අපේ අම්මා දවසක් කොළඹ ඉදලා එද්දී මගේ උපන් දිනේට බැක්මින්ටන් සෙට් එකක් ගෙනැත් දුන්නා. ඒක නම් මම අම්මට කියලම ඉල්ල ගනිපු උපන්දින තෑග්ගක්.
ඉතිං ඕක ගෙනාපු දවසෙ ඉදලම අක්කගෙයි මගෙයි වැඩේම හවස් වරුවේ සෙල්ලම් කරන එක. මට ඉතිං ඕන කොහොම හරි දිනන්න. මම දිනනකල් ඉතිං රෑවෙලා ලයිට් දාගෙන හරි ගහන්න ඕන. නැත්නම් අක්කට යන්න දෙන්නෙ නෑ.
ඔන්න ඉතිං දවසක් අක්කයි මායි හවස් වෙලාවක පටන් ගත්තා. අක්කත් එක්ක ඉතිං සෙල්ලම් කරලා දිනන්න බුදු ගේමක් දෙන්න ඕන. ඒක නිසා ඉතිං මම කරන්නේ එයා නීතිය කැඩුව සැනින් නීතිය ක්‍රියාත්මක කරන එක. හැබැයි ඉතිං ඕක මට නම් අදාල වෙන්නේ නෑ. හැම නීතියක්ම හදන්නේ මම නේ. එයා මට වඩා හුගක් දක්ෂයි. එහෙමයි කියලා මේ බට්ටි කෙලීටත් ඉතිං හැමදාම පරාද වෙන්න පුළුවන්ද?
එදා ඔහොම දිගටම සෙල්ලම් කර කර ඉදිද්දී මල ගියා වහලට. බිම ඉදන් බැලුවහම නම් පේන්නෙ නෑ. මං ගේ ඉස්සරහ තියෙන රතු පේර ගහ උඩට නැගලා ත්‍රිමාන දෘෂ්ටිය යවලා පුල් ස්කැන් එකක් දුන්නා වහලට. මුදුන් වහලට උළු කැට දෙක තුනක් පහලින් මල දිලිසි දිලිසි තියෙනවා. අක්කනම් වැඩේ අත ඇරලා දාලා ගෙට ගියා. මගේනේ ඉතිං කාට ඕන නැතිවුනත් මගේ එක මට වටිනවා කිය කියා අක්කට හොදටම බැනබැන කොස් කඩන උණ ගහ අරන් ඇවිත් පේර ගහ උඩ නැගලා යාන්තම් තිබුණ තැනින් ටිකක් පහලට දාගත්තා. දැන්නම් ඉතිං ගහ උඩට වෙලා වෙව්ල වෙව්ල ඉතිපිසෝ කිය කිය ඉන්න ඕනෙ නෑ කියලා හිතලා බිමට බැහැලා ගන්න බැලුවා. මගේ කරුමේ කියන්නේ අන්තිමට මල බිමට වැටුනේ උළු කැට දෙකකුත් අරගෙන. උළු කැට දෙක හොරාම කුණු දාන තැනට දැලා දනුවට පස්සේ ඔහෙම මාරුවෙන්න බෑ එනවා එනවා කියලා අක්කව ආයෙමත් කතාකර ගෙන ආවා.
මේ පාර නම් දිනනවමයි කියලා හිතලම තමයි මං වැඩේට බැස්සේ. අක්කා ගහපු පාරකට මෙන්න බොලේ මල ඔළුවට අඩි 4ක් විතර උඩින් යන්න හදනවා. එහෙම යන්න දෙන්න පුළුවන්ද? ඕක ගිහින් බිමට වැටුනොත් පරාද වෙන්නේ මමනේ කියලා හිතලා පුළුවන් තරම් උඩ පැනලා යාන්තන්මලට ගැහුව නම් මතකයි.
දෙයියනේ මලට ගහලා ඉවර වුනාට පස්සේ මට කකුල් දෙක බිම තියන්න අමතක වුනානේ. මොනවා කරන්නද මල බිමට වැටෙන්නත් කලියෙන් තලපතා පොළොවෙ ගැහුවා වගේ මිදුලෙ මැද මං වැටුනා.
කොච්චර හයියෙන් වැටුනද කියනව නම් සතියක් විතර යනකල් කොන්ද කෙලින් කරන් ඇවිදින්න බැරි වුනා.
ඒක ඉතිං එහෙමයි කියලා ආයෙම සෙල්ලම් නම් නොකර හිටියේ නෑ. ඇයෙම සෙල්ලම් කරන්න පටන් ගත්ත වෙලාවෙ ඉදලම අත්තම්මගෙ වැඩේ බනින එක. මොකද ආයෙම කොන්ද කඩාගනින් කියලා.
මම ඉතිං ඒ වෙලාවට පොඩි හිනාවක් දාලා අත්තම්මට කියන්නේ “ කොන්දවගේද අත්තම්මේ බැක්මින්ටන්, කොන්ද කැඩුනත් සෙල්ලම් කරලනේ .”
පොඩි කාලේ දිල්ට තිබුන දාංගලේට ඔය වගේ සෙල්ලම් කරන්න ගිහින් බිම වැටිලා අතපය හූරගත්ත වාර අනන්තයි...කාලෙකට පස්සෙ ඕකට තව කෙනෙක් එකතු උනානේ...ඒ මිනූ නංගා...අපි ඩබලත් පොළොවේ උන්නෙ නෑ..හැබැයි චූටි කාලේ විතරයි....
