November 9, 2011

එකමත්තෙක කාලෙක.......

ඉස්සර පුංචි කාලේ අපි අහපපු හැම සුරංගනා කතාවක්ම පටන් ගත්තේ ලස්සන කුමාරිකාවකගෙන්.ඊට පස්සේ මේ කුමාරිකාවට මුණ ගැහෙනවා කුමාරයෙක් .අන්තිමේදී මේ දෙන්නා විවාහ වෙලා ලස්සනට ඉන්නවා කියලා ඒ හැම කතාවක්ම ඉවර වු‍නා. අනේ මන්දා මට නම් මතක විදියට අහපු හැම කතාවක්ම අන්තිමේදී ඉවර වුනේ ඔය කියන විදයටමයි.

ඒත් ඔන්න එකමත්තෙක කාලෙක ඒ විදියට වුනත් නූතන කාලයේ ඒ විදියට සිද්ධ වෙන්නේ නෑ නේද? තමන්ගේ ආදරේ හොයා ගන්න උත්සාහ කරපු රෝමියෝ ජුලියට්ට මොකද වුනේ. සාලිය අශෝක මාලා, පියල් නන්දාවගේ හැම ආදරවන්තයින්ටම අන්තිමට මොකද වුනේ. කාලයත් එක්කම ආදරයත් වෙනස් වුනාද? 




ඒත් තමන්ගේ ආදරේ වෙනුවෙන් හැම බාධකයක්ම බිදගෙන තමන්ගේ ආදරේ ලබා ගන්න අයත් නැතුවම නොවෙයි. 
හදිස්සියේම අහන්න ලැබුණු පුංචි සිද්ධියක් නිසයි මට මේක ලියන්න හිතුනේ. හැබැයි අවසානය ගැන කියන්න නම් මම දන්නේ නෑ.
මේක අද කාලේ කතාවක්. එක පුංචි කුමාරිකාවක් ඉන්නවා. එයාට අහම්බෙන් එයාගේ දුරකතනයට එනවා නන්නාදුනන ඇමතුමක්. ඉතිං ඒ නොදන්න කෙනාගෙන් ආපු ඒ ඇමතුම දවසින් දවස ලැබෙද්දී මේ කුමාරයයි කුමාරියයි හුගක් අදුර ගන්නවා. තමන්ගේ හැම දෙයක්ම දෙන්නම දෙන්නටම කියන්න පටන් ගන්නවා. සතුටෙදී හිනාවෙනවා. දුකේදී අඩනවා. දෙන්නට දෙන්නා ‍කවදාවත් නොදැක මේතරම් දුරට දුරකතනයෙන් විතරක් ලංවෙනවා. 
ඔය විදියට ටික කාලයක් යද්දී මේ දෙන්නට මුණ ගැහෙන්න අවස්ථාවක් ලැබෙනවා.

ඉතිං දුරකතනයෙන් විතරක් ලංවෙලා හිටිය ඒ කුමාරයයි කුමාරියයි එකි නෙකට තමන්ගේ ආද‍රය ප්‍රකාශ කරලා ආදරය කරන්න පටන් ගන්නවා.හුගක්ම. කොයි තරම් ආදරෙයිද කියනව නම් තමන්ගේ ආදරේ ස්ථිර කර ගන්න ගෙවල් වලටත් කියනවා.
දවසින් දවස මේ ආදරේ දළුලා වැඩෙද්දී දෙමාපියන් චාරිත්‍රානුකූලව ජන්මපත්‍ර පරීක්ෂා කරනවා. ඒත් මේ සිද්ධයත් එක්කම ඒ ආදරේට කණකොකා හඩන්න පටන් ගන්නවා. මේ විවාහය සිද්ධවුනොත් ඒ කුමාරයා මැරිලා කුමාරිකාවට සදහටම තනිවෙන්න වෙනවලූ.
නමුත් තාමත් මේ ආද‍රය ගලාගෙන යනවා. මේ ආදර කතාවේ අවසානය කොහොම වෙයිද? මේ ආදරවන්තයෝ හැමදාම එකට ඉදීද? මම නම් ප්‍රාර්ථනා කරන්නේ පුංචි කාලේ කතාවල ඇහුව අවසානයම අහන්න ලැබෙන්න කියලා.එත් කාලය කොහොම විසදයිද දන්නේ නෑ.

9 comments:

  1. හ්ම්ම්ම් ඔය වගේම මගේ අයියා කෙනෙකුත් එයා යාළු වෙලා ඉන්න ගර්ල්ගෙ කේන්දරේ එක්ක බැලුවා බලන හැම තැනකින්ම කිව්වේ එකම දේ ඒ හැම දවසකම කේන්දර දෙක බලන්න ගියේ මා එක්ක මොකද මම තමා ඒ දෙන්නාව යාළු කලේ කේන්දරේ බලලා එනකොට එයා හැමදාම අඬනවා මට කරන්න දේකුත් නෑ පස්සේ ගෙවල් දෙකෙනුත් බැන්නේ ඒත් ඒ ගර්ල් කිව්වේ මොන දේ උනත් බඳිනවා කියලා පස්සේ යාළුවෙලා අවුරුදු 5කට පස්සේ ගෙවල් වලින් කැමැත්ත අරන් දැන් මාස 4කට කලින් ඒ දෙන්නා මැරි කළා එදා මට කවදාවත් නැති සතුටක් ආවේ.

