම එක බලාපොරොත්තුව මට දෙයි කියලා මම විශ්වාසෙන් ඉන්නවා. ඔයා දිපු හැමදෙයක්ම මම ගොඩාක් ආදරෙන් රැක ගන්නවා.පුළුවන් නම් ඔයා මං වෙනුවෙන් එකම එක දෙයක් 2014න් ඉල්ලනවාද, මම දුන්න සතුට හැමදාටම බට්ටිට රැක දෙන්න කියලා.
මම ඔයාට ගොඩාක් ආදරෙයි. ඔයා යද්දි මං අඬන්නද? හිනාවෙන්නද? කියලා ඔයාම කියල දෙන්න.
බුදු සරණයි !
මීට ,
ඔයාට මහගොඩක් ආදරේ කරන
බට්ටි
ප.ලි. 2013දිත් මාත් එක්ක කලින් හිටිය යාළුවෝ හිටියා. අලුතින් ගොඩාක් යාළුවොත් ලැබුනා. බ්ලොග් ලියන එක නම් ටිකක් මඟ ඇරුනා. ඒක හින්ද මුණු පොතට මරණ තර්ජනත් කලා අනේ මගේම යාළුවෝ. ඉස්සරට වඩා දැන් නිදහස තියෙන ජොබ් එකක් කරලත් මොකද මේ ලියන්නෙ නැත්තෙ කියලා හැමෝම බනිනවා. පාළුව මකා ගන්න මූණු පොතෝ පේජ් එක කරන නිසා බ්ලොග් ලියන්න කම්මැලි වෙලා. එන අවුරුද්දෙ නම් දිගටම ලියන්නම්. නිතරම නොලිව්වත් නිතරම ඔයාලගෙ පෝස්ට් බලන්න එන්නම්. කලින් වගේම. ජීවිතේ අමාරුවෙන් අඩියෙන් අඩිය නැගිටින මට හැමදාම හොඳ නරක කියා දෙමින් ලඟින් ඉන්න යාළුවෝ හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ! :*
ඔන්න බට්ටිම හදපු කාඩ් එකක් අලුත් අවුරුද්දෙ ඔයාලා හැමෝටම. හෝව් හෝව් අද පළවෙනියටම කමෙන්ට් කරන කෙනාට ලොකුම ලොකු තෑග්ගක් දෙනවා.
:)
ReplyDeleteතෑගි නැහැ ඔයාට... :P
Deleteඔයාගෙ දියුණුව ගැන අවංකවම සතුටු වෙනව බට්ටී . ගෙවී ගිය කාලය ගැන සතුටක් වගේම දුකකුත් තියනවා . සුභ නව වසරක් වේවා .
ReplyDeleteපලවෙනියා උනාට තෑගි නෑ කිව්ව නිසා දෙවෙනියාටත් කමෙන්ට් කරලා..
Deleteඒත් තෑගි නෑ ඔයාට !
2014 අවුරුද්දත් 2013 වගේම බට්ටිගේ ජිවිතයට තව තව එළිය ගේන්න ඕන, බට්ටිගෙ සියළුම පැතුම් ඉෂ්ට වෙන්න ඕන කියලා හදවතින්ම සුබ පතනවා..!
ReplyDeleteජීවිතේ හරිම පුදුමයි බට්ටි. 2013 ඔයාට ගොඩක් දේවල් දෙන ගමන් මගේ ජීවිතෙන් ගොඩක් දේවල් උඳුරාගත්තා. ඒ නිසා 2013 තරම් මම අකමැති අවුරුද්දක් මගේ ජීවිතේට කවදාවත්ම ඇවිල්ලා නෑ. 2013 එද්දි මම හිටියේ ඉස්පිරිතාලෙක..ඒ ආපු වෙලේ ඉඳන් අද යනකම්ම එයා මට දුන්නෙ දුක විතරමයි.
ReplyDeleteකොහොම උනත් එයා ඔයාට හොඳ දේවල් ගොඩක් දීලා...ඒ දේවල් එක්ක ජීවිතේ තව තවත් සාර්ථක කරගෙන 2014ට හොඳින් මුණ දෙන්න ඔයාට පුලුවන් වෙන්න කියල හදවතින්ම ප්රාර්ථනා කරනවා. 2014දි ආයෙත් බ්ලොග් ලියන්නත් අමතක කරන්න එපා
බට්ටිගේ සිතේ තියෙන යහපත් පැතුම් ඉටුවෙන සුබ නව වසරක් වේවා !
