October 17, 2011

කාලය කෙතරම් අපූරැද ......................

ජීවිතය කියන්නේ මහා පුදුම දෙයක්. ඒවගේම කාලය කියන්නෙත් ඒ ජීවිත පුදුමාකාර විදියට වෙනස් කරන එක්තරා මෙවලමක්.මේ ලිපිය ඔයාලා කියවද්දි පුදුමත් වෙයි. මොනවා කරන්නද මේක තමයි හිතේ නියම ස්වභාවය. මේ ලියන්න යන දේ ගැන හුගක් ලියන්න පුළුවන් වුනත් තියෙන පුංචි ඉඩෙන් මගේ හිත සැහැල්ලු කර ගන්න පුළුවන් තරමක් ලියනවා.
ගිය අවුරැද්දේ මැයි මාසේ 28 වෙනිදා. එදා ගෙදරින් ආපු මම තාවනතුරැ ගෙදර ගියේ නෑ කියන එක ඔයාලට විශ්වාස කරන්න පුළුවන් වෙයිද ? ඒක තමයි මගේ ජීවිතයේ ඇත්තම ඇත්ත. ඊටත් වඩා දෙයක් තියෙනවා. ඒ තමයි මම එදා ඉදන් අද වනතුරැ තාත්ත එක්ක එකම එක වචනයක්වත් කතා නොකල හරිම අකීකරැ දුවෙක්. අම්මගේ උපන්දිනේට මාස ගානක් තිස්සේ හීන දැක දැක සැලසුම් හදපු මං තාත්තගේ එක උපන් දිනයක් අමතකම කරලා හෙට ලබන උපන්දිනේටවත් සුභ පතනවද කියලා දෙගිඩියාවෙන් හිටියේ.
 මෙහේ මගේ හෙවණැල්ල වගේ මාව රැක ගන්න අක්කා. එයා කියනවා හැම තිස්සේම බට්ටියෝ පරන දේවල් අමතක කරලා තාත්තට කතා කරන්න කියලා.
ඔව් මං හෙට අනිවාර්යයෙන්ම තාත්තට කතා කරනවා. මේ ජීවිතේ එයා අපට මොනවත් නොදුන්නත් හැමදාම මැරෙනකල් ඒ මගේ තාත්තා. ඒක කොහොම වෙනස් කරන්නද? බීපු වෙලාවට තමයි තාත්තා නරකම නරක. බොනදේ ඇරැනු කොට එයා  වෙන කිසිම වරදක් කරලා නෑ.
කුකුල්මස් ගෙනපු දවසට කකුල කපන්නෙම නැතුව උයලා අල්ලගෙන කන්න මං හරිම ආසයි. මං තාත්තට කතා නොකරත් ඇනටත් එයා මස් කපද්දි දෙපාරක් තුන්පාරක් කකුල කපන්න ගිහින් නොකපා මං හිටිය නම් කියලා කියනවලූ. ඉතිං තාත්තාගේ වැරදි කොච්චර තිබුනත් මං කොහොමද හිත හයිය කරන් ඉන්නේ.
එයා මගේ තාත්තා හැමදාටම. තාත්තටත් කොතනදි හරි ලොකු වරදක් වෙන්න ඇති.නැත්නම් ගිය ආත්මේ අපි ඔක්කොම එකතු වෙලා ලොකු පවක් කරන්න ඇති. එයා බලාපොරොත්තු වුන තැනට අපිට එන්න බැරිවුනා. ඒකෙ දුක එයාට උහුල ගන්න අමාරැ ඇති.
කොච්චර වැරදි කලත් ඉස්කෝලේ තියෙන හැම රැස්වීමකටම තාත්තා ආවා. මාත් හරිම ආසයි තාත්තා එනවට. මොකද අපි කවුරැත් ලස්සන නැති වුනාට තාත්තා හරිම ලස්සනයි.සුදු අත්දිග ෂර්ට් එකක් ඇදලා කළු කලිසම ඇදලා සපත්තු ඩීසන් එකට තමයි තාත්තා එන්නේ. හැම අවුරැද්දෙම ඉස්කොලේ නිවාසාන්තර
තරග වල අම්පර්යාර් විදියටත් තාත්තා යනවා.
ලියන්න දේ කොච්චර දේ තිබුනත් අහස උසට වැඩ නිසා මේ ලිපිය කෙටි කරන්න වෙනවට සමා වෙන්න.
මං පරන හැමදේම අමතක කරලා තාත්තට හෙට සුභ පතනවා.

