ඊයෙ කියන්නේ ඉතිං මාරම දවසක් තමයි. හැබෑටම ඒම නෑමක් නම් බට්ටිගේ ජීවිතේට නාලා නෑ. කවුද අප්පා හිතුවේ ඉරිදට නාගන්න හිටිය නෑම ඊයෙම නාගන්න වෙයි කියලා.
හරි ඉතිං දැන් ඔයාලා බලනවා ඇති බට්ටි මේ මොන නෑමක් ගැන කියනවද කියලා.මෙන්න මේකයි වුනේ. අපේ ගිම් අක්කයි ප්‍රියන්ත අයියයි දෙන්නා කරන නිශාන්තය තියෙනවානේ. ඔන්න ඉතිං එන ඉරිදාට ඕනි සිංදුව බට්ටි ඊයෙම ඉල්ලුවා. අම්බෝ ඒ පෝරමේ පුරවද්දි සිංදුව කියන කෙනාගෙ නමට ''බට්ටි '' කියලා දාලා ඉල්ලන කෙනාගෙ නමට ''කවීෂ කවිරාජ් "කියලා දාලා තියෙන්නේ.(සිතමින්..කවීෂ නම් අම්බෝ බ්ලොග් කියවන කෙනෙක් නම් වෙන්න එපා.ඒ ගමන නෑවා මදිවට නඩුත් කියන්නයි වෙන්නේ) අනේ ඉතිං මං බට්ටි මේම ලියපු එක හිතක් පපුවක් නැතුවම ගිම් අක්කා අත ඇරියේ නැතැයි සෙනග මැද්දෙම. අනේ ඒමත් කරනවද මං අහන්නේ නංගිලාට. ඒ මදිවට ප්‍රියන්ත අයියත් ඇවිත් ස්ක්‍රින් ෂොට් දාන්නත් හදනවා. අපුයි දෙයියනේ මටමයි වෙන්නේ. දැන් ඉතිං අනිවාර්යයෙන් ඉරිදට ගෘප් චැට් එකේදී නාන්න වෙන නෑම ගැන හිතලා කට තියන් ඉන්න බැරුව මූණුපොතේ වෝල් එකේ දැම්මා මෙන්න මෙහෙම..
ඇද ගෙන නෑව මුත් ඉද හිට හෝ දිනක
මෙහෙමත් අනේ නාගන්නට බැරිය මට
ඉරිදට වෙන්නෙ හොද නෑමක් නා ගන්න
ප්‍රියා අයියා හා ගිම් අක්කා එනවා මා නාවන්න.....
මේක දාලා හැරෙන්නත් වුනේ නෑ.ඔන්න බාල්දිත් උස්සගෙන මයෙ අක්කලා දෙන්න ආවනේ මාව නාවන්න. ඔන්න එහෙනම් මෙතැන් සිට රසී අක්කා බට්ටි නාවපු හැටි ඔයාලට ඒ විදියටම බලා ගන්න පුළුවන්ලූ.හේ හේ කවුරුත් හිනා වෙනවා එහෙම නෙවෙයි.
රසී පෙරේරා -
බට්ටි කෙල්ල -
රසී පෙරේරා -
බට්ටි කෙල්ල -
රසී පෙරේරා -
බට්ටි කෙල්ල -
රසී පෙරේරා -
ආ මේ අතරේ අපේ ලොකුත් (සුනේත්‍රා ලියනගේ) මැද්දට පැන පැන රසී අක්කට වතුර ඇදලා දුන්නලූ..... හිකිස්....
බට්ටි කෙල්ල -
රසී පෙරේරා -
බට්ටි කෙල්ල -
ඔන්න ඔහොමලු බට්ටි නෑවේ.අනේ ඉතිං බට්ටි නම් කවි ලියන්න දන්නෙ නෑ. ඒත් මයෙ රසී අක්කා නම් කවි ලියන්න හුගාක් දක්ෂයී. ඉතිං අක්කගෙ කවි බලා ගන්න ආසාවට මම දන්න විදියට පදයක් දෙකක් ලිව්වා. ඉතිං රසී අක්කා මං වෙනුවෙන් මහන්සිවෙලා කවි
ලිව්වට බට්ටිට අක්කට දෙන්න තියෙන ලොකුම තෑග්ග තමයි මේ
පොස්ට් එක.
ඔන්න ඉතිං දැන් කවිකාරයෝ ටික බාල්දි එහෙම උස්ස ගෙන එනවා එහෙම නෙවෙයි මාව නාවන්න. එහෙම කලොත් ඉතිං බට්ටිට නිව්මෝනියාව හැදිලා තමයි නතර වෙන්නේ... :D