ReplyDeleteඒ වගේම අළුත් අවුරුද්දේ මේ ඉන්නවටත් වඩා සාර්ථක කෙනෙක් විදිහට ඉදිරියට ම යන්න ලැබේවා කියලා පතනවා. ජය වේවා බට්ටි !!!
2013 වගේම 2014ත් ඔයාට ගොඩක් හොඳ දේවල් දේවි. බලාපොරොත්තුවෙන් ඉන්න.ඒ හොඳ දේවල් ඔයා බලාපොරොත්තු වෙනවාට වඩා දේවල් වෙන්නත් පුළුවන්.ඉතින් එහෙම වුණත්,සතුට වැඩි වෙලා අසනීප එහෙම හදා ගන්න නම් එපා.ලැබෙන හොඳ දේවල් අතරට නිරෝගී බව වගේම හිතේ සතුටත් එකතු වෙන්න කියලා 2014 අළුත් අවුරුද්දට සුබ පතනවා මං.
ReplyDeleteබට්ටිලා දෙන්නයි... !!!
Deleteමම ඇහැව්වත් එක්ක. දෙන්න පැටලේවිද මන්ද..?
Deleteඅවුරුද්දේ අන්තිම දවස... හ්ම්ම්ම් ....
ReplyDeleteජිවිතේ දිහා ආපසු හැරිලා බලනකොට දෙනෙත් තෙමන කදුලත්,මුව පුරවන සිනහවත් එක විදියට තිබුණා කියලා හිතෙනවා ...
ඒ හැම දෙයක්ම තිබුනත් අම්මා ..තාත්තා ...නැති අඩුව විදගන්න හැමදාම වගේ තනියෙන් අඩමින් ..හිතින් වින්ද දුක කොළ පිරෙනකම් කොච්චර ලිවුවත් නැතිකර ගන්න පුළුවන් වුනේ නම් නැහැ ...
කොහොම වුනත් දවසින් දවස ජීවිතය ගැන ලැබුන අත්දැකීම් වලින් අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න හැම වෙලාවෙම මම උත්සහ ගත්තෙමි ...
රණ්ඩු වෙවී .. තරහා වෙවී හරි හැමදාම මගෙ ලගින් හිටිය ඔයා නගා ...
ඇත්තටම ඔයා මට මගේම සොයුරියක් වගේ ...
ඒ බැදීම අදටත් ...හෙටටත් ... ජීවිතය පුරාම රැදී පවතීවා කියලා පතන අතර ...
ලබන්නාවූ නව වසර සියලු පැතුමන් ඉටුවන ...වාසනාවන්ත නව වසරක් වේවා නගා
මගේ බ්ලොග් ලෝකෙට අත දීලා මවා නග්ගලා ගත්තු අක්කියා.., :)
ReplyDeleteඒ දවස්වල නහයෙන් අඬ අඬ හිටපු ඔක්කොම දැන් වෙනස් වෙලා,ඒ කියන්නේ උයාගෙ ජීවිතේ අලුත් වෙලා,ලස්සන වෙලා..වැඩියෙන්ම ඒ ගැන සතුටු වෙන කෙනා ඔයානේ,හැබැයි ඒ තරමටම මටත් සතුටුයි.මගේ බට්ටි අක්කියාට තව ගොඩක් දුර යන්න ලැබෙන්න කියලා පතනවා ඔයාගේ කටයුතුවලින්.
සුභම සුභ නව වසරක් වේවා 2014 අවුරුද්දත්..! 2014 අගදීත් මේ වගේම සතුටු වෙන්න පුලුවන් වෙන්න කියලා පතනවා. (ඔක්කොටම ඉස්සෙල්ල කසාදයක් කරගන්ට හි හී )
ඔබටත් සුබ නව වසරක් වේවා බට්ටියේ
ReplyDeleteහරිම අපූරු අවුරුද්දක් වෙලා වගේ! සුභ පැතුම් නව වසරට!
