November 11, 2012

තරුපිරි අහස

බට්ටි බ්ලොග් එක ලියන්න පටන් ගත්ත දා ඉදලම ලිව්වේ කදුළු කතා.කියවන්න ආපු අයට හැමදාම වගේ යන්න වුනේ හිත රිදවගෙන.සමහරු ඒ දවස්වලම කිවුවා.අදත් හිතරිදෙන පෝස්ටුවක් කියලා. දුක අහිමිවීම විතරමයි බට්ටි ලිවුවේ. එතනින් එහාට ඔළුවට කිසිම දෙයක් ආවේ නෑ. ජීවිතේ පුරාම රැදිල තිබුණ දුක ඇස්වල කදුළු පුරවගෙන බ්ලොග් පෝස්ට් කලා. 

ඒත් එක දවසක දිල් අක්කා,මගේ බ්ලොග් ලෝකේ ඉන්න සදාකාලික රැජිණ කිව්වා බට්ටියේ වෙනස් දේවල් ලියන්න කියලා.කදුළු කතා විතරක්ම ලියන්න එපා කෙල්ලේ වෙනස් දේවල් ලියන්න උත්සාහ කරන්න කියලා.ඉතිං බට්ටි හිතුවා හුගක්.අක්කා කිව්ව විදියට පුංචි කාලේ පීරලා සතුටු හිතෙන තැන් බැලුවා.ඉතිං එහෙම අවස්ථාවක් හොයන් ඇවිත් අකුරු කරන්න බට්ටි දක්ෂ නා.ඒ අත්දැකීම අකුරු කලේ සැදෑ අහස සුන්දරද කෙතරම් කියලා.අක්කගෙන් ලකුණු 100%ක් ලැබෙද්දි බට්ටිගේ බ්ලොග් ලෝකේ ඉන්න පතාක යෝයෙක් වන මාර අයියා කිව්වේ ‘‘දිල් කිව්වා වගේ මේ ලියමනනං උපරිමයට ඇවිත් තියෙනවා.. නිදහසේ මහප්‍රාණ නැතිව ඔහේ ලියන ස්ටයිල් එක..මං කවදත් ආසම රටාව..‘‘ කියලා.දෙන්නගේ සහ ඒ කාලේ මං ටා හිටිය අනිත් යාළුවන්ගේ දිරිමත් කිරීම් වලින් හිතට ලොකු ශක්තියක් ලැබුණා.ඉතිං එදා ඉදලා කදූළු පිටුවට ටිකෙන් ටික විරාම වැටුනා. ලගදී අක්ක කෙනෙක් මගේ බ්ලොග් එක කියවලා කියනවා 'බට්ටි ඔයාගේ බ්ලොග් එක කියෙව්වොත් මම තවත් මහත්වෙයි හිනාවෙලාම' කියලා.ඉතිං බට්ටිට හුගක් සතුටුයි.වෙනස් දෙයක් කරන්න පුළුවන් වුන එක ගැන.

ඉතිං හදිසියේම මේක මතක් වුනේ මේ නිසා.එදා මම රාත්‍රි අහසත් ලියන්න තීරණය කලා.ඒත් අද වෙනකල් ඒක ලියා ගන්න බැරි වුනා.ඉතිං හිතුවා අද ඒකට හොදම දවස කියලා. හැබැයි වෙනස් විදියකට.අකුරු වෙනුවට පින්තූරයෙන් බට්ටි දැකපු තරුපිරි අහසේ සුන්දරත්වය කියවන්න මගේ යාළුවනේ.......

29 comments:

  1. වෙනස්ම පෝස්ට් එකක් බට්ටි, ඔව් මාත් හරිම ආසයි ඔයාගෙ බ්ලොග් කියවන්න..