29 comments:

  1. ඒ කියන්නෙ හෙට හොඳ වැඩක් කොරන්නයි යන්නෙ බට්ටි නගා... සමහර වෙලාවට ඒ අය වැරදී කියල අපි හිතුවට අපි බොහොම ටිකක් දන්න මැට්ටො...

    අපිත් සුභ පැතුව කියන්නකො එහෙමනම් තාත්තට :)

    ReplyDelete
  2. ඇයි බට්ටියෝ තාත්තා එක්ක තරහ උනේ?

    ReplyDelete
  3. අන්න හොද නංගි...:)))

    මොනවා වුනත් ඒ ඔයාගෙ තාත්තානෙ..

    ReplyDelete
  4. මොනවා උනත් ඒ බට්ටිගෙ තාත්තනෙ...දෙමාපියන් අතිනුත් ඕනෑ වැරදි වෙනවා..දරුවන්ගෙ වැරදි වලට දෙමාපියන්ට සමාව දෙන්න පුළුවන්නම්..දෙමාපියන්ගෙ වැරදි වලටත් සමාව දෙන්න දරුවන්ට පුළුවන් වෙන්න ඕනෙ.... බැඳීම් කියන්නෙ ඒකටයි බට්ටියෙ...ඔය තරහා මරහා අමතක කරලා තාත්තටත් එයාගෙ වැරදී හදාගන්න ඉඩක් දෙන්න...තාත්තලා දරුවන්ට ආදරය මොනතර්ම් උනත් ..ඒවා ලේසියෙන් පෙන්නන්නෙ නෑ....

    මගෙන් සුබ පැතුම් බට්ටියෙ....හෙට ඒ ලස්සන දවසේ කතා කරන්න...

    ReplyDelete
  5. ඒක හොද තීරණයක් අක්කේ.. ගෙවල් වල ප්‍රශ්ණ තියෙනවා.. දෙමපියෝ දරුවෝ සමහර වෙලාවට රණඩු වෙනවා.. අක්කා හෙට කතා කරලා තාත්තට සුභ පතන්න.. තාත්තා උනත් ඔයා කතාකරනකම් බලාගෙන ඇත්තේ..
    තාත්තගේ උපන්දිනේට මමත් සුභ පතනවා...

    ReplyDelete
  6. හොඳ තීරණයක් බට්ටි..පුන්චි කාලේ වගේ නෙවෙයි.දැන් ඔයා කරන කියන දේවල් දෙමව්පියන්ට ඉස්සරට වඩා දැනේවි..

    ReplyDelete
  7. නියමයි බට්ටි නංගි !!!
    දෙමවුපියන්ගේ කොච්චර වැරදි තිබ්බත් අපට කවදාවත් එයාලව අමතක කරලා ජීවත් වෙන්න බෑ බට්ටි නංගි. ඔයාලගේ අප්පච්චි බොන එක නම් මම් අනුමත කරන්නේ නෑ. ඒත් ඔයාගේ කතාවෙන් තේරෙනවා ඔයාලගේ අප්පච්චි හොද කෙනෙක් විත්තිය. බීම තමා මිනිස්සුන්ව නොමිනිස්සුන්ව කරන්නේ.

    ReplyDelete
  8. ඒක කොච්චර හොදද බට්ටි.... තාත්තට මමත් සුභ පැතුවා කියලා කියන්න.. පරන දේවල් හිතේ තියාගෙන ඉන්නකොට කොහොමත් ඉතුරු වෙන්නේ දුකක් විතරයි. කොහොම උනත් ඒ ඔයාගෙම තාත්තානෙ.....

