November 21, 2011

නුඹට ................


ආදරයෙන් අන්ධවෙලා
සතුටින් නුඹ ඉන්න හිතන්
ඔහුත් සමග එදා ගියේ
හැදූ අම්මටත් හොරෙන්ම................

ගෙයක් දොරක් නැති ඔහු හා
ඉන්න තැනක් නැති හින්දා
තාත්තාත් නැති නුඹ හට
අම්මා ලගට එන්න වුනා ..............

ඔය විදියට පවුල් කද්දී
නුඹ ආවා මෙහේ වැඩට
රණ්ඩු වෙවී යාළු වෙවී
අවුරුද්දක් වැඩ කෙ‍රුවා .............

නුඹේ සැමියා රට ගියමුත්
සැනසීමක් නැතිලු නුඹට
ඔහු සැමදා වෙරිමතින් ලූ
හිතන් නෑලූ හෙටක් ගැනක් ...........

අනේ මන්දා මම කිව්වේ
ඉවසන්නයි කියා නුඹට
නුඹ ඇහුවා හැරුණු ගමන්
මා අසරණ වෙන පැනයක් .....................

අපේ අම්මා ඉවසුවාට
මොනවද අහනවා ලැබුණේ
පස් දෙනාම පස් පලකලූ
මොකද්ද ඔය ජීවිතේලූ .....................

නුඹත් එක්ක තර්ක කරලා
කිසිදු පලක් නොමැති නිසා
නිහඩ වෙලා මම උන්නේ
අසරණ වූ නිසයි එදා ............

ඊයේ රෑ හදිස්සියේ
දුරකතනෙන් මා අමතා
මට කියනවා නුඹ යනවලූ
ඩුබා‍යිවල රැකියාවට ...................

අවුරුදු තුනකුත් ගෙවීලා
නුඹ එද්දී ලංකාවට
මම කිව්වා මම නම් මෙහි
සිටිනවාට සැකයි කියලා ................

ඒ වෙලාවේ නුඹ කියනවා
හොද කොල්ලෙක් හොයා ගන්න
හීන ටිකත් ගොඩ දා ගෙන
මෙහේම මට සෙට්ල් වෙන්න ..............

ආව නමුත් මගේ හිතට
දීමට පිළිතුරක් එයට
නිහඩ වුනේ ඊයෙත් මම
නුඹේ හිත නොරිදා ඉන්නයී ...................
මෙහෙම හැදුණු වැඩුණූ නුඹේ
හීන බිදී නුඹත් යද්දී
ගමෙන් ආපු මගේ හීන
කොහොම මෙහේ ගොඩ ගසම්ද ..................?

කොහේ ගියත් නැගණියෙ නුඹ
ළදක් කියා සිතට ගනීන්
මේක ක්‍රෑර අධම ලොවක්
එය දැන ගෙන වැඩ කරපන් ................

කවදා හරි නුඹ දිනපන්
අම්මාහට සැපක් දියන්
අවසානේ එහෙම කියලා
නතර කළා ඒ ඇමතුම..................

20 comments:

  1. ඇත්ත සිද්දියක්ද???

    ReplyDelete
  2. ඔව් සත්තකින්ම....

    ReplyDelete
  3. දුක හිතුනා.... :(

    ReplyDelete
  4. මවට පියාට ආදරයෙන්..
    හිටින් ජයක් ලැබෙයි නුඹට...
    දිනක සිහින ඉටුවෙද්දින්..
    සිනාසෙන්න එදින ලොවට...

    ලස්සන නිර්මාණයක්...

    ReplyDelete
  5. හිතට දුකයි.. එත් අන්තිම පේලියට ආසයි.. ඒ වගේ හිත හයිය කරගෙන ජීවත් වෙන්න.. යන්න හදන අයට යන්න දෙන්න.. එපා අපිට.. අපිව ඕන නැහැ කියල ගියානම් ආපහු අපිටත් ඕනෑම නැහැ..

    ReplyDelete
  6. @ priyantha
    ස්තුතියි අ‍යියේ.

    ReplyDelete
  7. @ වර්ණා
    මා එක්ක කලින් වැඩ කල නංගට මේක ලිව්වේ. එයා දැන් අයින් වෙලා මාස 2ක් විතර වෙනවා.ඊයේ එයා රට ගියා. ඒකයි මේක ලිව්වේ. එයා ගැන මං දන්න අපි දෙන්න අතර ඇතිවුණ කතා තමයි මං ඔය ලිව්වේ.

    ReplyDelete
  8. මේකද අර වැඩ කරන ගමන් ලිව්ව කියාපු කවි ටික ?

    ReplyDelete
  9. මේ ඇත්තම කතාවක්ද අක්කේ.. ඔයා ලස්සනට කවි පෙල ලියලා තියෙනවා..

    ReplyDelete
  10. ටියුබ් ලයිට් වගේ. කමෙන්ට් කියෙව්වම කමා තේරුනේ.

    ReplyDelete
  11. ලස්සන නිර්මාණයක්...සිද්ධිය ඇත්ත එකක් වගේ නේද? මේක ඔයා අඳුරන නංගි කෙනෙක්ට උන එකක් කියලයි මට හිතුනේ...

    ReplyDelete
  12. අනේ මන්ද බට්ටි...මට නම් තේරෙන්නෙ නැහැ...එයා ට සුභ පතමු හැමදෙයක්ම හොඳින් සිදු වෙන්න කියල.....කවි ටික ලස්සනයි..

    ReplyDelete
  13. @ අක්කා (දිල්)
    ඔව් ඒක තමයි.

    ReplyDelete
  14. හ්ම්ම් එහෙමද.. හිත හයිය කරගන්න කියන්න,,

    ReplyDelete
  15. @ Dinesh
    ඔව් මල්ලී.ස්තූතියි අගය කිරීමට.

    @ සීතල අයියා
    අයියෝ ඔයාටත් ඒ ටියුබ් ලයිට් ලෙඩේ තියෙනවද?එකට අපිට කියන්න කලින් තේරෙනවා.

    @ සයුරි
    ස්තූතියි නංගෝ. විශාල සිද්ධියක් හරිම අමාරැවෙන් පුංචි දෙබස් ටිකක් කලා.

    @වින්චැට් කිරිල්ලී.
    ස්තූතියි යාළුවේ.

    @ වර්ණා
    කිව්වා සීමාවෙනුත් පිටපැනලා. එයාගේ අතේ තමයි ඉදිරිය තියෙන්නේ.

    ReplyDelete
  16. යාළුකමත් නතර කරාද?

    ReplyDelete
  17. දුක හිතෙන සිද්දියක් !!!
    මේක ඇත්තම කතාවක් ද අපේ බට්ටියෝ !!!! :)
    (බට්ටි දිය උනාද මන්දා)

    ReplyDelete
  18. ජීවිතයේදී ඔයවගේ දේවල් වෙනවා ඒත් ඔයා හරි ඇත්ත තත්වය වැටහ ගත්ත එක ගැන සතුටුයි............

    ReplyDelete