September 6, 2011

tks kate




September 5, 2011

මට වෙච්ච දෙයක්

මතක ඇතිනේ හැමෝටම මම ‍ඩොන්කා කන්න ගිහින් වුන අකර තැබ්බ ගැන ලිව්වා. ඇත්තම කියනව නම් මේ හැම සිද්ධියකදිම මම විහින් ඇද ගෙන නෑමම තමයි වුනේ.  මේකත් මම විහින් කර ගත්ත සැන්තෑසියක්. 



මගේ තුන්වෙනි හිනේ තමයි මගේම කියලා ස්කූටි පෙප් එකක් ගන්න එක.( ඔන්න ඉතින් දැන් කට්ටිය අහන්න එපා පලවෙනි දෙවෙනි සිහින මොනවද කියලා.) කොහේද ඉතින් තාම මට ඒක ඉෂ්ටකර ගන්න බැරිව ගියානේ. තාම ආසාව නම් අත ඇරලා නෑ.කොහොම හරි උත්සාහා කරනවා ඒ හීනේ ඉටු කර ගන්න. ඒ දවස්වල අපේ ගෙදරට මේ ජාතිය බයික් එකක් ඇවිත් නවත්තන්න දෙන්නේ නෑ පදිනවා. පුරැදු කරේ නම් හිච්චි අම්මලයි ගෙදර අයියයා. පදින්න පුළුවන් කිව්වට ඉතින් 8 ගහන්න වගේ වැඩ දාන්න බෑ. එදා හරිය‍ටම අවුරැද්දට කලින් දවසේ. ඒ කියන්නේ අප්‍රේල්  13  වෙනිදා  තාත්තගේ යාළුවෙක් ආවා මේ ජාතිය මෝටර් සයිකල් එකකින්. මමත් ඉතින් වට හතර පහක් පැදකුනු කරලා ඉල්ලන්දෝ නැද්දෝ කියලා හිත හිත ගෙට ගියා. මරැ වෙලාව කියන්නේ අම්මත් ඒ එක්කම එළවළු ටිකක් ගේන්න කඩේට යන්න කිව්වා. එළවළු ගන්න හරියටම මීටර් 400 ක් යන්න ඕන.  මම ඉතින් ‍යෝජනාව දැම්මා පයින්නම් යන්න බෑ බයික් එක දෙනවද යන්න කියලා. බයික් එක දෙන්නම් කිව්වා බේරේක් නෑ කිව්වා. මමත් පන්ඩිතයා වගේ අනේ ඒකට කමක්නෑ කියලා යතුර ඉල්ල ගත්තා. අම්මා නගිද්දිම යන්න එපා කිව්වා. අම්මා එපා කියන දේවල් මං කරන්නෙම නෑ ඒත් ඉතින් එදා නම් පයින් යන්න හිතුනෙම නෑ.  
බයික් එක ස්ටාර්ට් කරලා  එකපාරක් වැදලා මම හෙමිහිට හන්දියට ගියා. එළවළුත් ගත්තා. එන්න හරවලා නගින් නැතුව යතුර දාලා ස්ටාර්ට් කරා. නගින්න හදද්දිම පාරෙන් එහා පැත්තේ කඩේ
යාළුවෙක් හා බට්ටී කොහේද ගියේ කියලා මට කතා කරා. මාත් පාරෙන් මේ පැත්තේ ඉදන් කතා කරා. බයික් එකත් ස්ටාර්ට් එකේමයි තිබුනේ. කතා කර කර ඉදිද්දි මෙන්න බොලේ බයික් එක එක පාරටම යන් පටයන් ගත්තා. මොනවා කරන්නද අනුන්ගේ බයික් එක නිසා අත අරින්නත් බෑ. බයික් එක යනවා මාත් පස්සෙන් බයික් එකේ හැඩල් එක අල්ලන් දුවනවා. මම අල්ලන් ඉන්න විදියට තවත් රේස් වෙනවා. වෙලාවට ඉස්සරහින් තිබුන තණ කොළ පිට්ටනියේ මම බයික් එක අත ඇරියා. මුලින් මම වැටුනා මගේ ඇග උ‍ඩ බයික් එක වැටුනා.  වැටුනත් කමක් නෑ මේවගේ හන්දියක් මැද්දෑවේ වැටුනහම ඉතින් ..... 
බයික් එකට කිසිම හීරීමක්වත් නෑ. මගේ පැත්තක්ම හීරිලා. කකුලත් බිම තියන්න බැරි වුනා. අම්මා‍ට ආරංචිවෙලා ත්‍රීවිල් එකකින් ඇවිත් මාවඑක්ක ගියා ගෙදර. ඒ අවුරැද්දේ මම හිටියේ නොන්ඩි ගහගහ. 
අවුරැද්දට අපේ ගෙදර ආපු හිරැෂගෙන් තාත්තා ඇහුවා බට්ටි අක්කා කොහොමද හිරැෂ වැටුනේ කියලා. එයා රගපාන ගමන් කිව්වා බට්ටි අක්කා උඩීන් ගිහින් වැටුනා කියලා.