    ReplyDelete
  9. ලොක දෙයක්................

    ReplyDelete
  10. @ සාතන්
    කාලෙකින් ඔයාගෙන් පලවෙනි කමෙන්ට් එක ඔයාගෙන්. ස්තූතියි යාළුවේ.

    ReplyDelete
  11. @ බිගුසර
    කියවල බලන්න මගේ හැම ලිපියක්ම. ඉදිරියට ලියන ලිපිත් කියවන්න. එතකොට මම හේතුව කියන්න ඕනෙ නෑනේ.

    ReplyDelete
  12. @ නිසුපා අක්කා
    ඔව් අක්කියෝ මට ඒ දේ තේරැම් ගන්න කල් ගියා වැඩී. සමාවෙන්න අක්කේ මේ දවස්වල ඔයාගේ එක ලිපියක්වත් කියවන්න බැරි වුනාට.

    ReplyDelete
  13. @ දිල් අක්කියා....
    මම තාත්තාට කතා කලා අක්කේ. එයා කිසි තරහකින් නෙවෙයි කතා කලේ. ආයෙත් ඊයේ මට තාත්තා කතා කලා පෝයට අම්මා එක්ක ගෙදර එන්න කිව්වා.
    මම තාත්තා එක්ක තරහා නොවී හිටියනම් කවදාවත් අර පැටලිලා හිටිය ආදරේ පැටලෙන්නේ නෑ. මොකද මම තාත්තට හුගක් බයයි. එහෙම වුනා නම් කොච්චර හොදද. අන්තිමට එයා කලේ මගේ හිතේ එයා වෙනුවෙන් තිබුන ආදරෙත් නැති කල එක.දැන් මට එයා ගැන තියෙන්නේ කියා ගන්න බැරි තරම් පිලිකුලක්. සත්තකින්ම මම දුක් වෙනවා එයා වගේ කොනෙක්ට මාස ගානක් ආදරේ කල එකට.හැබැයි එක පැත්තකින් දැන් සතුටු වෙනවා ඒ ආදරෙන් මම මිදුන නිසා. මේලෝකෙ සතුටින්ම ඉන්න කොනෙක් දැන් මමත්.

    ReplyDelete
  14. @ Dinesh
    ඔව් මල්ලී ඔයා කියන දේ හරි.

    ReplyDelete
  15. @ ලකී
    ඔව් අපි ජීවත් වෙන්නේ එයාලට පිං සිද්දධ වෙන්න. ඉතිං අතපය හතර හරි අපි‍ට දීපු එක ගැන සතුටු වෙන්න ඕන නේද?

    ReplyDelete
  16. @ මධුරංග
    ඔව් මධූ ඔයා හරි

    ReplyDelete
  17. @ Udara
    මේ මගේ පන්ඩිත මලයනේ. ඔයා කියන දේවල් ඇහුවේ නැතොත්ත ඉතිං මට ගුටි කන්න වෙන නිසා අනිවාර්යයෙන්ම අහනවමයි.

    ReplyDelete
  18. @ Chanaka
    ස්තූතියි යාළුවේ.

    ReplyDelete
  19. @ පොඩි එකා
    පොඩි එකා වලිකාරයෙක්ද? නිකන් කතා කරන්නේ ගහගන්න වගේනේ.කොහොම වුනත් ස්තූතියි මේ පැත්තේ එනවට

    ReplyDelete
  20. මම වලිකාරයෙක් නෙවෙ අක්කි. "මං ඔයාට එක පොරොන්දුවක් දෙන්නං සදාකාලිකවම මං ඔයාගේ මතකය එක්ක අම්මා බලාගෙන ඉන්නවා කියලා." ඔයාට එයාව පිලිකල්නමි ඇයි එයාගේ මතකය එක්ක ජිවත් වෙනවා කියලා පොරොන්දු වෙන්නේ...... බොරැවටද ආදරය කලේ????? මට තෙරෙන විදියට ලොක දෙයක් මෙතන වෙනවා....

