October 24, 2011

ඔබේ සිත කුමන හෝ ඉලක්කයක් සමග ..................

එන යන බොහෝ දෙනා අතරේ මා හා සබැදි වූ එක් සොයුරියක් විසින් සංස්කරණය කරන ලද මාසික සගරාවක් නොමිලේම ඇය මට පිරි නැමුවා. ඉතින් එහි සටහන් වුනු පහත සිතුවිල්ල මගේ සිත තදින් ඇද තබා ගත් නිසා එය බ්ලොග් පිටුවේ ලියා තබන්නට හිතුනා.
ළගා කර ගැනීමේ මනසක් නැති අයෙක් පමණයි
සාමයෙන් ජීවත් වෙන්නේ,
ළගා කර ගැනීමේ මනස විරහිත විය හැක්කේ
අරමුණු විරහිත ලෝක විෂය පිළිබදව
දැනුවත් අයෙකුට පමණි.
මුළු පැවැත්මම
අරමුණු විරහිත නම්
ඔබට පමණක් අරමුණු අවශ්‍ය වන්නේ නැත.
ඉතිං ඔබට පුළුවන් සෙල්ලම් කරන්න,
ඔබට පුළුවන් සිංදු කියන්න, නටන්න,
ඔබට පුළුවන් ප්‍රමෝදයට පත්වන්න,
ඔබට පුළුවන් ආදරය කරන්න සහ ජීවත් වන්න,
කිසිවක් අවශ්‍ය වන්නේ නෑ !
අරමුණු නිර්මාණය කරන්න එපා.
මෙතැන සහ දැන් ! මේක තමයි මොහොත,
සීමාරහිත වර්තමානය ! ඔබ සූදානම් නම් අසීමිතත්වයට
ඇතුළුවිය හැක.නමුත් ඔබ මෙතැන, දැන් නැත.
ඔබේ මනස අනාගතයේ කොතැනක හෝ කුමන හෝ
ඉලක්කයක් සමග .........................
(ඕෂෝ)  

13 comments:

  1. අර කවුද කියනවා වගේ බෑ කිව්වොත් හැමදාම බෑම තමා.....අපිට ජීවිතය දිනන්න පුළුවන්...ඒක තමා සැබෑ ඉලක්කය

    ReplyDelete
  2. නියම කියමන.... ඇත්ත අපි ජීවත් වෙන්නෙ අනාගතේනෙ, වර්තමානෙ නෙවෙයි.

    ReplyDelete
  3. මේක නම් මම පිළිගන්නෙ නෑ... මිනිස්සුන්ට අරමුණු තියෙන්න ඕන... හැබැයි ඒ අරමුණු වෙනුවෙන් නැති කරගන්නෙ මොනවද කියන එක ගැන අවබොධයක් ඇතුව... තමුන්ට වටින්නෙ මොනවද නැත්තෙ මොනවද කියන එක ගැන අවබෝධයක් ඇතුව...

    සමහර විට මේක උපුටගත්ත තැන මේකත් එක්කම තව වැදගත් මොනව හරි තියෙන්න ඇති කියල හිතනව... බුද්ධාගම වුනත් වැරදි තැනින් අල්ලගත්තොත් අනාතයිනෙ.. ඒක හින්ද මේ ‍සබ්ජෙක්ට් එක ගැන හිතනකොට ටිකක් පරිස්සමෙන්...

    ReplyDelete
  4. හ්ම්ම්.. වටිනා කියමනක්.. ඇත්තෙන්ම ඔව්.. අපිට ජීවිතේ ඉලක්කයක් තියෙන්න ඕන.. අරමුණක් තිය්න්න ඕන..

    ReplyDelete
  5. ලස්සන සිතුවිල්ලක් !!!

    ReplyDelete
  6. කලකදී මම විශ්වාස නොකල.. එහෙත් දැන් අත් විඳින සත්‍යය...

    ReplyDelete
  7. @ දිල් අක්කියා..........
    ඔව් අක්කේ මමත් බැරි වැඩනම් කරනවා අඩුයි. ඒත් බෑ කියනව නම් හරිම අඩුයි.

    ReplyDelete
  8. @ නිසුපා අක්කා....
    හැමෝම එක පිම්මේ දුවනවා. ඒක තමයි යථාර්ථය.

    ReplyDelete
  9. @ සාතන්
    මේක තිබුනේ උපුටා ගනිපු පොතේ කවරයේ සටහන් වෙලා. ඔව් මාත් පිළිගන්නවා.හැම මනුස්සෙයෙකුටම සිහින බලාපොරොත්තු තියෙන්න ඕන.නැත්නම් පැවැත්මක් නෑනේ.

    ReplyDelete
  10. @ දිනේෂ්
    ස්තූතියි මල්ලියෝ. මේ පැත්තේ ආවට.

    ReplyDelete
  11. @ මධු
    ඔව් ඒකමයි හිතුනේ ලියන්න ඕන කියලා.

    ReplyDelete
  12. @ අයියා (මාර)
    කාලය මිනිස්සු පුදුමාකාර විදියට වෙනස් කරනවා අයියේ.

    ReplyDelete
  13. lassna adahasak ekaga wenna wenawa :D :D :D

    ReplyDelete