September 2, 2011

නිකමට හිතට ආ දෙයක්

හුගක් දවසකින් පෝස්ට් එකක් දාන්න හිතන් හිටියත් කොහේද ඉතින් රාජකාරි කටයුතු එක්ක ඒක කර ගන්න අමාරැ වුනා.එහෙම වැඩ තිබුනා කියලා අනිත් බ්ලොග් කියවන එක නම් අතපසු කලේ නෑ  හොදද.මගේ ජීවිත කතාවේ ඉතුරැ කොටස ලියන්න ඕන වුනත් මේ වගේ කාර්ය බහුල දවස්වල හරියට ලියා ගන්න බෑ. එහෙම ලිවුවොත් වෙන්නේ කියවන්න කවුරැත් නැති වෙන එක .මට හැමදාම ඕන වුනේ කලින් පොස්ට් එක‍ට වඩා ප්‍රතිචාර  එකක් හරි වැඩි පුර ඊලග පෝස්ට් එකට ලැබිලා තියෙනවා දකින්න. මම විශ්වාස කරනවා මම බලාපොරොත්තු වුනදේ හෙමින් හෙමින් ඉටු වෙනවා කියලා. හැමදාම මම ගියේ හෙමින් ගමන්. කොච්චර තැන් වල වැරදුනත් වැරැද්දුවත් මම කවදාවත් මගේ ගම නතර කරලා නෑ. 
බ්ලොග් ලෝකේ හුගක් දක්ෂයෝ මගේ ලග තනියට, හයියට හැමදාම ඉන්නවා. ඒ අය නොහිටින්න මගේ පලවෙනු පොස්ට් එකෙන්ම මම නතර වෙන්න තිබුනා. මේ පුංචි කාලයේදී මම මගේ කියලා මේ බ්ලොග් ලෝකෙ හදාගෙන ඉන්න තැන ගැන මම හුගක් සතුටු වෙනවා. බ්ලොග් ලියන්න පටන් ගත්තට පස්සේ මගේ හිතට දැනෙන සැහැල්ලුව සත්තකින්ම වෙන කිසිම දෙයකින් මම විදලා නෑ. 
මගේ බ්ලොග් අඩවියේ දී මාව නිතරම දිරිමත් කරන අයගේ කටහඩක් අහන්න. පොටෝ එකක් දකින්න ගොඩක් අසයි. ඒත්එහෙම බැදීමක් කොහොම ඇති කරගන්න ලැබේද කියන එක මට හරි ප්‍රශ්නයක්.
ආ තව දෙයක් තියෙනවා. මේක මගේ හිතේ තියෙන පුංචිම පුංචි දුකක්. එකට එක හේතුවක් තමයි දුකා අයියා. මගේ මුලින්ම පොස්ට් එකක් කියවල ගියාට පස්සේ දුකා අයියා මේ පැත්තේ ඇවිත් ගියා කියලා කිසිම ලකුණක් නෑ. අනිත් හේතුව තමයි මාරයියා මේ පැත්තට නො‍එන එක. මගේ දැනුමේ හැටියට එයා බ්ලොග් අඩවියේ පතාක යෝදයෙක්. සමාවෙන්න මම මෙහෙම ලිව්වට. මේක මගේ කාලයක් හිතේ තිබුණ දුකක් නිසාමයි ලිව්වේ. අයියලා දෙන්නම සමහර විට මේ පැත්තේ ඇවිත් යනවා ඇති ඒත් අනේ මංදා ? 
 දිගට කියවන්න දෙයක් මම  මේ කාර්ය බහුලත්වය අඩු වුන ගමන්ම ලියනවා. හැමදාම මගේ හයියට ඔය හැමෝම මගේ ලගින් ඉන්න.

August 26, 2011

යතාර්ථය

රෑ අහසේ තරැ ගැන්නට
නුඹ නැහැ කිසිවක් ලබන්නේ ..............
ඉද හිටවත් බිම බලපන් 
පා ලග මුතු කැට තියේවි.

August 24, 2011

දෑස වසා ගමි ඔබ නොපෙනෙන්ට...

දෑස වසා ගමි ඔබ නොපෙනෙන්ට...
සිහිනෙක දැවටී ඔබ එනවා...
හිත හිරකරගමි ඔබට නොයෙන්නට..
සිතුවිල්ලක් වී ඔබ එනවා...

අහසට ඔසවන විටකදී නෙත් යුග...
හිරැ සදු වී ඔබ හිනැහෙනවා...
මිහිමත පියකරැ දසුනක් වේනම්
ඔබෙ රැව ඒ තුල දැවටෙනවා...

පාළුව ඉවසා මා තනිවෙද්දී
සුසුමක් වී පසුපස එනවා..
කල්පිත ලෝකේ ගීපොත පෙරළා...
ගීයක් වී ඔබ වැලපෙනවා...

අහසත් පොළවත් ඔබමද මා හට...
නැතිවද ඔබ මා හැර යන්නේ...
තහනම් දේසෙහි බැදි බැහි බිදදා...
කෙදිනද ඔබ මා හමුවන්නේ...

ගායනය - පුණ්‍යා කත්‍රිආරච්චි
පද මාලාව - දයාද අල්විස්
සංගීතය - විශාරද ගුණදාස කපුගේ...