    ReplyDelete
  21. @ පොඩි එකා
    ඔව් එහෙම කිව්වා තමයි. ඒත් ඒක මම වෙනස් කලා එහෙම කෙනෙක් වෙනුවෙන් මම කවදාවත් ඉන්නේ නෑ. දැන් ම‍ට එයාව පිලිකුල්

    ReplyDelete
  22. සමහර විට කව්රැහරි බොරැනම් හදාගෙන මගේ බ්ලොග් ජීවිතේ මගෙන් උදුරගන්න එපා කරන්න හදනව නම් පිං සිද්ධ වෙයි ඒ කිසිම කෙනෙක් ආයෙ මෙහේ එන්න එපා. මං වටා එකතු වෙලා ඉන්න අය හොදටම ඇති. එකතු වෙන්න ඉන්න ආදරණීය යාළුවෝ මං ආදරෙන් වැලද ගන්නවා. ඒ ඇරැනු කොට කිසිම කෙනෙක් එපා. කොටින්ම බොරැ කාරයෝ. වන්චාකාරයෝ. නිවටයෝ.

    ReplyDelete
  23. ඔයා මටද කියුවෙ..... මම මෙකෙ ඉන්න එක නවත්වන්න කාටවත් බැ...... මොකද ඔයා හිතන එක්කෙනා නෙවෙ හරිද මම.... ඔයා මට අභියොග කරන්න ඒපා අක්කි...... ඒ කොල්ලා හොද හින්දයි ඔයා මෙහෙම ඉන්නේ..... මමනමි ඉන්න දෙන්නේ නැ තවත් මම වැරදි උනත්........

    ReplyDelete
  24. @ පොඩි එකා හෝ ...
    ඔයාට මගෙත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව නම් කෙලින්ම කියන්න. මොකද මේ දක්වා මා එක්ක බ්ලොග් ලෝකේ එකතු වුන යාළුවෝ ඔයා වගේ පිස්සෙක් වගේ හැසිරිලා නෑ. සමාවෙන්න මට නොගැලපෙන කම්න්ට් මේකට වැටුනොත් මං ඒවා මකලා දැනවා. ඒවගේම මට එයා කව්රැ වුනත් කමක් නෑ.මං හිතන් ඉන්න කෙනා නෙවෙයි කියන්න ඔයා කොහොමද දන්නේ මං ඔයාව කවුරැ හරි කියලා සැක කරනවා කියලා. මට ඔයා කවුරැ වුනත් කමක් නෑ.
    හිත හදාගන්න එන මෙතන හිත රිදවන එය එපා. මේ පිං බිම මට ඕන හැමදාටම.

    ReplyDelete
  25. කාලය කෙතරම් සොඳුරු ද? පහු වෙලා උනත් කවුරුත් එක්ක සතුටින් ඉන්න ලැබෙනවානම් කොච්චර දෙයක්ද...ඔයාගේ තීරණේ හොඳ තීරණයක්‌...

    ReplyDelete
  26. අක්කි ඇයි ඔචිචර කෙන්ති ගන්නේ....... මට තරහා ගියේ ඔයා ඒයා කොල් කරනකමි නොකා හිටපු ඔයා ඇයි එකපාරම වෙනස් උනේ කියලා...... ඔයාට වෙනස් වෙන්න පුලුවන්නමි මට මොකද... මමත් කොල්ලෙක් නිසයි ඔහොම උනේ සමාවෙන්න.... ඔයා මට තර්ජනයක්ද කලේ... එහෙම උනොත් වැරදි කමින්ටි වැටෙයි මගේ යහාලුවන්ගේනුත්..... ඒක නිසා පාඩුවෙ ඉන්න.... ඔයාගේ පිං බිම රැක ගන්න.....

    ReplyDelete