    ReplyDelete
    Replies
    1. ඔයාලගේ වචන ලොකු හයියක් ම‍ට...
      ඔන්න ඔයාගේ හිත කියවලා ඔයා ආසම දෙයක් ඔයා අද එක නිසා මම තෑගි දෙනවා.මේක ගන්න හුගාක් සල්ලි ගියා...අම්බෝ...
      [im]http://blogs-images.forbes.com/johngaudiosi/files/2012/09/iphone-5-release-date.png[/im]

      Delete
    2. අනේ ඇත්තටම මං පොඩ්ඩක්වත් හිතුවෙ නැ මගෙ පණ බට්ටීස් මෙච්චර මගෙ කැමැත්ත අකැමැත්ත දැනගෙන ඉන්නවා කිලා...මං ගොඩාක් ආසාවෙන් ගන්න බලාපොරුත්තුවෙන් ඉන්න iphone එකම මට තැග්ගක් වශයෙන් දීලා තියනවා ශෝයි බට්ටි. ඔයාට කොහොම ස්තුතියි කරන්නද මන්දා!

      Delete
  2. බට්ටි මේ සිත්තම නං සුපිරියි. මොකෙන්ද ඇන්දේ පොටෝ සාප්පුවෙන්ද ඉලාස්ටික් වලින්ද. නියමයි ජයම වේවා

    ReplyDelete
  3. වෙනස් දේ ලීවාම වෙනස් දේ කියවන්න එන අයට ගොඩක් වටිනවා. ඒ වගේම ලියද්දි ආයිම කියවලා බලන්න බට්ටියේ. අකුරු වැරදිලා සෑහෙන්න මේ පෝස්ට් එකේ...
    (ඔන්න දැන් ඒවා හදලා ඇවිත් කියන්න එපා ලොකු අයියේ කො කොහේද වැරදි තියෙන්නේ කියා....:D)

    ReplyDelete
  4. මරේ මරු බට්ටියෝ....
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  5. මරු පොටෝව... බකමූණ නම් උඹ වගේමයි ;)

    ReplyDelete
  6. ආ මේ බස්ටිගේ ඇඩ් එකක්නේ....
    එල එල...
    ෂුවර් නේ මේකෙ කඳුලු නෑ කිලා...
    ඉල ඇදෙන කොමිටල් කෑලි ඒම ඇති නේ...

    ReplyDelete
  7. කොයිදේත් සමබර වෙන තරමට හොඳා..!

    ReplyDelete
  8. බට්ටි කලබලෙන් ලිව්වා වගේ ටයිපිං මිස්ටේක් ටිකක් තියෙනවා. දැං ඉතිං අද රාත්‍රි අහස ලියනවද?

    ReplyDelete
  9. ඇත්ත බට්ටිට වඩා මේ බට්ටි ලස්සනයි :දිව

    අද පෝස්ට් එකටත් උපරිම ලකුණු දෙන්න පුළුවන් බට්ටියේ... ගනම් මිමි කියන්න තරන්නම් මේ අයියන්ඩි දස්ස නෑ... හැබැයි බ්ලොග් ලියන්න පටන් ගත්තු දා ඉදන් මේ බ්ලොග් එකනම් කියෙව්වා... ඊලඟ පෝස්ට් කියවන්නත් එනවා...

    ReplyDelete
  10. බකමුනෝ හ්ම්ම් හ්ම්ම්...හිබුටු තියෙයි...හ්ම්ම් හ්ම්ම්..ලස්සනයි ඈ!

    ReplyDelete
  11. අනේ කොයි තරම් හොඳද හිනා වෙලා ඉන්න එක.

    බට්ටි, දිල් අක්කාගේ බ්ලොග් එක බලන්නම බැරිද අපට. අපරාදේ මම ආසම බ්ලොග් එකක්. ඒකෙ පෝස්ට් ලියන එකත් නවත්තලද? ඔයා දන්නවා ඇතිනේ විස්තර.

    ReplyDelete
  12. බට්ටිට උන වැඩේම තමා මටත් උනේ. මාත් වටින් ගොඩින් ලියාගෙන ආවේ මගේ ගෙවුන කාලේ දුක වැඩිපුර. මගේ වටෙත් ඉන්න කෙනෙක් දැම්ම නේද වැටක්. " හා ඔය ඇති. දැන් ලියමු සතුටු හිතෙන දේකුත් " කියලා. සතුට තරම් වටින දෙයක් නෑනෙ බට්ටි. අර අක්කා කියලා තියෙන කතාව ඇත්ත. ඔයාගෙ පෝස්ට් වලට මමත් දෙනවා 100%ක් හි හි... ඔන්න අපිව හිනස්සන්න ඕනේ...