ReplyDeleteමට මේක කියවනකොට අපේ පැත්තෙ අක්ක කෙනෙකුට වෙච්චි වැඩක් මතක් උනා... මං ඒ කාලෙ හරි ආසයි බැඩ්මින්ටන් ගහන්න... නංගිල පොඩි නිසා ඔය වැඩේට මම සෙට් කරගත්තෙ අල්ලපු ගෙදර අක්කා.... එයත් ආසයි සෙල්ලමට.. මේ කියන දවසෙ මම අක්කව එක්කන් එන්න යනකොට එයා නාන්න යන්න ලැහැස්ති වෙනවා... ඒත් නෑම වගේද සෙල්ලම....
ReplyDeleteඔන්න ඉති අපි සෙල්ලම් කරන්න පටන් ගත්තා...අපි දෙන්න සෙල්ලම් කරන වෙලාවට එයා ඉතින් වැඩ දාලා..උඩ පැනලා..චටස් ගාලා ගහනකොට මල සිපගන්නව බිම...මට වැඩිහරියක් වෙන්නෙ සර්ව් කරන්න.... අනේ ඉතින් ඔහොම ටික වෙලාවක් සෙල්ලම් කර කර ඉන්නකොට අර අක්ක දුන්න ෂොට් එකක් කකුලක් උස්සලා...මට මැරෙන්න හිනා...අනේ හත්දෙය්යනේ අක්ක නියුට්‍රල් නොවැ ඉඳල තියෙන්නෙ.... :D මම බිම පෙරලි පෙරලි හිනා වෙච්චි පාර එයා ආයෙ කවදාවත් ආවෙ නෑ අනේ මාත් එක්ක සෙල්ලමට....
මමත් ඔයවගේ තමා ඒවට සාක්ශි තාමත් දණහිස් වල තියෙනවා
ReplyDeleteබට්ටිගෙ බ්ලොග් එක මට අද තමා හම්බ උනේ ඇත්තටම අක්කේ හුඟක් දුකයි :(
"තලපතා පොළොවෙ ගැහුවා වගේ මිදුලෙ මැද මං වැටුනා."
ReplyDeleteනංගි මේක ටිකක් විතර වැරදියි නේද..? අර තලපතා කියන තැනට දාන්න හාල් මැස්සි කියලා..:D:D:D
@ අක්කා (දිල්)
ReplyDeleteපොඩි කාලෙ සමහර මතක කොයි තරන්නම් සුන්දරද කියලා ආපහු හැරිලා බැලුවහම තමයි හරියටම අපිට දැනෙන්නේ. ඒක අදුන ගන්න මං කල් ගත්තා වැඩියි.
@ මියුරැ
ReplyDeleteආයෙ ඉතිං ඒ අක්කා සෙල්ලම් කරන්න ආව නම් තමයි පුදුමේ...
@ ශානු
ReplyDeleteආදරයෙන් පිළිගන්නවා ඔයාව බට්ටි ලොවට.
දුක් වෙන්න එපා ඒ අතීතය විතරයි. මං අද හුගක් සතුටින් ඉන්න කෙනෙක්.
@ අයියා (මාර)
ReplyDeleteඉන්නකෝ ඉන්නකෝ මත් ඉක්මනින්ම එළවළු ටිකක් වැඩිපුර කාලා තලපතා වගේ වෙන්න.
අර මියුරු කියල තියෙන නියුට්‍රල් කතාව මොකද්ද? ටියුබ් ලයිට් හිංද මය් අහන්නෙ
ReplyDeleteඑලවලු කාලා නම් තලපතා වගේ මහත් වෙන්න බැරි වේවි. පාන්ම ගිලින්න. එතකොට හරි.
ReplyDelete@ Observer
ReplyDeleteඅනේ ඉතිං ඔය පුරස්නෙ නම් අහන්න ඕන මියුරැගෙන්ම තමා.
@ නිසුපා
ReplyDeleteඅක්කා දන්නේ නෑ තුන්වේලටම පාන් කන්න පුළුවන් නම් මන් ඒත් කනවා. ඒත් කෝ කිසිම වෙනසක් නෑනේ.
@ ඔබා මාමා,
ReplyDeleteඅනේ පොඩ්ඩක් කන මෙහාට ලංකොලා නං මං කියල දෙඤ්ඤං.....
අනේ පවු අපේ බට්ටි අක්කා.. පොඩි කාලේ අපිටත් ඕන කොහොම හරි දිනන්නමනේ...
ReplyDelete@ දිනේෂ්
ReplyDeleteඒකනේ පරදින එකත් ඉවසන්න පුළුවන් ඒත් ඉතිං හැමදාම පුළුවන්ද?
මාරේ අයියගේ කීමත් එක්ක මම් එකහෙලාම එකඟයි. හාල් මැස්සි !!! හාල් මැස්සි !!!
ReplyDeleteඔයැයි කී කාලයක් ඇඳට වෙලා හිටියද. මම නම් උඩ පනින්නේ නෑ. අම්මෝ දනිහ පැන්නොත්.
@ මධූ
ReplyDeleteඔයා තල්මහෙක් වුනත් වැඩක් නෑනේ බයයි නේ. හූ හූ