October 6, 2011

වදිමි පායුග ඔබේ සදා .....................

ගුණ ධර්ම ලැබ ගන්න
තරණය කරන දිවි යාත්‍රාවේ
නවාතැන් පල නුඹයි......
ව්‍යාජවූ හද තුල
අව්‍යාජයෙන් ඒකාලෝක කළ
ගුණ පහන් ටැඹ නුඹයි .....


හද ඉමට හසරැල්ල වී
නැණ පහස නිවන නූඹට බොහෝ මිරිගු
නිබදවම හද රැදුණ
මට නුඹ ලෙන්ගතු වූ
ඉන්ද්‍රකීලයක් නොවේද ?


අද ගුරැ දිනේ . ඉතින් අද මම පෝස්ට් එකක් දැම්මේ නැත්නම් මම ඒක මගේ ගුරැ මණ්ඩලයට කරන ලොකු වරදක්.
මගේ ජීවිතේ හැම තැනකදිම මට නැගිටින්න පුදුමාකාර විදියට ගුරැවරැ උදව් කලා. ඒ අය නොහියින්න සමහර විට මගේ ජීවිතේ අවලංගු කාසියක් තරම් නොවටිනා දෙයක් වෙන්නත් ඉඩ තිබුනා. පුදුමාකාර බැදීමක් මං පොඩි කාලේ ඉදලම ගුරැවරැ එක්ක තිබුනේ. අද උදේ මගේ මිස්ලට මං කෝල් කලා. එක මිස් කෙනෙක් කිව්වා මගේ කෙල්ලේ ඔයාට වදාවත් වරදින්නෑ උතුරන්න ලගදිම ලැබෙයි කියලා. ඉතින් ඒතරම් ආශිර්වාදයක් ගෝලයෙකුට තවත් තිවෙනවද?
ගමේ ගිහින් දෙපා වැදලා එන්න බැරි වුනත් මගේ මුළු හදවතින්ම මං ගුරැවරැ හැමෝටම නමස්කාර කරනවා. ඒ එය මගේ ජීවිතේ හරියට භාගයක් වගේ. මට එයා ලා වෙනුවෙන් කරන්න පුළුවන් හොද තැනකට යන එක කවදා හරි මං ඒ තැනට යන්වමයි. එදාට මේ ලෝකෙ ඉන්න ආඩම්බරකාරම ගුරැවරැ මගේ සදාදරණීය ගුරැමව්පිය වරැ වේවි. 

7 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ලෝකයේ සියළුම ගුරුවරුන්ට සුබ ගුරු දිනයක් වේවා !!!

    ReplyDelete
  3. හොඳ ගුරුවරු කියන්නෙ දෙපාපියන් හා සමානයිනෙ බට්ටියෙ.... දිල් කතා නොකර උන්න අවුරුදු 3 දිම දිල්ට උගන්නාපු ගුරු මෑණිවරුත් දිල්ට දෙමාපියන් උනා..

    ගුරු දෙමාපියන්ට බට්ටිගෙ පද උපහාරයක් වේවා !

    ReplyDelete
  4. ජීවිතේ හොද නරක උගන්නපු ගැම ගුරුවරයෙක්ටම උපහාරයක් වේවා....

    ReplyDelete
  5. ඔයාට පුලුවන් බට්ටි ඔයාගෙ අරමුණට ගිහින් ඔයාගෙ ගුරුවරු ටික සන්තෝස කරවන්න.

    ReplyDelete
  6. ගුරු දෙමාපියන්ට බට්ටි අක්කි පද උපහාරයක් වේවා !

    ReplyDelete
  7. ගුරුවරුන්ගෙ පැතුම් ඉටු කරන එක තමයි ගෝලයෙකුට කරන්න පුළුවන් ලස්සනම දේ..ලස්සන පෝස්ට් එකක් අක්කේ.

    ReplyDelete