    ReplyDelete
  13. මම නැති අතරේ පොස්ට් එකක් දාලානේ . දැනුයි මම දැක්කේ. ඔයාගේ බ්ලොග් එක මම ආසම කරන බ්ලොග් වලින් එකක් . එදිනෙදා ජීවිතේ වෙන සිදුවීම් කුඩා කාලයේ දඟ වැඩ , මෝඩ වැඩ , මැටි වෑඩ ලියපු පෝස්ට් කියවන්න මම හරිම කැමති . ඔයාගෙ සරල භාශා විලාශයට මම හරිම කැමති .

    ReplyDelete
  14. ඒක නෙමේ බට්ටි. ඔයා ග්‍රැෆික් දන්නවද? මටත් ඉගෙන ගන්න ආසයි.

    ප.ලි. - මම බ්ලොග් කළාවට අළුත් කෙනෙක්. පුලුවන් නම් මගේ ටැංකියටත් ගොඩ වෙලා යන්න එන්න. මෙන්න පාර.
    http://malutankiya.blogspot.com

    ReplyDelete
  15. මටත් තෑග්ගක් දෙන්නකො බට්ටි.

    ReplyDelete
  16. keep it up බට්ටි ඉයන විදිය හොඳයි

    ReplyDelete
  17. බට්ටියො චිත්‍රෙත් ඔයාම ඇන්ද එකක්ද? එහෙම නම් මගෙනුත් 100ක් ගන්න
    ……..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..

    ReplyDelete
  18. ගමේ තරු ටික මාර ලස්සනයි. :)

    ReplyDelete
  19. මේක Design කලේ ඔයාද බට්ටි අක්කේ. පට්ට ඈ..!..(Marks 99+1%).හම්බෝ මම අහසේ තරු කඩා වැටෙනකම් බලාගෙන හිටපු තරම්.....!!!

    ReplyDelete
  20. ම්...විසල් අහසේ චමත්කාරය විඳින්නම ඔන " දිල් නොමැකෙන මතකයක්..."

    ReplyDelete
  21. නව ආරක්
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  22. අනේ අක්කේ මටත් තෑග්ගක් දෙන්නකෝ...මොකද්ද අප්පා මං පොඩිඑකා පව්නේ

    ReplyDelete
  23. බස්ටි ගේ සිත්තරේ නං සුපිරි .... හැබැයි මන්නං ආසයි ඔය ඇමරිකන් ඉට්ටැයිල් එකේ ගෙවල් පෙලටයි ස්කුබි ඩූ පසුතලයට වඩා බට්ටිගේ ගමට හදපායපු හැටි ලේයර් උඩ ඇන්දනං...
    ( පොටෝ සාප්පුව වෙනුවට ඉලස්ට්‍රේටර් පාවිචි කලොත් නරකද )

    ReplyDelete
  24. වචන වලින් විස්තර කරන්න බැරි ගොඩක් දේවල් චිත්‍රයෙන් විස්තර කරල තියෙනවනෙ.

    ReplyDelete
  25. නියමාඅඅඅඅයි....... :)

    ReplyDelete
  26. එලකිරි!!! දුක ලිව්වොත් දුකමනෙ.. ;)සතුටු දේවල් ලිව්වොත් සතුට (මරු එක උපදෙස් දුන්නෙ ඔන්න අක්කාට)

    ලස්සනයි පින්තූරෙ... බට්ටි අක්කා අපිට තෑගි දෙන්නෙ නෑනෙ...:(

    ReplyDelete
  27. කියන්න බැරි සුන්දරත්වයක් විදින්න පුලුවන් පින්තුරෙ දැක්කම... අපුරුයි බට්ටියේ...

    ReplyDelete