    අන්න ඒ නිසා අක්කේ අතාරින්න එපා අවුරුදු ගානක් ගිහින් හරි ඔය දෙන්ට එකතුවෙන්න ලැබැයි කියන විස්වාසෙන් ඉන්න අක්කේ

    ReplyDelete
  2. ඉස්සර කියවපු අහපු සුරංගනා කතාවක් එක්ක ජීවිතේ දකින්න එපා අක්කේ.. එහෙම සුරංගනා කතා ඇත්තනම් අදත් පූජා මගේ ලගින් ඉන්නවා...

    ReplyDelete
  3. අනේ මන්ද බට්ටි...

    ගන්න තීරණයෙන් සතුටු වෙන්නෙත් දුක් වෙන්නෙත් ඔවුන්ම නිසා එයාල හොඳට හිතල බලල තීරණයක් ගන්න එක වැදගත්
    (මිනිස්සු කොහොම හිටියත් කවදාහරි මැරිලා යනවා)

    ReplyDelete
  4. ඕක මහ පිස්සු වැඩක්. අපි නම් හඳහන් බැලුවෙත් නෑ. එක්කෙනෙකුට හඳහනක් තිබ්බෙත් නෑ. ඕනෙ නම් ලේ ටෙස්ට් එකක් කරන එක (විශේෂයෙන්ම තැලසීමියා)හොඳයි. ඒකෙ නම් තේරුමක් තියෙනවා.
    henryblogwalker the Dude

    ReplyDelete
  5. ඔවුවා මහ බොරු වැඩ. කේන්දර විස්වාස කරලා ජීවිතේ කාලකන්නි කරගන්න එපා. අපේ ගෙවල් ලඟ අක්කා කෙනෙකුත් ඔහොම යාලුවෙලා කේන්දර ගලපලා ඒවා ගැලපෙන්නේ නෑ කියලා වෙන් උනා.

    එයාට පස්සේ බලපු එක මගුලක්වත් සෙට් උනේ නෑ.

    අන්තිමේදි අවුරුදු 32කදී තමා බැන්දේ. කසාදේ මාස ගානකට විතරක් සීමා උනා.

    මම කියන්නේ තමන්ගේ හිමිකාරයා එන්නේ කොයි වෙලේද එයාව කසාද බඳින්න. ඉපදෙද්දියි මැරෙද්දියි නැති කේන්දර ඉන්නකොට මොකටද ? බොරු මනස්ගාත !!!!

    ඔන්න ලේ ගණ ගැලපෙනවද කියලා බැලුවට නම් කමක් නෑ.

    ReplyDelete
  6. මම දන්න මගේ යාලුවෙක් ඉන්නවා එයා ඔය කේන්දර හරියට විශ්වාස කරන කෙනෙක්...තවමත් එයා අවිවාහකයි..හේතුව ඔය වගේම සිද්ධියක් එයාගෙ කේන්දරයේ සඳහන් වෙලා තියෙන නිසා...

    කේන්දර උනත් විශ්වාස කලයුතු සීමාවක් තියෙනවා...එතැනින් එහාට කේන්දරවලම එල්ලි සාමාන්‍ය ලෙස ජීවත් වෙන්න අමාරු වෙනවා

    ReplyDelete
  7. කේන්දර ගැන අදහස් මාරයා අයියාගෙන් දැන ගන්න පුලුවන්.මාත් කියන්නෙ ඕවා මත්තෙම නැහෙන්න එපා කියලයි.

    ReplyDelete
  8. කේන්දර ගැන මමත් පෝස්ටුවක් දාල තියෙනවා.. අපේ අම්ම තාත්ත බැඳලා තියෙන්නෙ කසාදෙ කවදාවත් හරියන්නෙ නැහැයි කියද්දි, ඒ දෙන්නගෙ කේන්දර දෙක පුච්චලා... අපේ ගෙදර දරුවො තුන්දෙනාටම කේන්දර නැහැ... අපි බැන්දෙත් කේන්දර බලල නෙවේ... අපි ඒවා විශ්වාස නොකරන නිසා අපි කාටවත් අදටත් කරදරයක් නැහැ දෙය්යන්ගෙ පිහිටෙන්... ඒත් මම හිතන්නෙ බඳින කෙනා ඒ ගැන පොඩ්ඩක් හරි විශ්වාස කරනවා නම් ප්‍රවේසමෙන්... මොකද කසාදෙ කියන්නෙ රෝස මල් යායක් නෙවේනෙ.. කාටත් එක එක ප්‍රශ්න එනවා සුලුවෙන් හරි... එතකොට අර විශ්වාස කරන කෙනාට හිතෙන්න පුලුවන් ඒව ඔක්කොම සිද්ද වෙන්නෙ කේන්දර නොබැලුව නිසානෙ කියලා... එතකොට පසුතැවීමක් ඇතිවෙන්න පුලුවන් කේන්දර නොබලපු එක ගැන...

    ReplyDelete
  9. කේන්දර උනත් ඕනිවට වඩා විශ්වාස කරන්න හොඳ නෑ... අපි කොහේ හිටියත් මැරෙනවා නෙව වෙලාව ආවම.

    ReplyDelete