ReplyDeleteබට්ටි අක්කාටත් හිතෙන එවුවා.. මම බැලුවා කාටද එයා කිවුවේ කියලා. ටිකකින් පැහැදිලි වුණේ. හිකිස්..
ReplyDelete2014 නව වසරත් 2013 වගේම සතුට ඉතිරේන අවුරුද්දක් වේවා අක්කෝ !!!!
ඔබට සාමය සතුට පිරි සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක් වේවා!
ReplyDeleteදහවල් ඉඳන්ම බට්ටිගේ ලියුම කියවන්න උත්සහාකලාට ඔන්න දැන් තමයි නිවිහැනහිල්ලේ ඒක කියවන්න ලැබුනේ .ඇත්තටම සතුටුයි 2013 ඔබේ දියුනුව ගැන 2014ත් ඒ වගේම ලස්සනට ගතකරන්න ලැබේවායි පතනවා.
ReplyDeleteදහසකුත් සුපෙම් පැතුමන්
ReplyDeleteසිතුම් පව්රෙන් වට වෙනා
සිමින් සැලෙනා සොදුරු හදවත්
යුගල මල් පිපිදෙනා.............
කටු කොහොල් මත තබන පියවර
මල් පොකුරු වී තිබෙවා
අහසෙ බබලන සදක් මෙන් නොව
අමවක දිනකද තුටු සිනා කැන්
මුව තිබෙවා......................
නෙතග දිදුලන කදුලු කැට
මිනි මුතු සෙ පෙනෙවා
වැටෙන වරකුදු යලි නැගීමට
සිතෙ සවි බල තව ලැබෙවා..........
දැනෙන තනිකම වසින්නට තව
ඇසනි වරුශා වි වැටෙවා.....
වසන්තය මෙන් ජිවිතෙ මග
පිපිදෙනා එකලු තරුවක් සෙ
දිලෙන්නට ඇරයුම ගෙනල්ලා...........
෴෴සචි෴෴
වසන්තය මෙන් ජිවිතෙ මග පිපිදෙන සුබ නව වසරක් වෙවා.....
මට නම් යන එක්කෙනා ගැන කිසිම හැඟීමක් නෑ.. ඇත්තටමයි අෆ්ෆා කිවුවේ..
ReplyDeleteකෝම වුනත් අක්කගේ ජීවිතේ පැත්තෙන් ලබපු හැම සාර්ථකත්වයට ඔන්න අපිත් හුඟක් සතුටු වෙනවා.. හැබැයි මාත් එක්ක වලියක් සෙට් වුනේ නෑනේ හරියට.. මේ අවුරුද්දෙවත් බලමු හොදේ..
සුහ නව වසරක් වේවා..
සුභ 2014ක් වේවා!
ReplyDeleteසුබ පැතුම්. ජිවිතේ ජය ගන්න දිරිය ශක්තිය ලැබේවා. ජිවන ගමනේ නොයෙකුත් බාදක හැම අඩියකම අපිට හම්බෙනවා. ඒ බාදක ගැන නොසිතා අරමුණ වෙත යන්න ශක්තිය ගන්න.
ReplyDeleteඔන්න මටනම් මතක තිබුන..අනිත් බට්ටිගෙන් ඇහැව්ව ඕයාමද ඒ කියල...? ගොහිල්ලම බලන්න ඒ බට්ටිලැහැ දිහා..!ජය වේවා..!
ReplyDeleteබට්ටි ඔයටත් සියලු දේ ඉටුවන නව වසරක් වේවා....
ReplyDeletekaalekin...suba nawa wasarak wewa batti..
ReplyDeleteoyage diyunuwa gana sathutuyi
සතුටුයි නංගියෝ... මම බ්ලොගේ කියවන්න ලියන්න ආව අලුත ඒ කියන්නෙ 2012 මම නිතරම ආගිය තැනක් ''බට්ටි'' ඒ වගේම බ්ලොග් ලෝකෙ මම හැබැහින් දැක්ක එකම කෙනත් ඔයා... අදුනගත්ත දා ඉදන් නොවෙනස්ව ඉන්න නංගා...
ReplyDelete2013 වගේම 2014 ත් ඔයාට වාසනාවන්තම වසරක් වේවි නිසැකවම...
බට්ටි akki ඔයටත් සියලු දේ ඉටුවන නව වසරක් වේවා....
ReplyDelete